Saturday, December 3, 2011

සරත් ෆොන්සේකා හා 2013

    මේ දිනවල බොහෝ දෙදෙනක් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පිළිබදව කතාබහ කරති.ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රය අනුව ඉදිරියේදී එතුමා මුහුණ දිය හැකි යැයි අනුමාන කල හැකි දේවල් කුමක්දැයි බොහෝ දෙනා මාගෙන්ද විමසා ඇත.ප්‍රථමයෙන්ම කිව යුත්තේ බ්ලොග් එකක් ලිව්වත් මා ප්‍රවීනම ජ්‍යොතිෂවේදියකු නොවන බවය.වයසින් මුහුකුරා යන විට විවිධාකාර අත්දැකීම් හා බලවේග අනුව ජ්‍යොතිෂවේදියාගේ හැකියාවන් වර්ධනය විය හැකි වුවත් ජ්‍යොතිෂය යනු ප්‍රමාණවත් අයුරින් මිස අනිවාර්ය අයුරින් භාවිතා කල යුතු ශාස්ත්‍රයක් නොවේ.ඇත්තටම මා දන්න අයුරින් ජ්‍යොතිෂයෙන් 100% ක් සාර්ථක අනාවැකි පල කල හැකි නමුත් ජ්‍යොතිෂවේදියකුට 100% ක් සාර්ථකව අනාවැකි පල කල නොහැකිය.ජ්‍යොතිෂවේදියාගේ වරදින් බොහෝ අනාවැකි වරදී.බොහෝ ජ්‍යොතිෂවේදීන් මෙම සත්‍ය සඟවා තමන් වැඩකරු බව පෙන්වීමට ගොස් තමාවත් ජ්‍යොතිෂයත් දෙකම අගෞරවයට පත් කරති.අනුන්ට මාරක අපල කරදර ගැන කියන බොහෝ ජ්‍යොතිෂවේදීන්ට තමුන්ට හෙට දිනයේ කුමක් සිදුවේද යන්න පවා දැන ගත නොහැකි බව කිව යුතුය.

  "මහත්තයෝ මගේ  කේන්දරේ හැටියට මට ආයුෂ කොච්චර තියේවිද?"
 ඇතැම් අය මගෙන් අසන විට මා දෙන්නේ සරල පිළිතුරකි.
  "ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව කෙනෙකුගේ මාරක අපල යෙදිය හැකි කාල සීමාවන් ආයුෂ පැවසිය හැකි නමුත් ඒ පිළිබදව ඉතා හොදින් දැනුවත් අය ඉන්නේ ඉතාම සුළු වශයෙන්.අඩු ආයුෂ කේන්ද්‍ර දුටුවත් ජ්‍යොතිෂවේදීන් ඒ ගැන නොපවසන්නේ මානුෂික හේතූන් සලකා.ඇත්තටම මට කෙනෙකුගේ කේන්දරේ බලලා ආයුෂ ගැන කියන්න තරම් ප්‍රමාණවත් දැනුමක් නැහැ.එහෙම පුළුවන් කමක් තිබුනනම් මම සේරම වැඩ නවත්තලා මුලින්ම බලන්නේ මගේ ආයුෂ ගැන.ඊට පස්සේ තමයි අනිත් අයගේ ආයුෂ ගැන බලන්නේ."
--------------------------------------------------------------------------------------------------------------

