Thursday, July 5, 2012

ආවර්තනය -3

             පළිගු මැණික උදුරාගත් වානික්‍ය ෂට් ඉතා වේගයෙන් කැලෑ මාර්ග ඔස්සේ දිව යයි.ජව සම්පන්න තරුණයන් දෙදෙනාද වානක්‍ය පසුපස හබා යන්නේ තම කණ්ඩායම ඉතා අපහසුවෙන් ලබා ගත් පළිගු මැණික නැවත ඔහුගෙන් ලබා ගැනීමටය.තරුණයන් දෙදෙනාම ශක්තිවන්තයන්ය.ඉතා දක්‍ෂ රගර් ක්‍රීඩකයන් වන ඔවුන් දෙදෙනා මීට පෙර වනය ඔස්සේ මෙවැනි හබා යෑමක් නොකලත් පළිගු මැණික නැවත ලබා ගැනීමේ දැඩි උවමනාව ඔවුන්ට අවශ්‍ය චිත්ත හා ශාරීරික ශක්තිය ලබා දුනි.

   ඉතා ඝණට වැඩුනි ලදු කැළෑව හරහා තමන්ට ආසන්නව ඉදිරියෙන් ඇදී යන වානක්‍ය ෂඩ්ගේ ශරීරය තරුණයන් දෙදෙනාට සම්පූර්ණයෙන් නොපෙනුනත් කැලෑවේ ගස් සෙලවෙන මාර්ගය අනුව වානක්‍ය දිව යන මාර්ගය වටහා ගැනීමට තරුණයන් දෙදෙනාට හැකි විය.ඔවුන් නොනවත්වාම කැලෑවේ ගස් පොඩිවෙන මාර්ගය ඔස්සේ පසුපස හබා ගියහ.දුව යන අතරතුර තරුණයන් දෙදෙනාගෙන් එකෙකු වූ හසිත විසින් අතින් දුන් සංඥාව වටහා ගත් අජන්ත වහා තම ගමන් මඟ වෙනස් කොට බෑවුම් මාර්ගයක් ඔස්සේ තම ගමන් මඟ වෙනස් කලේ මැණික උදුරාගත් තැනැත්තා වට කොට අල්ලා ගැනීමේ උපක්‍රමයක් ලෙසය.

     තරුණයන් දෙදෙනාගේ උපක්‍රමය සාර්ථක විය.ලදු කැළැව පොඩි කරමින් ඉදිරියෙන් දිව යන මිනිසා මැදි කොට අල්ලා ගත හැකි වනසේ මාර්ග ගත වීමට තරුණයන්ට හැකිවිය.වැඩි වේලාවක් නොගොස් ලදු කැළැව බිදගෙන දිව යන මිනිසාගේ ශරූරය පෙනෙන ස්ථානයකට ලඟා වීමට අජන්තට හැකි විය.නමුත් තමන් මෙපමණ වේලාවක් හබා ගොස් ඇත්තේ විශාල කැලෑ ගෝනෙකු පසුපස බැව දුටු තරුණයන් දෙදෙනා වික්‍ෂිප්ත විය.

   ඇත්තෙන්ම සිදු වූයේ කුමක්ද? වානක්‍ය ෂට් විසින් කලින් සැලසුම් කර තිබූ උපක්‍රමයකට තරුණයන් දෙදෙනා හසුවිය.මැණික උදුරාගෙන යන තමන් පසුපස අන් අය හබා එන බව දැන සිටි වානක්‍ය තමා දිවයන මාර්ගයේ ගෝනෙකු ගැට ගසා තැබීය.මැණික රැගෙන කැළැ ගෝනා සිටි ස්ථානය තෙක් දිවගිය වානක්‍ය කැලෑ ගෝනා ගැට ගසා තිබූ ලණුව කපා දැමීය.කලබල වී සිටි ගෝනා ලණුව කැපූ ක්‍ෂණයෙන් වේගයෙන් කැළෑව තුලට දිව්වේය.තරුණයන් දෙදෙනා දිවයන ගෝනා පසුපස නොනැවතී හබා යන ආකාරය වානක්‍ය ගසක් මුල සැඟවී හති අරිමින් බලා සිටියේ කපටි සිනහවකින් මුව සරසාගෙනය.

    ගස මුල මද වේලාවක් වෙහෙස නිවමින් රැදී සිටි වානක්‍ය තමා අතැති පළිගු මානක්‍ය දෙස තරමක් වේලා බලා සිටියේය.පළිගුව දෙස බලමින් විරුත්තවේය.රැව්වේය.නැවත සිනාසුනේය.තම මුතුන් මිත්තන් ශත වර්ෂ ගණනාවක් තිස්සේ සෙව්වේ මෙම පළිගු මානික්‍ය නොවේද? එම මහාර්ඝ වස්තුව දැන් තමා සතුය.සිද්ධ රාජ තල්පත් වල සටහන් වී ඇති ආකාරයට මෙම පළිගු මැණික ලබා ගත් තැනැත්තාට  නිධන්ගත වස්තු සම්භාරයක් ලබා ගැනීමට හැකිය.නමුත් මේ වස්තුව පොදු වැඩට මිස පෞද්ගලික ප්‍රයෝජනයට ගත නොයුතු බව තන්හාවෙන් බරිතවී සිටි වානක්‍ය ෂට් දැන සිටියේ නැත.

    තමා අත රැදුනු පළිගු මානක්‍ය දෙස වැඩි වේලාවක් බලා සිටීමට වානක්‍ය හට අවස්ථාවක් නොලැබුනි.එක් වරම කැළෑව දෙසින් ඇදී ආ විදුලි සරයක් වැනි ප්‍රහාරයක් වානක්‍ය ෂට්ගේ සිරුර හරහා ඇදී ගියේය.කපා හෙලූ කෙසෙල් කදක් මෙන් වානක්‍ය බිමට ඇද වැටෙන විටත් ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වී තිබුනු නමුත් ඉතා ආශාවෙන් තන්හාභරිතව  අල්ලා සිටි පළිගු මැනික ඔහු අතින් නොගිළිහිනි.

                                                            මතු සම්බන්ධයි.
  

1 comment:

Anonymous said...

දැන් එතකොට පලිගු කැටේ...එක අජන්තලාට හම්බෙයිද...මදැයි තණ්හාව නිසා වෙච්චි දෙයක්.

Related Posts Plugin for WordPress, Blogger...