Tuesday, September 6, 2011

Taboo Subjects

   පගාවටත් නැකැත්
       "අපේ පුතා ඉස්කෝලේ යන්න ඉන්නේ මේ අවුරුද්දේ.පුතාව ඉස්කෝලෙට බාරදෙන්න සුභ නැකතක් බලන්නත් ඕන ඊට කලින් තවත් වැඩක් කරන්න වෙලා තියෙනවා.අපි පුතාව දාන්න හදන්නේ අහවල් ඉස්කෝලෙට ඒකට ළමයාව දාන්න විදුහල්පති අතට පගා මුදලක් දෙන්න වෙලා තියෙනවා.සල්ලි දෙපාරට දෙන්න තමයි අපේ අදහස.සල්ලි දෙන්න වෙන්නේ නයවෙලා.ඒත් අපිට කොහොම හරි පුතාව ඒ ඉස්කෝලෙට දා ගන්න ඕන.පුතාව ඉස්කෝලෙට භාරදෙන්න නැකත පස්සේ හදමු.ලබන සතියේ ප්‍රින්සිපල් අතට සල්ලි දෙන්න ඕන.වැඩේ සාර්ථක වෙන්න ඕන නිසා අපි හිතුවෙ සුභ නැකතකටම පගා සල්ලි ප්‍රින්සිපල් අතට දෙන්න."
  ඉහත දැක්වූයේ තමාගේ දරුවා ප්‍රසිද්ධ පාසැලක පළමු ශ්‍රේණියට ඇතුලත් කර ගැනීමේ අභිලාෂයෙන් මා හමුවට පැමිනි දෙමාපිය යුවලක් පැවසූවකි.තම දරුවා පාසැලට ඇතුලත් කරගැනීමට පගාව දීමටත් නැකැත් බැලීමට අද ඇතැම් අය පුරුදුව සිටී.මෙවැනි ක්‍රියාවන්ට උල්පන්දම් දෙමින්  නැකැත් සාදා දෙන ෙෙිවඥයන් පවා රටකට පිළලයක් වැනියැයි ඇතැම් විට මෙය කියවන ඔබට සිතිය හැකිය.නමුත් සත්‍ය ලෙසම එදා පගාව දීමටත් එම යුවළට මා විසින් සුභ නැකැතක් ලබා දුන්නෙමි.අල්ලස ගැනීමට මෙන්ම දීමට වක්‍රාකාරයෙන් හෝ සහය දීම වරදක් බව මා දනිමි.නමුත් තම දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් එම දෙමාපිය යුවලගේ කැපවීම හා බලාපොරොත්තු සුන් කිරීම නුසුදුසු යැයි සිතුනු බැවින් මා එදා එලෙස කලෙමි.
   මා සරසවියෙන් පිටවූ අළුත ඉතා දැඩි පිළිකුලක් දැක්වූ කරුණක් විය.එයනම් නිසි ලෙස අධ්‍යාපන සුදුසුකම් නැත්තවුන් දේශපාලන වාසි හා අල්ලස් ආදිය දෙමින් රාජ්‍ය අංශයේ රැකියාවන් ලබා ගැනීමයි.සාමන්‍ය පෙළ විභාගය ලිවීමට පෙර කොල්ලෙකු සමඟ පැනගිය මගේම ඥාතී සොයුරියක් දේශපාලන වාසි ගෙන පුස්තකාල සහායක තනතුරක් ලැබීය.මා ජීවත් වන ගම්මානයේ පමනක් ඇමති ලියුම් වැනි දේශපාලන බලපෑම් මඟින් ගුරු පත්වීම් ලබාගත් අය හතර පස් දෙනෙකු සිටී.මුල් කාලයේ රටේ මෙවැනි තත්වයක් ඇතිවීම පිළිබදව කනගාටුවක් දැනුනත් තාත්තා අසනීප වූ පසු තනිවම හදහන් බැලීමේදී ලද අත්දැකීම් අනුව මෙම තත්ත්වය දෙස උපේක්‍ෂාවෙන් බැලීමට පුරුදු විය.ඇතැම් දෙමාපියන් මා ලඟට විත් "අනේ පුතේ අපිට ඉන්නේ මේ පුතා විතරයි.මෙයාගේ අධ්‍යාපනේ කඩාකප්පල් වුනා.අහවල් ඇමතිතුමා පුතාට වරායේ රස්සාවකට දාලා දෙන්නම් කිව්වා.අනේ මෙයාගේ ග්‍රහචාරේ හැටියට මේ වෙලාවේ මේ වැඩේ හරියාවී නේද?" ආදි විස්තර පවසන විට දේශපාලන පත්වීම් සමහර අවස්ථාවලදී අපට ඇතිකරවන බලපෑම හිතාගත හැකිය.කෙදිනක හෝ මගේම කෙනෙකු වුවද මෙවැනි තත්ත්වයකට පත්විය හැක.