 ෆොන්සේකා මහතාගේ කේන්ද්‍ර සටහන ගැන විග්‍රහ විමර්ෂණ කිරීමට පෙර පැවසිය යුතු යමක් ඇත.එය ප්‍රථමයෙන් සදහන් නොකළහොත් වසරකට අධික කාළයක් කිසිදු දේශපාලන පක්‍ෂයකට වහල් නොවී ලියැවුනු මෙම බ්ලොගය පිළදබදව පාඨකයන් වැරදි වැටහීමක් ලබා ගනු ඇත.
   මහා පිළලයක් ලෙස වසර 30ක් පුරා අප රටේ පැවති යුද්ධය නිමා කිරීමේ ගෞරවය ජනාධිපති තුමාට මෙන්ම ජනරාල් සරත් ෆොන්සේකා මහතාටද එකසේ ලැබිය යුතුය.යුද්ධය පැවති කාල වකවානුවල මුහුණ දීමට සිදුවූ බාධක ගැන නැවත මෙනෙහි කරන විට මේ දෙදෙනාම එක්ව හා වෙන් වෙන්ව ගත් තීරණ නොවන්න යුද්ධය ජය ගැනීම අසීරු වනු ඇත.මේ වනවිට සරත් ෆොන්සේකා මහතා පත්වී ඇති තත්ත්වය මැදිහත් ශ්‍රී ලාංකියන් වන අපගේ සිතට මහත් වේදනාවක් දුකක් දැනුනත් දෙදෙනා අතර විරසක වීමේ ආරම්භය ගැන සොයා බලන විට ෆොන්සේකා මහතා උවමනාවෙන් කරදර වලට පැටලී ඇති බවක් පෙනී යයි.
   සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කලේ කුමණ හේතුවක් නිසාදැයි මෙය ලියන මටත් කියවන ඔබටත් වටහා ගැනීමට හැකිවී නැත.මේ දක්වා පෙනී ගිය කරුණු අනුව ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමට හේතු ලෙස පහත දැක්වෙන හ්තු දැක්විය හැක.
   * ඇත්තටම රටට ජාතියට ආදරය කිරීම හා ජනතාවට වැඩි සේවයක් ඉටු කිරීමට සිතීම
   * ජනාධිපති බවට පත්වූ විට ලැබෙන හා විදීමට හැකි වරප්‍රසාද බලයට ඇති කෑදර කම නිසා
   * ජේවීපී හා යූඑන්පී කාරයන් එක්වූ එතුමාව බළෙලෙකු කොට කොස් ඇට බෑවීමට ඇටවූ උගුලේ එතුමා හසුවීම
 
  සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඉහත දැක්වූ හේතු වලින් කුමක් අරඹයාද යන්න වටහා ගැනීමට තවමත් කිසිවෙකුත් සමත් වී නැත. ලේකකයාගේ පෞද්ගලික හැගීම අනුව නම් සරත් ෆොන්සේකා මහතා අඩුම තරමින් තවත් වසර 6ක් වත් ඉවසිය යුතුව තිබුනි.යුද්ධය ජයගන්නා අවස්ථාවේදී රටේ නායකව සිටි ජනාධිපතිවරයාට මෙන්ම එවිට හමුදාපති වරයාව සිටි තමාට මුළු රටම ගරු කරන විට හදිසියේ ජනාධිපති වරයාට විරුද්ධව යෑම ඇඟට ගුණ නැති බව කොයි කාටත් වැටහිය යුතුය.නමුත් ආණ්ඩු පෙරලීමට මාන බලමින් සිටි පිරිසකගේ පෙලඹවීම මත එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.වසර විසි තිස් ගානක් රජකම් කිරීමට මාන බලමින් සිටින කපටි තෙපරාදු දේශපාලඥයන් පවා දින 45 ක දේශපාලඥයකු වන තමාව පෙරමුණට දමන්නේ ඇත්තටම තමාට ඇති ලෙන්ගතු කමටදැයි වටහා ගැනීමට එදා එතුමාට නොහැකි වී ඇත.සරත් ෆොන්සේකා මහතාව අද සිටින තත්ත්වයට ඇද දැමූ අය අද එතුමා ලගින්වත් නැත.ඉදහිට ලංවී කෑ කෝ ගැසීම් කරන්නේද බලය ඇල්ලීමට මිස එතුමා කෙරෙහි කරුණාවෙන්ද යන්න සැක සහිතය.සත්‍ය වශයෙන්ම වර්තමාන රජය උපාධිදාරීන්ට හා දුප්පත් ජනතාවට දක්වන අඩු සැලකිල්ල අනුව බලන විට දේශපාලඥයන් අතර පොරයෙන් වැඩිපුර තුවාල වන්නේ ජනතාවටය යන්න අද වන විට සනාථ වෙමින් ඇත.නමුත් එසේය කියා අසරණ අපි කවුරුන් විශ්වාස කරන්නද සමහර විට ෆොන්සේකා මහතා වඩාත් හොද වන්නටත් ඉතාම නරක වෙන්නත් පුළුවන.(දැන් අහයිද දන්නේ නෑ ඇයි ඒක කේන්දරෙන් පේන්නෙ නැද්ද කියලා)
         සරත් ෆොන්සේකා මහතා දෙවන වර සිරගතවීමට හේතුවූ සුදු කොඩි කතන්දරය පැවසීම එතුමා කල බරපතළම වරදකි.එය කලේද වටේ සිටි අයගේ පෙළඹවීමෙනි.යටත් වී එන කොටි සුදු කොඩි රැගෙන ඒම හා උන්ට වෙඩි තැබීම සත්‍ය වූවායැයි සිතමු.ඇත්තටම අපේ රට එවකට පත්ව තිබූ තත්ත්වය අනුව එය එසේමම සිදුකළ යුතු වැඩකි.ත්‍රස්තවාදීන් අල්ලා උසාවි දැමීමක් එදා කලානම් කොහොමට හිටීද?තමා විසින් පැවසූ කතාවෙන් තමාටද අපකීර්තියක් ජනතාවගෙන් එල්ල විය හැකි නිසා දෙවන වර කතාව වෙනස් කරන ලෙස ලගින් සිටි අනුර කුමාරලා මංගල සමරවීරලා කිව් පරිදි සුදු කොඩි කතාව
   "යුද්ධයේ අවසන් කාල පරිච්චේදයේදී සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිනෙන කොටි නායකයන්ට වෙඩි තබන මෙන් අහවලා විසින් අහවලාට අණ දුන් නමුත් එම අණ ක්‍රියාත්මක නොවුනි.කොටි නායකයන් මිය ගියේ යුධ පිටියේදීය.සුදු කොඩි කතාව මට කිව්වේ 58 වැනි සේනාංකය සමඟ ගමන් කල මාධ්‍යවේදියෙක්"
      යනුවෙන් වෙනස් කලේය.ෆොන්සේකා මහතා දෙවන වර සිර ගතවූයේ මෙලෙස "ජනතාව කලබල වන කටකතාවක්" මාධ්‍ය ඔස්සේ හා රැස්වීම් වල ප්‍රකාශ කිරීමේ වරදටය.ඇත්තටම මෙය ඉල්ලාගෙන කෑමක් නොවේද?යූඑන්පී හා ජේවීපී කාරයන් එක්වී ෆෙඩ්රිකා ජෑන්ස් නැමැති අය එක්ව ආණ්ඩුවට කැපූ වලේ වැටුනේ අහක හිටි සරත් ෆොන්සේකා මහතාය.දුර දිග නොබලා ප්‍රකාශ කිරීම් කරන්නන් දේශපාලනයට නුදුසුදු බව විදහා දක්වමින් සුදු කොඩි කතාවෙන් තමා දේශපාලනයට නුසුදුසු අයකු බව ෆොන්සොකා මහතා  ජනතාවට ඒත්තු ගැන්වූයේය.
-----------------------------------------------------------------------------------------------------------------
 සරත් ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍ර සටහන විමසීමට ප්‍රථම තවදුරටත් එතුමාගේ ජීවිතයේ වැදගත් සිදුවීම් පෙළ ගස්වා බලමු.

