Thursday, December 1, 2011

සිරිපාලව කඩේ යැවීම(පොරොන්දම් බැලීමට යැවීම)

 සිරිපාලව කඩේ යැවීම(පොරොන්දම් බැලීමට යැවීම)  
    "මම අහවල් මහත්තයාලගේ ගෙදර වැඩ කරන්නේ මහත්තයාගේ නෝනා මේ කේන්දර දෙකේ පොරොන්දම් බලාගෙන එන්න කියලා මට දුන්නා"
  සරමකින් හා කමිසයකින් සැරසුණු බයාදු පෙනුමැති මැදිවයසේ මාමා කෙනෙක් දිනක් මා හමුවට පැමිණ කේන්ද්‍ර දෙකක් මා වෙත දැක්වීය.
 කේන්ද්‍ර දෙක අතට ගෙන මදක් පරීක්‍ෂා කර බලා
  " මේ පොරොන්දම බලන්නේ නෝනලගේ කාට හරිද?"
  " මම හරියටම දන්නේ නැහැ.නෝනගේ දුවට මනමාලයෝ සොයනවා.එයාට වෙන්න ඇති පොරොන්දම බලන්නේ.

   සත්‍ය වශයෙන්ම පොරොන්දම් පරීක්‍ෂාවට,පලාඵල බැලීම,නැකැත් සෑදීම වැනි කටයුත්තකදී ජ්‍යොතිෂවේදියා හමුවීමට යා යුත්තේ ඊට අදාළ පුද්ගලයන් හෝ පවුලේ වැඩිහිටියන්ය.නිවසේ වැඩකරන මෙහෙකරුවකු කඩේට යවා පැනඩෝල් පෙත්තක් පොල් ගෙඩියක් පත්තරයක් ගෙන්වා ගන්නා ආකාරයෙන් පෙොරොන්දම් පරීක්‍ෂාවක් කිරීමට නොහැකිය.ඉහත සදහන් විස්තරයේ නිවසේ වැඩිහිටි කාන්තාව සිය දියණියගේ පොරොන්දම් පරීක්‍ෂාව සිදුකිරීමට මෙහෙකරුවකු එවීම ඉතා නොගැලපෙන නුසුදුසු වැඩකි.
    මෙවැනි අවස්ථාවලදී පොරොන්දම් විස්තරය කඩදාසි කොළයක ලියා ලියුම් කවරයක දමා මෙහෙකරුවා අත යවා ගනුදෙනුවක් ගැනීම සිදු කළහොත් එය ශාස්ත්‍රීය අගෞරවයකි.පොරොන්දම් පරීක්‍ෂාවේ ඇතැම් කොටස් (ආයුෂ,ධනය,දරුඵල සමගිය සාමය ) කඩදාසි කොළයේ ලියා දැක්වීමෙන් පමනක් සේවාදායකයා වෙතට සංක්‍රමනය කිරීම අසීරුය.එමෙන්ම පොරොන්දම් පරීක්‍ෂාවට අදාළ ඇතැම් විස්තර කඩදාසියේ ලියා දැක්වීමද කළ නොහැක.එවැනි විස්තරයක් දීර්ඝ වශයෙන් ලියා දැක්වීමේදී එය විශාල හෑල්ලක් බවට පත්වී එහි සරල බව නැතිවී යයි.වෙනත් කෙනෙකු එය බලන විට තේරුම් ගැනීමද අසීරුය.එය ලියන ලද ජ්‍යොතිෂවේදියා මොලේ අමාරු කාරයකු පිස්සෙකු බවට හැගීමක් කියවන පුද්ගලයාගේ සිතට නැගේ.එබැවින් බුද්ධිමත් පලපුරුදු ජ්‍යොතිෂවේදීන් පොරොන්දම් පරීක්‍ෂාවේ වැදගත් කරුණු සේවාදායකයාට දක්වන්නේ කටවචනයෙනි.එයද හොදින් අවබෝධවන පැහැදිලි අයුරිනි.ඊට අදාළ සරල විස්තරයක් කෙටියෙන් ලියා දක්වයි.ගෙදර මෙහෙකරුවා අත පොරොන්දම් පරීක්‍ෂා කිරීම එවූ කාන්තාවට එහි ඇති අගති බව පෙන්වා දීම පිණිස පහත දැකවෙන විස්තරය ලියා කේන්දර දෙක ගෙනා මාමා අතම කාන්තාව වෙත යැව්වෙමි.
  "වෙන අයෙකු කඩේට යවා පැනඩෝල් පෙත්තක් පොල් ගෙඩියක්, පත්තරයක් ගෙන්වා ගන්නා අයුරින් පොරොන්දම් පරීක්‍ෂාව කිරීම සිදු කළ නොහැකිය.පවුලේ වැඩිහිටියකු පැමිණීම වඩාත් හොදයි."
   ගුරුවරියක් වූ කාන්තාව එදින හවස මා වෙත පැමිණ සවිස්තරව පොරොන්දම් පරීක්‍ෂා කරගෙන ගියාය.මමත් වැඩි අවධානයකින් උනන්දුවකින් එම කටයුත්ත කර දුන්නෙමි.

