Thursday, December 29, 2011

"2012 වසර ඔබේ ලග්නයට කොහොමද?"


  2011 වසර අවසන් විමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.බොහෝ දෙනා තව දින කිහිපයකින් උදාවන 2012 වසරට මුහුණ දීමට දැන් සිටම සූදානම් වෙති.වසර ආරම්භයේ සිටම සුභවාදී උද්‍යාගයෙන් නව වසර තමන් වෙත ලඟාකර ගැනීමට සෑම දෙනාම වැඩි කැමැත්තක් දක්වන අතර ඉදිරියට ලබන 2012 වසර ජ්‍යොතිෂමය වශයෙන් තමන්ට බලපාන්නේ කෙසේදැයි දැන ගැනීමට උනන්දුවක් දක්වති.

         "2012 වසර ඔබේ ලග්නයට කොහොමද?" මාතෘකාව දුටු විගස  තමන්ට 2012 කෙසේ වේද යන්න කියවීමට බොහෝ දෙනෙකු  මෙහි එන බව මා හොදින් දනී. (ජ්‍යොතිෂය මිත්‍යාවක් ලෙස සලකන අයද හොර රහසේ මෙවැනි පලාඵල කියවන බවද දනිමි.)ලිපියේ මුල මැද අග නොසොයා ඔවුන් බොහෝ දෙනා සොයන්නේ තමන්ගේ ලග්නයට ඇති පලාඵල විස්තර ඡේදයයි.(මෙම බ්ලොග් අඩවියේ වැඩි පිරිසක් කියවා ඇත්තේද ලග්න පලාඵල ලිපි ලේඛනයන්ය.)

   සත්‍ය වශයෙන්ම 2012 ජනවාරි 1 දිනෙන් ආරම්භ වන ඉංග්‍රීසි කැළැන්ඩර් ක්‍රමය ජ්‍යොතිෂය හා බැදී නැත.අපේ ජ්‍යොතිෂය හා බැදී ඇත්තේ සූර්්‍ය හා මාස ක්‍රමයට බැදුනු දින දර්ශන ක්‍රමයක් සමඟය.අප්‍රේල් මස සිදුවන සූර්යයා මිනයේ සිට මේෂයට පිවිසෙමින් ඇරගෙන අළුත් අවුරුද්ද අපගේ ජ්‍යොතිෂ සිද්ධාන්තයන් සමඟ බැදී ඇත.ඒ සදහා පොදු ලග්න පලාඵලයක් ඉදිරිපත් කිරීම යම් තරමින් සාධාරණ වුවත් ජනවාරි 1 දායින් ඇරඹෙන ඉංග්‍රීසි වර්ෂය සදහා පොදු ලග්න පලාඵලයක් ඉදිරිමත් කිරීමේ සිද්ධාන්තය කුමක්ද යන්න දෙවරක් සිතා බැලිය යුතුය.(පසුගිය දෙසැම්බර් මසදීත් මා මෙය පැවසූ නමුත් මෙවරද නැවත මතක් කලෙමි.)
   සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයේදී පුද්ගල පලාඵල පොදු වශයෙන් හා අනන්‍ය වශයෙන් ඉදිරිපත් කෙරෙන විශේෂ අවස්ථා කිහිපයක් සරලව පෙළ ගස්වා බලමු.(මෙවැනි වර්ග කිරීමක් පැරණි පොත්පත් වල හෝ වෙනත් කිසිදු ජ්‍යොතිෂ මූලාශ්‍ර ග්‍රන්ථයක දක්වා නැති බවත් මෙය හුදෙක් ලේඛකයා විසින් තමාට දෘෂ්ථි වූ ආකාරයට දැක්වන වර්ග කිරීමකි.)

