Saturday, October 1, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 7

  "වෙනස්වීම" යන වචනය හරිහැටි අර්ථ දැක්වීමට මා හට නොහැකිය.මේ ලිපියේ අන්තර්ගතය වටහා ගැනීමට එය අනිවාර්ය අවශ්‍යතාවක්ද නොවේ.වෙනස්වීම පිළිබද මාහැගි අයුරින් දැක්වීමක් එදිනෙදා අසන්නට දකින්නට ලැබෙන විස්තර කරුණු කිහිපයක් ඇසුරින් පහත දක්වමි.

1) "රට ගිහින් ආවට පස්සේ එයා වෙනස් වෙලා.ඇඟ මහත්වෙලා,මූනත් ටිකක් කළු වෙලා.ඇවිදින විදිය කතාකරන විදියත් වෙනස් වෙලා."
2) "මෙතන ඉස්සර තිබුණු අඹ ගහ කෝ?.ඒක කැපුවද?.ඔයගොල්ලන්ගේ ගෙදර ඉස්සරහ කොටසත් වෙනස් කරලා නේද?මෙතන තිබුණු බිත්තියත් කැඩුවද?"
 3) "බලන්නකෝ මේ අවුරුදු 50 ට පරිඝණකය වෙනස් වෙලා තියෙන හැටි.කාමරයක් තරමට ලොකුවට තිබුණු පරිඝනකය දැන් අතේ ගෙනියන්න පුළුවන් තරමට පුංචි වෙලා.තව ටික කාලයක් යනකොට අත් ඔරලෝසුවක් වගේ පරිඝණකත් ඒවි."
 4) " හෙට විභාගේ අන්තිම දවස.හෙට පේපර් එක හරියට ලියා ගත්තොත් උසස්වීම ෂුවර්"
 5) "අනිද්දා උදේ නොවැස්සොත් වී ටික වේලා ගන්න පුළුවන්."
 6) "2012 දෙසැම්බර් මාසේ දවසක අපේ පෘථිවියත් සූර්යයාත් ක්‍ෂිර පථයේ ඉහළම ගුරුත්වය ඇති එහි මධ්‍ය ලක්‍ෂයත් එක එල්ලේ පිහිටනවා.(සරල රේඛාවක)ඒ මොහොතේ ඇතිවිය හැකි විභව හා ගුරුත්වාකර්ෂණ බල ශක්ති අසංතුලිතතාව නිසා ඇතිවිය හැකි තත්ත්ව ලෙස ඇතැම් අය විවිධ මත පලකරනවා."
 7) "හෙට නැන්දගේ වෛද්‍ය වාර්තාව එනවා.එයාට පිළිකාවක් තියෙනවද නැද්ද කියලා ඒ වාර්තාවෙන් කියාවි."
   
   ඉහතින් දැක්වූ පාඨ වල අඩංගු කරුණු පිළිබදව මොහොතකට සිත යොමු කරන්න.ඉන් සමහරක් මිනිස් ක්‍රියාකාරකම් විද්‍යා දියුණුව නිසා ඇතිවූ වෙනස්කම්ය.තවත් ඒවා පරිසරයේ ඇතිවිය හැකි සංසිද්ධි නිසා හෝ භෞතික රසායනික හෝ ජීවි ක්‍රියා නිසා සිදුවූ හා සිදුවිය හැකි ඒවාය.තවත් ඒවා මේ සියල්ල කැටිවූ බවකි.ඉහත දැක්වූ උදාහරණ සියල්ලේ පොදු ලක්‍ෂණයක් වන්නේ අහඹු බව හෙවත් පූර්ව අවබෝධයකින් යුතුව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි ස්වභාවයයි.ඒ පිළිබද සිහිසටහනක් තබාගෙන පහතින් දැක්වෙන පාඨවලින් විස්තර කැරෙන දේ ගැනත් සිත යොමු කරන්න.
 1)  වෛද්‍ය වාර්තාව ඇවිල්ල දොස්තරල ඒක බලල කිව්ව විදියට නැන්දට මාරාන්තික පිළිකාවක්.එයා ජීවත් වෙන්න පුළුවන් උපරිම කාලය මාස තුනයි කියලා දොස්තරලා කියනවා.
 2)   " ආරම්භක ප්‍රවේගය u වූ අංශුවක් ඒකාකාර f ත්වරණයක් යටතේ චලනය වේ.  t කාලයේදී එහි ප්‍රවේගය v හි අගය 
                     v = u + ft
   සමීකරනයෙ මගින් දැක්වේ.අංශුවේ ආරම්භක ප්‍රවේගය  
 u =  තත්ත්පරයට මීටර් 2ක් හා එහි ත්වරණය f = තත්පර වර්ගයට මීටර 3ක් නම්  තත්පර තුනකට පසු අංශුවේ ප්‍රවේගය කොපමනද?"

