Sunday, August 5, 2012

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පිටත්ව යාමට සුභ නැකැත්


                                 
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලංකාවේ පාසැල් සිසුන් මුහුණදෙන පලමු ප්‍රධාන ජාතික විභාගය ලෙස හැදින්විය හැක.ඉගෙනීමෙහි දක්‍ෂ කුසලතා ඇති ගම්බද දරුවන්ට නගරයේ ජාතික පාසැලකට ඇතුල් වීමට වරම් ලබා දෙන විභාගයක් වීම හා වර්තමානයේ ජනප්‍රිය පාසැල් වලට ඇතුල් වීමෙ ඇති තරඟකාරිත්වය නිසා මෙම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට දරුවනුත් දෙමාපියනුත් වැඩි උනන්දුවක් දක්වයි.


   මීට වසර කීපයකට පෙර පැවති තත්ත්වයට වඩා වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගයට මවුවරුන්ගේ උනන්දුව වැඩි වී ඇත.දරුවන් රැගෙන අමතර පන්ති යාමත් පන්තිය ඉවර වෙන තුරු  බෑග් කුඩ එල්ලා ගෙන පන්තිය අසල රැදී සිටීමත් තමාගේ දරුවාගේ ඉගෙනීමේ හැකියාවන් අන් දරුවන් සමඟ සැසදීමත් දරුවන් ඉතා වෙහෙසට පත් කරවමින් නොකා නොබී කැපවීමත් බයිසිකල්,ලැප්ටොප් වැනි සුවිශේෂී තෑගි බෝග පිළිබදව නිරතුරුව සිහිපත් කරමින් දරුවාව උනන්දු කිරීමත් සිදුකරන මව්වරුන් නිරන්තරයෙන් දැකිය හැක.පහේ ශිෂ්‍යත්වය "අම්මලාගේ විභාගය" ලෙස උපහාසාත්මක හැදින්වීමකට ලක්වී ඇත්තේද මේ නිසාමය.
     2012 අගෝස්තු 26 වැනි ඉරිදා උදේ පවත්වනු ලබන ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන දරුවන්ගේ ජයග්‍රහණය පතා නිවසින් පිටත් වීමට සුභ මුහුර්ත කීපයක් පහත දක්වා ඇත.
 
  උදේ 6.18 ,6.43 ,7.11, 7.42, 8.06, 8.18 

 සුභ දිශාව - දකුණ හෝ ඊශාන

 * විභාගයට පිටත්ව යාමට පෙර ආගමික චාරිත්‍ර සිදු කොට දෙමාපිය වැඩිහිටියන් දෙපා වැද ආශීර්වාද ලබා පිටත් වන්න.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...