Sunday, December 16, 2012

ආවර්තනය - 9


නිබ්රූ සෙන්පතියතු වූ “සුවාර්‘ ගේ නායකත්වයෙන් පස් දෙනෙතුගෙන් සමන්විතව ඉරණවිලට ගොඩබෑ නිබෘෘ යානය ප්‍රමානයෙන් බස් රථයක් පමණ විය.මෙවැනිම තවත් නිබෘෘ යානා දෙකක් පෘථිවියේ තවත් ස්ථාන දෙකකට ගොඩ බාන ලද්දේ පෘථිවිය විනාශ කිරීමට නිබෘෘවරුන් සිදු කරන මෙහෙයුමේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙනි.
    නිබෘෘ තාක්ෂණය යොදා තම යානාව අදෘෂ්‍යමාන තත්ත්වයට පත් කල සුවාර් තම අත රැදි උපකරණය දෙස මද වෙලාවක් බලා සිටියේය.එහි දර්ශන තිරයෙන් ග්‍රාහකය පෘථිවියේ ගැටීමේදී සිදුවන විනාශයේ පැතිරීම සුවාර්ට අවබෝධ විය.දිගු හුස්මක් හෙලමින් තමා අවට පරිසරය දෙස බැලූ සුවාර්ට පෘථිවියේ චමත්කාරය පිළිබඳ අමුතු ආකාරයේ ලෙන්ගතු බවක් දැනුනි.තමාගේ උරහිසේ දැවටුනු තුරුලතාවක් ඉතා ආදරයෙන් පිරිමැද එදෙස සානුකම්පිත බැල්මක් හෙලීය.

Friday, December 14, 2012

ආවර්තනය - 8



             ආවර්තනය - 1
             ආවර්තනය -2
             ආවර්තනය - 3
             ආවර්තනය - 4
             ආවර්තනය - 5
             ආවර්තනය - 6
             ආවර්තනය - 7


තමන් ඇතුළු පිරිස මහත් වූ වෙහෙසක් ගෙන සොයා ගත් රාවණා රජුගේ සිහිසුන් සිරුර තැන්පත් කළ සිසිළ කාරක කුටීරය පිටසක්වලින් පැමිණි රාජකීය සෙබලුන් පැහැර ගැනීම පිළිබදව විමලසූරියට පුදුමයක් දැනුනත් කනගාටුවක් නොදැනුනි.නිධන් කොල්ලයට පැමිණි "වානක්‍ය ශට්" බමුණාගෙන් පළිගු මැණික නැවත ලබා ගැනීමට උදවු කිරීම හා තම කණ්ඩායම ආරක්ෂා කිරීම නිසා ඹවුන් පැමිණියේ මිතුරු කමකට බව විමලසූරියට අවබෝධ විය.

Saturday, December 8, 2012

2012 අ.පො.ස. සා/පෙළ විභාගයට පිටත්වීමට සුභ නැකැත්


  මෙවර අධ්‍යාපොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන්ේ 2012 දෙසැම්බර් 11 වැනි අඟහරුවාදා දිනයෙනි.මෙදින විභාගය සඳහා නිවසින් පිටත්වීමට සුභ නැකැත් ේලා කිහිපයක් පහත දැක්.
  
   උ07.26 හා 7.50 ේලාවන් සුභදායක ේලාවන් ලෙස දැක්විය හැකි අතර දුර බැහැර වැඩි හා වැඩි ගමන් කාලයක් ගතවන විභාග අේක්ෂකයන් සඳහා උේ 6.26 හා 6.38 ේලාවන්ද ොදා ගත හැකිය.

 සුභ දිශාව - ඊශාන ෝ නැගෙනහිර 

Tuesday, November 27, 2012

කටේ සැර


කටේ සැර
 වර්තමානයේ බොහෝ අඹු සැමි ආරවුල් වලට මුල් වන්නේ අමිහිරි වචන භාවිතයයි.කටසැර භාර්්‍යාවන් එම සැර වචන නවත්වන්නේ කටේ දත් දෙක තුනක් ගළවා ගැනීමෙන් පසුවය.පිහියෙන් අනින්නාක් මෙන් සැර වචන භාවිතා නොකරන කාන්තාවක් සොයා ගැනීම පවා අද අසීරු වී ඇත්තේ වත්මන් කාන්තාවන් ගෙල පලදින ආභරණයක් මෙන්  “සැර කට“ නිරන්තරයෙන් භාවිතා කිරීමයි.ඇතැම් කාන්තාවන් කට වසා සිටින තෙක් ශාන්තය,දාන්තය එහෙත් කට ඇරියොත් යක්ෂනියන්ය.පලාතම විනාශය.