  උපත - 1950 දෙසැම්බර් 18 උදේ 2.04 ට පමණ අම්බලන්ගෙඩදි උපත ලැබීම
  අධ්‍යාපනය - මඩවලලන්ද විද්‍යාලය ,අම්පාර (1955-1957)
                  ධර්මාශේක විද්‍යාලය ,අම්බලන්ගොඩ (1958 -1965 )
                   ආනන්ද විද්‍යාලය ,කොළඹ (1966 -1969)

 විශේෂ සිදුවීම්
    * 1970 පෙබරවාරි 5 දින කෙඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදීම
    * 1971 ජුනි 01 දින දෙවන ලුතිනන් වරයෙකු ලෙස සිහ රෙජිමේන්තු නිලධාරියකු වීම
    * 1993 දී බිගේඩියර් තනතුරට උසස් වීම
    * 1998 පෙබරවාරි 23 මේජර් ජනරාල් තනතුරට උසස් වීම
    * 2000 දී යාපනය වන්නි ආඥාපති තනතුරට පත්වීම
    * 2004 දී නියෝජ්‍ය ආරක්‍ෂක මාණ්ඩලික තනතුරට පත්වීම
   * 2005 දෙසැම්බර් හය වැනි දින ශ්‍රී ලංකායුධ හමුදාවේ 18 වැනි හමුදාපති වරයා ලෙස පත්වීම
  * 2006.4.25 දින එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා දිවි ගලවා ගැනීම.
  * 2008 දී හමුදාපතිවරයා ලෙස ජනතාව අමතමින් මින් මතුවට වේලුපිල්ලේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියාට මහා වීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බවත් කොටි ත්‍රස්තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයෙකුට  ඉතිරි නොකරණ බවත් පැවසීම හා ඒ කිව් ලෙසම 2009 වසරේ මැයි මාසයේදී ත්‍රස්තවාදීන් වැනසීමට හමුදාපතිවරයා ලෙස දායක වීම
  * 2009 වසරේදී ආරක්‍ෂක මාණ්ඩලික නිලධාරී තනතුරට පත්වීම
  *මාස 4 ක කෙටි කාලයකදී සියළු බලතල අතහැර විශ්‍රාම ගැනීමට හේතු 16 ක් ජනාධිපතිට ලිපියකින් දන්වා 2009.11.16 දින වසර 30 ක හමුදා සේවයෙන් විශ්‍රාම යාම.

