Thursday, September 17, 2020

යෝග 300 පොතෙන්..

 B.V.රාමන් ශ්‍රීමතාණන් විසින් රචිත “300 Important Combinations“ කෘතියෙන් විස්තර කෙරෙන 
යෝග 300 , ග්‍රහ යෝග පිළිබඳව ජ්‍යොතිෂවේදියකු සතුවිය යුතු ප්‍රමාණවත් දැණුමකට සුවිශාල මඟ 
පෙන්විමකි.එම පොතේ දැක්වෙන යෝග 300 වරකට කිහිපය බැගින් පිළිවෙළින් ගෙන සරලව ගෙනහැර 
දැක්විමට අදහස් කළෙමි.

1) ගජකේශරී යෝගය
   යෝගය යෙදෙන ආකාරය - ගුරු ග්‍රහයා සඳුගෙන් කේනද්‍රගතව(ගුරු ග්‍රහයා  සඳුගෙන් 1,4,7,10 
ස්ථානගතවිම) සිටීම.
   ප්‍රතිඵල - ආචාරශීලී,ත්‍යාගශීලී,බලවත් සම්බන්ධතා ඇති බුද්ධිමත් සාස්ත්‍රධර ඇත්තන් වීම,ගම් නඟර 
තනන්නන් ගම්පතියන් බිහිවිම,මරණින් පසුවද බොහෝ කලක් කීර්තිය පැතිරේ.
  සටහන -  ගුරු සදු කේන්ද්‍රගතව ගජකේශරී යොගය යෙදිය හැකි ආකාර 4න් වඩාත් බලවත් වන්නේ දෙදෙනො 
සප්තමව සිටිම ලෙස බොහෝ මුල ග්‍රන්ථවල දක්වා ඇතත් රාමන් පඩිවරයා දක්වන්නේ යෝගයේ ප්‍රතිඵල 
වෙනස් විම සිදුවන්නේ ගුරු සඳු ග්‍රහයන්ගේ නියෝජනය යෝගකාරකයකු ,සූභ ස්ථානාධිපතියකු භාවස්ථාන බල 
හිමියකු හා වෙනත් ග්‍රහයන්ගේ බලපෑමෙන් බලවත් විම හෝ එසේ නොවිම අනුව බවයි.
2) සුනඵා යෝගය
 යෝගය යෙදෙන ආකාරය - ග්‍රහයකු හෝ ග්‍රහයන් කිහිපයක් (රවි හැර) සඳුගෙන් දෙවැන්නේ සිටිම
 ප්‍රතිඵල - දේපළ තමා විසින්ම උපයාගනී.පාලකයකු සමානවේ.බුද්ධිමත්ය.යහපත් ප්‍රතිපත්තිගරුකය.
 සටහන- යෝගය යෙදිමේදි රවි හැරුණු විට සදුගෙන් 2වැන්නේ සිටිය හැකි ග්‍රහයන් වන්නේ 
කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි ග්‍රහයන් පස් දෙනාය.මෙම ග්‍රහයන් තනිව හෝ සංයෝජනයෙන් යුතුව සදුගෙන් 
දෙවැන්නේ සිටින ආකාරය අනුව යෝගයේ ඵලය විවිධ කේෂත්‍රවලට යොමුවක් දක්වන බවත් එම යොමුව 
දෙවැන්නේ සිටින ග්‍රහයාගේ හෝ ග්‍රහ සංයෝජනයේ බලය අනුව මෙන්ම එම ග්‍රහයන්ගෙන් වඩාත් බලවතා 
අනුව තීරණය වන බව රාමන් පඩිතුමා උදාහරණ කේන්ද්‍රවලින් දක්වා ඇත.එම උදාහරණ අනුව සදුගෙන් 
දෙවැන්නේ වඩාත් බලවත් ග්‍රහයා
  කුජ වන විට -ධනය එඩිතර ක්ෂණික ප්‍රතිචාර 
  බුධ -ලේඛනය කලාව
  ගුරු - පෘථුලත්වය
  සිකුරු -සමෘද්ධිය
  ශනි - අන් අයගේ සැලකිල්ල හා අන් අය තමාට නතුකර ගැනීම
3) අනඵා යෝගය 
    යෝගය යෙදෙන ආකාරය - ග්‍රහයකු හෝ ග්‍රහයන් කිහිපයක් (රවි හැර) සඳුගෙන් 12 වැන්නේ වීම
   ප්‍රතිඵල - පර්පූර්ණ අවයව සහිත සිරුර,මනා පෙනුම,කීර්තිනාමය,ආචාරශීලී, ත්‍යාගශීලී, ආත්ම ගෞරවය,
ඇඳුම් පැළඳුම් හා සංවේදනීය ප්‍රියමනාපයන්.ජීවිතයේ අවසන් සමයේ ලෝකෝත්තර නැඹුරුව
 සටහන- සුනඵා යෝගයට අනුරූප අයුරින් 12 වැන්නේ සිටින බලවත් ග්‍රහයා අනුව ප්‍රතිඵල විවිධ කේෂත්‍රවලට 
බරවේ..
  කුජ -නිර්භීතකම සේනා නායකයකු
