Tuesday, July 17, 2012

ආවර්තනය - 6

      විශ්වාස කල නොහැකි අහඹු ආකාරයෙන් වුවත් තමන්ට නැවත පළිගු මැණික ලැබීම පිළිබඳව හසිත හා අජන්ත බොහෝ සෙයින් සතුටුව සිටියහ.ඔවුන් දෙදෙනා පළිගුවත් රැගෙන ඉක්මන් ගමනින් නැවත තම පිරිස රැදී සිටින ස්ථානයට ලඟා විය.

   සිදුවූ බාධාව ගැන නොසිතමින් නැවතත් විමලසූරිය ප්‍රමුඛ පිරිස තමන් පැමිණි කාර්යය වෙත යොමු වූහ.
   පළිගුව නැවත අතට ගත් බස්තියන් මාමා සෙමින් සෙමින් තුන්මං හන්දියේ මැද තැබූ කනප්පුව මත වූ සමන්පිච්ච මල් තැබූ ආධාරකය මත පළිගුව තැන්පත් කලේය.විමලසූරිය නැවතත් නියමිත ස්වරයෙන් රාවණා වශී මන්ත්‍රය ජප කිරීම ඇරඹුවේය.
   බොහෝ වේලාවක් ගතවිය.විමලසූරිය තවමත් මන්ත්‍රය ජප කරයි.මන්ත්‍රය ජප කරන ගමන් පළිගුව දෙස විමසිල්ලෙන් බැලීමද විමලසූරිය අතින් සිදු විය.
  එක්වරම පළිගු මැණික අභ්‍යන්තරයෙන් තියුණු ආලෝකයක් විමලසූරියගේ දෑස් වෙත එල්ල විය.මන්ත්‍ර ජප කිරීම නැවැත්වූ විමලසූරිය එක එල්ලේ පළිගුව දෙස බලා සිටින්නට විය.
  විනාඩි 20ක් පමණ කාලයක් ගත විය. එක්වරම පළිගව වෙතින් විමලසූරියගේ දෑස් වෙත එල්ල වී තිබූ ආලෝකය අතුරුදහන් විය.ඈස් ඉවතට ගත් විමලසූරිය පිරිස වෙතට හැරුනේය.
  "නිධානය හා රන්මිරිවැඩි සඟළ ඇති ස්ථාන මම පළිගුවෙන් දැක්කා.හොදට මතක තියා ගන්න ඕන අපි නිධානය ලබා ගත්තත් ඒවා පොදු කටයුතු වලට මිස පෞද්ගලික පරිහරණයට ගැනීම නොකළයුතුයි.අපි මුලින්ම මිරිවැඩි සඟළ ලබා ගෙන ඒ හරහා රාවණා රජුගේ සිරුර තැන්පත් කර ඇති ශෛල්‍යමය පෙට්ටිය සොයා ගන්න ඕන."
   පළිගුව තුලින් දුටු ගමන් මාර්ගය හා කලයුතු  පිළිවෙත් අනුව "රන් මිරිවැඩි සඟල " සොයා ගැනීමට අසීරු හා බිහිසුනු අත්දැකීම් කිහිපයකටම මුහුණ දීමට සිදු විය.කෙසේ හෝ ඔවුහු අවසානයේ රන්මිරිවැඩි සඟල ලබා ගත්හ.
  පළිගු මැණික තුළින් දිස්වූ ආකාරයට රාවණා රජුගේ සිරුර තැන්පත් කර තිබූ  සිසිර කාරක ශෛලමය කුටීරය සොයා ගැනීමටද ඔවුන් සමත් විය.කන්දේ බෑවුමක පොලොව මට්ටමට සමීපව වළලා තිබූ එම කුටීරය මතු කරගැනීමට වැඩි අපහසුවක් නොදැනුනි.දැන් ඊලඟට ඇත්තේ මෙම සිසිරකාරක කුටීරය විවෟත කොට එහි සිසිරකාරක නින්දේ පසුවන අභීතවත් යුග පුරුෂයා එම නිද්‍රාවෙන් නැගිට්ටවීමය.
   කුටීරය විවෟත කොට එහි සිසිරකාරක නින්දේ පසුවන මිනිසා නැගිටවීමට එරෙහි වීමට කවුරුත් නැත.පුරාවෟත්තවල සටහන් ආකාරයට මෙහි සිටින මිනිසා හිස් දහයකින් යුත් කට දෙපැත්තෙන් දළ ඇති ඉතා රෞද්‍ර මිලේජ්ජයකු නොවන බව කණ්ඩායමේ සිටි සෑම දෙනා තුලම මනා වැටහීමක් විය.කුටීරය විවෟත වූ වහා ඉන් එළියට විත් යක්‍ෂයෙකු මෙන් පෙරලා පහරදීමක් සිදු නොවන බැව්ද විමලසූරිය ප්‍රමුඛ පිරිස හොදින් දැන සිටියහ.ඔවුන්ට කිසිදු බියක් නොදැනුනි. නමුත් කිසියම් ආකාරයක කුතුහලයක් විය.
   බස්තියන් මාමාගේ හිස මත තැන්පත් වූ රන් මිරිවැඩි සඟල ඉමහත් භක්තියෙන් යුතුව කුටීරය අසළ මල් ආසනයක තැන්පත් කෙරුණි.විමලසූරිය නැවත මතුරන්නට විය.
   රාවණා දේහය තැන්පත් කල කුටීරය පිරිස විසින් එළියට ගන්නා තුරු විමසිල්ලෙන් බලා සිටි පිරිසක් විය.ඔවුන්ටද අවභ්‍ය වී තිබුනේ එම කුටීරය ඇති ස්ථානය මතු කර ගැනීමටය.ඒ සදහා ඉහත සිද්ධි සමුදාය ඒ ලෙසම සිදු විය යුතු බැවින් ඔවුන් නිහඩව පසෙක සිට බලා සිටියෝය.ගනනින් හතරක් වූ එම පිරිස තාරකා දොරටුව හරහා පැමිණි "ඇල්නියම්" ග්‍රහලෝක වැසි රාජකීය සෙබලුන් හතර දෙනාය.
   විමල සූරිය මන්ත්‍ර ජප කරන අතරතුර එක් සෙබලෙකු තමන් අත වූ අමුතු උපකරණයේ යම් ස්ථානගත කිරීමක් සිදු කළේය.
  තමන් පොලොවෙන් එළියට ගත් ටොන් ගානක් බරැති ගල් කුටීරය එක්වරම පොලොවෙන් ඉහළ අහසට නැගෙනු දුටු විමලසූරිය ප්‍රමුඛ පිරිස විශ්මයට පත්විය.
  "ප්‍රති ගුරුත්වය"
    විමලසූරියට කෑ ගැසුනි.
   එක්වරම කැලෑවෙන් මතුවුනු සෙබලුන් සතර දෙනා අහසේ පාවී විත් ඉහළට ඇදෙන ගල් කුටීරය මත පත බෑවුනහ.එක් සෙබලෙක් විමල සූරිය දෙසට යමක් විසිකොට සිනහ මුසු මුහුනින් ඔවුන් දෙස බලා සිටියේය.ගල් කුටීරය සෙබලුන් සතර දෙනා සමඟ අහසේ නොපෙනී යාමට තත්පර ගානක් වැනි කෙටි කාලයක් පමනක් ගත විය..
   තමා දෙසට සෙබලා එල්ල කොට තිබුනේ කිසියම් අමුතු ආකාරයේ ලෝහයකින් සෑදූ පත් තීරුවකි. එහි පහත දැක්වුනු වදන් පෙළ සටහන්ව තිබුනි.
  "ස්තූතියි.නිධානය රැගෙන යන්න.රාවණා රජු මේ මොහොතේ අවශ්‍ය අපේ ලොවටයි.ඔහු නැවත ඔබේ ලොවට එනු ඇත."