--------------------------------------------------------------------------------------------------------------------
මගුල් නැකැත් හැදීමට පෙර වයස බලන්න 
 තවත් දිනක් මැදිවයසේ කාන්තාවක් මා හමුවට පැමිණියේ ඇයගේ පුතුගේ විවාහයට සුභ නැකතක් සාදා ගැනීමටය.ව්වාහයට සුභ නැකතක් සාදා ගැනීමට පමනක් ඉල්ලීම කළ විට මා පොරොන්දම් පරීක්‍ෂාවේ විස්තර ඔවුන් සමඟ කතා බහ නොකලත් මගේ ආරක්‍ෂාව හා වෙනත් හේතූන් සලකා ගැලපීම හා වෙනත් අත්‍යාවශ්‍ය විස්තර සලකා බලයි.විවාහයට සුභ නැකතක් තේරීමට දුන් කේන්ද්‍ර දෙකේ තිබූ විශේෂ කරුණක් මගේ අවධානයට ලක්විය.මනාලියට වයස අවු 17 මාස 2ක් පමණ වූ අතර මනාළයාට වයස අවු 24ක් විය.
  "මෙතන ගෑනු ළමයගේ විවාහයට සුදුසු වයස සම්පූර්ණ නෑ නේද?අවු 18 පිරෙන තුරු ගෑනු ළමයින්ට කසාද බදින්න නීතියෙන් තහනම්නේ." මා පැවසුවෙමි.
  "ඒක ප්‍රශ්ණයක් වෙන්නේ නෑ විවාහ රෙජිස්ටාර් අපි හදුණන කෙනෙක්.එයාට කීයක් හරි දීල වයස වැඩි කරලා දා ගන්න පුළුවන්."
  " ඒ වැඩේ හරි නෑ මේක නීති විරෝධියි.මේ වගේ වයස සම්පූර්ණ නැති අයට මගුල් නැකැත් හදලා අපිටත් උසාවි ගානේ යන්න වේවි.ඔයගොල්ලන්ගේ දුවද පුතාද?"
  "අපේ පුතා.මේ දෙන්නා ය්ළු වෙලා ඉන්නේ."
  " යාළු වෙලා උනාට ගෑනු ළමයට වයස සම්පූර්ණ නොවීම ප්‍රශ්ණයක්.ගෑනු ළමයගේ වැඩිහිටියෝ මේ විවාහයට කැමතිද?කෝ ගෑනු ළමයගො පැත්තෙන් කවුරුවත් ආවේ නැද්ද?
  "(කල්පනා කරමින්) ගෑනු ළමයගේ ගෙදර අයත් කැමතියි.නැකැත් හදන්නේ ඉතින් පිරිමි පැත්තෙන්නේ ඒකයි මම ආවේ."
  " ඒ වුනාට මේ වැඩේට අතගහන එක අවදානම්.ගෑනු ළමයගේ පැත්තෙන් කැමතිද අකැමතිද කියලා මම අහපු එකටත් ඔයා උත්තර දුන්නේ හිතලා කල්පනා කරලා.අනේ තරහ වෙන්න එපා මේ වැඩේ මට භාර ගන්න බැහැ."
----------------------------------------------------------------------------------------------------------------------------------