 * 2010.01.26 දින ජනාධිපතිවරණයේදී හංසයා ලකුණින් එජාප හා ජවිපෙ සහාය ඇතිව පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වී 47% ක මනාප ප්‍රතිශතයක් ලබා දෙවන ස්ථානයට පත්වී වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පරාජය වීම.එම මැතිවරණ ප්‍රතිඵල ෆොන්සේකා මහතා ප්‍රතික්ෂේප කලේය.

 * මැතිවරණ පරාජයෙන් පසු හමුදා සේවයේ සිටියදී කරන ලද මිලදී ගැනීම් හා හමුදා සේවය හැරගිය සෙබළුන් ආරක්‍ෂා කිරීමේ චෝදනා මත 2010.02.08 දින හමුදා අත්අඩංගුවට පත්වූ අතර හමුදා භාරයේ සිටියදීම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මනාප 98000 ක් පමණ ලබමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම.

 * 2011 නොවැම්බර් 18 වැනි දින ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ විභාග වූ සුදු කොඩි නඩුවේ චූදිතයකු වෙමින් "ජනතාව කලබල වන කටකතා ප්‍රකාශයක් මාධ්‍ය වලට හා දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ" චෝදනාව යටතේ වරද කරුවෙකු වෙමින් වසර තුනකට සිරගත වීම.

--------------------------------------------------------------------------------------------------------
පොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රයේ දළ සටහනක්.


 1950 දෙසැම්බර් 18 උදේ 2.4 ට අම්බලන්ගොඩදී උපත

 තුලා ලග්නය තුලා නවාංශකය
 රේවතී නැකත , දෙවන පාදය
 බුධ මහ දශා ශේෂය වර්ෂ 12 මාස 01 දින 22යි.


 ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රයේ ඇති ප්‍රධාන බලවත් යෝග

 * කුජ(අඟහරු) හතර වැන්නේ උච්චව යෙදෙන "රුචක " නම් බලවත් පංච මහා පුරුෂ යෝගය
 * රවිගෙන් දෙකේ සදු හැර වෙනත් ග්‍රහයකු (කුජ) සිටීමෙන් යෙදෙන "වෙශි" යෝගය
 * රවි බුධ යෝගවී යෙදෙන "නිපුන" හෙවත් "බුධ ආදිත්‍ය" යෝගය
 * රවි හැර වෙනත් ග්‍රහයකු (ගුරු) සදුගෙන් දොලොස් වැන්නේ සිටීමෙන් යෙදෙන "අනඵා" යෝගය
 * ඕනෑම රාශි පහක සියළුම ග්‍රහයන් පිහිටීමෙන් යෙදෙන "පාශ " යෝගය
 *සිකුරු ශනි කේතු අනෝ‍යානය වශයෙන් කේන්ද්‍රගතවී යෙදී ඇති "තපස්වි" යෝගය
 * ලග්නාධිපති සිකුරු හා නවය අධිපති බුධ යෝගයෙන් යෙදී ඇති "වාසුමතී" යෝගය
* සදු ග්‍රහයා රාහු කේතුගේ අංශක 180 න් පැන කාල සර්ප යෝග හීන කරමින් කීර්ති යෝගයක් ඇති කිරීම
 * රාජ යෝග රාජ සම්බන්ධ යෝග හා විපරිත රාජ යෝගයක් පිහිටා ඇතත් ලග්නාධිපති සිකුරු හට සතුරු වූ ශනිගේ දෘෂ්ඨිය සදු මතට වැටීමත් 6 වැන්නේ පාපී ග්‍රහයකු වූ රාහු තැන්පත් වීමත් ප්‍රභල රාජ යෝග භංග යෝගයකි.(රාජ යෝග බලය නැති කරයි.)

