Monday, January 21, 2013

මැණික්හින්නේ වශී ගුරුකම්

   කොම්පියුටරයෙන් කේන්දර බැලීම  

      දැන් දැන් රට වටේම සිටිනා සෑම ජ්‍යොතිෂවේදියකුම  වාගේ පරිගනක ජ්‍යොතිෂ මෘදුකාංග භාවිතා කරන අතර මෘදුකාංගය හැසිරවීම ගැන වැටහීමක් ඇති බොහෝ දෙනා ඉන් විපුල ප්‍රයොජන ලබා ගනිති.කාලෙන් කාලෙට අප්ඩේට් වෙමින් ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන අන්තර්ජාලය හරහා නොමිලේ ලබා දෙන "ජගන්නාථ හෝරා" මෘදුකාංගය ඉතා හොදින් නිවැරදිව භාවිතා කරන්නෙකුට ජ්‍යොතිෂ ලිත් ,වගු,ගණක යන්ත්‍ර පමනක් නොව කඩදාසි පෑන් පැන්සල් පවා අනවශ්‍ය බව කවුදෝ කොතනකදෝ ලියා තිබුනා යාන්තමට මෙන් මතකය.

      පලාඵල බැලීම, පොරොන්දම් බැලීම හා සුභ නැකැත් සෑදීම ඉතා නිවැරදිව කිරීමට පරිගණක මෘදුකාංගයට වඩා විමර්ශනාත්මක මිනිස් මොළය සාර්ථක බව මෙම බ්ලොග් අඩවි ලේකඛයා වන මා මුල සිටම අදහස් දක්වා ඇතත් සුබ නැකැත් සෑදීමේදී ජ්‍යොතිෂ මෘදුකාංගය මිනිස් ජ්‍යොතිෂවේදියාට වඩා සාර්ථක බව පිළිගැනීමට මා හට සිදුවී ඇත.
       ජ්‍යොතිෂ කටයුතු සදහා පරිගනකය භාවිතා කිරීමට නොහැකි හා නොදන්නා ජ්‍යොතිෂවේදීන් පරිගණකය ජ්‍යොතිෂයට සම්බන්ධ වීම නුරුස්සති.ඔවුන්‍ වැඩි දෙනා පරිගනක මෘදුකාංග භාවිතා කරන අයට ගරහන්නේ ඒ පිළිබඳව කිසිදු වැටහීමක් නොමැතිවය.ඇතැම් අය එසේ කරන්නේ හුදෙක් ඉරිසියාව නිසාමය.
 "කොම්පියුටරයෙන් කේන්දර හදන්නේ ලිත බලල කේන්දර හදන්න බැරි අයනේ "
"කොම්පියුටරයෙන් හදන කේන්දර වරදිනවා.ලිතෙන් හදන කේන්දර තමයි හරියටම හරි"

 මේ එවැන්නන් භාවිතා කරන පදනම් විරහිත ප්‍රකාශ කිහිපයකි.සුභ නැකැත් සෑදීමේදී යොදා ගැනෙන "පංචාංග ශුද්ධිය" පමනක් නොව ගෙවල් සෑදීමේදී භාවිතා කෙරෙන "ගෙවල් චක්‍ර" බත් කැවී‍මේදී භාවිතා වන "ගොළු සක" චක්‍ර පවා නිසි ලෙස භාවිතා කල හැකි පරිදි "ජගන්නාථ හෝරා" මෘදුකාංගය මේ වන විට වැඩි දියුණු වී ඇත.

------------------------------------------------------------------------------------------------------------
මැණික්හින්නේ වශී ගුරුකම්

                                         

 මැණික්හින්න කුරගන්දෙනිය කියන කොටම අපි හැමෝටම මතක් වෙන්නේ "රොඩී වශී ගුරුකම්" 
       මේ වශී ගුරුකම් අය කරන වැඩ ගැන අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නෑ.ඇත්තටම මේ අය භාවිතා කරන්නේ ජ්‍යොතිෂයවත් ගුප්ත ශාස්ත්‍රයවත් නෙවෙයි.මෙයාලගේ වැඩ කොහොමද කියල බලන්න මම කරපු වැඩක් ගැන මීට කලින් ලියල ඇති.ඒ ලිපිය බලපු නැති අය පල්ලෙහා ලින්ක් ‍එකෙන් බලල ආපසු මෙතනටම එන්න....


