Saturday, July 21, 2012

2012 අගෝස්තු 4 දින ශනි නැවත තුලාවට යාම ඔබේ ලග්නයට කෙසේ බලපායිද?

    පසුගිය දිනවල සිදුවූ ශනි ග්‍රහයාගේ ග්‍රහ චාරය පිළිබදව පෙර ලිපි 2කින්  ඉදිරිපත් කරන ලදී.එම ලිපි වලට සබැදි පහත ඇත.
                          ශනි මාරුව කොහොම වේවිද?

                               

     එහිදී පැවසූ ආකාරයට 2012 පෙබරවාරී 7 දිනෙන් වක්‍රවූ ශනි ග්‍රහයා 2012 ජුනි 25 දිනෙන් ස්වකීය වක්‍ර ගමන නවතා නැවත 2012 අගෝස්තු 4 දින උදේ (8.36 - 8.44) ට පමන  ස්වකීය යෝගකාරක හා උච්ච බල ස්ථානය වන තුලා රාශියට පිවිසේ.ඒ අනුව බලන විට 2011 නොවැම්බර් 15 දිනෙන් ශනි තුලා රාශියට පිවිසීම සිදුවුවත් නියම ලෙස ශනි තුලාවට ප්‍රවිශ්ඨ වීම 2012 අගෝස්තු 4 දින සිදුවේ.මෙම ශනි තුලා රාශි ගත වීම ලග්න දොලහට පොදුවේ බලපාන ආකාරය පිළිබදව කෙටි පොදු පලාඵල විස්තරයක් පහත දැක්වේ.
     මෙය පොදු පලාඵල විස්තරයක් වන අතර ශනි තුලා රාශියට පිවිසීම තමන්ට බලපාන ආකාරය හොින් විමසා දැන ගැනීමට තම තමන්ගේ ජන්ම කේන්ද්‍ර වෙන වෙනම පරීක්‍ෂා කල යුතු බව ප්‍රථමයෙන්ම අවධාරණය කල යුතුමය.දශා ක්‍රම හා උපතේ සදු පිහිටීම යම් තරමින් සලකා එකම ලග්න හිමියන්ට විවිධාකාර අයුරින් බලපාන ආකාරය තරමක් දුරට සලකා බලා ඇති අතර ඒ විස්තර අනුව හා තම තමන්ගේ වයස වත්මන් තත්ත්වය ආදිය සලකා බලා පලාඵල වෙනස් වන ආකාරය විමසා බලා දැන ගත යුතුය.පලාඵල දැක්වීමේදී ශනි මාරුව ප්‍රධාන ලෙස සලකා ඇති බවද විශේෂයෙන් සිහිපත් කළ යුතුය.උපතේදී සදු පිහිටි රාශියට ශනි පැමිණීම ශනිගේ චන්ද්‍ර ඒරාශ්ඨක ලැබීමක් සේ සලකන අතර ශනි ග්‍රහයා සදුගෙන් 12 වැනි හා දෙවැනි ස්ථානවලට පැමිණීමද එක්තරා අයුරකින් චන්ද්‍ර පීඩනයකි.
 
