“ළමයි මේ මල් ඉත්තේ මල් කීයක් තියෙනවද?“ තමා අත රැඳි මල් කිණිත්තක පින්තූරය සිසුන් වෙතට හරවා ගුරුතුමිය ආදරයෙන් ඇසුවාය
“1....2......3......“ කුඩා දරු පිරිස ශබ්ද නඟමින් මල් කිණිත්තේ මල් ගනින්න වූහ.
“මල් හතරයි ටීචර්“ දක්ෂ කුඩා දරුවන් කිහිප දෙනෙකු පළමුව උත්තර දුන්හ.
“හරිම හොඳයි...උත්තරේ හරි....එහෙනම් කියන්න බලන්න මේ මල් කිණිත්තේ මල් කීයක් තියෙනවද?“ තමා අත වූ තවත් පින්තූරයක් සිසුන් වෙත හරවා ගුරුතුමිය ඇසුවාය.
“ඒ මල් කිනිත්තේ මල් නෑනේ..ටීචර්.....“ කුඩා දරුවෝ එකවර කෑ ගැසූහ....


