Tuesday, August 14, 2012

පහන් දැල්වීම කල යුතු හා නොකල යුතු හෝරා කාලයන්

බුදු පහන දැල්වීම
    බුදුන් වහන්සේ උදෙසා පහන් දැල්වීමේ සුදුසුම වේලාව ලෙස දක්වා ඇත්තේ හවස 5.24 -5.48 වේලාවයි.උදේ හිරු උදාවේ සිට හවස හය දක්වා කාලය තුල බුදු පහන දැල්වීම යෝග්‍ය බව දක්වා ඇත.

පහන් දැල්වීම නොකළ යුතු වේලාවන්
   පස්වරු 6.00 -10.00 අතර කාලය යක්‍ෂ දිෂ්ටි හෙලන කාලයයි.එම වේලාවන් තුල පහන් දැල්වීම නොකළ යුතුය.හවස 6.00 සිට  රාත්‍රී 10.00 දක්වා පහන් වලට යක්‍ෂා දිෂ්ටි වැටෙන ආකාරය පහත දක්වා ඇත.

Monday, August 13, 2012

අපල කාලෙට රට ගියාම අපල අඩු වෙනවා කියන්නේ ඇත්තද?

 රටින් පිටුවහල් කිරීම යනු අතීතයේදී යම් පුද්ගලයකුට මරණීය දණ්ඩණය ලබා දීම තරමේ දරුණු දඩුවමක් විය.මෙය අතීතයට අදාලව වධයක් ලෙස සැලකිය හැකි වුවත් වර්තමානයේ ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන්නකුට දඩුවමක තත්ත්වය කෙසේ වුවත් මෙය එක්තරා අයුරකින් භාග්‍යයක් උදාවීමක් වැනි දෙයකි.පිටුවහල් කරන්නේ යුරෝපා රටකට නම් සියල්ලෝ සියළු වැඩ අත්හැර වැරදි කරමින් රටින් පිටුවහල් වීමේ දඩුවම භුක්ති විදීමට සූදානම් වනු නිසැකය.

Sunday, August 12, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 6(ආයු පරීක්ෂණය)

  ඉඩා (වම් ) හා පිංගල(දකුණු) නල වැටීමේ සීඝ්‍රතාව හා ඒ අනුව එම නල ගමන් කරන දුර අනුව පුද්ගලයකුගේ ඉදිරි ආයුෂ නිගමනය කිරීමේ සංකීර්ණ ක්‍රමයක් ඉඩා පිංගල ශාස්ත්‍රයේ ඇත.මෙම නල පරීක්‍ෂාව  මනා පුහුණුවකින් යුක්තව කළ යුතු බව ශාස්ත්‍රීය මතයයි.(වෛද්‍යවරුන් විසින් ශරීරයේ හෘද ස්පන්දනයට අනුරූපව අත අල්ලා නාඩි ස්පන්ධනය අනුව ආයුෂ,සාධ්‍ය අසාධ්‍ය බව තීරණය කිරීමේ තවත් ක්‍රමයක් ඉඩා පිංගල ශාස්ත්‍රයට බද්ධව ඇත.මෙහි දක්වා ඇත්තේ නල හෙවත් හුස්ම වැටීම අනුව තීරණයයි.)

Sunday, August 5, 2012

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පිටත්ව යාමට සුභ නැකැත්


                                 
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලංකාවේ පාසැල් සිසුන් මුහුණදෙන පලමු ප්‍රධාන ජාතික විභාගය ලෙස හැදින්විය හැක.ඉගෙනීමෙහි දක්‍ෂ කුසලතා ඇති ගම්බද දරුවන්ට නගරයේ ජාතික පාසැලකට ඇතුල් වීමට වරම් ලබා දෙන විභාගයක් වීම හා වර්තමානයේ ජනප්‍රිය පාසැල් වලට ඇතුල් වීමෙ ඇති තරඟකාරිත්වය නිසා මෙම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට දරුවනුත් දෙමාපියනුත් වැඩි උනන්දුවක් දක්වයි.