  අප විසින් සුභ නැකැත් දීමේදී ඇතැම් විට කුමන හෝ පාර්ශ්වයකට අකටයුත්තක් වරදක් සිදුවන අවස්ථාද ඇත.තමා විසින් නැකැත් සෑදීම හෝ වෙනත් ජ්‍යොතිෂ කටයුත්තක් කිරීමේදී කවර හෝ පාර්ශ්වයකට ඉන් වරදක් සිදුවේ දැයි සොයා බලා එම අකටයුතු සිදුවීම හැකි උපරිමයෙන් වලක්වා වැඩ කටයුතු කිරීම හොද ජ්‍යොතිෂවේදියාගේ යුතුකමකි.උදාහරණයක් ලෙස රා මැදීමට සුභ නැකතක් සෑදීමට හෝ මාළු ඇල්ලීමට බෝට්ටුවක් පිටත්වීමට සුභ නැකතක් සෑදීමට පැමිනෙන අවස්ථාවන් සලකන්න. සුභ නැකතින් ගස් ඈදා මල් තලා මුට්ටි දමා ලබා ගන්න රා බී කෙනෙකු ගෙදර ගොස් වළං පොඩිකරමින් ගෙදර ගෑනි සමඟ රණ්ඩු කිරීම වැනි සුළු ආරවුල් වලට මෙන්ම ගහ මරා ගැනීම් ස්ත්‍රි අතවර වැනි බරපතළ වැරදි කරවන තත්ත්වයටද පත්විය හැක.එමෙන්ම සුභ නැකතින් බෝට්ටුව අච්චුවට දමා බෝට්ටුව සාදා ඉන්පසු සුභ නැකතින්ම දැල් මසා බෝට්ටුවට පටවා.බෝට්ටුවෙන් මුහුදු ගොස් දැල් දමා මාළු ඇල්ලීම වැනි ක්‍රියාවල පවට ජ්‍යොතිෂවේදීන්ද මොනයම් ක්‍රමයකට හෝ හවුල් වේ.මෙවැනි අවස්ථාවලදී එවැනි නැකැත් සෑදීමට පැමිනෙන රා ක්‍රොන්ත්‍රාත් කරුවන් හා මාළු බෝට්ටු හිමියන්ගේ සිතට කා වදින අයුරින් සුභවාදී උපදෙස් ලබාදීමට ජ්‍යොතිෂවේදියා සමත් විය යුතුය
  "මේ වගේ වැඩ කරන කොට පින් වලින් පව් සමබර කරන්න ඕන.ඒ කිව්වේ ඔයාලා වගේ අය අනිත් අයට වඩා වැඩියෙන් පින් කරන්න ඕන.නැත්නම් ඔයාලට මේ ව්‍යාපාර වලින් දියුණුවක් ලබන්න බැහැ.භයානක අසනීප හැදිලා වගේම අඩු ආයුෂෙන් මැරෙන ඒවා අඩුවෙන්නේ එතකොටයි.මහා සංඝයාට දාන මාන දීම පන්සල් වලට උදවු උපකාර කිරීම අසරණ අයට උදවු උපකාර කිරීම ඔයාලා අනිත් අයට වඩා වැඩිපුර කරන්න ඕන.ඔයවගේ රස්සා කරන පවුල් වල දරුවන්ට අධ්‍යාපනේ වුනත් පිහිටන්නේ එතකොට තමයි."
  වයසින් ලාබාලයකු වුවත් මා විසින් ඉතා බැබෑරුම් අයුරින් මෙවැනි උපදෙස් ලබාදෙන විට භයානක මරුමුස් පෙනුමැති සද්දන්ත සිරුරු ඇති මාළු බෝට්ටු හිමියන් හා රා ක්‍රොන්ත්‍රාත් කරුවන් පවා තරමක් වේලා කල්පනා කරනු දැක ඇත්තෙමි.ඔවුන්ගේ මුහුනේ ඉරියව් අනුව ඒවා පිළිපැදීමට සිතට ගත් බවක් පැහැදිළිව දැකිය හැක.

