Friday, December 30, 2011

2012 ජනවාරි 15, 16 දිනවල කලාතුරකින් යෙදෙන වීණා යෝගයක්..

        ඉතා කලාතුරකින් උදාවන යෝගයක් වන වීණා(වල්ලකී) යෝගයක් 2012 ජනවාරි 14 ,  15 හා 16  තෙදින තුල උදාවේ.බොහෝ ජ්‍යොතිෂ පුවත්පත් වල මෙය ඒකාවලී යෝගය ලෙස වරදවා දක්වා තිබුණත් මෙදින උදාවන්නේ වීණා යෝගය මිස ඒකාවලී යෝගය නොවේ.ඒකාවලී යෝගයේදී රාහු කේතු හැර අනිත් ප්‍රධාන ග්‍රහයන් හත්දෙනා අනුයාත රාශී හතක එක රාශියක එක් ග්‍රහයා බැගින් තැන්පත් වීම විශේෂ වේ.නමුත් වීණා යෝගයේදී මෙම ග්‍රහයන් හත්දෙනා ඕනෑම රාශි හතක(අනුයාත රාශී වීමක් නැතිව වුවත්) තැන්පත් වීම සලකයි.ඒ අනුව ඒකාවලී යෝගය ඇති අයට අනිවාර්යෙන් වීණා යෝගය පිහිටන නමුත් වීණා යෝගය සමඟ ඒකාවලී යෝගයද යෙදීමට ග්‍රහයන් අනුයාත රාශි හතක පිහිටිය යුතුය(එක් රාශියක එක ග්‍රහයා බැගින්.මෙම ඒකාවලී හා වීණා යෝගය ගැන තවත් විස්තර දැන ගැනීමට පහත ලිපිය බලන්න.



    වීණා යෝගයෙන් උපදින දරුවන් ඉතා ධෛර්ය හා උත්සාහ ඇත්තන් වන බව ජ්‍යොතිෂයේ සදහන්ය.එඩිතරය.පරෝපකාරීය.මිය ගියද නම රැදෙන බව කියති.

   2012 ජනවාරි 14 රාත්‍රී (15 දාට එළිවෙන) 12.58 ට පමණ රවිගේ මකර රාශි ගත විමත් සමඟ යෙදෙන මෙම වීණා යෝගය ජනවාරි 16 වැනි දින දවල් 11 54 ට පමණ සිදුවන සදුගේ තුලා රාශි ගත වීමත් සමඟ අවසන් වේ.මෙම කාලසීමාව අතරතුර උපදින දරුවන්ට මෙම බලවත් වීණා යෝගය උදාවේ. 
   මෙම කාල සීමාවේ උපදින දරුවන් සෑම දෙනාටම වීණා යෝගය යෙදීම නිසා මේ දිනවල උපදින සියළුම කොල්ලන් කෙල්ලන් හා බල්ලන් සෑම දෙනාටම මෙම වීණා යෝගයෙන් දක්වා ඇති සුභඵල උදාවිය  යුතු බවට ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන් තර්ක මතු කල හැකිය.දරුවා ජාතියෙන් කුලයෙන් තත්ත්වයෙන් කුමන තත්ත්වයක සිටියත් මෙම වීණා යෝගයේ සුභඵල යම් තරමින් හෝ ඉස්මතුවේ.උපන් ලග්නය හා ග්‍රහයන් පිහිටන අංශක අනුව සුභඵල උදවීම අඩුවැඩි විය හැකිය.වීණා යෝගය යෙදුණා කියා මෙම දින දෙකේ උපදින ළමයින් අතර ශාරීරික හා මානසික ආබාධ මෙන්ම වෙනත් දුර්වලතා පිහිටි අය සිටිය හැකිය.මේ දින දෙක තුල ධනවත් දෙමාපියන්ට මෙන්ම හිඟන පවුල් වලද දරුවන් ඉපදිය හැකිය.නමුත් මොන අයුරකින් හෝ එවැන්නන්ටද වීණා යෝගයේ ඵල උදාවේ.මේෂ,වෘෂභ ,මිථුන කටක ලග්න හතරට වීණා යෝගයට අමතරව තවත දුලභ යෝගයක් වන ලග්න අධි යෝගයක්ද යෙදෙන නිසා එම ලග්න වල උපන් දරුවන්ට වැඩි සුභදායක ඵල යෙදේ.

5 comments:

තිරිසනා said...

සිංහල දින ක්‍රමයට වර්ෂයකට දින කීයද කියල පොඩ්ඩක් කියන්ඩ පුලුවන්ද?මට මෙලෝ දෙයක් මතක නෑ :(

jhothishalanka said...

@තිරිසනා
ඉතාම පැරණි කාලයේ සිට අපේ හෙළයන් භාවිතා කලේ චන්ද්‍ර මාස ක්‍රමය හෙවත් ලූනර් දින දර්ශන ක්‍රමයයි.සදුගේ ගමන අනුව දුරුතු නවම්,... ආදී වශයෙන් මාස දොළහ වෙන් කොට ඇති අතර එක් මසකට තිථි 30කි ඒ අනුව නියම චන්ද්‍ර මාස ක්‍රමය අනුව චන්ද්‍ර වසරකට දින 360කි(30 12= 360) නමුත් දින පහක ඇති මෙම වෙනස නිසා චන්ද්‍ර මාස ක්‍රමයට යෙදෙන රවි,සදු .. ආදී හා ජොර්ජීයන් කැලැන්ඩර ක්‍රමයට යෙදෙන ඉරිදා සදුදා..දිනයන්වල සම්පාත කිරීම සලකා ඇතැම් චන්ද්‍ර මාස වලට අධි ක්‍රමයක්(අධි වෙසක් ආදි ලෙස..) සලකා ඇත.නමුත් පැරණි සිංහල ක්‍රමයට වසරකට දින 360කි.

තිරිසනා said...

ඒ කියන්නේ අයියේ දැන් අපි මහ දසාවක් හෝ අතුරු දසාවක් ගණිනව හිතමු.එතකොට අපි දැනට ගණින්නේ ඉංග්‍රීසි දින ක්‍රමයටනේ.ඒ කියන්නේ හරිනම් අපි මනින්ඩ ඕනේ සිංහල දින ක්‍රමයෙන් නෙමේද?

jhothishalanka said...

@තිරිසනා
එවැනි අවස්ථාවල ශකරාජ ක්‍රමයට වයස බලන එක වඩාත් නිවැරදියි.

තිරිසනා said...

අම්මට සිරි ඒක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ :-@.පොඩි ඉන්ට්‍රඩක්ෂන් පාරක් දාලා ලිපියක් ලිව්වොත් පින් :/

Related Posts Plugin for WordPress, Blogger...