Tuesday, November 27, 2012

කටේ සැර


කටේ සැර
 වර්තමානයේ බොහෝ අඹු සැමි ආරවුල් වලට මුල් වන්නේ අමිහිරි වචන භාවිතයයි.කටසැර භාර්්‍යාවන් එම සැර වචන නවත්වන්නේ කටේ දත් දෙක තුනක් ගළවා ගැනීමෙන් පසුවය.පිහියෙන් අනින්නාක් මෙන් සැර වචන භාවිතා නොකරන කාන්තාවක් සොයා ගැනීම පවා අද අසීරු වී ඇත්තේ වත්මන් කාන්තාවන් ගෙල පලදින ආභරණයක් මෙන්  “සැර කට“ නිරන්තරයෙන් භාවිතා කිරීමයි.ඇතැම් කාන්තාවන් කට වසා සිටින තෙක් ශාන්තය,දාන්තය එහෙත් කට ඇරියොත් යක්ෂනියන්ය.පලාතම විනාශය.
   කාන්තාවකගේ හෝ පුරුෂයකුගේ කටසැර වීමට බලපාන ග්‍රහ පිහිටීම් පිළිබඳව දැනුවත් වීම විවාහාපේක්ෂිත දෙපාර්ශ්වයටම වැදගත් වන බැවින් ඒ පිළිබඳව විමසා බලමු.
   යමෙකුගේ කට,කටහඩ හා වචනය නියෝජනය කෙරෙන්නේ ජන්ම කේන්ද්‍රයේ දෙවැන්නයි.
     *   දෙවැන්නේ කුජ(අඟහරු),ශනි(සෙනසුරු),රාහු,රවි ග්‍රහයන්ගෙන් කෙනෙකු හෝ කිහිප දෙනෙකු සිටින අයගේ වචනය ප්‍රහාරාත්මකය. කටුකය.ග්‍රහයා හෝ ග්‍රහයන් උච්ච කෙෂත්‍ර බලයෙන් සිටින විට මෙම තත්ත්වය තවත් උග්‍රෙව්.එවිට වචනය වේගවත්ය.අන් අයට යටත් වීමට කැමති නැත.සදු,සිකුරු,බුධ,ගුරු වැනි සෞම්‍ය ග්‍රහ දෘෂ්ථියක් වැටුනහොත් මෙය අඩුවන නමුත් කියනදේ මුහුණටම කියයි.
      *  දෙවැන්නේ තැන්පත් කුජ(අඟහරු),ශනි(සෙනසුරු),රාහු,රවි ග්‍රහයා /ග්‍රහයන් නීච හෝ සතුරු විට වචනය අපහාසාත්මකය.එවැනි වචන කීමෙන් යම් මානසික වින්දනයක් ලබයි.
    * කේතු දෙවැන්නේ සිට සුභ ග්‍රහයකුගේ දෘෂ්ථියන් නැත්නම් වචනය දුබලය.එක එල්ලේ ප්‍රකාශ නොවේ.අපැහැදිළිය.
   *  දෙවැන්නේ සදු,සිකුරු,බුධ,ගුරු වැනි සුබ ග්‍රහයකු පිහිටියත් එම ග්‍රහයන් සමඟ රවි,කුජ,ශනි,රාහු වැන්නෙකු යෝග වී හෝ දෙවැන්නට දෘෂ්ථිව  සිටින විටත් සුබ ග්‍රහයන්ගේ බලය යටපත්වී වචනය කටුක කරයි.

---------------------------------------------------------------------------------- 