    1) සූරයයා මීනයේ සිට මේෂයට සංක්‍රමණය වන අවුරුදු සංක්‍රාන්තියෙන් ඇරඹෙන දින 365 ක කාලය සදහාවූ සංවත්සර පලාඵල විස්තර
     2)ග්‍රහ මාරුවක්, සංයෝජනයක්, සප්තමවීමක්, යුද්ධයක්, උදා, අස්ත, වක්‍ර,නිවෘති ආදී වෙනස් වීමක් මෙන්ම සූර්‍ය,චන්ද්‍ර ග්‍රහණ අවස්ථා වලදී යම් යම් කාල සීමාවන්ට අදාලව දක්වා ඇති පලාඵල විස්තර
     3)පුද්ගල ජන්ම කේන්ද්‍ර අනුව සලකමින් ඉහත දැක්වූ විශේෂ අවස්ථා වලට අනුරූප පුද්ගල පලාඵල විස්තර දැක්වීම
     4)රවි සදු ආදීන්ගේ චලිතය ප්‍රධාන වශයෙන් සලකා සිදුකෙරෙන දිනපතා,සතිපතා හා මාසික ලග්න පලාඵල විස්තර
     5)එක් එක් ජ්‍යෙතිෂවේදීන් තමන් විසින්ම සකසා ගන්නා ලද විශේෂ අවස්ථාවන්ට අදාළ කේන්ද්‍ර සටහන්(දිවුරුම් දීම්,නාම යෝජනා බාරදීම් වැනි)අනුව සිදු කරන දේශපාලන මැතිවරණ පලාඵල අනාවැකි.
     6)පරිසරයේ දක්නට ඇති විවිධ සන්සිද්ධීන් සතත්ව ක්‍රියාකරකම් හා වෙනත් නිමිති ක්‍රම අනුව ඉදිරිපත් කරන පලාඵල අනාවැකි.

  මේ අනුව බලන කල දෙසැම්බර් 31 රාත්‍රී 12 න්(ජනවාරි 01 ආරම්භය) ඉංග්‍රීසි ක්‍රමයට ආරම්භ වන වර්ෂයට අදාලව කිසිදු ජ්‍යොතිෂ සන්සිද්ධියක් නැත.එවැනි දෙයක් ඇතොත් ඒ එම වේලාවට ග්‍රහ මාරුවක් සංයෝජනයක් යුද්ධයක් උදා,අස්ත,.. වැනි සංසිද්ධයක් ග්‍රහණයක් වැනි දෙයක් සිදු වුවහෙත් පමනි.එසේ නොමැතිව 2011 දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියෙන් උදාවන 2012ජනවාරි 1 දිනයේ ග්‍රහ චාරයෙන් මුළු 2012 වසරට සම්බන්ධ පොදු ලග්න පලාඵලයක් සලකා බැලිය හැකිනම් අපිට හැමදාමත් අවුරුදුය.
   ජනවාරි 1 වෙනිදායින් අරම්භ වන කැලැණ්ඩර වර්ෂය සදහා පලාඵල දැක්වීමක් ජ්‍යොතිෂය අනුව කල නොහැකි නම් ඔය පත්තර වල ඕනතරම් එවැනි අවුරුදු පලාඵල දක්වා තිබෙනවා නොවේද? එතකොට එම පලාඵල ශාස්ත්‍රීය නොවේද? ඇතැමෙකුට එලෙස සිතිය හැකිය.ඇත්තටම මෙහිදී කෙරෙන්නේ වෙළද අවශ්‍යතාවන් සපුරා ගැනීමකි."රට යන විදියට අපිත් යමු" යන ආදර්ශ පාඨය ඔස්සේ ගමන් කිරීමට ජ්‍යොතිෂවේදීන් විසින්ම සිදුකල උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසත් දැක්විය හැක.වර්මානයේ ජ්‍යොතිෂය අප රට තුල භාවිතා වන ආකාරයට එය එක් තැනක "කඩේට ගොස් පැනඩෝල් පෙත්තක් ලබා ගන්නා" ආකාරයටත් තවත් තැනක එය "චැනල් දොස්තර මහතෙකු හමුවන" ආකාරයටත් ඇත.මෙම අන්ත දෙකම අගතිදායකය.