  බුධ -කලාකාරකම
  ගුරු- තැනට සුදුසු නුවන ධනය
 ශුක්‍ර = පශු සම්පත් හා යොවුන් ආකර්ශණය
 ශනි - පින්වත් බව
4) දුර්ධුර යෝගය
  යෝගය යෙදෙන ආකාරය - සදුගෙන් දෙපස ග්‍රහයන් සිටීම (රාමන් පඩිතුමා යෝගය දැක්විමේදී රවි හැර අන්‍ය 
ග්‍රහයන් ලෙස දක්වා නැතත් දෙපස ග්‍රහයන් ගැන කීමේදී රවි ගැන සඳහන් කර නොතිබීම නිසා රවි හැර අන් 
ග්‍රහයන් ලෙස සැලකීම යුතුය.)
  ප්‍රතිඵල - හේතුක ප්‍රතිසන්ධී බලය(ජීවිතයේ වාසනාව සතුට සුදුසු කාලවලදී සුදුසු ලෙස ලැබීමේ වාසනාව) ලගා 
කරදෙන යෝගයකි.
සටහන් - සදුගෙන් දෙපස සිටින ගුහයන්ගේ සුවභාව අනුව මෙම යෝගය ඵල විචලනය වන ආකාරය උදාහරණ 
කේන්ද්‍ර මගින් දක්වා ඇත.
5)කේමද්‍රෘම යෝගය
   යෙදෙන ආකාරය - සදුගෙන් දෙපස කිසිදු ග්‍රහයකු නොමැති විම
  ප්‍රතිඵල - අසුභ යෝගයකි.අපිරිසුදු දුක්ඛිත දිවියකි.පවුල් සම්පත මෙන්ම ධන හිනවේ.දුෂ්ඨ වංචා ගතිවේ. 
 සටහන - රාමන් පඩිවරයා විසින් ස්වකිය කෘතියෙන් කේමදෘම යෝගය භංග කරන හා බල හින කරන අවස්ථා 
කිහිපයක් සඳහන් කොට ඇත.ඒවා සැකෙවින් මෙසේය.
  * ලග්නයෙන් හෝ සඳුගෙන් කේනද්‍රගතව ග්‍රහයන් පිහිටිම 
 * බොහෝ ආදි කතෘන් චන්ද්‍ර කේන්ද්‍ර හා නවාම්ශ මඟින් මෙම යෝගය ඉස්මතු වන බව දක්වා ඇතත් රාමන් එය 
බැහැර කරයි.
 * වරහමිහර දක්වා ඇති අයුරින් රජ කුලයේ උපන් අයද කේමදෘම යෝගයෙන් දාස දිලින්දෝ බවට පෙරලයි.
6) චන්ද්‍ර මංගල යෝගය
    යෙදෙන ආකාරය - කුජ හා සඳු සංයෝග විම
   ප්‍රතිඵල - ධනය රැස්කිරීමේදී දැඩි ස්වරූපයකි.අයතා ක්‍රම වලින් වුවද ධනය රැස් කිරිමට සූදානම්ය.මවට සහ 
ඥාතින්ට දරුණුවීම් මෙන්ම බැඳීම් කඩකිරීම් සිදුවිම..
  සටහන - ආදි කතාන් චන්ද්‍ර මංගල යෝගය හා ප්‍රතිඵල ඉහත පරිදි දක්වා ඇතත් ස්වකීය පරීක්ෂණ අනුව සදු 
කුජ සංයෝග වීම මෙන්ම සප්තම වීමෙන්ද චන්ද්‍ර මංගල යෝග ලක්ෂණ ඇති වන බවත් චන්ද්‍ර මංගල යෝගය 
අසුභ අංශයට වඩා සුභ යෝගයක් ලෙසත් රාමන් පඩිතුමා අර්ථ දක්වා ඇත.
7) අධි යෝගය
   යෙදෙන ආකාරය - සදුගෙන් 6,7,8 ස්ථානයන්හි සුභ ග්‍රහයකු තැන්පත් වීම
  ප්‍රතිඵල - ආචාරශීලී විශ්වාසවන්ත අයවේ.සමෘද්ධිමත් ජීවිතයකට හිමිකම් කියයි.සතුරු මර්ධන බලයෙන් 
යුතුය.නිරෝගී හා දීර්ඝායුෂ හිමිවේ.
 සටහන - ග්‍රහ යෝග අතරීන් ඉතා වටිනා යෝගයක් ලෙස රාමන් පඩිතුමා දක්වා ඇත.පැරනි කතුවරුන් අධී 
යෝගය “පාපඅධි සහ සුභඅධි“ ලෙස වර්ග කිරීමක් දක්වා ඇතත් වරහමිහිරාදින් මෙය සෞම්‍යන්ගෙන් (එනම් 
බුධ ගුරු සිකුරුගෙන් )ඇතිවිම විශේෂයෙන් දක්වා ඇත.සුභයන් තැන්පත් වීමේ ස්වභාවය අනුව අධි යෝගයේ 
විවිධ සවරූප උදාහරණ කේන්ද්‍ර මඟින් දක්වා ඇත.

 

No comments:

Related Posts Plugin for WordPress, Blogger...