 මේ ලඟදි උදේ වරුවක මහනුවර ටවුන් එකට ගියා පුංචි වැඩකට.මගේ වැඩේට තව වෙලාව ඉතිරි වෙලා තිබුනු නිසා විනෝදෙට වගේ පොඩි වැඩක් කලා.
    මගේ පර්ස් එක ඇතුලේ තිබුනා ඉරිදා ලංකාදීප පත්තරේක වශී ගුරුකම් කරුවන්ගේ දැන්වීම් දාල තිබුණු පත්තර පිටුවක්.හිමින් සීරුවේ මේ පත්තර පිටුව අරන් කතා කලා වශී ගුරුකම් කාරයෝ පස් දෙනෙකුට විතර, කතා කරපු හැමෝටම කිව්වේ එකම වචන සෙට් එකක්.
  " හලෝ ..මේ අහවල් ගුරුණ්නාන්සේ/ගුරු මෑණියෝ නේද?මම මීට කලිනුත් ගුරුතුමාට/ගුරු මෑණියෝට කතා කරල කිව්වා මට කරගන්න ඕන කිව්ව වශීයක් ගැන.එදා මට කිව්ව මහනුවර ටවුමට ඇවිත් කෝල් කරන්න කියලා.මම දැන් ඉන්නේ මහනුවර ටවුන් එකේ අහවල් තැන."
  එක් වශී ගුරෙක් හැර අනිත්  සියළු දෙනාම වාගේ දුන්නේ මම බලාපොරොත්තු වුනු උත්තරයක්.
"ඔයා ඔතනම ඉන්න අපි ඔයා ඉන්න තැනට ත්‍රීවිල් එකක් එවනවා.ෆෝන් එක වහන්නේ නැතිව ඉන්න.වෙන වාහන වල නගින්න එපා.ඇදගෙන ඉන්න ඇදුම් වල පාට කියන්න."
 " කළු පාට දිග කලිසමයි සුදු පාට ෂර්ට් එකයි."
  ඇඳ සිටි ඇදුම් වල වර්ණ වලට වෙනස් අයුරින් පිළිතුරු දුන් මා ජංගම දුරකථනය කම්පන තත්ත්වයට පත්කොට විනාඩි කිහිපයක් එම ස්ථානයේ සිට අනතුරුව  ඔවුන්ට පැවසූ ස්ථානය ‍හොදින් පෙනෙන අසල වූ තේ කඩයකට ගොස් පැකට් බනිස් එකක් ගෙන චුට්ට චුට්ට කමින් අදාල ස්ථානයට ඇහැ ගහගෙන සිටියෙමි.
      තවත් විනාඩි කිහිපයක් ගත විය.නිල් පාට ත්‍රීවිලරයක් මා ‍ඔවුන්ට පැවසූ ස්ථානයට පැමිණියේය.ඒ සමඟම වාගේ මගේ ජංගම දුරකථනය කම්පනය වන්නට විය.කලිසම් සාක්කුවෙන් ජංගම දුරකථනය එලියට ගෙන එහි දර්ශනය බලා නැවත සාක්කුවට දමා ගත්තේය.පීළිතුරු නොදුන්නෙමි.
    වැඩි වේලාවක් නොගොස් අනිත් වශී කරුවන්ගේ තැරැව්කාර ත්‍රීවිල් රථද එම ස්ථානයට ලගා විය.මගේ දුරකථනය නොකඩවා කම්පනය වුවත් මා එදෙසවත් නොබලා තේ කෝප්පයක් ඇනවුම් කොට ලබා එය තොල ගාමින් ත්‍රීවිල් කරුවන් දෙස බලා සිටියෙමි.ස්වල්ප වේලාවකට පසු තැරැව්කාර ත්‍රීවිල් කරුවන් අසල සිටි කළු කලිසම් හා සුදු කමිස හැදගත් කිහිප දෙනෙකු අසලට ගොස් ඔවුන්ට පෙනෙන සේ සිනහ වෙමින් ගමන් කිරීමත් ෆෝන් කෝල් ගැනීමත් මා හට ඉමහත් විනෝදයක් විය.
     සාක්කුවෙන් ජංගම දුරකථනය එලියට ගත් මා ඒ වනවිට පැමිණි ඇමතුම සම්බන්ධ කලෙමි.
"මහත්තයා... ඔයා කොහේද ඉන්නේ..මම මේ මහත්තයව ගුරු මෑනියෝ ගාවට එක්කන් යන්න ආපු ත්‍රීවිල් එක.ඔයා කියපු තැනට ඇවිත් දැන් ගොඩක් වෙලා."
" ආ.... සොරි ....සොරි... මම  පොඩ්ඩක් ටොයිලට් එක පැත්තට ගියා..මම ඉක්මනටම හිටපු තැනටම එන්නම්"
  වරින් වර කතා කල සියළුම තැරැව් කරුවන්ට මා එකම පිළිතුරක් දුන්නෙමි.