 ෆොන්සේකා මහතාගේ කේන්ද්‍රයේ පිහිටි බලවත්ම යෝග අතරින් කුජ උච්චව යෙදී ඇති රුචක යෝගයයි.සාමාන්‍යයෙන් රුචක යෝගය බලවත්ව පිහිටීම හමුදා පොලීසි වැනි ආරක්‍ෂක අංශ වලට යෙමුකර උසස් නිලතල ලබාදෙන යෝගයකි.ජනාධිපතිවරණය තෙක් එතුමා හමුදා ජීවීතය ගතකල කාලයේ රටේ ඉහළම හමුදා තනතුර ලබා ඇත.එමෙන්ම උපතේදී අඟහරු බලවත් අයව ලේසියෙන් හිරේ විලංගුවේ දැමීම ඉතා අසීරු බවත් නීති ප්‍රශ්ණ මතුවීම අඩු බවත් සාමාන්‍ය ජ්‍යොතිෂ මතයයි.එමෙන්ම ෆොන්සේකා මහතාගේ උපන් කේන්ද්‍රයේ බලවත්ම ග්‍රහයකු වූ අඟහරු මහ දශාවේදී එතුමා හිරේ විලංගුවේ වැටීම ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට පටහැනි නොවේදැයි ජ්‍යොතිෂය විශ්වාස කරන මෙන්ම විශ්වාස නොකරණ අයද ප්‍රශ්ණ කරති.නමුත් මෙහිදී අඟහරු(කුජ) මහ දශාවේ අතුරු දශා කාල සදහා දක්වා ඇති සිද්ධාන්ත පිළිබදව මෙන්ම කාල චක්‍ර හා කාල චක්‍ර දශා පලාඵල ගැන උගත් අයට ෆොන්සේකා මහතා මුහුණ දුන් සිද්ධි පුදුමයට කරුනක් නොවේ.මා විසින් මෙසේ කියන විට
   "ඔව් ඉතින් සිද්ධියක් වුනාට පස්සේ කේන්දර කාරයන්ට බැරියැ මොකක් හරි ග්‍රහයෙක් ගැන කියලා ඒක සිද්ධ වුනේ මෙන්න මේ හින්ද කියලා කියන්න.ඔය කේන්දර කාරයෝ ඔච්චර හපන්නු නම් ඕව කියන්න ඕන සිද්ධවෙන්න කලින්"
   වැනි උපහාසාත්මක සිතුවිල්ලක් පහළ විය හැකිය.කාල චක්‍ර හා එම දශා ක්‍රමය පිළිබදව මගේ දැනුම ප්‍රමාණවත් නොවන නිසා හා නොදන්නා දේ ගැන කතා කිරීම මා නොකරණ නිසා දැන උගත් විංශෝත්තරී දශා ක්‍රමයෙන් කරුණු දක්වන්නම්.
   ෆොන්සේකා මහතාගේ දෛව ක්‍රියාවට සුවිශේෂී ලෙස බලපෑ අඟහරු මහ දශාව එතුමාට ලැබුවේ වයස අවු 55 දී පමණය. අඟහරු උපතේදී කේන්ද්‍ර ගතව උච්ච බලයෙන් සිටින අයට අඟහරු මහ දශාවේ මුල් කොටස වූ අඟහරු අතුරු දශා කාලය තනතුරු බලය වැඩි කරන බව කියැවෙන ජ්‍යොතිෂ සිද්ධාන්ත පසක් කරමින් ෆොන්සේකා මහතා 2005.12.6 වැනි දින හමුදාපති ධූයට පත්විය.ඒ වනවිට ෆොන්සේකා මහතාට අඟහරු මහ දශාව ලැබීමට තිබුනේ දින කිහිපයකි.විංශෝත්තරී මහ දශාවලදී දශා ඵල උදාවීම මහ දශාව ලැබීමට පෙර සිටම ඉස්මතුවේ(අයිස්ක්‍රීම් ලොරියක් ඈත සිටම එනවිට සුවද දැනෙනසේ.)කෙසේ වුවත් ලෙයට අධිපති අඟහරුගේ මුල් අතුරු දශාව තුවාල අනතුරු ආදියෙන් ලේ සෙලවීම් ඇති කරයි.එමෙන්ම එතුමාට බරපතළ තුවාල සිදු කරමින් එල්ටීටීඊ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වූ 2006 අප්‍රේල් 25 දිනයේ එතුමාගේ ජන්ම කේන්ද්‍රයේ හයවැන්නේ(සතුරු ස්ථානය හා යටිබඩ නියෝජනය කෙරෙන ස්ථානය.) පිහිටි රාහු සදු සංයෝගය එලෙසම යෝග වී ඇත.
    සාමාන්‍යයෙන් අරක්කු බීපු ගමන්ම මිනිසුන් වෙරි වන්නේ නැත.එයටද යම් කාලයක් ගතවිය යුතුය.අඟහරු වැනි මහ දශාවක නියම ඵල ලැබෙන්නේ එය පදම් වන මහ දශ්වේ මැද කොටසේදීය.2008 වන විට මෙම සටන්කාමී ග්‍රහ ලොව සෙන්පති කුජ ග්‍රහයගේ මහදශාවේ මැද කොටස ගත කරමින් සිටි ෆොන්සේකා මහතා අභීත සෙන්පතියකු ලෙසින් යුධ බිමේ යුතුකම් ඉටු කොට ත්‍රස්තවාදීන් පරාජය කිරීමට දායක විය.කුජ ග්‍රහයා දෙවැන්නාධිපති නිසා ඔහුගේ වචනයද දැඩි විය.කොටි ප්‍රශ්නය තවත් හමුදාපති වරයකුට ඉතිරි නොකරන බව පැවසූ පරිදිම ඉටු කලේය.එමෙන්ම 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමටද අඟහරු මහ දශාව බලපා ඇත.