---------------------------------------------------------------------------------

 Taboo Subjects
  පොරොන්දම් බැලීමේදී ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ලිංගික ජීවිතය හෙවත් යහන්සුව පිළිබදව විස්තර කිරීම ජ්‍යොතිෂවේදීන් විසින් නිසියාකාරව සිදු නොකිරීම අද කාලයේ දක්නට ඇති ඉතා බරපතල වරදකි.තනිවම ජ්‍යොතිෂ වැඩ කිරීමට පෙර වසර කීපයක්ම තාත්තාගේ අතවැසියා ලෙස කටයුතු කලත් පොරොන්දම් බැලීමේදී තාත්තාද මෙම කාරණා දැක්වීම අඩුවෙන් සිදුකිරීමක් දැකිය හැකි විය.විසි පොරොන්දම් පරීක්‍ෂාවේදී යෝනි පොරොන්දමට අවශ්‍ය සිද්ධාන්ත මා වැඩි දුර හදාරා ඇත්තේ ස්වඅධ්‍යනය මගිනි.මංගල නැකැත් සෑදීමේදී පැරැන්නන් විසින් මනාළ යුවළ මංගල රාත්‍රිය ගතකිරීමට යහන්ගත වීම සුභ නැකතක්  අනුව සිදුකළත් වර්තමානයේ එය මඟහැරෙමින් ඇත.
  විවාහපේෂිත යුවලකගේ ලිංගික අවයවයන් එකිනෙකාට ගැලපෙන අයුරින් පැවතීම අවශ්‍ය දෙයකි.යෝජිත විවාහයකදී මේ සදහා පරීක්‍ෂාවක් කිරීම කළ නොහැකය.එය ආචාර ධර්ම වලටද පටහැනිය.නමුත් ජ්‍යොතිෂය හා අංග ලක්‍ෂණ විද්‍යාව අනුව සලකා බලමින් ස්ත්‍රී පුරුෂයන්ගේ ලිංගාවයව ප්‍රමාණයන් තීරණය කිරීමට පුරාණ ක්‍රම විධි භාවිතා විය.උපන් කේන්ද්‍රයේ හත,අට අධිපතීන් මෙන්ම රවි,සදු,කුජ,බුධ  ග්‍රහ පිහිටීම අනුවත් ශරීරයේ නාසයේ ප්‍රමානය හා මුඛය විවෘත කල විට ප්‍රමාණයන් අනුවද පැරැන්නන් ස්ත්‍රී පුරුෂයන්ගේ ලිංගේන්ද්‍රයන්ගේ ප්‍රමාණය මැනගැනීමට පැරණි ක්‍රම විය.
   ඉපැරණි දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව ස්ත්‍රීන් පද්මිනී,චිත්‍රණී,සංඛණී,හස්ථිණී ලෙසත් පුරුෂයන් ශශ,මෘග,වෘෂභ,අශ්ව ලෙසත් බෙදා ඇති අතර එම බෙදා වෙන් කිරීම අනුව ඒ ඒ ස්ත්‍රී පුරුෂයන්ගේ ලිංගේන්ද්‍රවල ප්‍රමානයන් මෙන්ම ඒ ඒ ස්ත්‍රී පුරුෂයන් එක්වීමේදී ඇතිවන යහන් සුවය,දරුවන්ගේ ස්වභාව,රෝග පීඩා ,ධනය දියුණුව ආයුෂ ආදිය ගැන විස්තර දක්වා ඇත.
