Wednesday, June 13, 2012

ඉන්දියානු නාඩි වාක්‍ය මගින් විශ්මිතව මව්පිය නම් ගම් හා පැරණි ජිවන තොරතුරු නිවැරදිව දක්වන්නේ භූත බලවේගයකින්ද?

   දකුණු ඉන්දියානු නාඩි වාක්‍ය කියවන්නන් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය උපන් දිනය හා ඇඟිලි සලකුණු අනුව නාඩි වාක්‍ය අනාවැකි පැවසීම පිළිබදව මීට පෙර ලිපියකින් දක්වන ලදී.මා හට නාඩි වාක්‍ය ඇසීමට යමට ආශාවක් පහළ වූයේ මාගේ මිතුරන් දෙදෙනෙකු ඒ පිළිබදව විස්තර පැවසීමත්  නැකැත් සෑදීම ආදී ජ්‍යොතිෂ වැඩ වලට පැමිනි කිහිප දෙනෙකු තමන් නාඩි වාක්‍ය ඇසූ බවත් මව පියාගේ නම් වල සිට ඉතා විශ්මිත අයුරින් තමන්ට නාඩි වාක්‍ය පැවසූ බව මා සමඟ පැවසීමත් නිසාමය
.           මේ සටහන ලියන මාගේ ඇඟිලි සලකුණු හා උපන් දිනය අනුව  ඉන්දියානු නාඩි වාක්‍ය පවසන්නන් විසින් නාඩි වාක්‍ය ඇසීමට ගිය මොහොත දක්වා  ජීවිතයේ පසුගිය තොරතුරු 100%ක් වාගේ සාර්ථකව පැවසූ බව පෙර ලිපියෙන් දක්වන ලදී.පැරණි අනාවැකි 100%ක්ම වාගේ සාර්ථක වීම නිසා හා අනාගතයේ රැකියාව විවාහය සම්බන්ධව දැක්වුනු තොරතුරු එතරම් සුභදායක නොවීම පිළිබදව එකළ සුළු වශයෙන් හෝ මානසික තිගැස්මක් ඇතිවූ බව අවංකව පවසමි.
   නාඩි වාක්‍ය පවසන්නන් එකවර මව පියාගේ නම් පැවසීම පිළිබදව මා තවමත් වික්ශිප්තව සිටිමි.නාඩි වාක්‍ය ඇසූ අය කිහිප දෙනෙකුම තමන්ගේ මව පියාගේ නම් එකවර දැක්වූ බව පැවසූ නමුත් කිහිප දෙනෙකු තමන්ගේ මව පියාගේ නමේ මුලකුරු තමන්ගෙන් අසා ඉන්පසු ඔවුන් තම මව පියාගේ සම්පූර්ණ නම පැවසූ බව මා සමඟ පැවසීය.
    නාඩි වාක්‍ය අනාවැකි පැවසීමේදී පසුගිය විස්තර දැක්වීම ඉතා වේගයෙන් කියාගෙන කියාගෙන යාමත් අනාගත විස්තර පැවසීමේදී ඇතැම් විට නාඩි වාක්‍ය පවසන්න තල්පතෙන් ඉවතට දෑස් යොමු වීමත් කුතුහලදායකය.
    මා වෙත දැක්වූ පටිගත විස්තරය කිහිප වරක්ම වරින් වර ඈසූ විට නාඩි වාක්‍යය අසන වෙලාවේ නොදැනුනු දෙයක් දැනුනි.එනම් අනාගතය පිළිබදව කිසිදු ආකාරයේ වැදගත් දෙයක් නිශ්චිතව දකවා නැති බවයි.විවාහ වී නැති බොහෝ දෙනෙකුට අනාගත සහකරු/සහකාරිය ලෙස නම් වැලක් පවසන අතර එම නම් වැල අනුව එවැනි නමක් මුල මැද අගට යෙදෙන්නන් බොහෝය.
