Thursday, June 7, 2012

"බ්‍රහ්ම මුහුර්තය"

    ජ්‍යොතිෂයේ සුභ කටයුතු වලට යොදා ගත යුතු සුභ කාල හෝරාවන් ගැන මෙන්ම කිසිදු සුභ කටයුත්තකට යොදා නොගත යුතු අසුභ කාලයන් පිළිබදව විශේෂයෙන් දක්වා ඇත.රාහු කාලය ,සාගර මුහුර්තය එලෙස කිසිදු සුභ කටයුත්තකට නොගත යුතු අසුභ කාලයන් ලෙස දක්වා ඇති අතර සුභ කටයුතු සදහා විශේෂයෙන් යොදාගත යුතු කාල හෝරාවන්ද දක්වා ඇත.
  ජ්‍යොතිෂායුර්වේද සිද්ධාන්තයක් වශයෙන් දක්වා ඇති සුභ කටයුතු සදහාම වෙන්වූ අති ප්‍රබල කාලා හෝරාවක් ලෙස "බ්‍රහ්ම මුහුර්තය" හැදින්විය හැක.සෑම දිනකම සූර්ය උදාවට පෑ එක හමාරක් පමන පෙර කාලය (දළ වශයෙන් පාන්දර හතර හා පහ හමාර අතර කාලය) මෙම "බ්‍රහ්ම මුහුර්තිය" සදහා වෙන්ව ඇති කාලයයි.
   "බ්‍රහ්ම මුහුර්ති" කාලයේ ප්‍රබලතාව 100%ක් ප්‍රායෝගික ලෙස සනාථය.ඉඩා පිංගල නළ පරීක්‍ෂා කිරීමට නියම කොට ඇති මෙම කාලය ශරීරයේ කායික හා මානසික ශක්තිය නාභිගත වන අවස්ථාවක් ලෙස හැදින්විය හැක.අපගේ තිලෝගුරු බුදු පියානන් වහන්සේ මෙන්ම උන් වහන්සේගේ ශ්‍රාවක පිරිසෙන් වැඩි ප්‍රමාණයක් මාර්ග ඵලාවබෝදය ලබා ඇත්තේ මෙම "බ්‍රහ්ම මුහුර්ති" කාලය තුලදීය.
    ඔබ රාත්‍රී නින්දට යන විට ඔබගේ සිත දැඩි ලෙස මානසික ගැටළුවකින් පෙලුණු අවස්ථාවන් ඔබගේ ජීවිතයේ අනන්තවත් තිබිය හැක නමුත් ඔබ අහම්බෙන් හෝ පසු දින බ්‍රහ්ම මුහුර්තියෙන් අවදි වුවහොත් ඔබ ව්ශ්මයට පත් කරමින් ඔබ මානසිකව පෙලූ ගැටළුව එතරම් තදින් පීඩා නොදෙන තත්ත්වයක් ඇති වනු නිසැකය.එමෙන්ම එම ගැටළුවට මුහුණ දිය යුතු ආකාරය පිළිබදව වැටහීමක් අවබෝධයක් ඉබේම ලැබෙනු නිසැකය.
    බ්‍රහ්ම මුහුර්තියෙන් අවදි වීම ආයුෂ බල වැඩි කරන අතර නිරෝගී බව ඇති කරන බව ජ්‍යොතිෂ මතයයි."අෂ්ඨාංග හෘදය" නම් ආයුර්වේද ග්‍රන්ථයේ සදහන් ආකරයට බ්‍රහ්ම මුහුර්තියේ  වඩාත්ම ප්‍රතිඵල දායක ක්‍රියාකාරකම් මෙසේය.

    * මාර්ගඵල හෝ යෝගී ධ්‍යාන අවබෝධයට සිත යොමු කරවීම
    * ස්ත්‍රී පුරුෂයන් අතර ආදරය හා ලිංගික කටයුතු කිරීම
    * ස්වයං වින්දනයේ යෙදීම
    * යෝගී ව්‍යායාම ආරම්භ කිරීම
    * දරුවන්ට මව්කිරි දීම
    * ගහ කොළට සාත්තු කිරීම
    * පොත් පත් ශාස්ත්‍රීය කටයුතු කිරීම
    * නව සොයා ගැනීම් ගවේශන ආදියට බුද්ධිය මෙහෙයවීම

7 comments:

වීපොකුරෙ වීයා said...

යන්තම් දැනසිටි කාරනයක් නිසිලෙස දැන ගත්තා..කවුරුවත් උනන්දු නැත්තෙ මොකද..? මන්ද..

Anonymous said...

එහෙනම් මගේ හිතට අවුලක් උනාම මම නැගිටින්න ඔනේ හිරු උදාවට කලින්...ම්ම්ම්...එත් මම එ වෙලාවට නැගිටිද කියලයි බය..

Anonymous said...

bohoma pin

යසියා said...

හෙට උදෙන්ම අනුගමනය කරන්ට ඕනා

Lahiru Perera said...

මන්ත්‍ර භාවිතා කිරීමට බ්‍රහ්ම මුහුර්තය ඉතා වැදගත් වන්නේ කවර හේතුව නිසාද, ජ්‍යෝතිෂ් විද්‍යාත්මක පැහැදිලිකිරීමක් තිබේද?

මුතු said...

"බ්‍රහ්ම මුහුර්ත උත්කෘෂ්ටේත් ස්වස්ථෝ රක්ෂාර්ථමායුෂඃ" ( අෂ්ටාංග හෘදය සංහිතා, 2 අධ්‍යයය )
නිරෝගී පුද්ගල තෙමේ සිය ආයුෂය රැක ගැනීම වස් බ්‍රහ්ම මුහුර්තයෙහි දී නින්දෙන් අවදි වන්නේය.
අලුයමින් සිංහල පැය හතරකට මෙපිට වන මොහොත බ්‍රහ්ම මුහුර්තයයි.
( බ්‍රහ්ම මුහුර්තය - හිරු උදාවට පෙර විනාඩි 96 ත් 48 ත් අතර කාලයයි. )

Yapa said...

හොඳ ලිපි‍යක්...

Related Posts Plugin for WordPress, Blogger...