Friday, September 18, 2020

රාමන් තුමාගේ යෝග 300 පොතෙන්...

 8) චතුස්සාගර යෝගය
    යෝගය යෙදෙන ආකාරය- කේනද්‍රස්ථාන හතරේම(1,4,7,10) ග්‍රහයන් සිටිම
 
   ප්‍රතිඵල - කීර්ති නමක් දිනා ගනී..පාලකයකු හා සමාන සෞභාග්‍යමත් දීර්ඝායු දිවියකි.දරු සම්පතින් ආඩ්‍යය.නිරෝගිය.සතර දිශාවෙහි නම පතලවේ.
  සටහන - කේන්ද්‍රස්ථාන හතරේම ග්‍රහයන් සිටිම ගොඩනැඟිල්ලක බිත්ති හතරම ශක්තිමත් විමක් වැනිය.මෙහිදී රාහු කේතු ඡායා ග්‍රහයන් බැහැර කර ඇති බව අවබෝධ කරගත යුතුය.
9) වාසුමතී යෝගය
   යොගය යෙදෙන ආකාරය- ලග්නය හෝ සඳුගෙන් උපචය ස්ථානවල(3,6,10,11) සුභ ග්‍රහයන් සිටීම
  ප්‍රතිඵල - අනුනගෙන් යැපෙන්නෙකු නොවේ.සෑම කල්හි ධනයෙන් ආඩ්‍යවේ.
  සටහන - වාසුමතී යෝගය ධන යෝගයක් ලෙස බලවත්වන්නේ පිහිටන සුභ ගුහයන් බලවත් වන විටය.ලග්නය කෙරෙන් පිහිටන වාසුමති යෝගය සඳු කෙරෙන් යෙදීමට වඩා බලවත් බව සදහන්ය.
10) රාජලක්ෂණ යෝගය
   යෝගය යෙදෙන ආකාරය-  ගුරු,ශූක්‍ර,බුධ,සඳු ග්‍රහයන් ලග්නයේ හෝ කේන්ද්‍රස්ථානයක පිහිටීම
   ප්‍රතිඵල - ආකර්ෂණීය යහපත් උසස් ගුණ වලින් යුක්තය.තේජස් පෙනුමකි.අන් අයගේ ගරු බුහුමන් ලබයි.
  සටහන - යෝගය මතු කරන ග්‍රහයන් බලවත් වන තරමට යෝගයේ බලයද වැඩිවේ.සඳු ප්‍රධානව ග්‍රහයන් දුබල විම අස්තවීම් ආදියෙන් යෝගපල අඩුවේ.රාමන් පඩි තුමා රාජ ලක්ෂණ යෝගය සඳහා උදාහරණ ලෙස දක්වා පළමුව ඇත්තේ(නම සඳහන් නොකොට) තමාගේ ජන්ම කේන්ද්‍රයයි.
11) වංචන චෝරා භීති යෝගය
    යෝගය යෙදෙන ආකාරය - ලග්නයේ අසුභයකු සිටියදී ත්‍රිකෝණස්ථානයක ගුලික(උප ග්‍රහයා) සිටීම හෝ කේනද්‍ර ත්‍රිකෝණ(1,4,7,10,5,9) අධිපතියකු සමඟ ගුලික සම්බන්ධ වීම හෝ  ලග්නාධිපතියා ශනි,රාහු,කේතු යන තිදෙනාගෙන් කෙනෙකු හා යෝග වීම
  ප්‍රතිඵල - සෑම විටම අන් අය කෙරෙහි සැකයකින් බියකින් යුක්තය.අන් අය තමාට වංචා කිරීමට තමාගේ දේ සොරා ගැනිමට මංකොල්ල කෑමට සූදානමින් සිටී යැයි සැකයකින් බියකින් සිටී.
 සටහන - (ගුලික යනු ශනිගේ උපග්‍රහයෙකි.)මෙම යෝගය පිළිබඳ විශේෂ සටහනක් දක්වා ඇති රාමන් පඩිතුමා පවසන ආකාරයට යෝගය යෙදෙන ආකාර අනුව යෝගය යෙදිමේ සම්භාවිතාව 95%කටත් වැඩිය.ඒ අනුව කලියුගයේදී සෑම අයෙක්ම අනිකා ගැන සැකෙන් බියෙන් සිටින බව පැවසිමට පැරණි සෘෂි වරු දක්වා ඇති යෝගයක් ලෙසය.
12) සකට යෝගය
     යෝගය යෙදෙන ආකාරය - ගුරු ගෙන් 6,8,12 ස්ථානයක සදු පිහිටීම
   
