Sunday, December 4, 2011

විසිවන සියවසේ මහා විද්‍යාඥයා (ඇල්බට් අයින්ස්ටයින්)

 උපන් දිනය - 1879 මාර්තු 14
 ස්ථානය  - උල්ම් ජර්මනිය
ජාතිය - යුදෙව්



 ජීවිතයේ වැදගත් සිදුවීම්
  * 1880 දී පියාගේ සේවා මාරුව නිසා උල්ම් සිට මියුනිච් වලට යාම
  * හරිහැටි වචන උච්චාරණය නොමැති වීම හා සම වයසේ අනිත් ලමුන්ට වඩා මන්දගාමී වීම නිසා වයස අවු 8 පිරෙන තුරුම පාසැල් නොගියේය.ගෙදරට ගෙන්වූ ගුරුතුමෙක් මගින් මූලික අධ්‍යාපනය ලැබීය.
  * වයස අවු 8දී පාසැල් අධ්‍යාපනයට යොමු වුවත් ඉගෙනීමෙහි දැක්වූ දුර්වලතා නිසා තමාට වඩා වයසින් බාල සිසුන් සමඟ අධ්‍යාපනය කිරීමට සිදු විය.
  * 1895 දී පියාගේ ව්‍යාපාර බි වැටීම නිසා ජර්මනියේ සිට ඉතාලියට යාමට සිදු විය.
  * ඔහුව විදුලි ඉංජිනේරුවෙකු කිරීමට පියා විසින් පාසැලකට දැමූ නමුත් එහිදීද අසාර්ථක වීම නිසා ඉන් ඉවත් කලේය.
  * වයස අවු 17 දී පමන රැකියා පුහුණුවක් ලබා ගැනීමටම ස්විස්ට්සර්ලන්තයේ සුරීච්හි "පොලිටෙක්නික් තාක්‍ෂණික ඇකඩමි" ඇතුලත් වීමේ විභාගයට පෙනී සටි නමුත් එහි ඇතුලත් වීමේ විභාගයෙන් දෙවරක්ව අසමත් විය.තුන්වන වර යාන්තම් අවසන් සිසුන් කීප දෙනා අතරට තේරුණි.
  *තාක්‍ෂණික ඇකඩමියේදීද  අධ්‍යයන කටයුතු ඔහු හොදින් සිදු කලත් විභාග කඩඉම් වලදී පෙරසේම පසුගාමී විය.වයස අවු 20දී පමණ තම උපාධිය අවසන් කලත් ඒ ගෞරව උපාධියක් ලෙස නොව සාමාන්‍ය උපාධිදාරීයකු විලසිනි.
   * උපාධිය ලබා ගැනීමෙන් පසු කාලයක් යනතුරුම ඔහුට රැකියාවක් සොයාගත නොහැකි විය.ටියුෂන් ගුරුවරයකු ලෙස පාසැල් සිසුන්ට ඉගැන්වීම කෙටි කාලයක් කල නමුත් විෂය නිර්දේශයන්ට බැහැරව තාරකා විද්‍යාව හා ඒ දක්වා විසදුම් නොලැබුණු විද්‍යා ක්‍ෂෙත්‍රයන් පිළිබදව සිසුන්ව යොමු කරවීම නිසාම දෙමාපියන් ඔහුගේ සේවය ප්‍රතික්ෂේප කලහ.තමන්ගේ දරුවන්ගේ ඔළුවට විකාර අදහස් ඇතුලත් කරන්නෙකු ලෙස දෙමාපියන් ඔහුව සැලකූහ.
   *අනතුරුව තම පාසැල් මිතුරකුගේ උදවු ඇතිව පේටන්ට් බලපත්‍ර කාර්්‍යාලයක ලිපිකරු රැකියාවක් ලබා ගත්තේය.රැකියාව කරන අතර තුරදී විද්‍යා සඟරා ආදියට ලිපි ලිවීම ඔහුගේ පුරුද්දක් විය.
   *වයස අවු 24 දී තම පාසැලේ මහාචාර්‍ය වරයකුගේ දියණිය වන මිලෙවා මාරික් සමග විවාහ විය.පසුකලෙක හෑන්ස් හා එඩ්වඩ් නම් පුතුන් දෙදෙනෙකුද දියණියක්ද ලැබීය.
  