   මා නාඩි වාක්‍ය අසා දැනට වසරකටත් වැඩිය.එහි මේ කාලයේදී සිදුවිය හැකි යැයි දැක්වූ විස්තර වලින් වැඩි ප්‍රමාණයක් සත්‍ය නොවූ බව අවංකව පවසමි.විවාහය කෙසේ වෙතත් මේ කාලයේ රැකියාව ගැන පැවසූ දේවල් සපූර්ණයෙන්ම වැරදිය.
   නාඩි වාක්‍ය කරුවන් තමන් වෙත පැමිනෙන්නන්ගේ දෙමාපියන්ගේ නම් ගම් හා පැරණි විස්තර තල්පත අනුව පවසන බව පිළිගැනීමට හෝ නොපිළිගැනීමට මා හට තවමත් නොහැකි නමුත් ඇතැම් පැරණි විස්තර ලබා ගන්නේ කිසියම් භූත බලවේගයකින් බව පිළිගැනීමට සිදුවී ඇත.ඇතැම් විදේශිකයන්ගේ නිවෙස් වල අංක ලිපින පවා පැවසීමත් අතීත විස්තර ඉතා නිවැරදිව පැවසීම හා අනාගත විස්තර කණා මුට්ටි ගහන්නාසේ ඉදිරිපත් කිරීමත් මේ සදහා හේතු කාරණාවේ.
   පෙර ආත්මය ගැන කියූ මගේ විස්තර සත්‍ය යැයි පිළිගැනීමටද මා සූදානම් නැත.බොහෝ දෙනාගේ පටිගත නාඩිවාක්‍ය වල දැක්වෙන පෙර ආත්ම වල මෙන් මාද පෙර මින්ස් ආත්මය ගතකොට ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩුවේ "සන්ජාවෝ" නම් ප්‍රාන්තයකය.නාඩි වාක්‍ය පවසන්නන් බොහෝ දෙනා ඉන්දීය ජාතිකයන්ය.ඔවුන් දකුණු ඉන්දියාව ගැන හොදින් දනී.එනිසා ඔවුන්ට කටට එන දෙයක් පැවසිය හැකිය.මගේ පෙර ආත්ම විස්තර පිළිගැනීමට මා විසින් මැළිකමක් දක්වන්නේ ඉන් දැක්වූ ආකරයට මා පෙර භවයේ ද්‍රවිඩ ජාතිකයකු වීම නොව එම ආත්මයේ ගති ලක්‍ෂණ මගේ මේ ආත්මයට කිසිසේත් සම්බන්ධ නොවීම හා නොගැලපීමය.මගේ පවුලේ අයට අසන්නට පවා සැලැස්වීම ලජ්ජා නිසා මා විසින් නාඩි වාක්‍යයෙන් දැක්වුනු මගේ පෙර ආත්මයේ "සින්න තම්බි" සම්බන්ධ ඇතැම් විස්තර හඩ පටයෙන් ඉවත් කලේ ඉතා නිවැරදිව පැරණි විස්තර දැක්වෙමින් ඉදිරියට යන නාඩි වාක්‍ය විස්තරයේ මගේ මේ දක්වා විස්තර ඉතා නිවැරදිනම් "සින්න තම්බි" විස්තරද සත්‍ය නොවේදැයි හඩ පටය අසන්නෙකුට සිතිය හැකි බැවිනි.
   නාඩි වාක්‍ය පිළිබදව මේ දක්වා ඇසූ දුටු හා විමසූ කරුණු අනුව පෙනී යන්නේ නාඩි වාක්‍ය පවසන්නන් ඇතැම් කරුණු දැක්වීම සිදු කරන්නේ අනුමාන කිරීමෙන් බවයි.ඉන්දියාවේ නාඩි වාක්‍ය පවසන ස්ථාන ඉතා රාශියකි.මැණික්හින්නේ රොඩී ශාස්ත්‍ර ගම්මාන මෙන් දකුණු ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත වල නාඩි වාක්‍ය පවසන ස්ථාන ගම්මාන පුරාම ඇත.ලංකාවේ අපිට හමුවන්නේ නියම ශාස්ත්‍රීය නාඩි වාක්‍ය පවසන්නන් දැයිද සැකයක් ඇත.

25 comments:

මුතු said...

