Tuesday, July 3, 2012

ආවර්තනය -2

   "අපි හිටියේ රන්මසු උයන ලඟ "සක්වල ගල" කියන ගල් පුවරුව අසලමයි.එකපාරටම සක්වල ගල අසලින් විශාල සුදු ආලෝකයක් මතු වුනා.ඒක ඇස් නිලංකාර වන තරමේ විශාල ආලෝකයක්.ටික වේලාවකින් ආලෝකය අඩු වෙලා මිදුමක් වගේ මතුවුනා.ඒ මීදුම අස්සෙන් විශාල සිරුරු ඇති මිනිසුන් හතර දෙනෙකු මතුවුනා.ඔවුන් සිටියේ අමුතුම ආකාරයේ අවි ආයුධ දරාගෙන .ඊට පස්සේ නැවතත් අර සුදු ආලෝකය මතුවුනා.ඒ ආලෝකය හරිම සැරයි.ඇස් වලට දැනුනු අපහසුතාව නිසාම අපි අහක බලා ගත්තා නැවත අපි සක්වල ගල දිහා බලන විට ආලෝකය ඉවත් වී තිබුනා අර සෙබලුන් වගේ මතුවෙච්ච මිනිස්සු හතර දෙනාත් එතන පේන්න හිටියේ නෑ.අතුරුදහන් වෙලා."
                                                                 

 තමන් දුටු විස්තරය තරුණයා විස්තර කලේය.එම සිද්ධිය ඇසින් දුටු කිහිප දෙනෙකුම විය.ඔවුන්ගේ විස්තරද ඒ ආකාරයෙන්ම විය.සක්වල ගල අසලින් හදිසියේ මතුවූ දැවැන්ත මිනිසුන් හතර දෙනා කවුරුන්ද?ඔවුන් මෙහි ආවේ කුමටද?

-------------------------------------------------------------------------------------------------------------

 තමා සිහිනයෙන් දුටු බ්‍රාහ්මනයා කිවූ පරිදි ලග්ගල කදු මුදුනේ වූ තුන් මන් හන්දියත් ඒ අසල වූ සිරස් ගල් ගුහාවත් ඒ ආකරයෙන්ම දක්නට ලැබීම විමලසූරියට අමුතු ප්‍රබෝධයක් ධෛර්යක් ලබා දුනි.මින් එහාට කල යුතු කාර්යයන් සදහා විශාල පිරිසක් රැදීම කරදරකාරී බැවින් කලින් සැලසුම් කල පරිදි තමාගේ පැරණි හිතවතුන් 4 ක් හා තවත් කිහිප දනෙකු පමනක් රදවා ගෙන ඉතිරි සියළු දෙනාම නැවත පිටත් කර යුවීය.ඔවුන් සියළු දෙනාම පැමිනි මාර්ගයෙන්ම කන්ද බැසීමට පිටත් විය.
    
   ඉදිරි පිළිවෙත් සදහා විශේෂයෙන් අවශ්‍යවූ වයස අවු 95 ක්වූ තමාගේම ඥාතියකු වූ බස්තියන් මාමාව කදු මුදුනට රැගෙන ආවේ පුටුවක සිටුවා කදක් ආකාරයට බැදගෙන වරින් වර දෙදෙනා බැගින් ඔසවාගෙනය.දෙපයින් කන්ද නැගීමට තරම් මහළු මිනිසාට ශරීර ශක්තියක් නොවීය.

 ගල් කුල අසලට ගිය විමල සූරිය ගල අසල වූ ලදු කැළෑව හිතවතුන් සමඟ එක්වී ශුද්ධ කොට පූජාසනයක් සාදා ගැනීමට සුදුසු පරිසරයක් තනා ගත්තේය.

  තමන් පැමිණි කටයුත්තේ පළමු අදියර ලෙස ලග්ගල කදු මුදුනේ වූ තුන් මන්හන්දිය හා ඒ අසළ වූ විශාල ගල සොයා ගැනීමට සමත්වූ විමලසූරිය ප්‍රමුඛ කණ්ඩායමේ ඊලඟ කාර්යය වන්නේ ගල් ගුහාවේ දොරටුව පූජා ක්‍රම මගින් විවෘත කොට එහි වූ පළඟු මැණික ලබා ගැනීමයි.

------------------------------------------------------------------------------------------------------------

"ඕම් _ _ _   සිද්ධම් සිද්ධම් බල වරම්"

ඕම්  _ _ _ _ භව සිද්ධම් සිද්ධි බල වරම්"

  ඉතා තේජස් , ගාම්භීර හා භක්තියෙන් යුතුව  විමලසූරියගේ මුවින් පිටවන _ _ _    වශී මන්ත්‍රය ලග්ගල කදු මුදුන සිසාරා රැව් දෙන්නට විය.

  පැය කිහිපයක් ගතවිය. විමලසූරිය තමවත් වශී මන්ත්‍ර ගයයි.සියළු දෙනාම නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඊලඟට වෙන්නේ කුමක්ද යන්න දැන ගැනීමටය.මන්ත්‍රය ගායානා කරන ගමන්ම තමා අතවූ රතු නෙළුම් මල පූජාසනය මත තැබූ විමලසූරිය ඉතා තීව්‍ර ආකාරයකින් වශී මන්ත්‍රය ගායනා කරන්නට විය.
 
 එක්වරම අවට පරිසරය අදුරු ස්වභාවයක් දැරීය.විමලසූරිය හැර අන් සියළු දෙනාම මින් කලබලයට පත්විය.අහසේ අදුරු වී ඇත්තේ පූජාසනය හා ගල් කුළ ඉහළ අහසේ වෘත්තාකාර ප්‍රදේශයක පමනක් බව අහස දෙස බැලූ පිරිසට දැක ගත හැකි විය.ක්‍ෂනයකින් මහත් ශබ්දයකින් ගල් කුළ අභ්‍යන්තර පිපිරීමක් සිදුවී ගල් කුලින් මිනිසකුට රිංගා යා හැකි තරමේ ගුහා කටක් මතුවිය.

