ජ්‍යොතිෂයේ සුභ කටයුතු වලට යොදා ගත යුතු සුභ කාල හෝරාවන් ගැන මෙන්ම කිසිදු සුභ කටයුත්තකට යොදා නොගත යුතු අසුභ කාලයන් පිළිබදව විශේෂයෙන් දක්වා ඇත.රාහු කාලය ,සාගර මුහුර්තය එලෙස කිසිදු සුභ කටයුත්තකට නොගත යුතු අසුභ කාලයන් ලෙස දක්වා ඇති අතර සුභ කටයුතු සදහා විශේෂයෙන් යොදාගත යුතු කාල හෝරාවන්ද දක්වා ඇත.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Thursday, June 7, 2012
"සිකුරු සංක්‍රාන්තිය"
"සිකුරු සංක්‍රාන්තිය" ගැන පසුගිය දිනවල බොහෝ දෙනා කතාබහ කලහ.සූර්යයා පෘථිවිය හා සිකුරු ග්‍රහයා එක එල්ලේ පිහිටමින් සූර්යයා මතුපිටින් කලු තිතක් ගමන් කරන්නා ආකාරයට පෘථිවියට දිස්වන මෙම අසිරිමත් අවස්ථාව බොහෝ විට උදාවන්නේ එක් සියවසකට දෙවතාවක් පමනි.මෙම වාර දෙක බොහෝ විට වසර අටක පමණ පරතරයකින් එක ලඟ සිදුවීම නිසා අපගේ ජීවිත කාලය තුලදී සිකුරු සංක්‍රාන්තියක් දැක ගැනීම ඉතා විරලය.
Saturday, June 2, 2012
තොටගමු රාහුල හිමි ගලේ පැළ ඉණි හිටුවයි.
තොටගමු රාහුල හිමියන් ස්වකීය ගුරු හාමුදුරුවන් වහන්සේ වූ විදාගම මෛත්‍රී හිමියන් යටතේ ඉතා හොදින් ශාස්ත්‍ර උගත්තේය.රාහුල හිමි තුල වූ අන් අයට දෙවැනි වීමට තිබූ අකැමැත්ත ඔහුට ශාස්ත්‍ර ඉගැන්වීමේ උපක්‍රමයක් ලෙස විදාගම හිමියන් යොදාගෙන ඇති බව රාහුල හිමිගේ සාමනේර අවධියේ තොරතුරු දෙස විමසිලේලෙන් බැලූ විට පෙනීයයි.ස්වකීය ගෝල නම සමඟ කුමන හෝ ශාස්ත්‍රයකට විද්‍යාවකට අදාළ කරුණකට වාද විවාදයකට පැටලී උවමනාවෙන්ම වාගේ ගෝලනමට ජයග්‍රහන ලබා දීමක් සිදුකොට රාහුල හිමිට ශාස්ත්‍ර ඉගෙනීමට කැමැත්ත ආශාව හා බුද්ධිය වැඩි කරවීමට පෙළඹවීමක් මෛත්‍රී හිමියන් විසින් සිදු කොට ඇති බවට දෛනා අතර වාද විවාද සිදුවී ඇති ආකරය දෙස බැලූ විට පෙනී යයි.(නමුත් බොහෝ අවස්ථාවල රාහුල හිමියන් ජයග්‍රහණ කරන්නේ නියම ලෙස බුද්ධි ශක්තිය පෙන්වමිනි.)
Friday, June 1, 2012
2012 ජුනි 25 දිනෙන් ශනි වක්‍රය නවතී.අගෝස්තු 4 ශනි නැවත තුලාවට......
2011 නොවැම්බර් 15 දින ශනි ග්‍රහයා තුලා රාශි ගතවීම පිළිබදව ජනමාධ්‍ය දැඩි ප්‍රචාරණයක් ලබා දුනි.එම අවස්ථාවේදී ශනි තුලා රාශි ගතවීම පිළිබදව විවිධාකාර අයුරින් ජ්‍යොතිෂ අනාවැකි මත ඉදිරිපත් විය.ජනමාධ්‍ය ආයතනද ඒවාට විශාල ප්‍රචාරණයක් ලබා දුන්නේ ශනි මාරුව පිළිබදව මහජනතාව අතර තිබූ උනන්දුව ඔස්සේ වෙළද වාසි ලබා ගැනුම පිණිස යැයි අනුමාන කල හැක.
Subscribe to:
Posts (Atom)