     *පේටන්ට් කාර්යාලයේ ලිපිකරු රැකියාව ලබාගත් තරුණ අයින්ස්ටයින් විවේක අවස්ථාවල විද්‍යා සඟරා වලට ලිපි ලිවීම කලේය.ක්‍රි.ව 1905 දී  පුවත්පතට ඔහු විසින් ලියන ලද ලිපි පෙලක් මහත් ආන්දෝලනයක් කලේය.ලිපි පහක් ලෙස පලවූ එම ලේඛනය ලොව පුරා විද්‍යාඥයන්ගේ අවධානයට යොමු විය.භෞතික විද්‍යාවේ පෞරාණික ක්‍රමය වෙනස් කරමින් නවීන භෞතික විද්‍යාවේ ආරම්භය මෙම ලේඛන සමග සිදුවූ බව කිවහොත් වඩාත් නිවැරදිය.
  1905 දී අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ එම ලේඛනයෙන් ප්‍රධාන ලෙස විස්තර වූයේ
    1) බ්‍රවුනීය චලිතය
    2) ප්‍රකාශ විද්‍යුත් ආචරණය
    3) ව්ශේෂ සාපේක්‍ෂතාවාදයේ මූලධර්ම පිළිබදවය
       මින් ප්‍රකාශ විද්‍යුත් ආචරණය සොයා ගැනීම වෙනුවෙන් 1921 වසරේදී භෞතික විද්‍යාව වෙනුවෙන්වූ නොබෙල් ත්‍යාගය අයින්ස්ටයින්ට ලැබුනත් පසුකලෙක වඩාත්ම කතා බහට ලක්වූයේ සාපේක්‍ෂතාවාදය සම්බන්ධ කරුණුය

  * 1905 දී ඉදිරිපත් කල ලේඛනය මුළු ලෙවේව අවධානයට ලක්වූමත් සමඟ 1908 දී බර්න් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබීම

  * 1911 දී සාධාරණ හෙවත් සාමාන්‍ය සාපේක්‍ෂතා වාදය ඉදිරිපත් කිරීම

    මා විසින් සරල අයුරින් ලියූ "සාපේක්‍ෂතාවාදය " ලිපිය මෙතනින් බලන්න
 
  * 1919 පලමු කසාදයෙන් දික්කසාද වී තමාගේ නෑනාව විවාහ කර ගැනීම  * 1921 දී "ප්‍රකාශ විද්‍යුත් ආචරණය" ඉදිරිපත් කිරීම වෙනුවෙන් භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය හිමි විය.
  * 1933 දී හිට්ලර්ගේ යුදෙව් සංහාර නිසාම ඇමෙරිකාවට ගොස් එහි පුරවැසි භාවය ලබා ගත්තේය.
  * ප්‍රින්ස්ටන සරසමියේ මහාචාර්ය වරයෙකු ලෙස මිය යන තුරු සේවය කිරී හා එම කාලය තුල තවත් වටිනා විද්‍යා සොයාගැනීම් නිරාමාණ වලට දායක වීම.
  
  * 1955 අප්‍රේල් 17 මධ්‍යම රාත්‍රියේ මරණයට පත්වීම.
 ------------------------------------------------------------------------------------------------------------
  1879 මාර්තු 14
   ලග්නය -මිථුන
   බුධ මහ දශාවෙන් උපත ලබා ඇත.                       