තාත්තගේ අත්ගුණෙන් පුතා වැඩ ගැනීම
 "අත්ගුණය" යනු යම් කෙනෙකු අතගැසූ කාර්යයක් සාර්ථක වීමේ බලය පෙන්වන අදෘෂ්‍ය ශක්තියක් වැනි දෙයකි.ඕනෑම වෘත්තිය ක්‍ෂෙත්‍රයක් තුලින් මෙම අත්ගුණය ගැන විමර්ශනය කළ හැක.වෛද්‍ය,ඉංජිනේරු,නීතිඥ,විද්‍යා තාක්‍ෂණ,ඉදිකිරීම් .....ආදී සෑම ක්‍ෂෙත්‍රයක් තුලම මෙම "අත්ගුණය" ට වලංගුතාවක් ඇත.ජ්‍යොතිෂය රැකියාවක් ලෙස කරන්නන්ටද මෙම "අත්ගුණය" අනිවාර්ය වශයෙන් නොවුවත් ප්‍රමාණවත් ලෙසවත් පැවතිය යුතුය.
   පුද්ගලයාගේ යහගුණය සමඟ බැදී ඇති මෙම "අත්ගුණය" ඔහු විසින් සිදු කරන ක්‍රියාකාරකම් අනුව අඩු වුඩි වන බව පූර්වආචාරී මතයයි.පන්සිල් රකිමින් ආගමානුකූලව සම්‍යදෘෂ්ථියෙන් කටයුතු කරන්නන්ගේ අත්ගුණය වැඩිය.ඔවුන් සුභදායක කටයුත්තකට අතගැසූ විට සාර්ථක වීමට වැඩි නැඹුරුතාවක් ඇත.වැදගත් රැකියා වල නිරත අය මෙන්ම ගම්මාන වල සිටින ගොවිතැන් වැඩ වැනි කෘෂිකර්මාන්තයට සම්බන්ධ රැකියා කරන ගැමියන් අතරද සුවිශේෂී අත්ගුණයක් සහිත පුද්ගලයන් අපට හමුවේ.එවැනි අය ලවා තෙල් බේත් ටිකක් ගා ගැනීම,වී ඉසීම,පැල සිටුවීම ,... වැනි ක්‍රියා සිදුකිරීමෙන් වඩා වැඩි ප්‍රතිඵල ලැබෙන අවස්ථා ඇත.
    ඇතැම් අවස්ථාවලදී අත්ගුණය හා යහගුණය අතර පරස්පර විරෝථී සබදතා ඇති අයද දැකිය හැකිය.ලෝභ කමින් අනඑන්ගේ දේවල් කඩා වඩා ගනිමින් ධනය රැස් කරන ඇතැම් මුදලාලිලාගේ හොද අත් ගුණයක් ඇත.කේලම් කියමින් අනුන්ට ඉරිසියා කරමින් ඕපාදූප සොයමින් ගමවටා ඇවිදින කෝපි කඩේ අබිලින් වැනි ගැමියන් අප අතර එමට ඇති අතර කෙසේ වුවත් කෘෂිකාර්මික කටයුතු වලදී ඔවුන්ගේ අත් ගුණය අන්අය පරයා යන අවස්ථාද ඇත.
   මගේ මවගේ ගම්පළාතේ දැනට වසර හතළිහකට පමණ ඉහත සිටි මුදලාලි කෙනෙකු තමන්ගේ රබර් වත්තේ රබර් පැළ සමඟ දිනපතා සිදුකල අපූරු ගනුදෙනුවක් පිළිබදව අපගේ මව අප සමඟ පවසා ඇත.රබර් පැල වැඩෙන කාලයට උදෑසනම රබර් වත්තට යන මුදලාලි රබර් පැළ ආදරයෙන් අතගාමින්