 ස්ථානෝචිත ප්‍රඥාව   
           කේන්දර බැලීම යනු “දැලි පිහියෙන් කිරි කෑම“ වැනි විමසිල්ලෙන් ප්‍රවේශමෙන් කල යුතු කටයුත්තකි.අනාවැකි වැරදීම නිසා හිස් ගැසුම් කෑ රාජකීය දෛවඥයන් ගැන සදහන් අතීත තොරතුරු වලින් මෙන්ම තමන්ගේ වෙළද අවශ්‍යතා සපුරා ගැනීමට හා දේශපාලඥයන්ගේ අවශ්‍යතා සපුරාලීමට ග්‍රහයන් මාරු කරමින් කටට එන දේවල් පවසා අවසානයේ විවිධ අපහසුතාවන්ට ලක්වන දෛවඥයන්(ඇතැම්) පිළිබඳ තොරතුරු වලින් මෙය ඇස් ඉදිරියේ සනාථ වී ඇත
    සත්‍ය වශයෙන්ම ජ්‍යොතිෂවේදියකු දැන උගත් කමින් පමනක් නොව ස්ථානෝචිත ප්‍රඥාවෙන්ද පොහොසත් අයකු විය යුතුමය.(ලේකඛයා මින් අදහස් කලේ ජ්‍යොතිෂවේදියා කපටි හා වංචා කිරීම් කළ යුතු බව නොවන වගත් මේ සමගම කිව යුතුය.)මීට කලකට ඉහත ප්‍රේක්ෂක අවධානයට ලක්වූ “ඉසුරු යෝගය“ ටෙලි නාටකය නිර්මාණය වී තිබුනේ  “මුතුමිණ“ නම් ජ්‍යොතිෂවේදියකුගේ ජීවන චරිතය වටාය.ජ්‍යොතිෂ දැනුමෙන් කටයුතු කලත් තැනට සුදුසු අයුරින් කටයුතු නොකිරීම නිසා “මුතුමිණ“  ලක්වන අපහසුතාවක් අවමානයක් ඉතා තාත්ත්වික අයුරුන් එම ටෙලි නාට්‍යය හරහා ඉදිරිපත් විය.එහිදී තමාගේ ස්වාමි පුරුෂයාගේ කේන්ද්‍රය පරීක්ෂාවට තමා වෙත පැමිණි කාන්තාවකට මුතුමිණ නළල රැළි ගන්වා ඇස් කරකවමින් පවසන්නේ 
     “ මේ කේන්දරේ හැටියට මේක අයිතිකාරයා බොහොම නරක ගති තියෙන සල්ලාලයෙක්.හරි ජරා මිනිහෙක්“ යනුවෙනි.
 මුතුමින පැවසූ දේ අසා ගෙදර යන කාන්තාව සැමියා සමඟ රණ්ඩු අල්ලයි.
    “තමුසෙත් එක්ක මං තවත් මේ ගෙදර ඉන්නේ නෑ.තමුසේ කරන හොර වැඩ ඔක්කොම මම දන්නවා.අර කේන්දර බලන මිනිහත් තමුසෙගෙ කේන්දරේ බලල මට සේරම විස්තර කිව්වා.මම යනවා අපේ මහ ගෙදර “ 
  බිරිඳ තමා සමඟ අමනාපව ඇගේ දෙමාපියන් වෙත යාමට මුතුමිණගේ ප්‍රකාශය හේතු වූ බැවින් සැර පරුෂ මැර ගති ඇති එම මිනිසා මුතුමිණගේ සේවා ස්ථානයටම පැමිණ ඔහු බිත්තියට හේත්තු කර 
   “ තමුසේ  කේන්දරේ බලල  මම ගැන ගෑනිට කියපුව හින්දා ගෑනි මාව දාලා ගියා ඕයි....“ යනුවෙන් බැන වදිමින් මුතුමිණට පහර දෙන්නේ කේන්දර බැලීමට පැමිණි කිහිප දෙනෙකුද බලා සිටියදීය.

  ජ්‍යොතිෂවේදියකු තමා හමුවට එන අයට පලාඵල පැවසීමේදී ශාස්ත්‍රීය කරුණු මෙන්ම ස්ථානෝචිත ප්‍රඥාවෙන්ද යුතුව කටයුතු කල යුතුව ඇත.එසේ නොවුනහොත් ඉසුරු යෝගයේ මුතුමිණ මුහුණ දුන් අවස්ථාවන් වැනි තත්ත්ව ඉස්මතු විය හැක.


  


15 comments:

මාතලන් said...

බොහොම කාළේකින් නේද. මේකනම් ජෝතිෂ්‍යයට අමතරවත් වැදගත් දෙයක්...

කෝරලේ මහත්තයා said...

හප්පේ දැක්ක කල්. ගැහැණුන්ගේ කටවල් වල සර දැක්කම තමයි හිතෙන්නේ ග්‍රහයෝ මාරු කරන්න.