 අන්තිමයාට පිළිතුරු දී අවසන් වෙනවාත් සමඟම වාගේ කළු කලිසමක් හා සුදු කමිසයක් හැදගත් පිරිමියකු එම ස්ථානයට පැමිණියේය.ත්‍රීවිල් කරුවන් සියළු දෙනාම එකවර ඔහු අසලට යනු දුටුවෙමි.මා‍ පැමිණි කටයුත්තට වෙලාව ලංවෙමින් ඇත.ජංගම දුරකථනය ඔෆ් කර මා බිල ගෙවා කඩයෙන් එලියට බැස මගේ ගමන යා යුතු කුඩා පාර දිගේ ඉදිරියට ගියෙමි.වයස අවු 18 පමන වූ කෙල්ලෙක් පාරේ අයිනට වී හෑන්ඩ් ෆෝන් එකකින් බර කතාවකි.ඇය අසලින් යන ගමන් හීනියට වාගේ ඈ කා සමගදෝ පැවසූ දෑ මා හට හොදින් ඇසුනි.
  " ඔව් දරුවා......මෑනියෝ  තමයි කතා කරන්නේ...දරුවාට තියෙන ප්‍රශනේ මට කියන්නකෝ....."

   

15 comments:

Tiraj Adikari said...

ඔවුන් කවුරුන් වුවත් , ඔබ ඔවුන් එසේ අපහසු තාවයට පත් කිරීමෙන් බලාපොරොත්තු වුයේ කුමක් දැයි නොතේරේ. පැහැදිලි කර දෙන්නේ නම් යෙහෙයකි. :o

Anonymous said...

ඒක නම් විනෝද වීමට කියාපු ක්‍රමයක්!

samarasekara sithuvili said...

මහනුවර ටවුමේ ඉඳලා මැණික් හින්නට (ඒක කුඩා ටවුමක්) යන්නට බස් එකේ යනවා නම් පැයකට වඩා කාලය යනවා.ගණන රුපියල් 32යි. three wheel එකක ගියා උනත් විනාඩි 45 කට වඩා ගන්නවා.(traffic නිසා) ගණන රුපියල් 450යි. මේක පැහැදිලි වංචාවක් බව පෙනෙන නිසා විහිලුවකට වඩා වැඩි යමක් මෙතන තියෙන බව මට හිතෙනවා.
සමරසේකර

මුතු said...

කරපු වැඩේ හරියි කියන්න බෑ. එත් ඒගොල්ලෝ අසරණ මිනිස්සු රවට්ටන විදියට කරපු දේ නරකත් නෑ. ගිලෙන්න යන මිනිහ එල්ලෙන්න පිදුරු ගහත් හොයනවා වගේ කරදර වලින් අසරණ වෙන මිනිස්සු අන්තිමට ඒවායින් සහනයක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම මිනිස්සු ඒවාට රැවටෙනවා.

Anonymous said...

කරුණාකර ඔබට පහත විද්‍යුත් ලිපිනයෙන් මා ඇමතිය හැකිද? වරක් වත් පොත හරහා ඔබ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළෙමි. එහෙත් ප්‍රතිචාරයක් නොලද්දෙමි.
-අධිකාරි
(scadikari@hotmail.com)

කෝරලේ මහත්තයා said...