 "අනේ... ඉක්මනට හැදියල්ල..හැදියල්ල හොදට හැදියල්ල" 
  යනුවෙන් රබර් පැළ වලට ආදරයෙන් ආමන්ත්‍රණය කරයි.කුණු ලෝභයකු වුවත් මුදලාලිගේ ආදර වදන් වලට අවනත වූවාක් මෙන් මුදලාලිගේ රබර් පැළ අනිත් වතු වල රබර් පැළ වලට වඩා ඉක්මනින් සරුසාරව වැඩෙන බව මව පැවසුවාය.රබර් ගස් වැඩී කිරි කපන කාල වලදීද උදෑසන රබර් ගස් ලඟට ගොස්
 "අනේ උඹලා මට හැමදාම පොල් කට්ටට සත පහ ගානේ රබර් කිරි දෙනවා.උබලා මට දරුවො වගේ බං, තව හොදට කිරි දීපල්ලා."
  යනුවෙන් ආමන්ත්‍රණය කරයි.මසුරෙකු වුවත් රබර් මුදලාලි තමන්ට ආදායම ලබා දෙන ගහට කොළට ආදරයෙන් සැලකුවේය.රබර් ගස්ද මුදලාලිගේ ආදර බස් වලට අවනත වූවාක් මෙන් ආදයම ලබාදෙයි.මෙයත් එක්තරා අයුරකින් අත්ගුණයක් නොවේද?
  සුභ කටයුතු වලට මෙන්ම අසුභ පවුකාර කටයුතු වලදී වැඩි සාර්ථකත්වයක් ඇති මිනිසුන්ද අතරින් පතර දැකිය හැකිය.ගුණය කෙසේ වෙතත් ඔවුන් අත ගසන වැඩද අති සාර්ථකවේ.අප කුඩා කාලයේ අපගො ගම්මානයේ විසූ මාළු මුදලාලි කෙනෙකු වූ ඩේවිඩ් මුදලාලි(මෙය ඔහුගේ සත්‍ය නම නොවේ.)මෙම කොටසට අයත් වූවෙකි.අද කාලයේ මෙන් ට්‍රෝලර් බෝට්ටු නොතිබූ එකළ මසුන් ඇල්ලීමට භාවිතා කලේ මාදැල් ක්‍රමයයි.මාදැළ එලීමට ප්‍රථම මුහුදු වෙරලේ කිලෝමීටර භාගයක් පමන මුහුදු වෙරළේ එහාට මෙහාට යමින් ඈත දියඹ දෙස බලමින් නිරීක්‍ෂණයක නිරත වන ඔහු
    "ඒයි මෙහාට වරෙල්ලා මෙන්න මේ හරියේ දියඹේ හාල්මැස්සෝ රැනක් ඉන්නවා වගේ.මේ හරියෙන් දැළ දාන්න පටන් ගනිල්ලා."
