Monday, November 21, 2011

ලක්‍ෂ්මී යෝගය

  ලක්‍ෂ්මී යෝගය යෙදෙන ආකරය පිළිබද ඉන්දියානු ජ්‍යොතිෂ ගුරු කුල වල අර්ථ දැක්වීම් කිහිපයක් දක්වා ඇතත් ඒ සියල්ලේ ආසන්න සමාන තත්ත්වයක් දැකිය හැකිය.
 හින්දු ආගමික විශ්වාසය අනුව ලක්‍ෂමි දෙවඟන ධනයට අධිපති ලෙස සලකයි.ධනය දියුණුව සැලසීම ලක්‍ෂ්මී දෙවඟන විසින් සිදු කරන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි."ලක්‍ෂ්මී" යන හින්දු දෙවඟනගේ නාමය භාවිතා කර ඇත්තේ යෝගයේ ස්වභාවය දැක්වීමටය.එසේ නොමැතිව එම යෝගය යෙදෙන ආකාරය වටහා ගැනීම අධ්‍යනය කිරීම අන්‍ය ආගමිකයන්ට අකැප වීමක් නොවේ.ආගමික විශ්වාස හා ජ්‍යොතිෂ සිද්ධාන්ත පටලැවීමක් කර ගත යුතු නැත.


 
     http://www.karmicastro.com/import_yogas.htm

     http://www.findyourfate.com/indianastro/yogas.html

     http://www.barbarapijan.com/bpa/Yogas/b_yoga.htm

ඉහත දැක්වෙන සබැදි අනුව "ලක්‍ෂ්මී යෝගය" යෙදෙන ආකරය පහත පරිදි සරලව දැක්විය හැක.

ලක්‍ෂ්මී යෝගය
යෙදෙන ආකරය :
                 ලග්නාධිපති ග්‍රහයා බලවත්ව පිහිටා නවය අධිපති ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10) හෝ ත්‍රිකෝණස්ථානයක(5,9) සිටීද ඒ ලක්‍ෂ්මී යෝගයයි.


 ඵල විපාක
           දැකුම්කළු සිත්ගන්නා ප්‍රසන්න පෙනුමකි.සැප සම්පත් නිරතුරුව ලැබේ.අවංකය,උදාර ගති පැවතුම් ඇත.උගත්ය.වාසය කරන ස්ථානයට පවා වාසනාව ධනය දියුණුව ලඟාකර දේ.


 විශේෂ සටහන්
         ලක්‍ෂ්මී යෝගය පිහිටීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම එකසේ සුභඵල දෙන අතර කාන්තාවන් සම්බන්ධයෙන් විශේෂ සුභ පිහිටමක් ලෙස පුරාතන ග්‍රන්ථ වල දක්වා ඇත.ලක්‍ෂ්මී යෝගය පිහිටි කාන්තාවන් සරණපා ගැනීමෙන් ධනය දියුණුව අතින් ඉතා පහල මට්ටමේ සිටින පුරුෂයන් ඉහළ ධනවතුන් බවට පත්වන බවට අදහසක් ඇත.ඒ හා බැදුනු පුරාවෘත්තාන්තද ඇත.
    ලක්‍ෂ්මී යෝගය කේන්ද්‍රයක පිහිටන ආකාරය විමසිල්ලෙන් බැලිය යුතුය.ලග්නාධිපතියා බලවත් වූ පමනින් හෝ නවය අධිපතියා කේන්ද්‍රස්ථානයක උච්ච ක්‍ෂෙත්‍ර බලයෙන් සිටද පමනින්ම ලක්‍ෂ්මී යෝගය උදා නොවේ.අදාළ පිහිටීම් ඒ ආකාරයෙන් තිබිය යුතුය.
 ලක්‍ෂ්මී යෝගයේ සුභඵල මතුවීම ලග්නාධිපති හා නවය අධිපති ග්‍රහයන්ගේ මහදශා කාල වලදී හොදින් ඉස්මතුවේ.
ලක්‍ෂ්මී යෝගය පිහිටි ප්‍රසිද්ධ පුද්ගයන් කිහිප දෙනකු පිළිබද විස්තර පහත දැක්වේ

     1) හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි.
      
     2) ඉන්දීය සුපිරි හින්දි නළු ෂාරුක් ඛාන්
           (2 -Nov- 1965   2.30AM)

     3) බිල් ගේට්ස් (මයික්‍රොසොප්ට් ආයතනය)
           (28 -Oct- 1955   9.15PM )

17 comments:

අරවින්ද said...

මහත්මයා මීන ලග්නයේ කේන්දරේ ගුරු 10 ත් කුජ, සදු, කේතු 9 ත් සිටීමෙන් ලක්ෂ්මි යෝගය ‍යෙදෙනවා නේද? අර්ධ කාල සර්ප යෝගය මේ කේන්දරයේ තියෙනවා. එයින් යෝගය නැතිවෙනවද?

jotirathna said...