මගේ මාමා කෙනෙකු නාඩි වාක්‍ය අනාවැකි පවසන බම්බලපිටියේ ස්ථානයකට ගොස් රැගෙන ආ හඬ පටයක් මම ද අසා ඇත්තෙමි. එහි පැවසෙන අන්දමට මව, පියා, භාර්යාව, පුතනුවන්ගේ නම්, සහෝදර සහෝදරියන් ගණන, පදිංචි ප්‍රදේශය ආදී තොරතුරු සත්‍ය වේ. එහි පැවසෙන ආකාරයට මාමා මිය යන්නේ ඔහුට වයස 65 ක් සම්පුර්ණ වූ පසුවය. නමුත් ඔහු වයස 50 සම්පුර්ණ වී මාස 6 ක් ගතවීමට පෙර රිය අනතුරක් හේතුවෙන් මිය ගියේය.

pavithra weerapperuma said...

මාත් එකක් බැලුවා... විශ්වාසෙකින් නෙවෙ.. විහිලුවට වගේ.. ඒකෙ තියෙනවනෙ මං ශුංගාරාත්මක වැඩි කියලා. ලොල්ය.. :D

Hasitha Gunasinghe said...

නාඩි වාක්‍යයක් බලන්න යන්න ආසාවක් ඇතිවුණා

Anonymous said...

අදමයි ඇහුවේ ..අයියා ලියලා තියෙන්නෙත් පිලිගම්ද ..පිලිගන්නේ නැද්ද යන සැකයෙන් වගේ..

මං නම් විශ්වාස කරන් නැහැ කාටත් අනාගතය ගැන කියන්න පුලුවන් යැ කියලා අයියා..

Anonymous said...

හුඟක් නාඩි වාක්‍ය විස්තර ජීවිතේ ගෙවෙන මේ මොහොත දක්වා හරියට කියනව.නමුත් අනාගතය කියනව වැරදී.හරිම නාඩි වාක්‍ය අහන්ඩ ඕනේ නම් කාකබුජන්දරේ අහන්ඩ ඕනේ.ඒක කියවන්නේ ඉන්දියාවේ විතරයි.කාකබුජන්දර සෘෂිවරය තමයි නිවැරදිම නාඩි වාක්‍ය විස්තරය ලියල තියෙන්නේ.ඒකේ අනාගතය ගැන කියන ඒවා හරියටම හරි.ඉන්දියාවෙත් නාඩි වාක්‍ය වට්ග ගොඩක් තියෙනව.ජීව නාඩි ,දිව්‍යා නාඩි ,ජය නාඩි.ඒත් කාකබුජන්දරේ තමා හරිම කියල පිලිගන්නේ.

Anonymous said...

i think most accurate nadi predictions are in south India, i got everything from my marriage to so far (2-3 years) true,

about 1-2 year ago i did a research about this, with mine, one prediction was amazingly accurate

but it wasn't the one from the sri lanka, one from the sri lanka, past was 100% accurate, but future about the marriage wasn't accurate.

but this Indian nadi one was very accurate about the my marriage.

http://www.nadiastrologer.org/english_Nadi_Astrology.html


there was nothing about the past, and the submit form is quite informative so you might suspect this is a fake, BUT,

things that were said about the my marriage and partner was 100% accurate..

ie.
1. only one parent was living in her
2. south east direction from my house
3. her name was related to flower
4. younget or eldest
5. marriage to be held on friday (to be help december 17 - 2010)
6, she was doing IT ...
7. her mother name correct...
8. very beautiful girl with round face
... many things even
6. her birth mark on her right hand.. was there.

couple i would like to mention particularity which will shock you is
7. said she has both sisters and brother, but only one of them were there... a brother
then when i talked she told her mother had miscarry before she was born and that baby was a female...

in this sense it was correct too...

8. it said her house had a odd number, but she told there was never a number for her house, only a name used..

i thought this time it was wrong.. hmm then one day some old gramasewaka came to the house ask for the address, then address given
he said it wasn't correct.. actually her father had a number for the house 475 which was a odd number...

amazing isnt it..

this is all i can prove so far, rest is about to happen in future so i dont know ..

Susantha said...

මාත් ගිය සතියෙ ගිහින් ඇගිලි සලකුණු දුන්නා රිසල්ට් එක දෙනව කීවෙ 30 වෙනිද බලමුකො...

Anonymous said...