 3) "සූර්යයාගේ ස්කන්ධය හා සංයුතිය අනුව සූර්යයාගේ දහනයට අවශ්‍ය හයිඩ්‍රජන් ප්‍රමාණය තව අවුරුදු බිලියන 5 කින් පමණ  අවසන්වේ.ඉන්පසු සූර්යයා "රතු යෝධයකු" බවට පත්වේ."
 4) "කාබන් සමස්ථානික විශ්ලේශන ක්‍රම අනුව ජීවි ශාකයක හෝ සතත්ව පොසිලයක ආයු කාලය ඉතා නිවැරදිව පැවසීමේ ක්‍රම මේ වන විට සොයාගෙන ඇත."
 5) "චන්ද්‍රයා යනු පෘථිවිය සතු එකම උපග්‍රහයායි.තාරකා විද්‍යා ගණිත ක්‍රම උපයෝගී කරගෙන මේ මොහොතේදී මෙන්ම ඉදිරියේ නිශ්චිත මොහොතකදී (උදා- 2012 ජනවාරි 01 දිනට එළිවෙන රාත්‍රී 12.00 ට) පෘථිවිය හා සදු අතර රේඛීය දුර ප්‍රමාණය කොපමණද යන්න ඉතා නිවැරදිව ගණනය කළ හැකිය."
 6)" පසුගිය මාර්තු 11 දින ජපානයට ඇතිවූ සුනාමි අනතුර හමුවේ සිදුවූ විදුලි විසන්දි වීමෙන් පසු විනාශවූ න්‍යෂ්ථික බලාගාර වලින් පිටවූ විකිරණ අංශු වල අර්ධ ආයු කාලය හෙවත් ඉන් අර්ධයක් විනාශ වීමට ගතවන කාලය තව වසර 20000 ක් පමණ වේ.ඒ අනුව එතෙක් එම විකිරණ වලට මුහුණ දීමට ලෝවැසියන්ට සිදුවේ."
  