මේෂ
    අගෝස්තු 4 දින ශනි හයවැන්නේ සිට හත් වැන්නට පිවිසෙන්නේ දිග්බලයද ඇතුවය.2013 මැයි 31 දිනෙන් ගුරු තුන්වැන්නට ගොස් හතට දෘෂ්ටි වීම සිදුවන තුරු විවාහපේක්‍ෂිත අයට මංගල යෝග උදාවීම අඩුකරයි.දැනට පවතින ප්‍රේම සබදතා වලටද ගැටළු ඉස්මතු වේ.
    උපතේදී සදු 6 සිටින මේෂ ලග්න හිමියන්ට ශනි තුලාවට පිවිසීම ගුණදායක වන්නේ එතෙක් පැවති චන්ද්‍ර පීඩනය(චන්ද්‍ර ඒරාශ්ඨක අපල විෂ)අඩු වීමයි.උපතේදී සදු හතේ සිටින අයට චන්ද්‍ර ඒරාශ්ඨක අපල වැඩි කරන නිසා  ශනි හෝ සදු මහ දශ්වන් ගතකරන එවැනි මේෂ ලග්න හිමියන්ට අපළ කරදර වැඩි අතර 2014 නොවැම්බර් 2 සිට ශනිගේ අෂ්ඨම අපලයද සැලකූ විට උපතේ සදු හතේ පිහිටි මේෂ ලග්න හිමියන්ට එක දිගට වසර 5ක් පමණ ඒරාශ්ඨක අපලයි.
     ශනි තුලාවට ගියත් 2012 දෙසැම්බර් 23 දක්වා රාහු අටේ නිසා මූල රෝග පීඩා වැඩියි.2012 දෙසැම්බර් 23 රාහු හතට ගියත් ශනි රාහු සංයෝගයද ගෝචර අපලයක් බැවින් ආහාර පාන ආදියෙන් හොදින් ප්‍රවේශම් ආරක්‍ෂා විය යුතුයි.(රාහු මහ දශා ගතකරන්නන් විශේෂයෙන්)
 ඒ අනුව පොදුවේ බලන විට උපතේදී සදු 7 පිහිටි මේෂ ලග්න හිමියන්ට ශනි මාරුව අගුණ වැඩි අතර 2012 දෙසැම්බර් 18 දින ලග්නාධිපති දසවැන්නේ උච්ච දිග්බලවීම ඒ ආසන්නව හදිසි විදේශ යෝග ඉස්මතු කරන කාලයකි.

 වෘෂභ
     වෘෂභ ලග්න හිමියාගේ ශනි පිවිසෙන්නේ හයවැන්නටයි.ශනිට හය නරක නැතත් උපතේදී ශනි හයේ(තුලාවේ) පිහිටි වෘෂභ ලග්න හිමියන්ට ඉදිරියට වසර දෙක හමාරක්චන්ද්‍ර ඒරාශ්ඨකය බලපායි.
    2012 අගෝස්තු 14 දිනෙන් කුජ(අඟහරු) විද්‍යස්ථානයෙන් ඉවත් වීමත් ඉන්පසු ලග්නයේ දිග්බල ගුරුගේ දෘෂ්ටිය ප්‍රභල ලෙස විද්‍යස්ථානයට වැටීමත් නිසා අධ්‍යාපන කටයුතු වල නිරත වෘෂභ ලග්න හිමියන්ට අගේස්තු 14න් පසු වඩාත් සුභයි.අර්ශස් ආදී මූල රෝග වලින් පීඩා විදින අයට දෙසැම්බර් 23න් පසු එම සෞඛ්‍ය පීඩා වැඩිවීමක් ඇති විය හැකියි.
   ඒ අනුව සමස්ථයක් ලෙස ගත් විට මෙවර ශනි මාරුව උපතේදී සදු හයවැන්නේ පිහිටි වෘෂභ ලග්න හිමියන් වැනි සීමිත පිරිසකට හැරුණු විට අන් අයට විශේෂ සුභඵල උදා කරයි.

 මිථුන
     මිථුන ලග්න හිමියාඝේ ශනි යන්නේ පස් වැන්නටයි.ඒ අනුව උපතේදී පහේ සදු පිහිටි මිථුන ලග්න හිමියන්ට චන්ද්‍ර පීඩනය වැඩිය.ගර්භනී මාතාවන් ප්‍රවේශම් ආරක්‍ෂාවෙන් කල්ගත කල යුතුය.
    හත අධිපති ගුරු වසර පුරා දොලොස් වැන්නේ ගමන් කිරීම  මංගල යෝග හීන කරවයි.
   ඉහත දැක්වූ පරිදි උපතේදී පස් වැන්නේ සදු පිහිටි මිථුන ලග්න හිමියන්ට හැරුණු විට අන් අයට ශනි මාරුවෙන් තද ඒරාශ්ඨක අපල ඇති නොවේ.අධ්‍යාපන කටයුතු වල නිරත දරුවන්ගේ ංනි විද්‍යස්ථාන ගත වීම අධ්‍යාපනයට ඇති ඇල්ම හැකියාව අඩු කරන නිසා ඔවුන්ව වැඩි වශයෙන් අධ්‍යාපන කටයුතු වලට යොමු කල යුතුය.

