Tuesday, July 10, 2012

ආවර්තනය -5

  "ඒයි ලොකු උන්නැහේ මොකක්ද තමුන්ට කියන්න තියෙනවා කිව්වේ."

  "සර් මම පහුගිය දින ටිකේම දැක්ක තරුණ පිරිමි ළමයි කට්ටියක් තුඩුගල කන්දෙ එහා මෙහා යනවා.මට සැක හිතුනා චේගුවෙරා කාරයෝද කියලා.සර්ලට විස්තරේ කිව්වේ ඒකයි."

  " හොදයි තමුසෙ අපිට ඔය ඉසව්ව ගැන විස්තර කියලා යනවා.අපි ගිහින් බලන්නම්.කී දෙදෙනක් හිටියද?"

 " හතරයි සර්"

 "හ්ම්......"
------------------------------------------------------------------------------------------------------------

 තරුණයන් හතර දෙනා ගල් ගුහාවේ දොරටුව විවෘත කිරීමට උත්සාහ කරමින් සිටී.ඔවුන් හතර දෙනාම වෘත්තාකාර කවයන් ස්ථානගත කිරීමට දායක විම නිසා ඔවුන් සිතුවාට වඩා වේගයෙන්  මුර පද ඇතුල් කිරීම  කළ හැකි විය.

   මිතුරන් හතර දෙනා මහත් බලාපොරොත්තුවෙන් සිටි මොහොත උදා විය.පළමු තිදෙනා පිළිවෙලින් පළමු දෙවන හා තුන්වන සංඛ්‍යාංක සලකුණු කරනවාත් සමඟ යම් ආලොකයකින් වෘත්තාකාර වළළු තුන පිරී ගියේය.තමන් මාස කීපයක් පුරා බලා සිටි අවස්ථාව එළබ ඇති බව ඔවුන්ට එම ඉඟියෙන් වැටහුනි.දැන් ඇත්තේ හතරවෙනියාගේ අවස්ථාවයි.

 නමුත් හතරවෙනියාට තම සලකුණ සම්පූර්ණ කිරීමට අවස්ථාවක් නොලැබුනි.එක්වරම කැළය දෙසින් ආයුධ අමෝරා ගත් හමුදා භටයන් පිරිසක් මතු විය.

 "ඒයි උඹලා හතර දෙනා මොකක්ද ඔතන කරන්නේ."

 හමුදා භටයන් පිරිස දුටු තරුණයන් කලබලයට පත් විය.

 " සර් අපි ගවේශන කණ්ඩායමක්.අපි පේරාදෙනිය සරසවි ශිෂ්‍යයන් පිරිසක්.අපි පුරා ගවේශනයක් කරන්නේ."

 "පුරා ගවේශන හග්..... උඔලා අපිට කොලේ වහන්න හදනවා නේද?උබලා වගේ උන්ගෙන් ඇත්ත දැන ගන්න හැටි අපි දන්නවා."

 එම හමුදා නිලධාරියා එකළ සිටි බොහෝ හමුදා නිලධාරීන් මෙන් දැඩි අයෙකු විය.ඒ වනවිටත් ඔහු අතින් තරුණ ජීවිත රැසක් විනාශ කොට තිබුනි.ශරීර ශක්තියෙන් හමුදා තනතුරු ලබා ගෙන තිබුනත් ඔහු ක්‍රියා කලේ මෝඩ කෘර ආකාරයෙනි.තමා ඉදිරියේ සිටින තරුණයන් පවසන්නේ බොරුවක් බව සිතා ඔහු කලේ එක් තරුණයකුට ඉතා අමානුෂික ලෙස තම අත තිබූ ගිනි අවියෙන් වෙඩි තැබීමය.තරුණයා එතනම මැරී වැටුනේය.

 අදහා ගත නොහැකි ලෙස සිදුවූ දෙයින් අනිත් තරුණයන්  තිදෙනා බියට පත් විය.

  "හ්ම් ..දැක්කනේ ඌට වෙච්ච දේ දැන්වත් ඇත්ත කියපල්ලා උඹලා චේගුවෙරා කාරයෝ නේද?උඹලා මේ කන්දේ මොනවද කරන්නේ....."

 "අනේ සර් අපි ඇත්ත කිව්වේ.අපි කිසිම දේශපාලන කල්ලියක අය නෙවෙයි අපි ඉගෙන ගන්න අය"
 තරුණයන්ට පැවසීමට ලැබුනේ එපමනකි.යුධ හැකියාව ඇතත් බුද්ධියෙන් හා ගුණ ධර්ම වලින් හීන වූ හමුදා නිලධාරියා ඉතිරි තරුණයන් තිදෙනාටද තම ගිනි අවියෙන් වෙඩි වරුසාවක් එල්ල කලේය.