 මහා විද්‍යාඥ අයින්ස්ටයින්ගේ ජන්ම පත්‍රයේ පිහිටා ඇති බලවත් ග්‍රහ යෝග

  * 10 වැන්නේ සිකුරු උච්ච වීමෙන් යෙදී ඇති මාලවී යෝගය
  * රවිගෙන් 12 වැනනේ ගුරු යෙදීමෙන් වොෂි යෝගය
  * ගුරු සදු එකිනෙකා කේන්ද්‍රගත වීමෙන් යෙදී ඇති ගජකේෂරී යෝගය
  * රාහු කේතු හැර අන් සියළුම ග්‍රහයන් රාශී හතරක තැන්පත් වීමෙන් යෙදී ඇති "කේදාර" යෝගය
  * ගුරු ඇතුළු සෞම්‍ය ග්‍රහයන් දෙදෙනෙකු 9,10 ස්ථානවල යෙදීමෙන් "චාමර" යෝගය
  * ලග්නාධිපති බුධ තැන්පත්ව ඇති මීන රාශියට අධිපති ගුරු ග්‍රහයා ත්‍රිකෝණගතවීමෙන් යෙදෙන "පාරිජාත යෝගය"
  * සිකුරු ශනි හා කේතු ත්‍රිකෝණගත වීමෙන් යෙදෙන "තපස්වි" යෝගය
  * ගුරු ග්‍රහයා මිත්‍ර රාශියක් වූ කුම්භයේ තැන්පත්ව බුධ සිකුරු කේන්ද්‍රගත වීමෙන් යෙදෙන "සරස්වතී" යෝගයක්
  * 9 හා 10 අධිපතින් පරිවර්තනයෙන් යෙදුනු ධර්ම කර්මාධිපති යෝගය  * මීට අමතරව විවිධ අයුරින් පිහිටා ඇති රාජ යෝග හතරක්,විපරිත රාජ යෝග දෙකක්, මහා යෝගදා යෝග හතරක් හා විපරිත රාජ යෝග දෙකක් මෙම මහා විද්‍යාඥයාගේ කේන්ද්‍රයේ පිහිටා ඇත.

 අයින්ස්ටයින්ගේ ජන්ම කේන්ද්‍රයේ 10 වැන්නේ පිහිටි ග්‍රහ සංයෝගයත් කුජ උච්ච වීමත් රාජ යෝග පද්ධතියත් ඔහු සතුවූ තීක්‍ෂණ විනිවිද දකින බුද්ධිය,කලා හැකියාව(ඔහු දක්‍ෂ වයලීන් වාදකයෙකි.) මැනවින් පිළිඹිබු කරයි.අඟහරු උච්ච වීම හා රාජ යෝග බලයෙන් ඔහු ලැබූ ජාත්‍යන්තර කීර්තිය පෙන්නුම් කරන නමුත් අට වැනනේ කුජ රාහු සංයෝගය විවාහයට අසුභ අයුරින් බලපා ඇත.(පලමඑ විවාහය බිද වැටී ඇත.) මෙම රාහු කුජ සංයෝගය හා සිකුරුගේ උච්ච බලය නිසා ඔහු සතුව අධික ලිංගික කාම ශක්තියක් ,භෘංගාරයක් තිබූ බව පෙනී යයි.
  අයින්ස්ටයින්ගො ජීවිතයේ විශේෂ කාල පරිච්ඡේදයන් ලෙස අවු 16 සිට 36 දක්වා ගතකල උච්ච සිකුරු මහ දශා කාලයත් ඉන්පසු 36 සිට 42 දක්වා වූ රවිගේ මහ දශා කාලයත් හැදින්විය හැක.අයින්ස්ටයින්ට ලෝක ප්‍රසිද්ධිය ලඟාකරදුන් සිදුවීම් මෙම කාල සීමා වල සිදු විය.
 
 

26 comments:

jotirathna said...

අයින්ස්ටයින් ගැන විස්තරයක් සහ ඔහුගේ ජීවිතේ වැදගත් සිදුවීම් පෙලගස්වල කොටසකුත්, ඔහුගේ කේන්දරේ පිහිටලා තියෙන ග්‍රහ යෝග ගැන වෙනමත් ලියල තියෙනවා. එත් මේ දෙකේ සම්බන්ද වීම පැහැදිලි කරලා මදි කියලයි මටනම් හිතෙන්නේ.

jhothishalanka said...

කතාව ඇත්ත මම මේක ටිකක් කලබලේ ලිව්වේ.