 කටක
     කටක ලග්න හිමියන්ගේ ශනි පිවිසෙන්නේ හතර වැන්නටයි.චන්ද්‍ර පීඩනය සැලකූ විට උපතේ සදු හතරේ සිටින කටක ලග්න හිමියන්ට චන්ද්‍ර ඒර්ශ්ඨක අපලය ලබයි.හදවත් හා ලේ සම්බන්ධ රෝග පීඩා ඇත්තවුන් ප්‍රවේශම් විය යුතුය.
   කටක ලග්න හිමියාගේ හතර වැන්න වූ තුලාව චර රාශියක් වුවත් ශනිට උච්ච හා යෝගකාරක භවණ නිසා ගේ දොර ඉඩ කඩම් සම්බන්ධයෙන් යහපත්ය.ධීවර හාවෙළදාම් කටයුතු වල නිරත කටක ලග්න හිමියන්ට විශේෂ සුභයි.

සිංහ
   ශනි මාරුව සුභඵල දෙන ලග්නයකි.පසුගිය වසර හත හමාරක කාලයක් පුරා පැවති ශනිගේ ලග්න ඒරාශ්ඨකය සම්පූර්ණයෙන් වාගේ ඉවත්වේ.සදු තුන් වැන්නේ සිටින අයට පමනක් තවත් වසර දෙක හමාරක් ඉදිරියට ශනි අපල ඇත.
   ශනිගේ ලග්න ඒරාශ්ඨකය ඉවත් වීමමේ සුභඵල ලෙස විවාහපේක්‍ෂිත අයට මෙතෙක් පැවති කරදර ක්‍රමයෙන් අඩු වීමත් ඉගෙන ගන්නා සිංහ ලග්න දරුවන්ට එහි විශේෂ සුභඵල උදාවීමත් දැකිය හැකිය.සෞඛ්‍ය පීඩා තුවාල අනතුරු අවදානමද අඩුවේ.නමුත් ශනි මාරුව ආසන්න දින කීපය හා ශනි මාරුවෙන් පසු දින කීපයද ප්‍රවේශම් විය යුතුය.උගුර ආශ්‍රිත ආබාධ ඇති අයට පමනක් පීඩා තත්ත්ව වැඩි කරයි.
  ශනි මාරුව ආසන්නයේම අඟහරු අගෝස්තු 14 දිනෙන් තුන් වැන්නට යාමත් නීති ගැටළු මතුව තිබූ අයට සහනයක් ලබාදේ.

කන්‍යා
    ශනි තුලාව වූ දෙවැන්නට යාම ශනිගේ ලග්න ඒරාශ්ඨක අපලයේ තදම අපල කොටස වූ මුල් වසර පහ කාලය අවසන්වේ.වෙනත් ලග්න හිමියන්ට ශනි දෙවැන්නේ ගමන් කරන වසර දෙක හමාර තුල වුවද ක්‍ෂණික කරදර ඉස්මතු විය හැකි වුවත් කන්‍යා ලග්න හිමියන්ට එම අවදානම අඩුය.2011 නොවැම්බර් 15 දිනෙන් කන්‍යා ලග්න හදමියන්ගේ ශනි ගෝචරයෙන් ලග්නයෙන් මිදී දෙකට ගියත් නැවත සිදු වූ වක්‍ර ගමන නිසා නියම ලෙස ශනි තුලා රාශි ගතවීමේ සුභඵල උදා වන්නේ 2012 අගෝස්තු 4 න් පසුයි.
  මානසික පීඩා අඩු කිරීම හිසේ පැවති රෝග පීඩා සමනය වීම හිසට තුවාල අනතුරු අවදානම අඩු වීම කන්‍යා ලග්න හිමියාට ශනි දෙකට යාමත් සමඟ පැහැදිලිව ඇතිවේ.අධ්‍යාපන කටයුතු වල නිරත අයට මෙන්ම විවාහපේක්‍ෂිත කන්‍යා ලග්න හිමියන්ටද මෙවර ශනි මාරුව සුභ දායකයි.පඋන් කේන්ද්‍රයේ සදු දෙකේ සිටින අයට පමනක් චන්ද්‍ර පීඩනය 2014 නොවැම්බර් දෙක දක්වා ඇදී යයි.එවැනි අයට ඇස් කන් ආශ්‍රිතව යම් යම් පීඩා තත්ත්ව මතුකල හැකියි.