   පොරොන්දම් පරීක්‍ෂාවේදී ජ්‍යේතිෂවේදීන්ගෙන් සිදුවන තවත් වරදක් නම් ස්ත්‍රී පුරුෂ කේන්ද්‍රවල ඇති ලිංගික බලපුලුවන්කම් හා දුබල බැරිකම් පිළිබදව විස්තර නොකිරීමය.සරාගී යෝග මෙන්ම ලංගික බෙලහීන යෝග හා ඒවා ක්‍රියාත්මකවන කාල සීමා ගැන විස්තර කිරීම ජ්‍යොතිෂවේදියා කළ යුතුය.ස්ත්‍රී පුරුෂයන්ගේ සරාගී හා බෙලහීන යෝග ඉස්මතු වන කාල වකවානුද විවිධාකාර විය හැක.එවැනි තත්ත්ව වල නොගැලපීම් ඇති විට විවාහ දිවිය අසාර්ථකවේ.අප බොහෝ දෙනා සලකන්නේ ස්ත්‍රීන් ලිංගික වශයෙන් වැඩි ක්‍රියාකාරී වන්නේ හිරිමල් වියේදී බවයි. නමුත් සෑම විටම එය එසේ නොවේ.ඇතැම් ස්ත්‍රීන් තරුණ වයසේදී ලිංගික වශයෙන් උදාසීනය.ඔවුන්ගේ ශරීර අවයවද ඒ ආකාරයටම සැකසේ.තරුණ අවදියේදී කටු අත්තක් මෙන් කේඩෑරීව රූපයෙන් පවා අවලස්සනව සිටින ස්ත්‍රීන් මැදිවයස පසු කරනවාත් සමඟම සරාගී සිරුරක් ලැබී මුහුනේ පැහැපත් බව වැඩිවී ලිංගික වශයෙන්ද වඩාත් උද්යෝගීවේ.ඇත්තටම එවැනි කාන්තාවන්ට තමාගේ සමවයසේ හෝ තමාට වැඩිමල් වයසේ වූ සැමියාගෙන් ලිංගික සුවයක් ලබාගත නොහැක.වානර පවුලේ ගැහැනු සතුන් මෙවැනි අවස්ථාවලදී ලාබාළ පිරිමි සතුන් සමඟ එක්වී තම අවශ්‍යතාවන් සපුරා ගත්තත් පවතින ආචාර ධර්ම අනුව මිනිස් ගැහැනුන්ට එවැන්නක් කළ නොහැකි නිසා ඔවුන් තම ආශාවන් යටපත් කරගනී.පිරිමින් අතරද මෙවැනි අය සිටී.එවැනි සුවිශේෂී ස්ත්‍රී පුරුෂයන් ජන්ම කේන්ද්‍ර හා දේහ ලක්‍ෂණ අනුව සලකා බලා ඔවුන්ට වඩාත් ගැලපෙන්නේ වයසින් බාල සමවයසේ හෝ එසේත් නැත්නම් වැඩිමහළු අඹු සැමියන්ද යන වග නිවැරදිව තීරණය කිරීමට පැරන්නන්ට හැකියාව තිබුනි.