SilentSahan said...

hapo sil bidenawa ada gaththa...

Anonymous said...

සහකරිය ගෑන කියන්න පුලුවන් කෙන්ඩර තොරතුරු ටිකක් දෙනනකො..

Anonymous said...

"කේන්දර බැලීම යනු “දැලි පිහියෙන් කිරි කෑම“ වැනි විමසිල්ලෙන් ප්‍රවේශමෙන් කල යුතු කටයුත්තකි" මේ කතාව සම්පුරණ ඇත්ත.

මම දන්න ජෝඩුවක් දික්කසාද වෙන්නයි යන්නෙ කේන්ද්‍ර බලලා කිව්ව කතාවක් නිසා. (ඒදෙන්නගෙ කේන්ද්‍ර දෙකෙන් ගැහැනු කේන්ද්‍ර හිමියාට විවාහයට පිටසම්බන්ඳතා තියෙනවාය ලැබෙන දරුවොත් අවජාතකයි කියලා)

මම කියන්නෙ නැහැ ඒ පිරිමියා හරිකියලා. ඒත් ඒ පවුල කැඩෙන්න යන්නෙ කේන්දරය නිසා.

මම මිගාර

Unknown said...

වැදගත් ලිපියකි

Unknown said...

රාහු කේතු ගැන ‍පොත් පත්වල විස්තර ගොඩක් අඩුය්........ විස්තර හොයාගන්නත් අමාරැය්...........ලිපියක් පල කල හැකිනම් බොහොම පින්....

udaya said...

මේ මිත්‍යාව අදහන ඹබ තුමා මරනින් පසු ප්‍රේත ලෝකයේ හෝ තිරිසන් ලෝකයේ උපත ලැබුවොත්...එදාට කවුද ඹබේ කේන්දරේ බලන්නේ..
ඒ නිසා දැන්වත් කේන්දර සරණ අතහැරල තෙරැවන් සරණ යන්න.
ප්‍රමාද නොවන්න
තෙරැවණ් සරණයි.......

udaya said...
This comment has been removed by the author.
jhothishalanka said...

තෙරුවන් සරණ කේන්දර සරණට වඩා වටිනා බව මා දනිමි.ඹබ ආගමික සිතුවිලි හා ජ්‍යොතිෂය පටලවා ගෙන ඇත.ඹබටත් තෙරැවණ් සරණයි.......

Anonymous said...

මගේ උපන්දිනය 1961 දෙසෙම්බෙර් 24 උදේ 4.32 .මගේ ලග්නය තුලා කියලා හදලා තියෙන්නේ.නමුත් ලගදී වෙලාව දීල හැදුවා .නමුත් එකෙ තියෙන්නේ විස්‌චුක කියල.ඔබතුමාට පුළුවන්නම් මට නිවෙරදි කර දෙන්න .මම ඉපදුණේ kurunegala.

ස්තූතී

denzil

jhothishalanka said...

@denzil
ඹබේ උපන් වේලාව අනුව නිවැරදි ලග්නය වෘශ්චික ලග්නයයි.තුලා ලග්නය වැරදියි.වෘශ්චික ලග්නයේ හතර කේන්ද්‍රය හිස් වුවත් ඹබගේ ජන්ම කේන්ද්‍රය හොඳයි.

udaya said...

සම්බුදු රජාණන් වහන්සේගේ බුදු ගුන අහසෙ තියන ග්‍රහලෝක සමග පටලවල බුදු දහම ජෝතිෂයට පටලවල තිබෙනවනේද...........

Anonymous said...

Ekanam etta kendara balana eka wagema hema detama oluwa pawichichi karanna one... oba thuma anit ayata godaaaak sawadanawa ahumkan dila iwasillen katayuthu karana kenek kiyala thamai liyala thiyana widihata penenne... :)
Bentota Induruwa.

Priyantha Piyasena Abeywickrama (Anonymous One orig) said...

දේශපාළුවන් හිතුවක්කාර ලෙස කාලය පැය භාගයකින් වෙනස් කර ඇත. එය දැන ගෙන ද කිව්වෙ?

Related Posts Plugin for WordPress, Blogger...