 තුලා
    තුලා ලග්න හිමියාට මෙවර ශනි මාරුවේ සුභ අසුභ ඵල දැක්වීමේදී එක් එක් ජ්‍යොතිෂවේදීන් විවිධාකාර අයුරින් පලාඵල දැක්වීම් කරන බව බොහෝ දෙනා චෝදනා නගති.
     තුලා ලග්න හිමියාගේ මෙවර ශනි පිවිසෙන්නේ ලග්නයටයි.ශනි ලග්නයේ ගෝචර ගමන් කාලය ලග්න ඒරාශ්ඨකයේ මධ්‍ය කාලය බැවින් තුලා ලග්න හිමියාට මෙවර ශනි ලග්නයට ඒම නිසා ඒරාශ්ඨකය 2014 නොවැම්බර් 2 දක්වා ඇති බව ඇතැම් ජ්‍යොතිෂවේදීන් පැවසුවත් ශනිට යෝග කාරක හා උච්ච බලයෙන් යුත් තුලා රාශියට ශනිගේ පැමිනීම තුලා ලග්න හිමියන්ට අපල නොකරන බවත් තවත් අය තර්ක කරති.මෙ තර්ක දෙකම සලකා බලා මද වශයෙන් වුවත් ඉදිරි වසර දෙක හමාර තුලත් ප්‍රවේශම් ආරක්‍ෂාවෙන් සිටීම තුලා ලග්න හිමියන් හිතට ගත යුතුය.
    වෙනත් ග්‍රහයන්ගේ අපල වීම් සලකා බැලූ විට තුලා ලග්න හිමියන්ගේ ගුරු(බ්‍රහස්පති) 2013 මැයි 31 දක්වා අටේ ගමනත් 2012 දෙසැම්බර් 23 දක්වා කේතු අටේ ගමනත් අපල සහිතයි.ඒ අනුව මෙම කාල වකවානුව තුල උපදින තුලා ලග්න හිමි දරුවන්ට තරමක් අපල කාලයකි.
   මැණික් ගැරීම හා වෙළදාම සිදු කරන තුලා ලග්න හිමියන්ට ධන වාසනා මතු කරවන කාලයකි.

 වෘශ්චික
    ශනි මාරුවත් සමඟ ශනි 12 වැනි රාශියට යාම වෘශ්චික ලග්න හිමියන්ට ලග්න ඒරාශ්ඨකය ආරම්භවේ.වියදම් අධිකය.දැනට ශනි මහ දශාවන් අතුරු දශාවන් ගත කරන හා උපතේදී සදු තුලාවේ(දොලොස්වැන්නේ) පිහිටි වෘශ්චික ලග්න කරුවන්ට වැඩි අපලයි.
   වැටීම් ගැටීම් තුවාල අනතුරු අත්පා බිදීම් මෙන්ම නහර අභ්‍යන්තර ලේ හිරවීම් ආදියෙන් ක්‍ෂණික අපල තත්ත්ව ඉස්මතු විය හැක.ධනයට දියුණුවටද අසුභයි.ධනය ලැබීම් පරයා වියදම් අධිකවේ.ලග්න ඒරාශ්ඨකය ඉදිරියට වසර හත හමාරක් පමණ ඇතත් වැඩිම අපල ඇත්තේ මුල් වසර පහයි.
   වාහන ගමන් බිමන් ආදියෙන් ආහාර පාන වලින් ආරක්‍ෂා ප්‍රවේශම් වීම.ධාර්මික අයුරින් අපල කාලය ගත කිරීම.තමන් අදහන ආගම අනුව වත් පිළිවෙත් කොට ආරක්‍ෂා සෙත් පැතිම.යාචක දාන කපුටු දාන දීම අපල අඩු වීමට හේතුයි.