"ලග්නාධිපතියා බලවත් වූ පමනින් හෝ නවය අධිපතියා කේන්ද්‍රස්ථානයක උච්ච ක්‍ෂෙත්‍ර බලයෙන් සිටද පමනින්ම ලක්‍ෂ්මී යෝගය උදා නොවේ.අදාළ පිහිටීම් ඒ ආකාරයෙන් තිබිය යුතුය."

මේක ටිකක් පැහැදිලි මදි නේද?
මම දන්නා තරුණියකගේ කුම්බ ලග්න කේන්දරේ ලග්නාදිපති 10 වන්නේත් නවය අදිපති සිකුරු නවවන්නෙත් පිහිටලා තියෙනවා.නමුත් සිකුරු අස්ථ(combust) සහ වක්‍ර(retrogated). මේක ලක්ෂ්මි යෝගයද?

ප.ලි.
ගුරු පළමු වැන්නේ.

jhothishalanka said...

@jotirathna
ඔබ දැක්වූ කේන්ද්‍රයේ ලක්‍ෂ්මී යෝගය පිහිටා නැත.නමුත් ස්වාමියාට දියුණුව සලසයි.ලග්නාධිපති ශනි 10 වැන්නේ සිටීම යෝගය ඇති කිරීමට තරමට ලග්නාධිපති බලවත් නැත.නවය අධිපති සිකුරු නවයේ ක්‍ෂෙත්‍ර බලව සිටීම සපුරා ඇත.නවය අධිපති සිකුරු අස්ත වීම (රවිට ලංවීම) සුභ ගතිය තරමක් අඩු කරයි.ලග්නාධිපති බලවත් වූයේ නම් මෙම කේන්ද්‍රයටද ලක්‍ෂ්මී යෝගය යෙදේ.ස්ත්‍රියකගේ සිකුරු අස්ත වීම යහන් සුවයට යහපත් පිහිටීමකි.නමුත් එය වඩාත් හොද වීමට එම යෝගයට අනුරූප යෝග පුරුෂ කේන්ද්‍රයේද පැවතිය යුතුය.

jhothishalanka said...

@අරවින්ද
ඔබේ කේන්ද්‍රයේ ලක්‍ෂ්මී යෝගය පිහිටා ඇත.සුභයි.අර්ධ කාල සර්ප යෝගය අසුභ යෝගයක් ලෙස සලකන්නේ නැත.

jotirathna said...

බොහොම ස්තුතියි.

Tricks to handle MS PowerPoint presentation Smartly said...

mata දැන ගන්න පුලුවන්ද මේමාසෙ වහල ගහන්න හොදද නැද්ද කියලා මම බුද්ධාගමේ

jhothishalanka said...

@Buddhika Karunanayaka (itbuddhika)

දෙසැම්බර් 16 සිට ජනවාරී 14 දක්වා රවි ධනුවේ ගමන් කරන කාලය කෝණ මාසයක් ලෙස සැලකෙන නිසා වහළ ගැසීම් වලට යොදා ගැනීම අඩුයි. නොවැම්බර් මාසය කිස්තියානි අය මලවුන්ගේ මාසය කියා සලකන බැවින් ඔවුන් නොවැම්බර් මාසය සුභ කටයුතු සදහා යොදා නොගනී.එය බෞද්ධ අපට අදාල නැත.නියම ලෙස ගැලපෙන සුභ නැකතක් යොදා ගත හැකී නම් වරදක් නැහැ.හැබැයි නොවැම්බර් මාසේ තිබුනු සුභම නැකැත් නම් ඉවර වෙලා වගේ නැවත සුභ නැකත් යෙදෙන්නේ දෙසැම්බර් මුල් සති දෙකේ.

Podi Kumarihami said...

මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

Anonymous said...

ලක්ෂ්මී යෝගයෙන් උපරිම ඵල ලැබීමට ඒ ඒ දසාවල් ලැබීමත් අත්‍යාවශ්‍ය කාරනයක් නේද?නැත්තන් සමහර වෙලාවට මේ ග්‍රහ පිහිටීම් ඒ විදිහටම තිබ්බත් ඉදිරියට ලැබීමට හෝ ගත කිරීමට ලැබෙන්නේ අසුබ දසා නම් මේ යෝග වල පල බොහෝ දුරට අඩු වීමට ඒක හේතුවක් වෙනවා නේද?
තිරිසනා.

jhothishalanka said...

@Anonymous
හරියට හරි ස්තුතියි අඩුපාඩුව නිවැරදි කලාට

මුතු said...

ශනි ත්‍රිකෝණ ස්ථාන වලට උච්ච ස්වක්ෂේත්‍ර බලයෙන් පිහිටන අවස්ථාවකදී ලක්ෂ්මි යෝගය නැතැයි සැලකීමෙහි සත්‍යතාවක් තිබේද?

අරවින්ද said...

ස්තුතියි ඔබතුමාට

jhothishalanka said...