 ලංකාව යුධ ජයග්‍රහණ ලබන විට තුලා ලග්න හිමි ෆොන්සේකා මහතාගේ යෝගකාරක ශනි 11 වැන්නේ බලවත්ව සිටියත් 2009 සැප්තැම්බර් 10 සිට ශනි 12 වැන්නේ ඒරාශ්ඨක අපල විය මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාටත් මේ වන විට ශනි අපල තිබූ නමුත් ෆොන්සොකා මහතාට ශනි ඒර්ශ්ඨකය ලැබූ මුල්ම කාලයේදී ඔහු හමුදා සේවයෙන් ඉවත් වී දේශපාලන ක්‍ෂෙත්‍රයට පිවිසියේය.
   2010 පෙබරවාරි 8 දින ප්‍රථම වරට හමුදා අත්අඩංගුවට පත්වන විට ඔහු ගතකරමින් ඇත්තේ අඟහරු මහ දශාවේ ශනි අතුරු දශා කාලයයි. උපතේදී රුචක යෝගය ඇත්තවුන් මලත් අනුන්ට හිස නැවීමක් නොකරණ න්‍යාය ෆොන්සේකා මහතාටද වලංගු වීම එතුමාව තව තවත් කරදර වල පටලැවීය.ඉන්පසු ක්‍රමයෙන් එලැබි බුධ,කේතු හා සිකුරු අතුරු දශා කාලවලදී ජන්මියා අත්විදින දශාඵල විස්තර මා විසින් ගොතා නිර්මාණය කොට දක්වතැයි මෙය කියවන අයට සිතිය හැකි බැවින් හෙන්ද්‍රික්ද සිල්වා හෙට්ටිගොඩ ශූරීන්ගේ "ජීවිතය හා ග්‍රහයෝ" පොතේ (200-201) පිටුවල දක්වා ඇති කුජ මහ දශාවේ අවසන් අතුරු දශාවල පලාඵල විස්තරය පහත දක්වා ඇත.එය හොදින් කියවා බලා ෆොන්සේකා මහතා අත්විදි තත්ත්වයන් එම අතුරු දශා ඵල සමඟ සන්සන්දනය කර බැලීම පාඨක ඔබට භාර කරමි.
                                  
   
ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රයේ පිහිටි රාජ යෝගයන් භංග කිරීමට ප්‍රධාන වශයෙන් බලපෑ කේතු,සිකුරු,රවි,සදු මහ දශාවලදී එතුමා අත්විදි හා අත්විදිමින් සිටින තත්ත්වයන් ජීවිතය ග්‍රහයෝ පොතේ එම දශාඵල සමඟ ගැලපෙන අපූරුව දුටුවාද?කාන්තාවන් නිසා හිරේ විලංගුවේ වැටීමට තරම් කරදර උදාවන බව එහි සදහන්ව ඇත.ෆොන්සේකා මහතාව සුදු කොඩි නඩුවට පටලවා ඇඟබේරා ගෙන රට පැන්න පෙඩ්රිකා ජෝන් ගැහැණියකි.
   ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අලුත්ම අනාවැකි දැක්වීම් ඉදිරිපත් වන්නේ 2013 වසරේ පෙබරවාරී ආසන්නයේ ඔහුට රාහු මහ දශාව ලැබීම සම්බන්ධයෙනි.ෆොන්සොකා මහතාට රාහු මහ දශාව ලැබීමේදී අත්විය හැකි තත්ත්ව පිළිබදව 2009 වසරේ ලියැවුනු ඉංග්‍රීසි ලිපියක් හා මෑතකදී ලියවුනු ලිපියකට සබැදි පහත දක්වා ඇත.(එම සබැදි වල දක්වා ඇති අදහස් එම ලේඛන ලියූ ලේඛකයන්ගේ අදහස් මිස මගේ ඒවා නොවේ.)
  