මේ බුත ක්‍රම ගැන කෙනත් ඇන්ඩර්සන් නැමැත්තා ඔහුගේ පොත් වල ලියා ඇත (http://en.wikipedia.org/wiki/Kenneth_Anderson_%28writer%29). ඔහුගේ මතය අනුව මෙවැනි දේ කරන්නේ යකෙක් බැද වැඩ ගන්නවා වැනි ක්‍රමයකිනි (ඔහුට අනුව බලෙන් ලබා ගන්නා ගිවිසුමක් වැනි එකකිනි. අනිත් පාර්ශවය යකෙක්ද, භුතයෙක්ද නැතහොත් වෙන එකෙක්දයි කියන්නට පැහැදිලි විස්තරයක් නැත). ඔහුට අනුව සායි බබාද ප්‍රාතිහාර්ය පෑවේ මෙවැනි ක්‍රමයකිනි.

Kushan said...

බලමුකො ජොලියටත් එක්ක අහලම, විස්තර කියන්නම්....... ඇත්තටම කොහෙද ඔය තැන තියෙන්නේ?

කස්ස said...

ලංකාවෙ කෙරෙන නාඩි වාක්‍ය ගැන ඇහුවමයි.හැබැයි ඉන්දියාවෙ කෙරෙන නාඩි වාක්‍ය ගැන මම මීට පෙර අහල තිබුනෙ බලංගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවන්ගෙ පොත් වගේකින්.ලංකාවෙ කතා නම් 100% හරී කියන්න බෑ.නාඩි වාක්‍ය කියන්නෙ බූත ක්‍රමයක් නොවන බව තමයි මම අහල තියෙන්නෙ.

Tiraj Adikari said...

ලංකාවේ හැම වැඩෙ වගේම ඔය වැඩෙත් අජපල්. ඉන්දියාවෙන් කරගන්න පුළුවන් නම් ඉහත ඇනෝ ගේ කොමෙන්ට් එකේ වගේ සත්‍ය විස්තර ගන්න පුළුවන්.අනාගතයත් බොහෝ දුරට නිවැරදිව කියනවා. ලංකාවේ දැනට සිටින බොහෝ දෙන ඉන්දියාවේ කලින් ඉපිද සිටි බව ඇත්ත. තත්‍ර තත්‍රාභි නන්දනී කියල තියෙන්නේ ඒකට නේද ...(දෙකටම ගිහිල්ල අත්දැකීම් ඇත)

ජෝතිරත්න said...

As I remember this very comment was published in a previous post..

ජෝතිරත්න said...

මමත් හිතන්නේ මේ වගේ හිතා ගන්න බැරි අනාවැකි කියන්නේ මොකක් හරි අපි නොහිතන ක්‍රමයකින්.. මන් දන්නා කෙනෙක් කේන්දර බලල තියනවා එක තැනකින්. සාමන්යෙන් මම දන්නා විදිහට කෙන්දරෙන් කියන්න බැරි දේවල් බොහොම නිවැරදිව කියල තියෙනවා. ඒ වගේ දේවල් කියන්න පුළුවන් මොකක් හරි අපි නොදන්නා ක්‍රමයකින් තමයි. කොහොම උනත් මේ විදිහේ අනාවැකි වල එක ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි ඒ අනාවැකි වලින් කියවෙන්නේ අනාවැකිය අහන්න යන පුද්ගලයාගේ හිතේ ඒ මොහොතේ තියෙන දේවල් බව. උදාහරණයකට ජෝතිෂ ලංකා හීන මව මව හිටපු කේන්දරයෙන් පුද්ගලයෙකුගේ මරණය සිද්දවෙන දිනය දැනගන්න පුළුවන් වෙන බව කියපු එක.. !!!

වර්ණ said...

මමත් මේ කියන බම්බලපිටියෙ තැනට ගියා.මීට අවුරුදු 3 කට කලින්.මගෙ පැරණි විස්තර සේරම හරියට කිව්වා.තව එක දෙයක් කිව්වා අනාගතය ගැන.මගේ අම්මා ඊට අවුරුද්දකට පස්සෙ ලේ සම්බන්ධ රෝගයකට රෝහල් ගත වෙන බව.මේක ඒ විදියටම සිද්ධ වුනා.හැබැයි සැකය මටත් තියනවා.සමහර තැන් ගොඩක්ම සැක සහිතයි.