  යනුවෙන් ස්වකීය ගෝලබාලයන්ට අණ කරයි.මාදැළ එළිමට ප්‍රථම දැළ අතින් අල්ලා අහස දෙස බලමින් විනාඩි 10 ක් පමණ අමුතු බාසාවකින් මොන මොනවදෝ මතුරමින් කන්නලව්වක් කරන අතර ඉන්පසු "හා දැන් දැළ දාපල්ලා" යනුවෙන් මොර ගසයි.ගෝලයන්ද එවිගසින් මාදැළ එලීම ආරම්භ කරයි.ඩේවිඩ් මුදලාලි මාැළ එළීමට ප්‍රථම අහස දෙස බලමින් කන්නලව්ව සිදු කරන විට කව්රුන්වත් ඔහු අසළ නොරැදෙයි.වරක් අයියාත් මමත් මාදැළ එළිමට ප්‍රථම ඩේවිඩ් මුදලාලි මතුරන්නේ කුමක්දැයි දැන ගැනීමට ඔහු අසලට ගිය අවස්ථාවක අපට ඔහුගෙන් හොද කුණුහරුප සංග්‍රහයක් ලැබුණු හැටි තවමත් මතකය.(එසේ වුවත් ඩේවිඩ් මුදලාලි නපුරෙකු නොවේ.)
   ඩේවිඩ් මුදලාලි පැවසූ ලෙසම ඔහු අනුමාන කළ ස්ථානයෙන් මාළු රැනක් එළෙසම මා දැළට හසුවේ.ඇතැම් දිනවල
 "අදනම් මේ හරියේ මාළු නෑ.බොරුවට දැළ දාලා වැඩක් නෑ අතෑරල දාලා හෙට එමු."
  යනුවෙන් පවසා මාදැළ නොඑලා සිටී.වෙනත් මාදැල් එළන්නන් එදින දැළ දැමුවත් ඔවුන්ටද අස්වැන්නක් නැතපවුකාර වැඩක් වුවත් ඩේවිඩ් මුදලාලිද ඒ අතින් එක්තරා අන්දමක "අත ගැසීමේ සාර්ථකත්වයක් ඇත්තෙකුය.
     නැකැත් සෑදීම වැනි ජ්‍යොතිෂ කටයුතු වලදී එහි උපරිම සුභඵල ලැබීමට කේන්ද්‍ර හිමියාගේ වාසනා බලය මෙන්ම ජ්‍යොතිෂවේදියාගේ අත්ගුණයද බලපාන බව කියයි.නමුත් කේන්ද්‍ර හිමියාගේ වාසනා බලය මෙහිදී ප්‍රධානම වන බව නැවත කිව යුතුය.පවුකාර දුෂ්ශීලී මිනිසකු සදහා සෑදෙන සුභ නැකතක්(නිවසක් ඉදිකිරීම සලකමු) සාර්ථක වීමට වඩා පින්වත් සිල්වත් ගුනවත් අය වෙනුවෙන් සාදන නැකැත් සුභඵලදේ.
   තාත්තා හදිසියේ අසනීප වීම නිසා තනිව ජ්‍යොතිෂ කටයුතු කළ මුල් අවදියේ මාහටද මෙම අත්ගුණ ගැටළුවක් මතුවිය.තාත්තා සාදන නැකැත් වලට වඩා මා සාදන නැකැත් වල සාර්ථක ඵල අඩුවීමක් හා ප්‍රමාද වීමක් ඇති බව මා හටම වැටහුණි.නිවාස ඉදිකිරීම් වැනි නැකැත් වලදී මෙම තත්ත්වය වැඩි වශයෙන් සිදු විය.