Captain Haddock said...

ayye wasthu vidyawa gana lipitikak dannako.....

jhothishalanka said...

@young zezar
අනේ මල්ලි වාස්තු විද්‍යාව ගැන මම එච්චරම හොදින් දන්නේ නෑ.නිවසක මූලික වාස්තු දෝෂ හදුනා ගැනීමට ලිපියක් කලින් ලියලා තිබුනා.ඔන්න පල්ලෙහා ලින්ක් එක

http://lankajhothisha.blogspot.com/2010/12/blog-post_26.html

Mahesh B Dahanyake| මයියා | බුනා said...

අයිස්ටයින්ගේ මරණය පිලිබදව යමක් සොයා ලිපියක් ලිවීමට හැකිනම් අගනේය එය අපූර් ව කථාවක් බැව් අසා ඇත..

Anonymous said...

මට තියෙන ප්‍රශ්නේ තමයි බටහිර ජාතීන් අතර විතරද මේ වගේ බලවත් යෝග තියෙන අය ඉපදෙන්නේ කියන එක..

Chamantha Thilina said...

රව් මහ දසාවේදි පැලදිමට සුදුසු මැණික් වර්ගය කියනවද අය්යෙ....රන් හෝ රිදි පැලදි‍මෙන් ගැටලුවක් නැ නේද??

jhothishalanka said...

රවි මහ දශාවෙදි පද්මරාග මැණික පැලදීම හොද නමුත් උපතේදී රවි පිහිටිමේ බල දුබලතා විමසා බැලිය යුතුය.පල්ලෙහා ලිපියත් බලන්න
http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_31.html

Indika Cartoon said...

wadagath lipiyak...

Anonymous said...

මේ යෝග ටික තිබ්බ නිසාමද අයින්ස්ටයින්ට මෙහෙම උනේ.. මේ දවසෙම ඉපදුනු කීදෙනෙක්ට මිථුන ලග්න වෙලා මේ යෝග ටික මෙහෙම්මම තියෙන්න ඇතිද. එයාලට මොකද උනේ..?? මේක මට හරි ගැටළුවක්, අවංකව උත්තරයක් දෙනවද.

jhothishalanka said...

ඇත්තටම කෙනෙකුගේ ජන්ම කේන්ද්‍රය සැකසෙන්නේ උපන් වේලාව පමනක් සලකා නෙවෙයි.උපන් ස්ථානයත් සලකා බලනවා.ගෝලාකාර පෘථිවියේ ලක්‍ෂයෙන් ලක්‍ෂයට අනුරූප නැගෙනහිර ක්‍ෂිතිජය වෙනස්.අයින්ස්ටයින්ගේ කේන්ද්‍රයේ රාජ යෝග කිහිපයක්ම සැකසී ඇත්තේ නවාංශකය සම්බන්ධ කොටයි.මෙදින උපදින මිථුන ලග්න කාරයින් බොහාමයකට මෙම යෝග වලින් වැඩි ප්‍රමාණයක් තිබුනත් කේන්ද්‍රයයේ සියුම් අංග සමාන නැහැ.එහෙම වෙන්නනම් අයින්ස්ටයින් උපන් වේලාවටම එම ස්ථානයේම අනිත් කෙනාත් ඉපදිය යුතුයි.

මුතු said...

දශාවලට හෝ උපතේදී උච්ච නීච ග්‍රහයන්ට අදාල වන පරිදි මැණික් පැළදීමට අමතරව යෝගකාරක ග්‍රහයන්ට අදාලව මැණික් පැලදීමේ ක්‍රමයක් පවතීද? එමගින් ජීවිත කාලය පුරාම ඒ ඒ දශාවන්ගේ, උච්ච නීච ග්‍රහයන්ගේ, ඒරාෂ්ටක ආදියෙහි අශුභ පල මගහරවා ගතහැකිය යන්නෙහි සත්‍යතාවයක් පවතීද?

Anonymous said...