Anonymous said...

hoyala balanna ona

Anonymous said...

බම්බලපිටියේ තියෙන නාඩි වාක්‍ය කියන තැනට මම ගියා. එතන කරන්නේ බොරුව. කවුරුත් එතෙන්ට ගිහින් බොරුවට සල්ලි පුජා කරන්න එපා.

ඒ මිනිස්සු කැසට් එකක් රෙකෝඩ් කරලා දෙනවා. ඒක අහන වෙන කට්ටිය හිතන්නේ මේකේ කියන්නේ ඇත්තම කියලා. ඒ උනට එතන වෙන්නේ වෙනම දෙයක්. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපෙන්ම අපේ තොරතුරු ගන්නවා.මේ තොරතුරු ගන්නේ බොහොම කපටි විදියට. ඒ කියන්නේ නාඩි වාක්‍ය තියෙන පොතෙන් අපේ විස්තර තියෙන එක හොයා ගන්න ඕනි කියලා, ඒවා කැසට් එකේ රෙකෝඩ් වෙලා නෑ. ඊට පස්සේ ඒ ටික අයේ කියනවා. ඒ විස්තරේ කැසට් එකේ රෙකෝඩ් කරලා දෙනවා. ඉතිං මේක අහන කට්ටිය හිතන්නේ මොවුන් කරන්න ඇත්ත කියලා.

මම මෙතැනට ගියේ සිරුරේ මයික් එකක් සගවාගෙන. ඔක්කොම රෙකෝඩ් කරා. ඒට පස්සේ මම රෙකෝඩ් කරපු එකයි ඒ මිනිස්සු මට දුන්න මගේ විස්තර රෙකෝඩ් එකයි ඇහැව්වම මේ අය කරන වංචාව තේරෙනවා.

මම මේ විස්තර gossip9.com එකට යවන්න ඉන්නේ. අනිත් අයත් මේ වංචාවෙන් බේරා ගන්න. ඔන්න නෙත් එෆ් එම් එකේ බැලුම්ගල කණ්ඩායමට පුළුවන් නම් මෙතනට ගිහින් මේ වංචාව ගැන හොයලා බලන්න කියන්න.

ඒ හින්දා මම මේක බලන අයට නැවත වාරයක් කියන්නේ, මේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කියනවා කියලා කරන්නේ බොරුවක්. මෙතැනට යන්න එපා.

-Nathan-

Anonymous said...

මහත්මයා,
මම එවලා තියෙනවා මෙයට කොමෙන්ට් එකක්? එය ලැබුනේ නැද්ද?මා එය විමසන්නේ මගේ කොමෙන්ටුව මෙහි නොමැති නිසාය.

-Nathan-

jhothishalanka said...

මෙතෙන්ට ගිය සමහර අයට මේ වගේ අත්දැකීම් තියෙනවා.ඒත් මගේ විස්තර මුකුත් ඒ අයට දැනගන්න තිබ්බේ නෑ ඒක මම හොදට දන්නවා.ඉතින් බොරුවක්ම කරනවා කියන්න බෑ.මගේ නම හා දෙමාපියන්ගේ නම් කිව්වේ එක පාරටම.....නැවත වතාවක් යන්න හිතිලා තියෙනවා.

jhothishalanka said...

පටිගත කිරීමට කලින් ප්‍රශ්න ටිකක් නම් ඇහුවා
* මීට කලින් ඇවිත් තියෙනවාද?
* අම්මා තාත්තා දෙදෙනාම සිටිනවාද?
* පදිංචි නිවසට වත්තට නඩු හබ තියෙනවාද?
* දැනට රැකියාවක් කරනවාද?
* ඉපදිලා තියෙන්නේ රාත්‍රියේද? දවල්ද?
ඉපදුන කාලයට දවල් කියන එක හැර අනිතා ඒවට ඔව් නෑ කියනවා හැර වෙන මුකුත් කිව්වේ නෑ.හැබැයි කේන්දරේ ග්‍රහ පිහිටීම් කිව්වේ නම් මාව කාමරේ තනි කරලා එළියට ගිහිල්ල කොම්පිටරයකින් බලල කියලා හොදටම ෂුවර් එතන කලේ බොරුව.මොකද එතකොටත් තල්පත තෝරන්න අරගෙන මගේ ලග්නේ කටක කියලා වැරදියට කියලා තිබුනේ.මගේ ලග්නේ වෘෂභ කියලා මමම ඒ වෙලාවේ කිව්වා.ඊට පස්සේ තමයි එලියට ගිහින් ඇවිත් පටිගත කිරීම කලේ.පටිගත කිරීමේදි වෘෂභ ලග්නේ කියලා කියනවා.මේ වගේ සැක තැන් කීපයක් තිබුනා.නම් කිව්වේ නම් එකපාරටම වගේ.

