LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Tuesday, September 24, 2013

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට


 “ළමයි මේ මල් ඉත්තේ මල් කීයක් තියෙනවද?“ තමා අත රැඳි මල් කිණිත්තක පින්තූරය සිසුන් වෙතට හරවා ගුරුතුමිය ආදරයෙන් ඇසුවාය
   “1....2......3......“ කුඩා දරු පිරිස ශබ්ද නඟමින් මල් කිණිත්තේ මල් ගනින්න වූහ.
“මල් හතරයි ටීචර්“ දක්ෂ කුඩා දරුවන් කිහිප දෙනෙකු පළමුව උත්තර දුන්හ.
“හරිම හොඳයි...උත්තරේ හරි....එහෙනම් කියන්න බලන්න මේ මල් කිණිත්තේ මල් කීයක් තියෙනවද?“ තමා අත වූ තවත් පින්තූරයක් සිසුන් වෙත හරවා ගුරුතුමිය ඇසුවාය.
“ඒ මල් කිනිත්තේ මල් නෑනේ..ටීචර්.....“ කුඩා දරුවෝ එකවර කෑ ගැසූහ....
--
--
--
 ප්‍රාථමික පන්තියකදී ගුරුතුමිය විසින් “ශුන්‍යය හෙවත් බින්දුව“ පිළිබඳ අදහස දැක්වීමට උදාහරණයක් දැක්වූ ආකාරය චිත්‍රපටියක් මෙන්  නිමල්ගේ සිත තුල දර්ශණය වන්නට විය.නිමල් දැන් 11 වසරේ සිසුවෙකි.ඉගෙනුමට දකෂයෙකු වූ ඔහුගේ ප්‍රියතම විෂය ගණිතය විය.ගණිතයේ විවිධ කෙෂත්‍රයන් බිහිවූ ආකාරය පිළිබඳ ඉතිහාස තොරතුරු සෙවීම අධ්‍යනය කිරීම කුඩා කල සිටම ඔහුගේ විශේෂත්වයක් විය.
     ශුන්‍යය හෙවත් බින්දුව ගණිතයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව තවදුරටත් ඉගෙන ගත යුතු බව නිමල්ගේ විමර්ශනාත්මක සිතට දැනුනේය.එහි ආරම්භක පියවරක් ගෙස නිමල් ස්වකීය ගණිත ගුරුතුමිය  හමුවී උපදෙස් උපකාර පැතුවේය.
      රජය විසින් මෑතකදී පැවැත්වූ තරඟ විභාගයකින් අවසන් වටයේ තේරී පත්වූ අළුත් ගණිත ගුරුතුමියගේ ප්‍රතිචාරය යහපත් එකක් නොවුනි.
“ඔය ළමය අහන්නෙම සිලබස් එකෙන් පිට දේවල්..ඕව විභාගෙට එන දේවල් නෙවෙයි...සිලබස් එකට අදාල දේවල් විතරක් ඉගෙන ගෙන ඕලෙවල් පාස් වෙන්න..ඊට පස්සෙ ඔව ඉගෙන ගන්න....“
 ගුරුතුමියගේ ද්වේශ සහගත පිළීතුර හමුවෙ නිමල්ගේ සිත බිදුනත් ඔහු උත්සාහය අත් නොහලේය.
අයි.ටී. වලට ඇවිත් ඉන්න අළුත් සර් ගණිත උපාධියක් තියෙන කෙනෙක් එයාගෙන් උදවු ගන්න පුළුවන්.මිතුරකුගෙන් ලැබුණු උපදේශයක් මත නිමල් අයි.ටි. ගුරුවරයා හමුවිය.
“ශුන්‍යය හෙවත් බින්දුව සංකල්පය ගණීතයට ලැබුනෙ පුරාණ හින්දු ගණිතඥයන්ගෙන්.මම නෙට් එකෙන් තව හොඳට විස්තර බලල  හෙට නිමල්ට කියන්නම්කෝ..“
   ගුරුතුමාගේ පිළිතුර නිමල්ගේ සිතට සතුටක් ගෙන ආවේය.
  පසුදින අයි.ටී ගුරුතුමා විසින් ශුන්‍යය හෙවත් බින්දුවේ ඉතිහාසය සදහන් වූ විස්තරයක් නිමල්ට සපයා දී තිබුනි.