@මුතු
මේ කමෙන්ටුව දැකලා හුඟක් වෙලා වුනත් පබ්ලිෂ් කලේ නැත්තේ හරි හැටි උත්තරයක් දෙන්න අමාරු නිසා ලක්‍ෂ්මී යෝගයට සෙනසුරු සම්බන්ධ වීම ගැන විවිධාකාර මතිමතාන්දර තියෙනවා.සුප්‍රසිද්ධ ඉන්දියානු ජ්‍යොතිෂව්දීන් දෙදෙනෙක් වන සංජයරාත් හා මහාචාර්ය බී.වී. රාමන් ලක්‍ෂ්මී යෝගයේ ප්‍රභේද වෙන් කොට දක්වා තියෙනවා.ඔබගේ කමෙන්ටුවේ සදහන් පරිදි ශනි ග්‍රහයා සම්බන්ධ වන විට ලක්‍ෂ්මී යෝගයේ හීන වීමක් ඇති බවට ඇතැම් අය පවසයි.මෙය ස්ථිරව දැක්වීමක් කිරීමට මා හට නොහැකියි.කමෙන්ට් වලින් ජ්‍යොතිෂ දැනුම හා ගවේශනයට ලැබෙන පිටිවහල ඔබගේ කමෙන්ටුවෙන් අවබෝධ විය. පහත දැක්වෙන සබැදියේ ලක්‍ෂ්මී යෝගය යෙදෙන ආකාර (ප්‍රභේද) තුනක් දක්වා ඇත.

http://ebooks.iskcondesiretree.info/pdf/Astrological_Newsletter/THE_ASTROLOGICAL_NEWSLETTER_-_Issue-20_-_2011_April_12.pdf

(see page no 6,7,8 )

මුතු said...

ඔබගේ වෙහෙසීමට තුති. මම එය කියවා බැලුවෙමි.

arya wickramaratne said...

ශනි ග්රහයා 8 උච්ච වීමෙන් මීන ලග්නයට යෙදෙන ලක්ෂ්මි යෝගයේ බලය අඩු කරනවාද? එම ශනි 8 උච්ච වීමෙන් ලැබෙන්නේ කවර පලයක්ද යන්න පහදා දෙනවාද....ස්තුතියි

jhothishalanka said...

@arya wickramaratne
ලග්න හිමියාගේ ලක්‍ෂ්මී යෝගය මතුකිරීමට සම්බන්ධ වන්නේ ලග්නාධිපති ගුරු හා නවය අධිපති කුජ(අඟහරු) ග්‍රහයන් දෙදෙනායි.මීන ලග්න හිමියාගේ උපන් කේන්ද්‍රයේ ශනි අටේ සිටින විට උප්පත්තියේ අෂ්ඨම ඒරාශ්ඨකය යෙද්.දුක් කරදර වලට ඔරොත්තු දෙන ගතියක් ඇත.අත්දැකීමෙන් පලපුරුද්දෙන් දියුණුව ලඟා කර ගනී.වත්පොහොසත් ඇති අයෙකු සමඟ විවාහය යෙදීම වැඩියි.ලේ සම්බන්ධ අසනීප පීඩා වැඩියි.ගුරු කුජ අදාළ ලෙස පිහිටීමෙන් ලක්‍ෂ්මී යෝගය යෙදන විට උරුම හිමිකම් හෝ රහස් මාර්ග වලින් ධනය ලැබන අවස්ථාද ඇත.මීන ලග්න හිමියාගේ ශනි සමඟ රවි ශූක්‍ර අටේ නම් විපරිත රාජ යෝගයක්ද,රවි සමඟ නම් නීච භංග රාජ යා්ගයක්ද සිකුරු 11 හෝ 12 නම් පරිවර්තන යෝගයක්ද යෙදේ මින් රාජ යා්ග දෙක සුභ යෝගයන්ද වේ.
(කමන්ටුවේ හැටියට මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මගේ ජ්‍යොතිෂ දැනුම පරීක්‍ෂා කරන්නද කියලත් හිතුනා.කමක් නෑ ඕන දෙයක් අහන්න මම දන්න හැටියට උත්තර දෙන්නම්.)

Anonymous said...

ඔබ තුමාගේ ලිපි ගොඩාක් කියෙව්වා.ම0ගල දෝශ ලිපියත් ඇතුලත්ව.මගේත් ගැටලුවක් තියෙනවා.ඉඩ ලද විටෙක පිලිතුරක් දෙන්න.මම මකර ලග්න.1,2,3 හිස්.4-කු+ගු.5-කේ.6-ශ+බු.7-ර.8-ශු.9,10හිස්.11-රා.12-ච්.ඇය මීන.1-ශු.2හිස්.3-ර+බු.4-රා+ච.5,6හිස්.7-කු+ශ.8-ගු.9-කේ.10,11හිස්.මේ දෙකේ දෝශ ඇතිද?ඇත්නම් වලක්වා ගතහැකිද?ඔබතුමාට ගොඩක් පින්.

Related Posts Plugin for WordPress, Blogger...