ඉතා ප්‍රවේශමෙන් හා කල්පණාවෙන් යුක්තව ශාස්ත්‍රීය අයුරින් නැකැත් සාද ාදුන්නත් තාත්තා සාදන නැකැත් මෙන් නොව මගේ නැකැත් වල ඵලදීම අඩු විය.තාත්තාගෙන් ජ්‍යොතිෂ වැඩ කරගත් විශාල පිරිසක් මෙම හේතුව නිසාම මා හට අහිමි විය.මා විසින් සෑදූ ගෙවල් නැකැත් වල වැඩ කටයුතු සිදුවන ආකාරය සොයා බැලීමට තරම් කලබලයට පත්වූ කාලයක් එකළ විය.අවසානයේ වෙන කරන්නට දෙයක් නොමැතිව නැකැත් කොළය භාර දීමට ප්‍රථම තාත්තාගේ අතට දී අතගස්වා සේවාදායකයාට බාර දීම සිදු කළේය.මා විශ්මයට පත්කරමින් එලෙස භාරදුන් නැකැත්වල වැඩි සාර්ථකත්වයක් ඇති විය.මා තවමත් මෙය සිදු කරමින් සිටදන නමුත් තාත්තා නැති කාලයකදී මා අත්ගුණයක් ගන්නේ කොහොමදැයි මා වරින් වර සිතයි.ඉතා සිල්වත් ගුණවත් පුද්ගලයකු වූ මගේ පියා සතුව විශාල අත්ගුණයක් ඇත.අමාවක පෝය දිනකදී වුවත් ඔහුට සාර්ථක සුභ නැකතක් ලබා දීමට හැකි බව මා හොදින් දනී.මේ පිළිබදව ඔහුගෙන් විමසූ විට ඔහු කියන්නේ සරල දෙයකි.
  "මටත් උඹ විතර කාලෙදි ඔය ප්‍රශ්නේ ආවා.මමත් ඒ දවස්වල වැඩ කලේ තාත්තාගේ අත්ගුනෙන්(ඔහුගේ පියාද ජ්‍යොතිෂවේදියකි.).උඹටත් ඕක කාලයක් යනකොට හරියාවී."
   පුද්ගලයකුගේ ජන්ම කේන්ද්‍රයේ හතර අධිපතියා බලවත් වීම හා චන්ද්‍රයා බලවත් වීම "අත්ගුණය" පිහිටන ග්‍රහ පිහිටීම් ලෙස ජ්‍යොතිෂයේ දැක්වේ.හතර වැන්නෙන් භූමිය නියෝජනය කෙරෙන අතර හතර අධිපතියා බලවත් වීම පොලොව සම්බන්ධ වැඩකටයුතු වලදී සාර්ථක ප්‍රතිඵල ලැබේ.නිවසකට අත්තිවාරම් දැමීමේදී හතර අධිපතියා බලවත් අයකු අතින් නිධන් ගල තැබීම යහපත් බව කියයි.කෙසේ වුවත් නැකැත් සීහුමද නිධන් ගල තබන්නාට ගැලපිය යුතුය.චන්ද්‍රයා බලවත් අයට වතුරෙන් ලැබීම ඇති බවත් සදු හතරේ බලවත්ව පිහිටීම අත්ගුණය හොද බවත් කියයි.මීට අමතරම ජන්මියාගේ බලවත් ග්‍රහයන්ගේ ස්වභාවය අනුව ඔහුට යාදෙන ක්‍ෂෙත්‍රය තීරණයවේ.