  ඉහතින් දැක්වූ පාඨ වලත් ඊට පෙර දැක්වූ පාඨ වලත් දක්නට තිබූ ප්‍රධාන වෙනසක් ඇත. එනම් දෙවනුවට දැක්වූ ඒවායේ නිශ්චිත ස්ථිර බවක් දැකිය හැකි වීමය.එම දෙවෙනියට දැක්වූ පාඨ වල ස්ථිර බවට හේතුවූ කරුණු සැලකූ විට ප්‍රධාන වශයෙන් පෙනී යන්නේ විද්‍යාවේ දියුණුව ඒ සදහා බලපා ඇති බවයි.නැන්දාට පිළිකාවක් ඇති බවත් ඇයගේ උපරිම ආයුෂ තව මාස 3ක් බව පැවසීමටත් සූත්‍රයට ආදේශ කොට තත්පර තුනකට පසු අංශුවේ ප්‍රවේගය තත්ත්පරයට මීටර 11ක් බව ස්ථිරව පැවසිය හැකි වූයේත් විද්‍යවේ ගණිතයේ දියුණුව නිසාය.අනිත් කරුණු වලටත් එය එසේමය.
   පෘථිවය මත ඇතිවන සියළු භෞත රසායන ජීවී... ආදී සියල්ලම පාලනය කැරෙන්නේ සූර්යයා ඇතුළු සෞර ග්‍රහ මණ්ඩල ග්‍රහ වස්තු වලින් හා ඈත පිහිටි තාරුකා වලින් බව මෙම "කාලය අවකාශය හා ජ්‍යොතිෂය" ලිපි පෙලේ පසුගිය ලිපියකින් දක්වා ඇත.සූර්යයා ඇතුළු සියළු ග්‍රහවස්තු මොහොතකට අතුරුදහන් කොට පෘථිවියේ ක්‍රියාකාරිත්වය ගැන සිතන්න.භ්‍රමනය පරිභ්‍රමනයක් නොමැතිව රැයක් දවාලක් ආදී කාලය ගත වීමක් නොමැතිව ශක්තිය නිපදවීමක් නොමැතිව පෘථිවියක් ජීවයක් ගැනත් සිතන්නටවත් බැරිය.මේ සියල්ල ඇති කරන්නේ ග්‍රහ වස්තු වලින්ය.
   විද්‍යාවේ දියුණුව යොදා ශාකයක ග්‍රහ වස්තුවක ආයුෂ කාලය නිර්ණය කළ හැකි බව සැවොම පිළිගනී.එමෙන්ම ඉහත දැක්වූ පරිදි වෙනත් ඉදිරි තත්ත්ව පිළිබද ස්ථිර අනාවැකි පැවසිය හැකි බවද පිළිගනී.ග්‍රහ වස්තු හා ඒවායේ චලිතයේ බලපෑමෙන් පෘථිවියේ සියළු තත්ත්ව පාලනය වන බවද පිළිගනී.නමුත්  ඉදිරි පිහිටීම(පෘථිවියට සාපේක්‍ෂ කෝණික විස්ථාපනය) නිශ්චිතව කිව හැකි ග්‍රහ වස්තු පිහිටීමක් දෙස බලා පෘථිවිය මත ඉදිරියේදී සිදුවන හා සිදු විය හැකි ජීව භෞතික රසායන ක්‍රියාවලින් පිළිබද අනාවැකි පැවසීමට හැකි බව පිළිගැනීමට ඇතැමුන් සූදානම් නැත.

----------------------------------------------------------------------------------

   විද්‍යාවේ මෙතෙක් ෙසෙද්ධාන්තිකව විසදුමක් අර්ථයක් නොලැබුණු ගැටළු අතර "සංඛ්‍යා යනු මොනවාද?" යන්න "කාලය අවකාශය හා ජ්‍යොතිෂය 3" ලිපියෙන් දැක්වූවා ඔබට මතක ඇති.ඒ පිළිබදව නැවත සලකා බලමු.
   ඇත්තටම සංඛ්‍යා යනු මහා අද්භූත මෙන්ම අමුතු බලයකින් යුතු දෙයකි.කලින් දැක්වූ පරිදි සංඛ්‍යා මගින් විවිධ අවස්ථා වලදී විවිධ අර්ථ කථන දැක්වේ. ගණිතයේදී ලක්‍ෂයක්,කුලකයක්,කාණ්ඩයක් නිරුපණය කෙරෙන විට වෙනත් ක්‍ෂෙත්‍රයකදී වෙනස් අයුරින් අර්ථ දැක්වේ.මලල ක්‍රීඩා තරඟ වලදී අංක එක ලබන්නාට ඉහළ තැගිය.නමුත් මුදල් භාවිතයේදී එය වෙනසකි.රුපියලක් ලඟ ඇති කෙනාට වඩා රුපයල් පහ ලඟ ඇති කෙනා පෝසතෙකි.ඔරලෝසු ඉලක්කම් සැලකීමේදී ඉලක්කම් විවිධ අයුරින් භාවිතාවේ.තාත්ත්වික සංඛ්‍යා මෙන්ම වර්ග සමීකරණ වල මූල ඇසුරෙන් පහළ වන අතාත්ත්වික සංඛ්‍යා හා අපරිමේය සංඛ්‍යා ඇසුරින් බිහිවූ සුවිශේශී ගණිත ක්‍ෂෙත්‍ර පවා ඇත.සංඛ්‍යා වල ඇති තවත් අද්භූත හැකියාවක් ගැන පැවසීමටයි මා මේ සූදානම් වන්නේ.ඔබ ඇතැම් විට සංඛ්‍යා වල එම ලක්‍ෂණය පිළිගැනීමට මැලි වනු නිසැකය.එය  මෙතන එකවර නොදක්වමි.ඇත්තෙන්ම එය කඩදාසියක ලියා දැක්වීම කළ නොහැකය.මා මෙහි දක්වන්නේ නිමිති ශාස්ත්‍රයේදී අංක භාවිතා කර ඉදිරි සිදුවීමක් පිළිබද අනාවැකි දැක්වා ඇති ආකාරයකි.ශ්ලෝක හා කවි කිහිපයකින් දක්වා ඇති "හෝරා චක්‍ර නිමිත්ත" පිළිබද විස්තරයක් පහත දැක්වේ එය කියැවූ පසු නිමිති ශාස්ත්‍රය තුලදී අංක වල ගූප්ත භාවිතය පිළිබද වැටහීමක් ඔබටම ඇතිවේ.