පළමුව ස්ථානයේ වැදගත්කම කියන්න අමතක වීන ගැන සමා වෙන්න, එහෙත් මිතුන ලග්නයෙන් එම දිනයේ අයින්ස්ටයින් ඉපදුන වෙලාවට ළඟ වෙලා වල ඉපදුන අයගේ මේ කතන්දරේ ආසන්නව සමනෛනේ. ඒවගේම ඔබගේ පැහැදිලි කිරීමට අනුව එකම වෙලාවේ එකම තැනක දෙදෙනෙකු ඉපදිය හැකි බවට වැරදි අදහසක් ඇතිකරගන්න පුළුවන්. මම හිතන්නේ මීට වැඩ පැහැදිලිකිරීම් වලදී ප්‍රවේසම් උනොත් හැමෝටම හොඳයි. අනික එකම වෙලාවේ එකම තැන දෙන්නෙක් ඉපදෙන්න කොහොමත් බෑනේ, ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක්ම නෑ, එහෙම නේද. අපි කියමුකෝ තත්පර 10 ක් පරතරේ තියල දෙන්නෙක් එකම තැන ඉපදුන කියල එහෙම උනොත් ඒ දෙන්න එක වගේද..? අනිත් කාරණාව තමයි මිතුන ලග්න වෙලා අයින්ස්ටයින්ගේ නවාංශකෙන්ම ඉපදුනු කෙනෙක්ට ඔබ සඳහන් කරපු කරුණු පොදුයි නේද? එතකොට ඒ අයත් අයින්ස්ටයින් වගේම වෙන්න එපැයි. දැන් ඔබ සියුම්ව විග්‍රහ කරන්න ඕනේ කීවට, ඔබ කරලා තියෙන්නේ සියුම් විග්‍රහයක් නෙමෙයිනේ. එතකොට ඔයා කිව්ව කරුණු කිසිම එකකින් අයින්ස්ටයින් ගැන ජ්‍යෝතිෂ්‍ය පැත්තෙන් පැහැදිලි කිරීමක් වෙන්නේ නෑනේ.

jhothishalanka said...

@Ano
ඔව් ඔව් සියුම් විග්‍රහයක් නෙවෙයි තමයි.ඒත් මේ වගේ බලවත් යෝග රාශියක් පිහිටන්නේ කලාතුරකින්.එවැනි ආසන්න ග්‍රහ පිහිටීම් ඇති අයටත් ආසන්න සමාන සුභ ඵල තියෙනවා.බී.වී රාමන්ගේ පොතක එකම දින ආසනාන වේලාවල උපන් අයට සිදුවූ සිදුවීම් සම්බන්ධ දත්ත වාර්තාවක් දකාවා ඇත.පහත ලිපියේ එම දත්ත වලින් කිහිපයක් ඇත.
http://lankajhothisha.blogspot.com/2011/06/3.html

Anonymous said...

බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට

Anonymous said...

මම අහපු දේට උත්තර නැනේ. ඔයාම annonymous චොම්මෙන්ට් එකක් දාගත්තද "බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට" කියල.:D

jhothishalanka said...

ඇනෝ කමෙන්ට්ස් එක දැම්මෙ කව්ද කියලා මම දන්නේ නැහැ.ඒත් ඒකට ඔයා දීල තියෙන ප්‍රතිචාරයෙන් ඔයා කමෙන්ට් කරපු අරමුණ එළියට පැනල තියෙනවා නේද?මට වැරදුනානම් සමාවෙන්න.මම ලියන දේවල් වල අඩුපාඩු ගැටළු ප්‍රශ්න තියෙනවානම් දිගටම කමෙන්ට් කරන්න.උත්තර දෙන්න තරම් බුද්ධි ඝෝචර ඒවට උත්තර දෙන්න බලන්නම්.එහෙම නැතිව මුනින් නවපු කලගෙඩි වලට පනයනකන් වතුර වත් කරන්න තරම් මටනම් ඇගේ අමාරුවක් නෑ.

පොල් කුරුමිණියා said...