 ධනු
    මෙවර ශනි තුලාවට යාමෙන් ඉතා සුභඵල දෙන්නේ ධනු ලග්න හිමියාටයි.ශනි ග්‍රහයාට හොදම ස්ථානය වූ 11 වැන්නට පිවිසීම 2014 නොවැම්බර් 2 දක්වා ධනයට දියුණුවට ඉදිකිරීම් ව්‍යාපාර ආරම් කිරීම... ආදී බොහෝ කටයුතු වලට සුභයි.2014 නොවැම්බර් 2 දිනෙන් නැවත ශනි දුබල වන නිසා ශනි බලවත්ව ගමන් කරන 2014 නොවැම්බර් 2 දක්වා කාලය තුල උනන්දුවෙන් කටයුතු කොට දියුණුව ලඟා කර ගන්න.
    උපතේදී සදු 11 වැන්නේ පිහිටි අයට ශනි චන්ද්‍ර පීඩනයට ලක්වීම නිසා මෙම සුභඵල තරමක් අඩු කලත් ධනු ලග්න හදමියාට මෙලෙස ශනි 11 වැන්නේ සුභදායකව ගමන් කරන කාලයක් නැවත උදා වන්නේ වසර 30 කින් පසුය.ශනි මහ දශාව ගත කරන හා උපතේදීත් ශනි 11 වැන්නේ සිටින ධනු ලග්න හිමියන්ට පැහැදිළි සුභඵල උදාවනු ඇත.

මකර
  මෙවර ශනි මකර ලග්න හිමියන්ගේ ගෝචරයෙන් 10 වැන්නට පිවිසේ පුද්ගල ජන්ම කේන්ද්‍රයො 10 වැන්න රැකියා ස්ථානය,කර්මස්ථානය ලෙස සලකයි.ශනිගෙන් 10 වැන්න පීඩා වීමත් ශනි තුලාවට පිවිසෙන මොහොතේ සුභ ග්‍රහ දෘෂ්ටියක් දසවැන්නට නොවැටෙන නිසාත් මෙවර ශනි මාරුවෙන් මකර ලග්න හිමියාට රැකියාවේ පීඩා තත්ත්ව ඉස්මතු කරවයි.රැකියාවේ ස්ථාන හා සතුරු කරදර මානසික පීඩා වැඩි කරයි.
   විද්‍යස්ථානයේ ගුරු කේතු ග්‍රහයන් සංයෝග වීම අධ්‍යාපන කටයුතු වල නිරත මකර ලග්න හිමියන්ට වසර අග දක්වාම සුභයි.විදේශ අධ්‍යාපනයටද හොදයි.
  ශනි තුලාවට යන මොහොතේ 7,8 ස්ථාන පිරිසිදු වීමත් හත අධිපති සදු දෙකේ සිටීමත් නිසා 2013 මැයි 31 දකවා මංගල යෝග උදාවට හොදයි.

 කුම්භ
    වක්‍ර වූ ශනි ග්‍රහයා අගෝස්තු 4 දිනෙන් අටෙන් ඉවත් වීම නියම ලෙස අෂ්ඨම ඒරාශ්ඨකය අවසන් කරයි.අගෝස්තු 14 දිනෙන් අඟහරුද අටෙන් ඉවත්වේ.උපතේදී සදු නවයේ පිහිටි කුම්භ ලග්න හිමියන්ට තවත් වසර දෙක හමාරක් පමන ශනි අපල ඇත.
 ශනි තුාලවට යන මොහොතේ හතරවැන්නේ ගුරු කේතු සංයෝග වීම ගේ දොර සම්බන්ධ ගැටළු ප්‍රශ්ණ සමනය කරයි.මව් පාර්ශ්වයේ දේපළ හිමිකම් ඇති කරවයි.
   වසර දෙක හමාරකට අධික කාලයක් පැවති ලග්නාධිපති ශනිගේ අෂ්ඨම ඒරාශ්ටකය ඉවත් වීම කුම්භ ලග්න හිමියන්ට පැහැදිළි සුභඵල ඉස්මතු කරයි.