    ප්‍රතිඵල - ධනය හා වාසනාව ලැබිම හා නැතිවීම වරින් වර සිදුවේ.දිළිඳුකම කාලකන්නි බව නිරන්තරයෙන් අත් විදියි.මුරණ්ඩු හිතුවක්කාරය.ඥාතින්ගේ ද්වේශ ගැරහීම් වලට ලක්වේ.
  සටහන - සකට යෝගය පිළිබඳව  සටහනක් දක්වා ඇති රාමන් පඩි තුමා ප්‍රථමයෙන් පරාසර වරහමිහිරාදීන් නාභස යෝගයක් ලෙස දක්වා ඇති සියළු ග්‍රහයන් 1,7 ස්ථානවල පිහිටීමෙන් යෙදෙන අනිත් සකට යෝගය හා මෙම යෝගය අතර ඇති වෙනස දක්වා ඇති අතරම ගුරු ගෙන් දුෂ්ඨස්ථාන(6,8,12) ගතවන සදුගේ පිහිටිම කේනද්‍ර රාශියක අධයනයෙන් පසු සෑම විටම මෙම යෝගයෙන් දිළින්දන් කාලකන්නින් බිහි නොවන බවත් සදු ගුරු ගෙන් දුෂ්ථස්ථාන ගතවන කෙටි කාලවලදී (කරත්තය ගමන් කරන විට රෝදයේ පොලොවට ස්පර්ශ වන තැන් නැවත නැවත පොලොවේ ස්පර්ෂ වන්නාසේ) ගුරුගේ රැඩිකල් ගතිය වරින් වර ඉස්මතු කරන බවත්ය.සදු ගුරු ගෙන් 8 වැන්නේ සිටින විට යෝගයේ අසුභ බලපැම වැඩිය.
13) අමලා යෝගය
     යෝගය යෙදෙන ආකාරය - ලග්නයෙන් හෝ සඳුගෙන් 10 වැන්නේ සුභ ග්‍රහයෙකු යෙදිම
    ප්‍රතිඵල - කල් පවත්නා කීර්තියක් ලඟාකර ගන්නා අතර එම කීර්තිය නොකිළිටිව ගබා ගනී.සමාද්ධිමත් දිවියකට හිමිකම් කියයි.
   සටහන -  ඉතා විශාල වශයෙන් යෙදෙන(රවි,බුධ යෝගය මෙන්) යෝගයක් වන මෙම යෝගය යෙදුන පමනින් යෝගඵල ඉස්මතුවේ නම් පුද්ගලයන් 95% ක් පමණ දෙනා සමෘද්ධිමතුන් වියයුතුය.එබැවින් යෝගය ඵල දීමට තවත් කරුණු රැසක් සම්පූර්ණ කල යුතුවේ.ඉන් කොටසක් ශ්ලෝකයක්(“Udayat Indutovapi Yegrahadasamasthithaha Te sarve arthapradagneya swa dasasu yatoditha“) මගින් රාමන් තුමා දක්වා ඇත.එම ශ්ලෝකය අනුව ලග්නයෙන් හෝ සඳුගෙන් 10 වැන්නේ සිටින සුභයාගෙන් යෙදෙන සුභඵලය හොඳින් ඉස්මතුවන්නේ එම සුභයාගේ මහදශා කාලවලදී බවයි.එමෙන්ම අදාල සුබ ග්‍රහයා දුෂ්ථස්ථාන(6,8,12) අධිපතියකු නොවීම සුභඵල ලගාවිමටත් මෙන්ම ජන්මියාගේ කේන්ද්‍රෙය් අනිකුත් ග්‍රහයන් සියල්ලගේ බල දුබලතා මෙම යෝගයේ බල ඉස්මතු කිරීමට හෝ යටපත් කිරීමට හේතුවේ..
14) පර්වත යෝගය
     යෝගය යෙදෙන ආකාරය - ශුභයන් කේනද්‍රස්ථානවල සිටියදී 6,8 ස්ථාන ග්‍රහයන්ගෙන් තොර වීම හෝ ශුභයන් කේනද්‍රස්ථානවල සිටියදී 6,8 ස්ථානවල සුභයන් තැන්පත් විම
  
    ප්‍රතිඵල - ධනවත්සමෘද්ධිමත් නිර්ලෝභී අයවේ.ලිබරල් මතදාරීය.ගම්/නඟර පාලකයකුවේ.
   සටහන - ලග්නාධිපති හා 12 අධිපතින් අනොන්‍යව කේන්ද්‍රගතව සිටිමින් මිත්‍ර දෘෂ්ඨිය වැටීම ලෙස පර්වත යෝගය යෙදෙන තුන්වන අවස්ථාවක්ද දක්වා ඇත.
15) කාහල යෝගය
    
    යෝගය යෙදෙන ආකාරය - 4 හා 9 අධිපතීන් අන්‍යොනය ලෙස කේන්ද්‍රගතවීම සිටියදී ලග්නාධිපතියාද බලවත්ව සිටීම
   ප්‍රතිඵල - ශක්තිවන්ත එඩිතර ගති ඇති අතර ප්‍රචන්ඩ ගති ඇත.කුඩා කණ්ඩායම් පාලකයන් බිහි කරයි.
  සටහන - කාහල යෝගය යෙදෙන තවත් අවස්ථාවක් සටහන් යටතේ දක්වා ඇත.එනම්
         4 අධිපති උච්චව හෝ ස්වකේෂතව බලවත් 10 අධිපති සමඟ හෝ දෘෂ්ඨ් ලැබ කේන්ද්‍රස්ථානයක තැන්පත් වීම
            
   සටහන - 

No comments:

Related Posts Plugin for WordPress, Blogger...