15 comments:

Anonymous said...

අපිටත් ඉස්සරහට ඕනෙ වෙයි...!

සයුරි said...

අත් ගුණය නම් මාත් විශ්වාස කරන දෙයක්...මටනම් ඉතින් විශේෂ අත් ගුනයකුත් නැහැ..නුගුණය කුත් නැහැ..

මාරයාගේ හෝරාව said...

කතාව ඇත්ත...

Anonymous said...

mage puthage 6ye kuthu kuja.7 chandra.8sikuru budaravi shani.12guru rahu.chennai wala hawasa 4.04 ta ipadune.kala sarpa yogaya thiyenawada?godak apala kendrayakda?eka eka aya eka ekawidihata kiyanawa,pilithurak denna.

jhothishalanka said...

@Anonymous
විස්තර මදියි උපන් දිනය වේලාව ස්ථානය සියල්ල එවන්න ඉතාම කෙටියෙන් හෝ යමක් පවසන්නම්

ranjith said...

මම අලුත් කෙනෙක් අදයි මම මේක දැක්කෙ වෙනිගෙ බොලොග් එකෙන්. දිගටම බලන්නම්

Anonymous said...

මහත්මයා,

සමාවෙන්න මෙම ගැටලුව මෙතන විමසනවාට.
මෙන්න මේ ලිපිය ගැන අදහස මොකක්ද ඔබේ?

සරත් ෆොන්සේකාට 2013 තීරණාත්මකයි
http://www.gossip9.com/2011/12/2013.html

ඔබට සරල,පැහැදිලි විග්‍රහයක් කරන්න පුලුවනිද මේ ගැන?

ස්තුතියි ඔබට.

-Nathan-

jhothishalanka said...

@Nathan
DDDDDDDDDDDDDDDDDDDDD................

Anonymous said...

මහත්මයා,

ඔබ එය විශ්වාස කරන්නේ නැද්ද?ෆොන්සේකා ජෙනරාල්වරයාගේ කේන්ද්‍ර සටහන නැද්ද ඔබ ලග.
මා ඉහත ගැටළු ඔබෙන් විමසන්නේ,ඔබ දේශපාලනයෙන් තොරව පිළිතුරු දෙතයි යන බලාපොරොත්තුව ඔබ කෙරේ මාගේ ඇති නිසා.

පැහැදිලි පිළිතුරක් දෙන්නේ නම් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබට.
කදිමයි නිදහස් නම් දීර්ඝ විග්‍රහයක් වුවද.

-Nathan-

Anonymous said...

aiye mage 4 chandraya innawa.eeth mama polawata sambanda weda nawei karanne. mama neetiya egena gannawa.12 guru saha rahu ekata innawa..12 keyanne maraka esthanaya neda. ehema pehiteemak tiyana ayata geewath wena raten pita wetharai neda hari yanne??? mama astro poth keyawanawa eeth thawama loku denumak ne.

amila

Kumar Wellalage said...

ඔබගේ ලිපියට අනුව ඔබේ පියා ට මැජික් ''ටච් එකක්'' ඇත. ශාස්ත්‍ර වැඩක් නැත. ඔබ දන්නා ශාස්ත්‍ර වැඩ කරන්නේද නැත. අධෝමැයි.
ඔබගේ ලිපි කියවන අය ට වැරදි අදහස් ඇති කරවයි.
ඒවා අනෙක් ශාස්ත්‍රවන්තයන් ද ඔබ හා ඔබේ පියා වගේ යැයි අදහසක් ඇති කරවයි.
අනෙක් ශාස්ත්‍රවන්තයන් ද ශාස්ත්‍ර නොදන්නා, විවිධ උපක්‍රම විශේෂයෙන් භූත හා නොපෙනෙන බලවේග වලට යටත්ව ක්‍රියාකරන අය බවට‍ වැරදි අදහසක් මතුකරයි. මෙය භයානක අපරාධයකි.

jhothishalanka said...

@Kumar Wellalage
මා අත්ගුණය යනුවෙන් අදහස් කල දෙය ඔබ වැරදියට වටහා ගෙන ඇත.ඔබ දන්නා අයුරින් "අත්ගුණය" යන වදනට අර්ථයක් දක්වන්න.එහෙම දෙයක් නැහැ කියලා කියන්න එපා ඔන්න.

Kumar Wellalage said...

මා අත් ගුණයක් ගැන කතාකර නැත.
ඉතින් මම කවරක් අත් ගුණය ගැන අර්ථ දක්වන්නද?
ඔබ අත් ගුණයක් ගැන කතාකරයි එබැවින් ඔබ අර්ථ දැක්විය යුතුය.

Anonymous said...

අත් ගුනය සදහා චන්ද්‍රයා බලවත් වීම පමනක් සැහේද???

Unknown said...

පුලුවන්නම් ග්රහ බල අවස්ථා ගැන ලිපියක් පල කරන මෙන් ඉල්ලා සිටිමු...............ඔබට පින්

Related Posts Plugin for WordPress, Blogger...