  තමන්ගේ ඉහළ නිලධාරියා සිදුකල දීන ක්‍රියාව ගැන අවට සිටි දනිකුත් හමුදා සෙබලුන් තුලද ඇති වූයො පිළිකුලකි.නමුත් ඔහු ගැන හොදින් දන්නා ඔවුන් කිසිවක් නොදොඩා බලා සිටියේ ඔහුට විරුද්ධව කතා කිරීම හෝ තමන්ට අගුණදායක බැව් දැන සිටි බැවිනි.

  එදින එම සිද්ධිය එලෙස සිදු නොවුනි නම් මෙම කතාවේ ඉදිරිය මීට වඩා වෙනස් ස්වරූපයක් ගනු ඇත...

------------------------------------------------------------------------------------------------------------
 පුරා වසර කීපයක් පුරා පැවති දැවැන්ත යුද්ධය අවසන් වෙමින් ඇත.තමන්ගේ අරමුණ සම්පූර්ණ වීම පිළිබදව දුෂ්ඨ රාම කුමරු සංතෝෂයට පත්විය.තමන්ට මහත් හිසරදයක්ව පැවති හෙළ රාජ දහණ බිද වැටීමේ මුල් සලකුණ සටහන් වීම පිළිබදව රාම කුමරුටත් වඩා සන්තේෂ වූ පිරිසක් විය.තමන්ගේ මිත්‍යා දෘෂ්ඨික අමානුෂික සතත්ව හා මිනිස් බිලි පූජා වලට එරෙහි වූ හෙළයන් විනාශ කිරීමට ශත වර්ෂ ගනනාවක් පෙරුම් පිරූ ඉන්දීය බ්‍රාහ්මන වංශිකයන් ඒ පිරිස විය.හෙළයන්ගේම දේශ ද්‍රේ්හී නායකයන් පිරිසක් තමන්ගේ පාර්ශ්වයට නතුකොට ගෙන ඔවුන් හරහා හෙළ තාක්‍ෂණික ක්‍රම ඉතා කූට අයුරින් ලබා ගෙන හෙළ රාජධානිය බිද දැමීමට තමන්ට හැකි වීම පිළිබදව සතුටු වූ බමුනෝද ජය පැන් පානයට එක්වීමට සූදානමින් සිටිති.

    මේ අතර තවත් ස්ථානයක කාටත් හොරා රහසිගත දෙයක් සිදුවෙමින් පැවතුනි.තුවාල ලැබූ රාවණ රජුගේ සිහිසුන් සිරුර රැගත් රාජ පුරුෂයන් පිරිසක් රජුගේ සිරුර රහසිගත ස්ථානයකට රැගෙන යමින් සිටියහ.තුඩුගල කදු මුදුනේ ඉතා රහසිගත ගල් කුහරයක වූ සුවිශේෂී සිසිරකාරක කුටියක් තුල රජුගේ සිරුර තැන්පත් කර මුද්‍රා තැබීය..
  
                                                          මතු සම්බන්ධයි.


4 comments:

රත්ගමයා said...

මුල ඉදලා කියවන් එන්නම්..හොද වෙලාවට අද එලි වෙනකල් ඉන්න තියෙනවා :ඩී

ආචාර්ය මීවනපළානේ ජයරත්න said...

මේක අති විශිෂ්ට රචනයක් වන්නේ ඔබගේ නිර්මාණාත්මක හැකියාව නිසා පමණක් නොවෙයි, මේක සම්පූර්ණයෙන්ම සත්‍ය සිද්ධියක්. සමහර විට ඔබට තිබෙන ජ්‍යෝතිෂ්‍ය හැකියාව නිසා ඔබගේ මනේන්ද්‍රිය අවදි වී සත්‍ය අතීතය යටි සිතට මතු වුණා වෙන්ට ඇති. ඔය සිද්ධියේ මාත් ඉන්නව කියල තේරෙන්නෙ නැද්ද? හිතල බලන්න, තවත් මතක් වෙන්නෙ නැත්නම් පස්සෙ ඇවිත් සිද්ධිය පැහැදිළිවම කියන්නම්. සත්‍යය කිසිදා යටපත් කළ නොහැකියි කියල ආයිත් ඔප්පු වුණා.

rambo said...

ඔයා ලස්සනට කථාව අර ෙගන යනවා හරිම රසවත්
අැත්තටම ෙම සිදුවිම ෙවනකමි බලාෙගන ඉන්නවා නියම ෙහලෙක් විදියට ඒත් රවණා රජු හිමාලයට යවන්න ඒපා

අෙයත් රවණා යුගයක් බිහි ෙවවා

Tinendra said...

කථාව නම් හොඳයි. ඒත් ඕව ලියන්න ඔය ජයරත්නල වගේ
අය ඉන්නවනේ. නරකද ජෝතිෂය ගැන ඉගන ගන්න කැමති
අයට මුල ඉඳන් ලිපි ටිකක් දැම්මනම්. හැබැයි ඔය දැන් තියෙන
ජෝතිෂ පන්ති වල උගන්නන ඒවා නම් නෙවෙයි. ඒවා ඉගෙනගෙන
කේන්දර බැලුවොත් ගුටි කන්න තමයි වෙන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...