 මීන
    මෙවර ශනි මාරුවත් සමඟ මීන ලග්න හිමියන්ට අෂ්ඨම ඒරාෂ්ඨකය ලබයි.යෝගකාරක හා උච්ච ස්ථානය නිසා අපල විෂ අඩු කලත් ශනි මාරුව අපල කරන ලග්නයකි.තුවාල අනතුරු අවධානමක් ඇති නිසා 2014 නොවැම්බර් 2 දක්වා මින ලග්න හිමියන් ප්‍රවේශම් ආරක්‍ෂා විය යුතුය.11,12 අධිපතියා නිසා ධන හානි ද අධිකවේ.
   2013 මැයි 31 දක්වා මංගල යෝග උදාවට සුභ වුවත් ඉන්පසු මංගල යෝග වලට බාධා ඇති කරවයි.තරමක් දුරට නින්දා අපහාස චෝදනා එල්ලවන කාලයකි.වකුගඩු මූල රෝග ඉස්මතු විය හැක. උපතේදී සදු අටේ සිටින ශනි මහ දශා අතුරු දශා ගත කරන මීන ලග්න හිමියන්ට වැඩි අපලයි.
 
ධාර්මික අයුරින් අපල කාලය ගත කිරීම.තමන් අදහන ආගම අනුව වත් පිළිවෙත් කොට ආරක්‍ෂා සෙත් පැතිම.යාචක දාන කපුටු දාන දීම අපල අඩු වීමට හේතුයි.


 ප.ලි. ශනි ඒරාශ්ඨක අපලය ගැන ලියූ තවත් ලිපි
                ශනි ඒරාශ්ඨකය

                ශනි ඒරාශ්ඨක අපලයට ප්‍රතිකර්ම


13 comments:

කවීන් said...

ග්‍රහ මාරු අපල තත්ත්ව රටින් පිට ඉන්න කෙනෙක්ට බලපෑම වෙනස් කියල අහල තියනවා. ඒක මොන වගේ වෙනසක්ද?

jhothishalanka said...

මේක ටිකක් සංකීර්ණ හා ප්‍රවේශමෙන් පිළිතුරු දිය යුතු දෙයක්.ඇත්තටම ගොඩක් හදහන් බලන්නන් රටින් පිටවීම අපල අඩු කරන බවක් පවසනවා.එසේ පවසා ග්‍රහ අපල වැඩි කාල වල රටින් පිටව සිටීමට උපදෙස් දෙනවා.ඇත්තටම අක්‍ෂාංශ හා දේශාංශ හා භූ විෂමතා වෙනස් වීම අනුව ග්‍රහයන්ගේ ස්ථාන බලපෑම වෙනස් වෙන්න පුළුවන්.නමුත් එසේ කියා අපල අඩු විමක් ලෙස දැක්විය නොහැකියි.සමහර විට අපල වැඩි කරන්නත් පුළුවන්.
පැරණි සෝවියට් දේෂයේ "මර්මැන්ක්ස්" ලෙස නම් කල ප්‍රදේෂයක් තිබුනා.මෙම ස්ථානයො භූ විෂමතාව අනුව සමහර කාල වලදී ප්‍රධාන ග්‍රහයන් හතර දෙනෙක් පායන්නේ නැහැ(ක්‍ෂතිජයෙන් උඩට මතු නොවේ.) මෙන්න මේ වගේ තැන්වලදි තත්ත්වය හුඟක් සංකීර්ණ

වීපොකුරෙ වීයා said...

එක ලග්නයක උනත් වෙනස් පිහිටීම් තියෙනකොට..මේ විස්තර වෙනස් වෙනවාද...?

jhothishalanka said...

ඔව් ඔව් ඇත්තටම මෙහෙම පොදු පලාඵල විස්තර 100%ක් සාර්ථක නෑ නමුත් තමන්ට ඇති ග්‍රහ අපල ගැන වැටහීමක් ලබා ගත හැකියි.මේ ලිපියේ අරමුනත් පාඨකයාට එවැනි සේවයක් ලබා දීමට සාම්ප්‍රදායික පලාඵල විස්තරයකට තරමක් වෙනස්ව එදිනෙදා කතාබහ කරන ස්වරූපයෙන් පලාඵල දැක්වූයේත් ඒකමයි.