ගොඩක් හොඳ ලිපියක්. ගොඩක් වැදගත් දේවල් තිබුන. ඔයාගේ ලිපි ඔක්කොම කියවන්න ඕනේ, ගොඩක් හොඳට ජ්‍යෝතිෂ්‍ය පැත්තෙන් ඇල්බට් අයින්ස්ටයින් ගැන පැහැදිලි කරලා. තව ප්‍රසිද්ධ scientist ල ගැනත් ලියන්න.

චුටි මල්ලි said...

අයියේ මට නම් හිතාගන්න බෑ කොහොමද මෙහෙම ජ්‍යෝතිෂයෙන් දේවල් කියන්නේ කියල. ඇල්බට් අයින්ස්ටයින් ගැන ජ්‍යෝතිෂ්‍ය පැත්තෙන් කරලා තියන පැහැදිලි කිරීම මාරු. කොහොමද අප්පේ ඔහොම ග්‍රහයෝ 10යි කොටු 10යි කලවම් කරලා ඔහොම ඒවා කියන්නේ. කොහොම උනත් ගොඩක් හොඳයි. තව තව ලියන්න. මමත් ජ්‍යෝතිෂ්‍ය ඉගන ගන්න ඕනේ.

jhothishalanka said...

@චුටි මල්ලි
ඔයාගේ කමෙන්ටුවේ පොඩි උපහාස ගතියකුත් පෙනුනාට ජ්‍යොතිෂය ඉගෙන ගන්න ආසයි කියපු එකනම් වටිනවා.

පිස්සු බුවා said...

පිස්සු හැදෙනවා ඔයාගේ බ්ලොග් එක කියෙව්වම.මම අහලවත් නැති දේවල් තියනවා ගොඩක්.මේ ලිපිය ගොඩක් සාර්ථකයි. මම නම් ඔය science ගැන දන්නෙත් නෑ. ජ්‍යෝතිෂ්‍ය දන්නෙත් නැ. ඒ උනාට ලිපිය නම් හැමෝටම තේරෙන්න ලියල තියන නිසා ඕන කෙනෙකුට එළකිරි වගේ තේරෙනවා. අයියේ ජ්‍යෝතිෂ්‍ය ඉගනගන්න අමාරුද. ගොඩක් කල් යනවද. ඇල්බට් අයින්ස්ටයින් තමයි මම ආසම කරන විද්‍යාඥයා,හැබැයි මට එයා කරපු කියපුව නම් තේරෙන්නේ නැ.ඒවා ගැනත් ලිපියක් ලියන්න කියල මම යෝජනා කරනවා.

චුටි මල්ලි said...

අනේ නෑ උපහාසයක් කලේ නෑ. මට තේරෙන විදියට තමයි ලිව්වේ. මම ඔය subject එක ගැන දන්නේ නෑනේ. ග්‍රහයෝ ගානයි කොටු ගානයි නම් මතක විදියට ලිව්වේ.ප්ලුටෝ අයින් කරලා තමයි ගැන්නේ.වැරදුනාද මන්ද.

jhothishalanka said...

DDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDD

චුටි මල්ලි said...

:(( අයියේ නිකන් නක්කලේට හිනාවෙන්නෙපා. වැරදි දෙයක් කිව්වා නම් හරිගස්සන්න. ඔයාගේ ලිපි කියවන අපිට පිස්සු.

jhothishalanka said...

@චුටි මල්ලි
අනේ නෑ මල්ලියේ .සමහරු කමෙන්ට් කරල තිබුනා එක එක අරමුණු වලට මට ඔයාලවත් ටැපලුනා.ඔක්කොම ඇනෝනිමස්ලානේ.මම දිගටම ලියනවා.ඕගාල්ලෝ ඇවිත් බලන්න.මගේ බ්ලොග් එකට එන අයට යමක් ලබා දීම මගේ අරමුනයි.

Anonymous said...

ada ape rate inna samahara pandithayo hithan inne jothishya vishvasa karanne noogath,godayo vage evun kiyala......ehema lokeka ,albert einstein ge theory th pahadili karala eyage kendareth balala denna puluvan oya vage minissu, ara vage evunta honda kammul parak

Related Posts Plugin for WordPress, Blogger...