-----------------------------------------------------------------------------------------------------------
    ශුන්‍යය හෙවත් බින්දුව සංකල්පය පිළිබඳව පුරාණ ඊජිප්තු හා බැබිලෝණියා ශිෂ්ථාචාර වැසියන්ටද වැටහීමක් තිබුණි.ඔවුන් භාවිතා කල සංඛ්‍යා පද්ධතින් තුල“කිසිවක් නැත, අගයක් නැත“ යන්න සදහා ඔවුන්ගේ භාවිතයක් තිබූ  නමුත් එහි ස්ථානීය යෙදීම පිළිබඳ ස්ථිරභාවයක් ඔවුන්ට නොතිබුනි.වර්තමානයේ අප භාවිතා කෙරෙන සම්මත 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය තුල ශුන්‍යය හෙවත් බින්දුවේ ස්ථානීය යෙදීම හදුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ කි.පූ  සිව්වන සියවසේදී විසූ භාරතයේ මහාරාශ්ඨ ප්‍රාන්ත්‍ර රාජකීය දෛවඥ පරම්පරාවකින් බිහිවූ කීර්තිමත් ගණිතඥයකු වූ “ආර්යභට්ට“ යන්ටය.අද අප භාවිතා කරන සම්මත ක්‍රමය අනුව 405 වැනි සංඛ්‍යාවක (100x4 ) + ( 10 x0) + (1x5)   මගින් දැක්වෙන සියයය ඒවා හතරයි දහයේ ඒවා නැත එකේ ඒවා පහයි යන්නෙන් දහයේ ඒවා නැත හෙවත් ශුන්‍යය ඉදිරිපත්ව ඇත.මේ ආකාරයට 10 පාදයේ සංඛ්‍යාවල ශුන්‍යෙය් ස්ථාන අගය යෙදෙන ආකාරය “ආර්යභට්ට“ විසින් ගණිත ලොවට හදුන්වාදෙන ලදී.
   මීට සියවසකට පමණ පසු තවත් භාරත රාජකීය දෛවඥයකු වූ “බ්‍රහ්මගුප්ත“ විසින් ශුන්‍යය සදහා සූත්‍ර පද්ධතිය ප්‍රථම වරට හදුන්වාදෙන ලදී.ඒ අනුව  “බ්‍රහ්මගුප්ත“ විසින් ශුන්‍යය සඳහා වූ මූලික සූත්‍ර පහත පරිදි ඉදිරිපත් කලේය.
 1 ශුන්‍යය හා සෘන සංඛ්‍යාවක එකතුව සෘනවේ.
 2 ශුන්‍යය හා ධන සංඛ්‍යාවක එකතුව ධනවේ
 3නිරපේක්ෂ අගය සමාන වූ ධන සෘන සංඛ්‍යා දෙකක එකතුව ශුන්‍යයවේ.

 මීට අමතරව ධන හෝ සෘන සංඛ්‍යාවක් ශුන්‍යයයෙන් බෙදීම,ශුන්‍යය ධන හෝ සෘන සංඛ්‍යාවකින් බෙදීම හා ශූන්‍යය ශුන්‍යයයෙන් බෙදීම සදහා අර්ථ දැක්වීම්ද “බ්‍රහ්මගුප්ත“ විසින් ඉදිරිපත් කල අතර නූතන ගණිතය සමඟ එම අර්ථ දැක්වීම් වැරදි බව ඔප්පු වී ඇතත් ගණිතයේ දියුණුවට බ්‍රහ්මගුප්ත ගේ ශුන්‍යය සූත්‍රයන් මහත් පිටිවහලක් විය.
  මීට අමතරව විශ්වයේ මනස්කාන්ත ස්වභාවික නිර්මාණයක් වූ ස්වර්ණමය රටාව ආරම්භ වන්නේ ශුන්‍යයයෙන් බව ප්‍රථම වරට හදුන්වාදීමේ ගෞරවය හිමි වන්නේද බ්‍රහ්මගුප්තයන්ටය.....
  භාරතයෙන් මෙලෙස බිහිවූ ශුන්‍යය සංකල්පය 15 වන සියවසේදී සේද මාර්ගය ඔස්සේ අරාබි වෙළඳුන් පෙරදිගින් බටහිරට ගෙන ආවෝය.ශුන්‍යයයේ මෙම ආගමනයත් සමඟ එතෙක් අක්‍රමවත් පටලැවුන නූල් බෝලයක් ලෙස පැවති බටහිර ගණිතය නවීන විද්‍යාව බිහිවන මාර්ගයට පිවිසුනි.පෙරදිගින් බටහිරට ශුන්‍යය නොලැබෙන්න රෙනේ ඩේකාට්ගේ කණ්ඩාංක ජ්‍යාමිතිය,නිව්ටන්ගේ හා ලයිබිනීටිස්ගේ අවකලන අනුකලන ජ්‍යාමිතික හා වීජීය විවරණය,පරිගණකයයේ මූලිකය වූ 0,1 ද්වි තාර්කික සංකල්ප පිළිබඳව සිතා ගැනීමටත් බැරිය..කොටින්ම නූතන නවීන විද්‍යාවක් බිහි වීම සැක සහිතය.නොඑසේ නම් එය වෙනත් ස්වරූපයක් ගනු ඇත.