 
 2011 නොවැම්බර් 15 ශනි මාරුවත් සමඟ තුලා ලග්න හිමියන්ගේ යෝගකාරක ශනි 12 න් මිදි තම උච්ච හා යෝගකාරක භවන වූ ලග්නයට ඒම එතෙක් පැවති ලග්න ඒරාශ්ඨකයේ විෂ ගතිය අඩු කළ නමුත් කවුරුත් නොසිතූ පරිදි ෆොන්සේකා මහතා නැවත වසර තුනකට සිරගත විය.ශනි බලවත් වීම අනුව මෙය අපේක්‍ෂා නොකළ දෙයක් වුවත් කුජ මහ දශාවේ අවසන් අතරු දශාවල ඵල ඉස්මතු වීමක් සිදු වී ඇත.තුලා ලග්න හිමියාට ශනි මාරුවත් සමඟ ගෝචරයෙන් "සස" යෝගය උදාවීම තමා වටා සේනා බලය වැඩි කලත් ග්‍රහ චාරය අනුව බලන විට ඔහු තවමත් ගත කරන්නේ පීඩාකාරී තත්ත්වයකය.ඉදිරියේදී ලබන රාහු මහ දශාව පිළිබද විවිධාකාර මත පලවුවත් රාහු මහ දශාව ලබන විට රාහු ඔළුවේ (ලග්නයේ) ගමන ෆොන්සේකා මහතාගේ පියවි සිහියට දැඩි බලපෑමක් ඇති කරවයි.සෞඛ්‍ය තත්ත්වයෙන්ද හදවත(රාහු දෘෂ්ඨිය හතරට වැටීම) හා මූල පද්ධතිය දරුණු පීඩාවන්ට ලක් කරවයි. 

 ප.ලි. ඇල්බට් අයින්ස්ටයින්ගේ කේන්ද්‍රය ගැන ඇසූ අය සදහා.
             

18 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔබගේ විෂය ගැන මොකුත් නොකියමි නමුත් හැඳින්විම පිලිබඳ යමක් කිව යුතුය . පලමු වැන්න සරත් ෆොන්සේකා මහතා තම ප්‍රකාශය පසුව වෙනස් කල බව ඔබ දන්නේ , කේසේද ? ඔබ එසේ සිතනවා නම් ඒ සඳහා ඇති එකම සාධකය ෆෙඩ්‍රිකා පමනයි , මන්ද සරත් ෆොන්සේකා මහතා දිගින් දිගටම කියා සිටින්නේ , තමන් සැම විටම කලේ දෙවැනි ප්‍රකාශය පමණක් බවයි . ඔබ විශ්වාස කරන්නේ ෆෙඩ්‍රිකා ද ? ෆොන්සේකාද ?

සුදු කොඩි රැගෙන පැමිනියා නම් ඔවුනට වෙඩි තැබිය නොහැක , එය ජාත්‍යන්තර නීතියයි , එවැන්නක් සිදුකර කිසිවක් නොවුවාක් සේ සේ සිටීම එතරම් පහසු කාර්යයක් නොවේ .එවැන්නක් මා නම් කිසි සේත් අනුමත කරන්නේ නැත . ෆොන්සේකාගේ දෙවන ප්‍රකාශය වුවද සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන්නක් බැව් මාගේ හැඟිමයි

Anonymous said...

ෆොන්සේකා මහත්තයේගේ උපන් වෙලාව තැන දන්නවා කියමු...ඒත් අපිට දුරින් ඉන්න,උපන් වෙලාව සටහන් කර ගන්නේ නැති ගඩාෆිලගේ,ඔබාමාලගේ කේන්දර හදන්නේ කොහොමද?එකට විශේෂ ක්‍රමයක් තියේද
පොඩ්ඩක් ඒ ගැන කියල දෙන්න....

JHOTHISHALANKA said...

පිටරටවල් වල ප්‍රසිද්ධ අයගේ ජන්ම කේන්ද්‍ර ලබා ගත හැකි වෙබ් අඩවි ඇත.නමුත් සමහර අඩවි තුල දක්වා ඇති කේන්ද්‍ර සටහන් අපේ ජ්‍යොතිෂ ක්‍රමයට අනුව සැකසූ ඒවා නොවේ.

Anonymous said...

එතකොට දැන් මැරිලා ගොඩක් කල් වෙන ඇල්බට් අයින්ස්ටයින්ලගේ කේන්දර එහෙම හදන්නේ කොහොමද?
මට මර ප්‍රශ්නයක් එක....විශේෂ ක්‍රමයක් තියේද ඒකට ?

JHOTHISHALANKA said...

ඇත්තටම ඇල්බට් අයින්ස්ටයින්ගේ කේන්දර සටහන මගේ ගාවත් තිබුනා.මෙච්චර කේන්දර බඩ බැදගෙන ඉන්න ලංකාවේ උපදින බබාලගේ උප්පැන්න සහතිකේ උපන් වේලාව නොලිව්වට පිටරටවල් වල ඒවා ලියනවා.

Anonymous said...