Ravishanka Senanayake said...

ග්‍රහ මාරු අපල තත්ත්ව රටින් පිට වෙනකොට අවම වීමට හෝ වැඩි වීමට හැකියි.එසේ රටින් පිට වෙනවානම් අපල අවම වන පරිදි අක්ෂාංශ දේශාංශ අනුව තමන්ගේ ලග්නයට ගැලපෙන පරිදි සුදුසු රටකට යා යුතුය..බහුතරයක් අපේ රටේ දේශපාලකයින් අපල කාල වලදී නිසි උපදෙස් ලබා ගෙන රටින් පිටවන අවස්ථා එමටය.

ජෝතිරත්න said...

කේන්දරේ තියෙන්නේ සිද්ද වෙන්න තියෙන දේනම්, රටින් පිට උනත් නැතත් සිද්ද වෙන්නේ එකම දේ නේද.. ?

Anonymous said...

බොරු ලියලා මිනිස්සු මුලා කරන අයට ශනි කොහොම දඩුවම් කරයි ද?

Ravishanka Senanayake said...

කේන්දරයක ඇති සියලුම දේ අනිවාර්යෙන්ම සිදුවිය යුතුමය කියා නියමයක් නෑ..එහි සදහන්ව ඇති ඇතැම් නරක දේවල් උත්සාහ කිරීමෙන් වලක්වා ගත හැකියි..අපි අපේ අනාගතය කේන්දරයක් තුලින් විමසා බලන්නේ සිදුවන දෙයක් කල් ඇතිව දැන හදුනාගෙන අයහපත් දේවලට පිළියම් සෙවීමටයි..

jhothishalanka said...

ජ්‍යොතිෂය සම්බන්ධව මෙහි ලියැවෙන දේවල් ශාස්ත්‍රීයයි.ජ්‍යොතිෂය බොරුවක් යැයි තරයේ එල්බ සිටින අයට එහි සත්‍යතාව කිසිදා නොවැටහේ.ජ්‍යොතිෂය නොපිළිගන්නා අයට මේ දේවල් නොබලා ඉන්න පුළුවන්.නොබලා ඉන්නම බැරිනම් බලන්නත් පුළුවන්.
දේව යක්‍ෂ කතා විද්‍යා ප්‍රබන්ධ වගේ ලියැවුනු දේවල් නම් ලොක්කා බොරු කතා තමයි.ඒත් ඒ කතා වල සාහිත්‍ය රසයක් තියෙනවා.ඇයි ඒවයින් යම් යම් ආදර්ශ දෙනවා.බොරුනම් පොඩ්ඩක් තව පාරක් කියවල බලනවකෝ

Anonymous said...

සිංහ ලග්න අෙයක්ට 4දා 8.36 ට අහස්ගමන අසුබද

jhothishalanka said...

මේකත් ටිකක් විමසිල්ලෙන් පිළිතුරු දිය යුතු ගැටළුවක්.ශනි,කුජ වැනි ග්‍රහයන්ගේ ග්‍රහ මාරු දිනයන් වාහන ගමන් බිමන් වලින් ප්‍රවේශම් විය යුතු බවට සදහනක් ඇත.හොද ජ්‍යොතිෂවේදියකු හමුවී ඔබේ ජන්ම කේන්ද්‍රය පරීක්‍ෂා කර ගැනීම වඩාත් හොදයි.ග්‍රහ මාරුවෙන් පසු ඔබට සුභදායකයි.මගේ අදහසනම් සතුටින් ගමන යන්න කියලා.ඔබ අදහන ආගම අනුව පුන්‍ය කටයුතු කොට ආශීර්වාද ලබා ගන්න.

Ayodhya Sovis said...

කන්‍යා ලග්නයට බලපවත්නා ඒරාෂ්ටකය අවසන් වන්නේ කවදාද?

jhothishalanka said...

උපතේදී සදු තුන්වැන්නේ නැති කන්‍යා ලග්න හිමියන්ට 2014 නොවැම්බර් 02 න් පසු ශන් ඒරාශ්ඨක අඩුවේ.

Related Posts Plugin for WordPress, Blogger...