24 comments:

මාතලන් said...

පළවෙනි වැඩේ අනිවාර්යයෙන් ඔබලාගෙන් ඉටුවිය යුතු යුතුකමක්. අපේ සංස්කෘතිය අනුව ඔබලාටත් විශේෂ ගෞරවයක් සමාජයේ තිබෙන නිසා. මාළු මරණ එකට වඩා පව් වැඩ ඕන තරම් තියෙන්නේ..

දෙවන පොස්ට් එකනම් මරු.. අපරාදේ වෙනම නොදා එකටම දැම්මේ.. දිගට ගෙනියන්න වෙයි වගේ... ටැබූ සබ්ජෙක්ට්ස් නේ...

Chanaka Aruna Munasinghe said...

අල්ලස් කොමිෂමෙන් අල්ලන් යයි :)

Anonymous said...

මිනිස්සු දේශපාලඥයන්ට පගාව දෙනවා.උඹලා දෙයියන්ට පගාව දෙනවා.
උඹලා වගේ බොරු ගොතන ගොන් ආතල් දෙන කාලකණ්ණි මේ රටේ ගොඩක් ඉන්නවා.තරුණයි කියපු නිසා කියන්නේ නොපෙනන දේවල් වලට පේන කිය කිය ඉන්නැතුව රටට වැඩක් ඇති දෙයක් කරලා හම්බ කරපන්.ඔය රස්සාවත් මේ රටේ මිනිස්සුන්ව නොමඟ ඇරල මුදල් සෙවීමක් වගේ දෙයක්.අනෙක් කාරණාව කියන්නේ බුදු දහමයි උඹේ ඔය කාලකණ්ණි නැකැත් වැඩෙයි සම්බන්ධ කරගන්න එපා.උඹලා වගේ එවුන්ගෙ හොර බිස්නස් ප්‍රොමෝට් කරන්න නෙමෙයි බුදු දහම තියෙන්නේ.

අරුණ හෙට්ටිආරච්චි said...

කෙනෙක් ජෝතිෂ්‍යයවෙදියෙකු සොයාගන යන්නේ හිතේ දැවෙන මොකක් හරි ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තුවෙන්. එක නිසා තමන්ගේ එකම දරුවා ඉස්කෝලෙට ඇතුලත් කර ගන්න දෙමාපියන් තුල තියෙන ඒ අහිංසක බලාපොරොත්තුව ඉටු කර ගන්න නැකතක් හදල දීපු එක ගැන නම් වරදක් කියන්න බෑ.
Taboo Subjects
විශේෂයෙන් යෝජිත විවාහයකදී බදින්න කලින් ඕක චෙක් කරලා බලාගන්න පුළුවන් නම් දෙන්නටම හොදයි තමා. ලව් කරලා බදින උන් නම් ඕක කලින්ම චෙක් කර ගන්නවනේ.

ඉන්දික said...

ඔබ වැනි විචාර බුද්ධියෙන් යුතු ජෝතිෂ්‍යයවෙදි මහතෙකු සිටීමත් ආඩම්බරයක්!

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

මෙවැනි ලිපි නිතර ලිවිය යුතුයි. අපගේ දේශීය දැණුම ව්‍යාප්ත කිරීමට නම් මෙවැනි දැණුම මිනිසුන් අතර ව්‍යාප්ත විය යුතුයි. නැතිව මේවා සඟවාගෙන සිටීමෙන් වන්නේ සමාජයට අයහපතක්. ඔබගේ දැණුමට මම ගෞරව කරනවා.

තිරිසනා said...

පොඩී උදව්වක් කරන්ඩ පුලුවන්ද?මට 22 වනි දෙකර්ණාදිපති ගැන තියෙන නෝට් එකක් හරි කමක් නැහැ පෝස්ට් කරනව නම්.මට පොඩ්ඩක් 22 දෙකර්ණාදිපතිය ගන පොඩි විස්තරයක් කියල දෙනවද ? :-\

jhothishalanka said...

@තිරිසනා
http://lankajhothisha.blogspot.com/2011/03/22.html

pavithra weerapperuma said...

ප්‍රීතී ප්‍රීතී.... :D මෙව්වා එකට මෙව්වා වැක්කුරුවා වගේ... එතතටම ඔයා වගේ අයොන්ව අඟේ කොරනවා.. :) මොකද මට එහෙම වෙන්න බැරි උනු නිසා.. මත් බොහොම පිළිකුල් කරන දෙයක් තමයි දේශපාලන වාසි වලි සුදුස්සාට සුදුසු තැන නොලැබීම කියන්නේ. ඒත් ඉතින් තාම පොඩි එකානේ.. ඈ ලැවල් කොරන්ට මාවත් ඔය දෙසපාලන මෙව්ව අරන් අහවල් ඉස්කොලෙට දැම්මා... :(

jhothishalanka said...

@සුළඟිල්ල | pinkie
මටත් හරි සතුටුයි මල්ලියේ උබේ අක්‍ෂර වින්‍යාසේ දැන් ටිකක් හොදයි.කියනදේ තේරෙනවා.