     මතුවූ ගල් ගුහා කටින් විමලසූරිය ගල් ගුහාව තුලට ඇතැල් විය.පිරිසේ සිටි අනිත් අයද ඔහු පසුපසින් ගල් ගුහාවට ඇතුල් විය.

 ගුහා කටින් ඇතුල් වූ පිරිස විමලසූරිය පෙරටු කොට ගුහාවේ ඉදිරියට ඇදෙන්නට විය.මුළු ගල් ගුහාවම ආලෝක කරමින් ගල් ආසනයක් මත පළිගු මැණික තිබෙනු සියළු දෙනාටම දැක ගත හැකි විය.

 සිහිනයෙන් දුටු බ්‍රාහ්මනයා පැවසූ ආකාරයට ඉදිරියට කටයුතු කල යුතු ආකාරය පළිගුවෙන් දර්ශනයවේ.නමුත් එය පළිගුවෙන් දර්ශනය වන්නේ ගල් ගුහාවෙන් පිටත වූ තුන්මන් හන්දිය මැද කකුල් තුනකින් යුත් අඩි තුනක් උසැති තේක්ක ලීයෙන් සෑදූ  කනප්පුවක් මත තබා නැවත  වශී යන්ත්‍රය 108 වාරයක් කියවා නියමිත හෝරාවකට එදෙස බැලූ විටය.මැණික ගල්ගුහාව තුලින් එලියට ගත යුත්තේ වයස අවූ 95 වූ බස්තියන් මාමා ලවාය.

   පළිගු මැණික අසලට බස්තියන් මාමා වාරු කරගෙන ආවේය.බස්තියන් මාමාගේ උඩට හැරවූ උඩු අල්ල සහිත අත පළිගුවට ලංකලා පමනි.කවුරුත් විශ්මයට පත් කරමින් පළිගුව ආකර්ශණයකින් මෙන් අහසේ පාවී විත් බස්තියන් මාමාගේ අත මත රැදුනි.

  පළිගුව අතින් ගත් බස්තියන් මාමා වාරු කරගත් දෙදෙනෙකු තුන්මන් හන්දිය දක්වා ඔහුව රැගෙන ගියහ.ඒ අතරතුර අනිත් අය කනප්පුව සූදානම් කලහ.

   පළිගුව අතින් ගත් බස්තියන් මාමා කනප්පුව අසලට රැගෙන එන විටම කවුරුත් නොසිතශ දෙයක් සිදු විය.එක්වරම කැළෑව දෙසින් මතුවූ වැද්දකු මෙන් රුදුරු පෙනුමක් ඇති පුද්ගලයකු බස්තියන් මාමා අතවූ පළිගුව රැගෙන යළි කැකෑව තුලට වේගයෙන් දුවන්නට විය.පළිගුව උදුරුරාගත් පුද්ගලයා වෙන කවරකු නොව විමලසූරිය ප්‍රමුඛ පිරිස ගැන අවධානයෙන් සිටි "වානක්‍ය ෂට්" නැමැත්තා බව මෙය කියවන පාඨකයන්ට වටහා ගැනීමට අසීරු නැත.

   අනපේක්‍ෂිතව සිදුවූ දෙයින් වික්‍ෂිප්ත වූ පිරිස ස්වල්ප වේලාවකින් සිදුවූ දෙය තේරුම් ගෙන පළිගුව උදුරාගෙන කැලෑ වුදුනු මිනිසා පසුපස දුවන්නට විය.පිරිසේ වූ තරුණයන් කිහිප දෙනෙකුට හැර වයෝවෘධ අනිත් අයට වැඩි දුරක් කැළැව තුල දිවී අසීරුව මඟ නතර විය.නමුත් පිරිසේ වූ සවිමත් තරුණයන් දෙදෙනෙකු මිනිසා පසුපස නොනවත්වා දිව ගියහ...ඉන් එක් අයෙක් විමලසූරියගේ බාල පුත් වූ 21 හැවිරිදි හසිතය.අනෙකා හසිතගේ සම වයසේ මිතුරකු වූ අජන්තය.
    
                                                                මතු සම්බන්ධයි


8 comments:

Anonymous said...

ඉතින්.. මේක ඇත්ත කතාවක් නෙමේ නේද .. අනිත් කොටස එනකම් බලන් ඉන්නේ..

jhothishalanka said...

DDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDD

swpanlk said...

DDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDD

jhothishalanka said...

D+++++++++ ජයරත්න හොදයි වගේ....ඉක්මනට ඉතිරි ටිකත් දාමු...

මුතු said...

දැන් ජ්‍යෝතිෂවේදී නෙමෙයි ප්‍රවීණ ලේඛක කියන්න සුදුසුයි වගේ. ලිපිය කියවගෙන යද්දී ඇත්තමද කියලත් හිතෙනවා. විදුසර පත්තරේ විද්‍යා ප්‍රබන්ධ මතක් වෙනවා. අයිය ඒකටත් ලිපි ලිව්වද දන්නේ නෑ.

Anonymous said...

සුපුරුදු රාවණා නැගිට්ටවන කතාවනේ මේ.

Anonymous said...

මොකද බං උඹත් උඹේ එකට කොමෙන්ට් දාගන්නවද?

jhothishalanka said...

@Anonymous
????????????????????????????????????????

Related Posts Plugin for WordPress, Blogger...