මම ඔබතුමාගේ ගැන දන්නා නිසා ඔබේ අදහස ගත්තා. ඇත්තටම මේ වගේ හොරුන්ට ඔහොම කරලත් මදියි. සාත්තරේට ගරුනොකරන හොරු. අවුරුදු 18 මෑණියෝ අඩුවයසින් බඩවෙලා වෙන්න ඇති. මම නම් කියන්නේ ජෝතිෂ්‍ය කරුවන්ගේ සංගමයක කාලීන අවශ්‍යතාවයක් තියෙනවා ඔක්කොම කට්ටිය එකතු වෙලා මේ හොරුනවා පන්නන එක
නැත්නම් තව ටික කාලෙකින් ජෝතිෂ්‍ය කාරයෝ ඔක්කොම හොරු කියල බෝඩ් එක වැටෙන එක නවත්වන්න බැහැ.

Malan said...

මං ඔය හොර ගෙඩි ගැන පොතක කියවල තියනවා.අපේ සිංහල මෝඩ මිනිස්සු මේවා විශවාස කරනවනේ.හැබැයි ඒ පොතේම ජ්‍යතිශයටත් හොඳ කනේ පාරක් දීලා තිබුණා :p

ඉන්දික උපශාන්ත said...

//මගේ පර්ස් එක ඇතුලේ තිබුනා ඉරිදා ලංකාදීප පත්තරේක වශී ගුරුකම් කරුවන්ගේ දැන්වීම් දාල තිබුණු පත්තර පිටුවක්//

පත්තර පිටුවක් පර්ස් එකේ! අනික මේ ඇඩ්ම!!!

jhothishalanka said...

පිටුවක් කිව්වට ප්ටුවක්ම නෙවෙයි පිටු භාගයක්.මම කිව්වට බලන්න ඒවටම වෙන් ‍වුන පිටුවක් නැද්ද කියලා ඉරිදා ලංකාදීපේ.

Anonymous said...

ජගන්නාථ හෝරා මෘදුකාංගය භාවිතා කර සුභ මුහුර්ත සැකසීම ගැන ලිපියක් ඔබතුමා හෝ වෙන කෙනෙක් ලියා තිබේද? එම මෘදුකාංගයෙන් සුභ මුහුර්ත සෑදීම ඉගෙන ගන්න කැමතියි. උදව්වක් ලබා දෙනවා නම් බොහෝම පින්!
-සාරංග-

jhothishalanka said...

"කේන්දර සිංහලෙන්" අඩවිය කරන රෝහණ වසන්ත මහතාගෙන් අහන්න..
http://kendaralk.blogspot.com/search/label/Jagannatha%20Hora

Anonymous said...

හොඳයි මහත්මයා! බොහෝම ස්තුතියි! බොහෝම පින්!
-සාරංග-

Anonymous said...

කේන්ද්‍ර දෙකක් විවාහයක් සදහා ගැලපේද (පොරොන්දම් සහ ග්‍රහ පිහිට්ම්) යන්න දන ගැනීමට යොදා යොදා ගත හැකි මුර්දුකංග මොනවාද ?

Parashara's light 7.0.1, Astro vison life sign, Kundli, Jagnatha Hora

යොදා ගත හැක්කේ කෙසේද ?
බොහෝ දෙනෙක් සහ සියලුම මංගල සේවාවන් සරත් සෝමසිරි මහතා විසින් කලකට ඉහතදී සාදන ලද මුර්දුකන්ගය බවිත කලද එය බොහෝ දෝෂ සහිත බව මගේ විෂවසයි .
නමුත් සමහර ජෝතිෂවෙදින් බව කියා යට අයට වැඩ වඩා එම මුර්දුකන්ගය නිවැරදී නේද ?

jhothishalanka said...

පොරොන්දම් ගැලපීම සඳහා පරිගනකය යොදා ගැනීම සාර්ථක නැත.

Anonymous said...

මේකනෙ කෝරලේ මහත්තයො.මතකද කාලයක් සක්විති මේ රටේ මිනිස්සු රැවැට්ටුව.මුද්‍රිත ,විද්‍යුත් මාධ්‍ය වල ලොකු අකුරින් තියනකොට මිනිස්සු රැවටුනා.ඊට පස්සෙ සෝභිත.නමුත් මේ වශී හොරුන්ටනම් කිසිම දෙයක් කරන්න බෑ.මේ රටේ ගොබ්බයො තව අනාදිමත් කාලයක් මුන්ට රැවටෙනවා.අහිංසක කොල්ලො කෙල්ලො සබ්බ සකලමනාව මේ හොරුන්ට පූජා කරනවා ඇති

Related Posts Plugin for WordPress, Blogger...