Sunday, August 12, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 6(ආයු පරීක්ෂණය)

  ඉඩා (වම් ) හා පිංගල(දකුණු) නල වැටීමේ සීඝ්‍රතාව හා ඒ අනුව එම නල ගමන් කරන දුර අනුව පුද්ගලයකුගේ ඉදිරි ආයුෂ නිගමනය කිරීමේ සංකීර්ණ ක්‍රමයක් ඉඩා පිංගල ශාස්ත්‍රයේ ඇත.මෙම නල පරීක්‍ෂාව  මනා පුහුණුවකින් යුක්තව කළ යුතු බව ශාස්ත්‍රීය මතයයි.(වෛද්‍යවරුන් විසින් ශරීරයේ හෘද ස්පන්දනයට අනුරූපව අත අල්ලා නාඩි ස්පන්ධනය අනුව ආයුෂ,සාධ්‍ය අසාධ්‍ය බව තීරණය කිරීමේ තවත් ක්‍රමයක් ඉඩා පිංගල ශාස්ත්‍රයට බද්ධව ඇත.මෙහි දක්වා ඇත්තේ නල හෙවත් හුස්ම වැටීම අනුව තීරණයයි.)

    සාමාන්‍ය මිනිසකු එක් දිනක් තුල (එක් සූර්්‍ය උදාවක් සිට අනෙක් සූර්්‍ය උදාව දක්වා තෙක්) විසි එක් ලක්‍ෂ හයදහස් වාරයක්(216000) ආශ්වාස ප්‍රාශ්වාස කරන බැව් සදහන්ය.මිනිස් ක්‍රියාකාරකම් අනුව ප්‍රාශ්වාසය ගමන් කරනා දුර පහත දැක්වේ.මෙහි අඟලක් ලෙස සලකා ඇත්තේ නල හිමිකරුගේ මහපටැඟිල්ලේ පලමු පුරුකේ දිග ප්‍රමාණයයි.
  * වැඩක් නොකොට විවේකයෙන් සිටින විට අඟල් 8-12 අතර
  * ආහාර අනුභවයේදී හා කවි ගී ගායනා කිරීමේදී අඟල් 12-16 අතරද
  * සංවාසයේ යෙදී සිටන විට අඟල් 24 හෝ ඊට වැඩිවද ගමන් කරයි.
     යෝගීන්ගේ ප්‍රාශ්වාස නල අඟල් තුනකට හෝ හතරකට වඩා නොදුවන බව කියයි.
 එමෙන්ම කෙනෙකුගේ ප්‍රාශ්වාසය
   * අඟල් 18 -20 අතර දුර දුවයි නම් වහා ජීවිත හානි වන බවත්
   * දිවා රාත්‍රී නොකඩවා තුන් දිනක් එකම නල (වම් හෝ දකුන) දිවී නම් අවුරුද්දකින් මරණයද
   * සිව් දිනක් එකම නල දිවී නම් මාස හයකින්ද
   * දස දිනක් එකම නල දිවී නම් තිස් දවසකින්ද
   * තිස් දවසක් එකම නල දිවී නම් තිස් එක් දිනකින්ද මරණය සිදු වන බව සදහන්ය.
                     

1 comment:

Anonymous said...

අඟල් 18 -20 අතර දුර දුවයි නම් වහා ජීවිත හානි වන බවත්
- සංවාසයේ යෙදී සිටන විට අඟල් 24 හෝ ඊට වැඩිවද ගමන් කරයි ??????

- - සංවාසයේ යෙදී සිටන විට වහා ජීවිත හානි ????

Related Posts Plugin for WordPress, Blogger...