Friday, December 30, 2011

හත අධිපති සිටින ස්ථානය අනුව සහකරු සහකාරියගේ ස්වභාවය

  යම් අයකුගේ ජන්ම කේන්ද්‍රයේ හත්වැන්න ඔහුගේ හෝ ඇයගේ විවාහයට වැඩිම බලපෑමක් ඇති කරන ස්ථානයයි.මෙම හත්වැන්නට අධිපති ග්‍රහයාගේ පිහිටීම හා එම ග්‍රහයා සම්බන්ධවන යෝග සංයෝග දෘෂ්ඨි හා කාරක අනුව විවාහය සිදුවන ආකරය හා විවාහ සහකරුගේ ස්වභාවය ඔහු සිටින දිශාව තත්ත්වය හා වෙනත් ලක්‍ෂණ ජ්‍යොතිෂ ආචාරීන් දක්වා ඇත.මෙම ලිපියෙන් හත අධිපති ග්‍රහයා සිටින ස්ථානය අනුව සහකරු හා සහකාරියගේ ස්වභාවය දක්වා ඇති ආකරය ඉදිරිපත් කර ඇත.මෙම විස්තර බොහෝ දුරට නිවැරදි නමුත් ග්‍රහයන්ගේ බල දුබලතා සංයෝග දෘෂ්ඨි හා කාරකත්වය අනුව තරමක් වෙනස් වන අවස්ථ්ද ඇත.

  ප්‍රථමයෙන්ම තමන්ගේ කේන්ද්‍රයො හත අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න දැන ගනිමු.ඔබගේ ලග්නය අනුව හත අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න පහතින් බලා ගන්න.

2012 ජනවාරි 15, 16 දිනවල කලාතුරකින් යෙදෙන වීණා යෝගයක්..

        ඉතා කලාතුරකින් උදාවන යෝගයක් වන වීණා(වල්ලකී) යෝගයක් 2012 ජනවාරි 14 ,  15 හා 16  තෙදින තුල උදාවේ.බොහෝ ජ්‍යොතිෂ පුවත්පත් වල මෙය ඒකාවලී යෝගය ලෙස වරදවා දක්වා තිබුණත් මෙදින උදාවන්නේ වීණා යෝගය මිස ඒකාවලී යෝගය නොවේ.ඒකාවලී යෝගයේදී රාහු කේතු හැර අනිත් ප්‍රධාන ග්‍රහයන් හත්දෙනා අනුයාත රාශී හතක එක රාශියක එක් ග්‍රහයා බැගින් තැන්පත් වීම විශේෂ වේ.නමුත් වීණා යෝගයේදී මෙම ග්‍රහයන් හත්දෙනා ඕනෑම රාශි හතක(අනුයාත රාශී වීමක් නැතිව වුවත්) තැන්පත් වීම සලකයි.ඒ අනුව ඒකාවලී යෝගය ඇති අයට අනිවාර්යෙන් වීණා යෝගය පිහිටන නමුත් වීණා යෝගය සමඟ ඒකාවලී යෝගයද යෙදීමට ග්‍රහයන් අනුයාත රාශි හතක පිහිටිය යුතුය(එක් රාශියක එක ග්‍රහයා බැගින්.මෙම ඒකාවලී හා වීණා යෝගය ගැන තවත් විස්තර දැන ගැනීමට පහත ලිපිය බලන්න.



    වීණා යෝගයෙන් උපදින දරුවන් ඉතා ධෛර්ය හා උත්සාහ ඇත්තන් වන බව ජ්‍යොතිෂයේ සදහන්ය.එඩිතරය.පරෝපකාරීය.මිය ගියද නම රැදෙන බව කියති.

   2012 ජනවාරි 14 රාත්‍රී (15 දාට එළිවෙන) 12.58 ට පමණ රවිගේ මකර රාශි ගත විමත් සමඟ යෙදෙන මෙම වීණා යෝගය ජනවාරි 16 වැනි දින දවල් 11 54 ට පමණ සිදුවන සදුගේ තුලා රාශි ගත වීමත් සමඟ අවසන් වේ.මෙම කාලසීමාව අතරතුර උපදින දරුවන්ට මෙම බලවත් වීණා යෝගය උදාවේ. 
   මෙම කාල සීමාවේ උපදින දරුවන් සෑම දෙනාටම වීණා යෝගය යෙදීම නිසා මේ දිනවල උපදින සියළුම කොල්ලන් කෙල්ලන් හා බල්ලන් සෑම දෙනාටම මෙම වීණා යෝගයෙන් දක්වා ඇති සුභඵල උදාවිය  යුතු බවට ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන් තර්ක මතු කල හැකිය.දරුවා ජාතියෙන් කුලයෙන් තත්ත්වයෙන් කුමන තත්ත්වයක සිටියත් මෙම වීණා යෝගයේ සුභඵල යම් තරමින් හෝ ඉස්මතුවේ.උපන් ලග්නය හා ග්‍රහයන් පිහිටන අංශක අනුව සුභඵල උදවීම අඩුවැඩි විය හැකිය.වීණා යෝගය යෙදුණා කියා මෙම දින දෙකේ උපදින ළමයින් අතර ශාරීරික හා මානසික ආබාධ මෙන්ම වෙනත් දුර්වලතා පිහිටි අය සිටිය හැකිය.මේ දින දෙක තුල ධනවත් දෙමාපියන්ට මෙන්ම හිඟන පවුල් වලද දරුවන් ඉපදිය හැකිය.නමුත් මොන අයුරකින් හෝ එවැන්නන්ටද වීණා යෝගයේ ඵල උදාවේ.මේෂ,වෘෂභ ,මිථුන කටක ලග්න හතරට වීණා යෝගයට අමතරව තවත දුලභ යෝගයක් වන ලග්න අධි යෝගයක්ද යෙදෙන නිසා එම ලග්න වල උපන් දරුවන්ට වැඩි සුභදායක ඵල යෙදේ.

Thursday, December 29, 2011

"2012 වසර ඔබේ ලග්නයට කොහොමද?"


  2011 වසර අවසන් විමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.බොහෝ දෙනා තව දින කිහිපයකින් උදාවන 2012 වසරට මුහුණ දීමට දැන් සිටම සූදානම් වෙති.වසර ආරම්භයේ සිටම සුභවාදී උද්‍යාගයෙන් නව වසර තමන් වෙත ලඟාකර ගැනීමට සෑම දෙනාම වැඩි කැමැත්තක් දක්වන අතර ඉදිරියට ලබන 2012 වසර ජ්‍යොතිෂමය වශයෙන් තමන්ට බලපාන්නේ කෙසේදැයි දැන ගැනීමට උනන්දුවක් දක්වති.

Wednesday, December 28, 2011

රාවණායනය -2 (හෙළ රජවරු)



"ඩුං..... ඩුං .....ඩුං....."

 "අසවු ..අසවු....අපගේ හෙළ රාජ්‍යය පාලනය කිරීමට සමතෙක් තෝරා ගැනීමට හෙළයන් වන අප රටවැසියන් සාකඡ්චා කිරීමකින් තීරණය කොට ඇත.එබැවන් සියළු ආකරයේ "අංගම්" හා වෙනත් සටන් ආරක්‍ෂා ක්‍රම උගත් ආයුර්වේදය ජ්‍යොතිෂය ..ආදී ශාස්ත්‍රද උගත් සියළු කරදර වලින් අපගේ හෙළ රට බේරා ගත හැකි ධෛර්යයෙන් දැහැමින් බලයෙන් රාජ්‍ය කිරීමට හැකි අයෙක් ඉන්නවානම් වරෙල්ලා....."