-------------------------------------------------------------------------------------------------
දිනය -      1643 ජනවාරි 8
ස්ථානය - ඉතාලියේ ප්‍රධාන පල්ලියේ සිර මැදිරිය
වෙලාව - දිනයේ හිරු පායා එන වේලාව

 සිර මැදුරේ මූලාස්ථානය වෙත වේගයෙන් දුව එන සිර මැදිරි සේවකයෙකි.
“ මෙන්න..ගැලීලියෝ ගැලිලි හිර ගේ ඇතුලේ මැරිලෝ.......“
සේවකයා කෑ ගසමින් දුවගෙන විත් පාලකයන්ට හා පූජකයන්ට දැනුම් දුන් නමුත් කිසිවකු වෙතින් කනගාටුවක ලකුණකුදු නොවුනි..
“පවුකාරයා....බයිබලේට එහා යන්න ගියා...ලෝකෙ වටේ හිරු කැරකෙන බව පිළිගත්ත නැති එකා ...දෙවියන්ගේ දඩුවම් දීම අපූරුයි...“ පූජක වරුන් ඇතුළුව බොහෝ දෙනාගේ අවඥාව සමඟ යුගයක් ඒකාලෝක කල මහා විද්‍යාඥයකු සිර කුටිය තුල බල්ලෙකු මෙන් මිය ගොස් තිබුනි.
 මහා විද්‍යාඥයකුගේ අවසානය මෙලෙස දිනයේ හිරු උදාව සමඟ ඉතාලියේ සිර මැදිරියක් තුල සිදුවන විට එදිනම රාත්‍රියේ එංගලන්තයේ වෘල්ස්ත්‍රෝප්හි තවත් ලෝක පූජිත විද්‍යාඥයකු වූ අයිසැක් නිව්ටන්ගේ උපත සිදුවීම දෛවපෝගතව සිදුවිය.රාජකීය දෛවඥයා වසරේ අවසන් දින කීපය තමාට මාරක අපල බව දැන්වීම නිසා ඉතාලි කැලැනඩරයේ එම දිනය ජනවාරි 08 දිනය වුවත් එංගලන්තයේ එම දිනය 1642 දෙසැම්බර් 25 නත්තල් දිනය විය.
    1665 වන විට නිව්ටන් ලන්ඩන්හි ට්‍රිනිටි කොලේජ් හි අධ්‍යාපනය අවසන් කරමින් සිටියේය.එම වසර අඟදී ලන්ඩන් නුවර පුරා මහාමාරිය වසංගතය සීඝ්‍රයෙන් පැතිර ගියේය.මංමාවත්වල මීයන්ගේ මළකුණු පරයා මිනිස් මළකුණු කුණූ වෙමින් තිබුනි.ඇතිවූ තත්ත්වය හමුවේ සිසුන්ගේ ආරක්ෂාව සඳහා පාසැල වසා දැමීමට ට්‍රිනිටි පාසැල් බලධාරීන් තීරණය කලේය.තම අවසාන නිබන්ධනය සැකසීමට නිව්ටන් ඇතුළු අවසන් වසර සිසුන්ට දිගු නිවාඩු කාලයක් ලැබුනි.
  නිවාඩුව සඳහා වුල්ස්ත්‍රෝප් යන ගමනේ අතරමඟදී වර්තමාන ඔක්ස්ෆර්ඩ් සරසවි පුස්තකාලයට ගොඩවූයේ තම අවසන් නිබන්ධනය සැකසීමට අවශ්‍ය කරුණු ලබා ගනු වස් පොත් කිහිපයක් රැගෙන යාමටය.
  නිව්ටන් ස්වභාවයෙන්ම තීක්ෂණ බුද්ධිමතෙක් විය.සම කාලීනව යුරෝපයේ සිදුවූ විද්‍යා පුනරුදයත් සමඟ පල්ලියේ රාජකීය බලය බිඳ වැටීමත් පෙරදිගින් සංක්‍රමණය වූ විද්‍යා සංකල්ප අනුව මුල් බයිබලයේ සඳහන් පෘථිවි කේන්ද්‍ර වාදය වෙනුවට පෙරදිග භාවිතා කල සූර්ය කේනද්‍ර වාදය පිළීගෙන බයිබලය පවා සංශොධනය වූ බව තරුණ නිව්ටන් දැන සිටියේය.තමාගේ අවසන් උපාධි නිබන්ධනය පාලකයන්ගේ අවධානයට ලක් කිරීමට තරම් දෙයක් තමාට කල හැක්කේ පෙරදිග විද්‍යා සංකල්ප ඇසුරින් බව නිව්ටන් පූර්ව අවබෝධයෙන් යුක්තව සිටියේය.ඔහු තෝරා ගත් පොත් අතර ඉංග්‍රීසියට පරිවර්තනය කල පෙරදිග විද්‍යා පොත් කිහිපයක්ද විය.....