රාජ් said...

මම එච්චරම ජෝතිෂය ගැන ලිපි බලන්නෙ නෑ.ඒත් මේවගේ ජෝතිෂය තව තව දේවල් එක්ක කලවං වෙච්චි ලිපි නං කියවන්ට මනාපයි.
@අම්බලම
//ලව් කරලා බදින උන් නම් ඕක කලින්ම චෙක් කර ගන්නවනේ// මේං කියන කතා.....

wildlife said...

මට ඔයවගේ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා.මගෙයි ගෑණු ළමයගෙයි ඔය කියන විදියට නොගැලපීමක් තියෙනවා කියලා හඳහන බලපු වෙලාවෙ කියලා තියෙනවා.මම ලෞකික පැත්තටත් එයා ලෝකෝත්තර පැත්තටත් බරයි ඒ නිසා නිදි යහන සාර්තක නෑ කියලා තියෙනවා.ඒ වගේම අපිට ළමයි හම්බෙන්නෑ කියලත් කියලා තියෙනවා.ඒක එහෙම වෙන්න පුළුවන්ද කියල පොඩ්ඩක් කියන්න පුළුවන්ද?

jhothishalanka said...

@wildlife
ඔයාගේ කමෙන්ටුව පබ්ලිෂ් කරන්න ඉස්සරවෙලා මම බැලුවෙ ඔයාගේ ප්‍රොපයිල් එකෙන් ඔයාගේ අනන්‍යතාවක් (ඔයා කවුද කියලා) පේනවාද කියලා.එහෙම නැති බව දැක්කට පස්සෙයි කමෙන්ටුව පබ්ලිෂ් කලේ.කේන්දර වලින් ඔවැනි තත්ත්ව ගැන කිව හැකි නමුත් 100%ක් කේන්දර වලින්ම නිගමන වලට එන්න එපා.මේ වගේ වෙලාවට වැඩිහිටි කේන්ද්‍ර බලන්නන් කිහිප දෙනෙකු ලවාම පොරොන්දම් පරීක්‍ෂා කර බැලීම වඩාත් හොදයි.සියළු දෙනාම දෝෂ වැඩද බව දැක්වුවහොත් කුමන හෝ දෝෂයක් තිබිය හැකියි.දෙදෙනාගේ අදහස් ගැලපීම හා සිතුම් පැතුම් එදිනෙදා ඇබ්බැහිවීම් ආදිය ගැන සාකච්චඡා කිරීමද වැදගත් වෙනවා.දරුඵල අඩුවීම ගැන කේන්ද්‍රයෙන් පෙනෙන අවස්ථා බොහෝ දුරට නිවැරදියි.නමුත් එය පරීක්‍ෂා කළ දෛවඥයා දක්‍ෂයකු වීමද අවශ්‍යමවේ.

තිරිසනා said...

අයියේ මේ මම අහපු 22 දෙකර්නාදිපති චාට් එක වැරදි නැද්ද?දැන් මේෂ ලග්නෙ ගන්ඩ.එතකොට ලග්නාදිපති මේෂ රාශිය කොටස් 3 ට බෙදෙනව.ඒ බෙදෙන 3න එකක් ලග්නාදිපතිට අනික 5 අදිපතිට අනික 9 අදිපතිට අයිති වෙනව.එතකොට මේෂ ලග්නේ 5 වැන්න තමයි සිංහ.සිංහට අධිපති රවි නේද? සඳු නෙමේ නේ?? එහෙම බැලුවොත් වෘෂභ චාර්ට් එකත් වැරදි නේද?එහෙම නැත්තම් මම තේරුම් අරන් වැරදිද? :/

jhothishalanka said...

තිරිසනා මල්ලි මම පොඩි වැඩක්.ඔයාට හැකි ඉක්මනින් උත්තර දෙනවා.

jhothishalanka said...

