Sunday, December 4, 2011

Saturday, December 3, 2011

සරත් ෆොන්සේකා හා 2013

    මේ දිනවල බොහෝ දෙදෙනක් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පිළිබදව කතාබහ කරති.ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රය අනුව ඉදිරියේදී එතුමා මුහුණ දිය හැකි යැයි අනුමාන කල හැකි දේවල් කුමක්දැයි බොහෝ දෙනා මාගෙන්ද විමසා ඇත.ප්‍රථමයෙන්ම කිව යුත්තේ බ්ලොග් එකක් ලිව්වත් මා ප්‍රවීනම ජ්‍යොතිෂවේදියකු නොවන බවය.වයසින් මුහුකුරා යන විට විවිධාකාර අත්දැකීම් හා බලවේග අනුව ජ්‍යොතිෂවේදියාගේ හැකියාවන් වර්ධනය විය හැකි වුවත් ජ්‍යොතිෂය යනු ප්‍රමාණවත් අයුරින් මිස අනිවාර්ය අයුරින් භාවිතා කල යුතු ශාස්ත්‍රයක් නොවේ.ඇත්තටම මා දන්න අයුරින් ජ්‍යොතිෂයෙන් 100% ක් සාර්ථක අනාවැකි පල කල හැකි නමුත් ජ්‍යොතිෂවේදියකුට 100% ක් සාර්ථකව අනාවැකි පල කල නොහැකිය.ජ්‍යොතිෂවේදියාගේ වරදින් බොහෝ අනාවැකි වරදී.බොහෝ ජ්‍යොතිෂවේදීන් මෙම සත්‍ය සඟවා තමන් වැඩකරු බව පෙන්වීමට ගොස් තමාවත් ජ්‍යොතිෂයත් දෙකම අගෞරවයට පත් කරති.අනුන්ට මාරක අපල කරදර ගැන කියන බොහෝ ජ්‍යොතිෂවේදීන්ට තමුන්ට හෙට දිනයේ කුමක් සිදුවේද යන්න පවා දැන ගත නොහැකි බව කිව යුතුය.

Thursday, December 1, 2011

සිරිපාලව කඩේ යැවීම(පොරොන්දම් බැලීමට යැවීම)

 සිරිපාලව කඩේ යැවීම(පොරොන්දම් බැලීමට යැවීම)  
    "මම අහවල් මහත්තයාලගේ ගෙදර වැඩ කරන්නේ මහත්තයාගේ නෝනා මේ කේන්දර දෙකේ පොරොන්දම් බලාගෙන එන්න කියලා මට දුන්නා"
  සරමකින් හා කමිසයකින් සැරසුණු බයාදු පෙනුමැති මැදිවයසේ මාමා කෙනෙක් දිනක් මා හමුවට පැමිණ කේන්ද්‍ර දෙකක් මා වෙත දැක්වීය.
 කේන්ද්‍ර දෙක අතට ගෙන මදක් පරීක්‍ෂා කර බලා
  " මේ පොරොන්දම බලන්නේ නෝනලගේ කාට හරිද?"
  " මම හරියටම දන්නේ නැහැ.නෝනගේ දුවට මනමාලයෝ සොයනවා.එයාට වෙන්න ඇති පොරොන්දම බලන්නේ.

අධි යෝගය

  අධි යෝගය පිහිටීම පිළිබදව ජ්‍යොතිෂ ආචාරී මත හා මූල ග්‍රන්ථ වල විවිධාකාර මත ඇතත් එම විවිධතා වැඩි වශයෙන් මතුවන්නේ යෝගයේ බල අඩු වැඩි වීම පිළිබදවය.භාරතීය ජ්‍යොතිෂයේ අධි යෝගය
                1) සුභ අධි යෝගය
                2) පාපාධියෝගය
                3) මිශ්‍රම අධි යෝගය