  මෙම නිමිත්ත අල්ලන ක්‍රමය.(මෙය විනෝදයට නොකළ යුතුය.)
      රූපයේ දැක්වෙන පරිදි දිග පලල අනුව අංක පෙත සාදා නිමිත්ත අසන්නාට ඉෂ්ථ දෙවියන් සිහිකොට තමාගේ කටයුත්ත සාර්ථක කර ගැනීමට පිහිට ආරක්‍ෂාව ලැබේවා යැයි සිතා පිරිසිදුව මලක් තබා හෝ අත අංකයක් මත අහඹු ලෙස ක්‍ෂණිකව තබන්න යැයි පවසන්න.
       අත හෝ මල තැබූ අංකය අනුව නිමිති ඵල කිය යුතුය.


             

4 comments:

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

මා ඔබට වැඩිහිටියෙකු ලෙස යම් උපදෙසක් ලබා දෙන්නම්. ඔබගේ දක්ෂතාවය රැදී ඇත්තේ මෙතනයි. මේ භෞතික විද්යාවේත් ජ්‍යෝතිෂයේත් ඉතාම අපහසු කොටසයි. ඔබ එය විස්තර කර ඇති අපූරුව නිසා ඕනෑම අයෙක්ට ඉතා හොදින් ග්‍රහනය කරගත හැකියි. සරල බසින් වඩාත් අපහසු විද්‍යා සංසිද්දීන් විස්තර කිරීමේ රුසියෙක් ඔබ. ඉන් ප්‍රයෝජන ගන්න.

jhothishalanka said...

@වෙද ගෙදර මහ වෙදනා
බොහොම ස්තූතියි ඔබගේ දිරිගැන්වීමට

Kumar Wellalage said...

Obata anuwa kalaya rekeeyada, Chakrakarada pehidili karanna. Kalaye Qualitative/Quantitative maninne keseda? Kalaya bavithayedi peya 60 harida 24 harida? asenam pehedili karanna.Qualitative/Quantitative kalaya thiyena bawa oppu karanne keseda?

Obata anuwa Awakashaya maninne keseda? Eya obataanuwa parimawada? nethman mokakada? awakashaya thiyena bawa oppu karanne keseda?

Obata anuwa Jothishaya kiyanne oya hemata utthra thiyen deyakda? Physics wala Space & time Quantitatively maninna puluwanda?

Kumar Wellalage said...

"වෙනස්වීම" Yanu Agni thathwayai. mehi "වෙනස්වීම" yanu Time ha space ya mewa e e wage unata ese netha kawalam karagann epa. Agni "වෙනස්වීම" kireemata Time ha space ganna bawa mema lipiye sadahna dewalin viyuth panna nowe.

Related Posts Plugin for WordPress, Blogger...