------------------------------------------------------------------------------------------------------------------------------------
  දිනය - 1919 මැයි මාසයේ දිනයක්
  ස්ථානය - ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය.

 වේලාව හැන්දෑවේ 6 ට පමනය.අපේක්‍ෂා භංග ස්වභාවයෙන් තම ගෙමුදුලේ බංකුවක් මතට වී 32 හැවිරිදි එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කල්පනා කරමින් සිටියි.තමන් අපමණ පෙම කල තම පෙම්වතිය වූ ඇග්නස් ස්කෆ්ස් සමඟ තමාට විවාහ වීමට නොහැකි වීම ගැන ඔහු මහත් විශ්සෝප විය.කවදා හෝ දිනෙක ඇය තමා වෙත පැමිනේ යැයි දැඩි අදහසක් විශ්වාසයක් එඩ්වඩ් තුල විය.
  අධික ලෙස හුදෙකලාව සිටීම නිසා ඔහගේ මනස යම් ආකාරයක ව්‍යාකූලත්වයකට පත්වුවත් හුදෙකලා දිවිය අඩු අධ්‍යාපනයක් ලද ඔහුව දාර්ශනිකයෙකු බුද්ධිමතෙකු කලේය.
   විවේකී අවස්ථාවල පොත් කියවීමට එඩ්වඩ් වැඩි කාලයක් ගත කලේය.තමා සතු කෘෂි වතු වලින් ආදායම හොදින් ලැබීම නිසා ඔහුට ඒ සදහා වැඩි විවේකයක් අවස්ථාවක් ලැබුනේය.
  එඩ්වඩ්ගේ වඩාත් සිත් ගත්තේ ඉපැරණි ශිෂ්ටාචාර ආශිතව පැවති ඇදහිය නොහැකි තාක්‍ෂණික ක්‍රම විදි පිළිබදව අධ්‍යනය කිරීමය.පැරණි විශාල මිසර පිරමීඩ ගොඩනැගීමට විශාල ගල් ඉහළට එසවීම සිදු කලේ කෙසේද යන්න ඔහු තුල යම් කුතුහලයක් ඇති කලේය.ඒ පිළිබදව සොයා බැලීමට පුස්තකාල වලට ගොස් පොත් පත් කියවූයේය.අවසානයේ ඔහුට එම විශ්මය ජනක ඉපැරණි තාක්‍ෂණික ක්‍රමය අවබෝධ විය.

                                                          මතු සම්බන්ධයි.

3 comments:

ළහිරු හිමේෂ් said...

ඇල්නීලම් සොල්දාදුවෝ.

නිහඬ සිතිවිලි (Indrachapa) said...

තරහ නැතුව කියනවද මේ Software බා ගන්න හැටි, මොකුත් වැඩ වෙන්නෙ නැහැනේ ?

jhothishalanka said...

sorry..my 4shared account is canceled... have not logged in their account for 180 days.

Related Posts Plugin for WordPress, Blogger...