@තිරිසනා
22 වන දෙර්කාණාධිපති ගනනය මගින් ලබා ගැනීමේදී පැටලිලි සහිතයි.මෙවැනි වගුවකින් ලබා ගැනීම වඩාත් පහසුයි.සිද්ධාන්තමය වැටහීමක් අවශ්‍ය නම් මෙම දිවයින ලිපියේ අග ඇති 22 දෙර්කාණාධිපති ගැන දැක්වෙන සටහන කියවන්න.එහි

" රාශි භේදයකින් තොරව

තිර, චර, උභය යන රාශි භේදයකින් තොරව

1. පළමු වන දෙර්කාණයට 08 අධිපතියාත්

2. දෙවන දෙර්කාණයට 12 අධිපතියාත්

3. තුන්වන දෙර්කාණයට 04 වැන්න අධිපතියාත්

කේන්ද්‍රයක 22 වන දෙර්කාණාධිපතියා බවට පත් වන බව ජ්‍යෙඩතිෂ නියමය වේ."

යන කොටස කියවා ඒ අනුව විමසීමෙන් ඔබගේ ගැටළුවට විසදුම ලැබේ

තිරිසනා said...

එළකිරි මම කියවල බලන්නම්

jhothishalanka said...

@තිරිසනා
ජගන්නාත් හෝරා මෘදුකාංගයෙනුත් 22 දෙර්කාණාධිපතියා විතරක් නෙවෙයි ඔයවගේ ඉලක්කම් සෙල්ලම්වලින් පෙනී සිටින එක එක ජාතියේ අධිපතියෝ ගැන බලා ගන්න පුළුවන්.කේන්දර සිංහලෙන් ලියන රෝහන වසන්ත මහතා ගෙන් ඒ ගැන පොඩ්ඩක් අහල බැලුවොත් තවත් දැන ගන්න පුළුවන්.ඔයා වගේ අය මම ලියන ඒවයින් දැනුමක් ලබා ගනු දැක්මත් මා හට විශාල සතුටකි.

තිරිසනා said...

ජගන්නාත් හෝරා නම් මට එච්චර දිරවන්නේ නෑ.ඒකෙන් හැබයි මන් පොඩි පොඩි ප්‍රයෝජන ටිකක් ගන්නව.මට ඒකේ තියෙන සමහර වචන ගැන ඒ තරම්ම දැනුමක් නෑ.මම මේ කල්පනා කරන්නේ 22 දෙකර්ණාදිපති කට පාඩමෙන් මතක තියාගන්ඩ සිස්ටම් එකක්.නැද්ද අයියේ ඒකට පොඩි අයිඩියා පාරක්? :D

jhothishalanka said...

@තිරිසනා

දැන් බලන්න මා විශේෂ කොට දක්වා ඇති

" රාශි භේදයකින් තොරව

තිර, චර, උභය යන රාශි භේදයකින් තොරව

1. පළමු වන දෙර්කාණයට 08 අධිපතියාත්

2. දෙවන දෙර්කාණයට 12 අධිපතියාත්

3. තුන්වන දෙර්කාණයට 04 වැන්න අධිපතියාත්

කේන්ද්‍රයක 22 වන දෙර්කාණාධිපතියා බවට පත් වන බව ජ්‍යෙඩතිෂ නියමය වේ."

විස්තරය පිළිබදව එයින් කියන විදියට ලග්නය කුමක් වුවත් එහි පලමු දෙර්කානයට අයත් රාශීන් තුන එනම් ලග්නයේ මුල් නවාංශක තුන සදහා 22 දෙර්කාණාධිපති ග්‍රහයා වන්නේ අටඅධිපතියායි.
උදා- ලග්නය මේෂය වී එහි පලමු දෙර්කානයට අයත් නවාංශක තුන එනම් මේෂ,වෘෂභ,මිථුන නවාංශක ඇති අයගේ 22 දෙර්කාණාධිපති වන්නේ අට අධිපති කුජයි.(මේෂ ලග්න හිමියාගේ අට වැන්න වූ වෘශ්චිකයට අධිපති කුජ හෙවත් අඟහරුයි.)
මේ විදියටම මේෂ ලග්නයේ දෙවන දෙර්කාණයට අයත් නවාංශක ඇති අයට එනම් ලග්නය මේෂ වී නවාංශකය කටක,සිංහ,කන්‍යා තුනෙන් එකක් යෙදෙන කේන්ද්‍ර හිමියන්ගේ 22 දෙර්කාණාධිපති වන්නේ 12 අධිපති ගුරුයි.(මේෂ ලග්න හිමියාගේ 12 වැන්න වූ මිනයට අධිපති ගුරු හෙවත බ්‍රහස්පතියි)
මේෂ ලග්නයේ තුන්වන දෙර්කානයට අයත් තුලා,වෘශ්චික,ධනු නවාංශක වලට අයත් අයගේ 22 දෙර්කාණාධිපති වන්නේ මේෂයේ හතර(කටක) අධිපති සදුයි.