Anonymous said...

එහෙනම් මොවුන්ට සිත කියවීමේ යම්කිසි හැකියාවක් ඇති. හැබැයි සැම කෙනාගේම හිත කියවන්න බැරි ඇති, ඒවගේ අවස්ථාවලදී යම්කිසි වියාකුලතාවයක් ඇති වෙන්න පුලුවනිනේ.
ඒ හින්දා තමයි මේ අයට අනාගතය ගැන කියන්න අපහසු. උදාහරණයක්‌ විදියට විවහා කරගන්නා තැනැත්තා පිලිබදව කියවීම වගේ දේවල්.
කොහොමත් මෙතන නිවැරදි නාඩි වාක්‍ය කියනවා කියලා මම හිතන්නේ නෑ. යලි දවසක ගොස් මොවුන්ගේ ජායාරුපත් ගෙන මේ වංචාව හෙළි කල යුතුය කියන මතයේ මම ඉන්නේ.

-Nathan-

Susantha said...

මාත් බැලුව අයියෝ සල්ලි!!!

Anonymous said...

සම්භාවිතාවය ගැන මදක් හෝ දන්නා අයෙකුට නාඩි වාක්‍ය විශ්වාස කල හැකිද??

Anonymous said...

තල්පත තෝරන්න කියල අසන්නා ‍නොදැනීම ඔහුගේ ජීවිතයේ වැදගත් දේවල් කිහිපයක් සොයා ගන්නවා.. පසුව රෙකෝඩ් කිරීමේදී ඒවා අතරින් පතර දාල කොත්තුවක් හදල දෙනවා.. එහෙමයි කරන්නේ..

Anonymous said...

අනේ පලයන් යන්න ජ්‍යෝතිෂ ලංකා.. උඹ ගොනා උනාට Nathan ‍ගොනෙක් නෙමේ..මොකද උන් මිනිහෙක් ගෙ තොරතුරැ ගන්නේ මනස පටලවලා..ඒකට අහුවෙන එකාට මතක නෑ මිනිහා දෙන තොරතුරැ මොකද ප්‍රශ්න ගොඩක අහන හින්දා.

Anonymous said...

අතීතය නිවැරදිව පැවසීමටත් අනාගතය සසම්භාවී ලෙස පැවසීමටත් හේතුව වන්නේ අතීතය නාඩි අසන තැනැත්තාගෙන් වංචනිකව රවටා අසා ගන්නා බැවිනි..අපි සියලුම දෙනා අතීතය දන්නා බැවින් නාඩි ප්‍රකාශ කරන්නන්ද අතීතයේ ‍දේවල් ස්වල්පයක් අපෙන් සොරාගනී.. නමුත් අනාගතය පැවසීමට හැක්කේ කණා බල්ලමෙනි.. එවිට ඔවුන්ට ඇණගැනීමට සිදුවේ..එයයි සිදු වන්නේ. යමෙකුගේ විවාහය සිදුවී නැත්නම් ඔවුන් විවාහ වන තැනැත්තා ගේ නම ප්‍රකාශ කිරීමට මැලි වන්නේ එය බොරැ වීමෙන් ඔවුන්ට වදින පහර වලකා ගැනීමටය.. මෙතන සිටින බොහොමයකට මෙය තේරීම අවාසනාවකි.. එම නිසාම ඔවුන් නාඩින්ගේ ගොදුරැ බවට පත්වී ඇත.. ජ්‍යෝතිෂ ලංකා ද එසේමය..

Related Posts Plugin for WordPress, Blogger...