------------------------------------------------------------------------------------------
  අයිසැක් නිව්ටන් එංගලන්තයේ සිට පෙරදිග විද්‍යා සංකල්ප විමර්ෂණය කරන විට නිව්ටන්ගේ තවත් සමකාලීන ගණිත විද්‍යාඥයකු වූ ගොඩ්ප්රීඩ් විල්හෙල්ම් ලයිබ්නීට්ස් නම් තරුණයා කෙරෙහිද යම් අවධානයක් යොමු කල යුතුය.

                                ---------          මතු සම්බන්ධයි.         ----------

16 comments:

  1. වටිනා ලිපියක්. වැඩත කරුණු රැසක් අනාවරණය වුනා.

    ReplyDelete
    Replies
    1. තව තියෙනව මේකෙ..

      Delete
  2. මේ විදිහට අපි නොදන්නා කීදාහක් දෙනා ඇත්ද විශාල සොයා ගැනීම් කරපු... තවත් ම් වගේ දේවල් ලියන්න අය්යේ...

    ReplyDelete
  3. very good post keep it up. We like to know this kind of interesting facts and history of the evolution of mathematics and science.

    ReplyDelete
  4. (මහා විද්‍යාඥයකුගේ අවසානය මෙලෙස දිනයේ හිරු උදාව සමඟ ඉතාලියේ සිර මැදිරියක් තුල සිදුවන විට එදිනම රාත්‍රියේ එංගලන්තයේ වෘල්ස්ත්‍රෝප්හි තවත් ලෝක පූජිත විද්‍යාඥයකු වූ අයිසැක් නිව්ටන්ගේ උපත සිදුවීම දෛවපෝගතව සිදුවිය.රාජකීය දෛවඥයා වසරේ අවසන් දින කීපය තමාට මාරක අපල බව දැන්වීම නිසා ඉතාලි කැලැනඩරයේ එම දිනය ජනවාරි 08 දිනය වුවත් එංගලන්තයේ එම දිනය 1642 දෙසැම්බර් 25 නත්තල් දිනය විය.)

    දින දර්ශකේ නම් ටිකක් අපැහැදිලියි වගේ. පුනරුප්පත්තියක් ගැනවත් කියන්න යනවද​?

    ReplyDelete
    Replies
    1. පුනරුපුපත්තියක් කොහොමවත් වෙන්න බෑනේ මුතූ...

      Delete
  5. කකාගෙ සයිට් එකේ දැම්ම උත්තරේට ස්තුතියි.... විභාග වලට කොහොමද?

    ReplyDelete
    Replies
    1. සැප් 25 බුධ යන්නේ කන්‍යාෙව ඉදලා තුලාවට..බුධට තුලාවට වඩා කන්‍යාව බලවත් වුනත් කුම්භ ලග්නෙට සැප් 25 න් පස්සේ විශේෂ සුභඵල ඉස්මතු වේවි...විභාග ජයග්‍රහණ වලටත්..

      Delete
  6. දිගටම ලියන්න. හොඳ කතාවක්. විද්‍යාව සහ ගණිතයට ජෝතිෂය සහ පෙරදිගින් වූ සේවය ලියන්න නැත්නම් උදි බැලුවම පෙන්නේ විද්‍යාව සහ ගණිතය සුද්දගේ බුදලය වගේ.

    නිමල් දැන් 11 වසරේ හමුවූ ගණිත ගුරුවරිය වගේ අය සිටීම රටේ කරුමයක්.

    ReplyDelete
  7. ඒ පැත්ති හුගකාලෙකින් නාපු හින්ද සොයාහෙන ආඑ.. :D

    ප්‍රශ්නයක් තියෙනවා.. තප්පර හැටක් මිනිත්තු එකයි! මිනිත්තු හැටක් පැය එකයි.. පැය 60ක් දවසයි(සිංහල විදියට) ඔය කරමෙ ආවෙ කොයි කාලෙද?

    ReplyDelete
    Replies
    1. හැට පැය ක්‍රමයට ඉතා දිගු ඉතිහාසයක් ඇත.60 නැවත නැවත ආවර්තනය වීම ගුප්ත හා ස්වභාවික සන්සිද්ධි සමඟ බද්ධ වීමක් ඇති බව ජ්‍යොතිෂයේම සදහන්ව ඇත.තව විස්තර හොයල මෙතන ලියන්නම්..සුලා මල්ලිලැයි පැත්තේ තියා බ්ලොග් අවකාශේ හරිහැටි සැරිසැරුවෙ නෑ කාලෙකින්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...