මේ විදියටම අනිත් අවස්ථාත් තොරා ගත හැකියි.ඔබ ලග්න වලට අදාළ නවාංශක යෙදෙන අනුපිළිවෙළ දන්නේ නම් කටපාඩමින් හෝ සුළු මනෝ විශ්ලේශනයකින් ලේඛන වගු පොත් පත් නැතිව කෝච්චියේ බස් එකේ මඟතොටකදී වුවද ලග්නය හා නවාංශකය දන්නා කෙනෙකුගේ 22 දෙර්කාණාධිපතිව ක්‍ෂණිකව පැවසීමට ඔබටත් හැකිවනු නිසැකය.මම ඔයාගේ කේන්දරේ දැකලා නැතිවුනත් ඔයා මගේ බ්ලොග් එකේ මේ දක්වා පලකල අදහස් සාකච්ඡා විමසීම් ගැන සලකලාම ඔයා අනාගතයේදී දක්‍ෂ දෛවඥයෙකු වේවි.ඔයා මම ගැන මුකුත් විස්තර දන්නේ නැතිව මගේ කේන්දරේ 4,5 ස්ථාන වල දුබලකම හදුනාගෙන කියලා තිබුණු දේවල් හරියටම හරි.
ඔයාට ජ්‍යොතිෂය ගැන දැන ගන්න දේවල් තිබේනම් අහන්න.මා දැනුවත් විස්තර ඔබටත් ලබා දීමට සූදානම්ය.හදහන් වැඩ නිසා උත්තර ලබා දීම තරමක් ප්‍රමාද වෙන්න පුළුවන්.

තිරිසනා said...

මගේ කේන්දරේ නම් බලන්ඩ දෙයක් නෑ.ෆුල් අප්සැට්.ඒ හින්දම ජ්‍යෝතිෂ්‍ය මට කොයි තරම් දුරට පිහිටයිද කියල නම් මටවත් හිතාගන්ඩ බැහැ.සියල්ල ඩවුන් යන මට්ටමක ඉන්නේ.ඒ හින්ද කිසි දෙයක් ගන වැඩි බලාපොරොත්තුවක් නෑ.අයියගේ අදහස් දැක්වූවාට ස්තූතියි.අයියල වගේ මිනිස්සුන්ගේ පිහිට තමා.
තාම 27යි.මේ ඇරඹුමයි.මාවත බොහො දුරයි.ණුවණින් අවදියෙන් යා යුතු බව දනිම්... :(

දුශ් said...

සැහෙන වැදගත් බ්ල්ගෝ එකක්. නොදන්න දේවල් කියල දෙනාට ගොඩක් පින්..

Soda ගුනේ said...

එක්කෙනෙක් කිව්ව යහන්ගත වෙන්න කලින් බුදුන් වඳින්න කියල... දැන් මෙයා කියනවා නැකතුත් බලන්න ඕනලු...:P අනික මේ දිග පළල කතාව.... මට නම් හිතෙන්නේ ඔබතුමා මේ කරුණු හදාරල තියෙන්නේ ස්වඅධ්‍යනය මගින් නෙමේ ස්වයං වින්දනය මගින් කියල...:P

පිස්සා පලාමල්ල said...

කියෙව්වෙමි... පගාව දෙන්නත් නැකත් බලන රටක අපි උපත ලැබූ බව දැන ගැනීමටත් සතුටුයි.... අනේ කාලේ කිව්වලු...

Related Posts Plugin for WordPress, Blogger...