ඔන්න ඇල්බට් අයින්ස්ටයිනගේ කේන්දරේ ගැන පොතක තිබුනු සටහනක් දැම්මා

JHOTHISHALANKA

Anonymous said...

මේවා පිස්සු ජෝක්.රටට වැඩක් ඇති දෙයක් කරන්න බලපන්.

Anonymous said...

බොහොම ස්තුතියි...........

Anonymous said...

ජ්‍යොතිෂ
මෙය ලියන්නේ මේ බ්ලොගය මුල සිටම බැලූ අයෙක්.මෙම පෝස්ට්ටුව ඔබට හානිකර විය හැකි යයි මට සිතෙනවා.

JHOTHISHALANKA said...

@Anonymous බොහොම ස්තූතියි ඔබගේ උපදේශයට.මෙහි ලේඛකයාට හානිකර දෙයක් ඇතැයි මට නොදැනේ.මාතෘකාව සින්ඩි වලින් පෙන්වන නිසා ලිපිය මැකීම කලහොත්නම් ගැටළු මතු විය හැකියි.

JHOTHISHALANKA said...

@ඉතාලි ඇනෝනිමස්
සමාවෙන්න ඔබගේ කමෙන්ටුව පබ්ලිෂ් කල නොහැක.

Anonymous said...

ඔබ අවංකව ලියා තිබෙනව කියල හිතෙනව. රටටම නිදහස දීමට දායක වු සරත් මහතාගේ නිදහස සීමා වීම ගැන සිහි බුද්ධිය ඇති කෙනෙකුට සතුටු වීමට බෑ. දේශපාලනයේදී සදාකාලික සතුරෝද මිතුරෝද නැතිබව සරත් මහතාව අපේක්ශකයා කල රනිල්-සොමේ එකතුවෙන් පෙනෙනවා. ඒ බැවින් සියලුම ජ්‍යොතිශ අනාවැකි බොරු කරන දේ අනාගතේ සිදුවිය හැකි බව අවංකව විස්වාස කරනවා. 'විමානේ හැටියටයි යකා' නීතිය අනුව මෙතැනදී 'රාජා භවතු ධම්මිකො' කියනව ඇරෙන්න වෙන කිසිවක් නොකියන්නේ නම් මැනවි.

JHOTHISHALANKA said...

මම මේ ලිපිය ලිව්වේ ඇනෝනිමස් කමෙන්ට් දමන අයට ජනාධිපති තුමාට හෝ ෆොන්සේකා මහතාට අපහාස කිරීමට ඉඩදීමට නොවේ.එවැනි අපහාසාත්මක කමෙන්ට් පල නොකරනු ඇත.

Anonymous said...

I don't believe in these things, i hate radio stations and TV station telling people about their day.

WE MAKE OUR OWN FUTURE. I NEVER LISTEN TO ANY OF THESE RUBBISH THINGS IN THE MORNING.

Whether the day is good or bed, i'll take the responsibility about it to myself. I don't go after blaming the stars. I do my own dirty.

This comment just sums up

මේවා පිස්සු ජෝක්.රටට වැඩක් ඇති දෙයක් කරන්න බලපන්.

JHOTHISHALANKA said...

@Last Ano
ඔබ ජ්‍යොතෂය විශ්වාස කරන්නේ නැත්නම් එලෙසම සිටින්න.ජ්‍යොතිෂය විශ්වාස කරන පිරිසට සමානව විශ්වාස නොකරන පිරිසකුත් ඉන්නවා.ලිපි කියවපු එකට ස්තූතියි.ජ්‍යොතිෂයේ ඇති වටිනාකම ඔබට වැටහේවායි පතමි.සුභ අනාගතයක්.

janaka said...

ඉංග්‍රීසි අකුරුවලින් දක්වා ඈති දෑ සිංහළ වචන වු රවි,සදූ,කුජ,බුධ යන්න සටහනක් තබන්න; පුතා! අධ්‍යයනට ඉතා වැදගත් ස්තුති!

JHOTHISHALANKA said...

= ලග්නය
@janaka
Su= රවි
Mo= චන්ද්‍ර(සදු)
Ma= කුජ(අඟහරු)
Me= බුධ
Ju= ගුරු(බ්‍රහස්පති)
Ve= සිකුරු
Sa= ශනි(සෙනසුරු)
Ra= රාහු
Ke= කේතු

Anonymous said...

උබට විස්වාස නැත්තම් කියවන්න එපා! උබත් රටට කිසිම වැඩක් නැති නිකමෙක් බව පෙනී යන්වා කරන කොමෙන්ට් වලින්

Related Posts Plugin for WordPress, Blogger...