   "ඔබ සැමට සුභ නව වසරක් වේවා!"

5 comments:

කතන්දර Kathandara said...

ඔයා මේ ලිපිය මෙතනින් කොපි කළා නේද?
http://lankajhothisha.blogspot.com/2010/12/2011.html

වැඩේ කැතයි!

jhothishalanka said...

@කතන්දර
හප්පා.. අතේ මාට්ටු නේද?

මන්තරකාරි said...

මං මේ ආවේ මට මේ අවුරුද්දෙවත් හොඳක් වෙයිද බලන්න...

Migara said...

2012 අවුරුද්ද අගදී විශේෂ ග්‍රහ පිහිටීමක් දකින්න පුලුවන් කියලා කලකට කලින් කොහෙදෝ කියෙව්වා කියලා පොඩි මතකයක් තියෙනවා. ග්‍රහයෝ වැඩි ගනනක් එකම රාශියක එක්කාසු වෙනව කියල. මේක ඇත්තද?

එක ඇත්ත නම් එවැනි පිහිටීමක් පොදුවෙ අප රටේ ජනතාවට බලපාන්නෙ කොහොමද?

jhothishalanka said...

@Migara
ඔය කියන්නේ 2012 ලෝක විනාශය ගැන කියන කතන්දරය වෙන්න ඇති.ග්‍රහයන් එක රාශියකට ගොනු වීම හා එක් රාශියක් එල්ලේ පිහිටන අවස්ථාවන් මීට පෙරත් සිදු වුනා.ඒත් ඒ කිසිම අවස්ථාවක වැදගත් යමක් සිදුනොවුනි.යාන්ත්‍ර විද්‍යාව අනුව විශාල ස්කන්ධයන් ආසන්න සරල රේඛාවක පිහිටි විට එක් දිශාවකට බල අසන්තුලනයක් සිදුවීම සලකමින් 2012 දෙසැම්බර් 21 හෝ ඒ ආසන්න දිනයකදී ක්‍ෂිරපථයේ විශාලම ගුරුත්වය ඇති එහි මධ්‍ය ලක්‍ෂයත් අපගේ සූර්යයාත් පෘථිවියත් ආසන්න ලෙස සරල රේඛාවක් ඔස්සේ පිහිටයි.2012 දෙසැම්බර් 11 දිනයේදීනම් රවි,සදු,බුධ,ගුරු,සිකුරු,ශනි,රාහු කේතු යන ග්‍රහයන් අට දෙනා වෘෂභ හා වෘශ්චික රාශි එල්ලේ සරල රේඛාවක පිහිටනවා.ඔය පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ප්‍රධාන ග්‍රහයන් කීපදෙනෙක්ගේ ඉදිරි ගමන ගැන චලන විස්තරයක් දැක්වෙනවා ඒක වේගයෙන් ධාවනය කොට 2012 දෙසැම්බර් 11 ආසන්න වන විට මන්දනය කොට එම දින කිහිපයේදී නවතා බලන්න.

http://www.astro.com/cgi/chart.cgi?&btyp=mus&lang=e

සියළුම ග්‍රහයන් එකම රාශියක් එල්ලේ පිහිටීමද අතිශය විරලය. 1962 පෙබරවාරි 3 සෙනසුරාදා හවස 4.54 සිට පෙබරවාරි 05 සදුදා හවස 5.30 දක්වා කාලය තුල (මෙම කාලය ලංකාව ආශිත) මෙලෙස සියළුම ග්‍රහයන් එක රාශියක් (මකර රාශිය) එල්ලේ පිහිටද මෑත කාලීනම අවස්ථාව විය.නමුත් එදින ලෝකයේ සැලකිය යුතු විශේෂ සිදුවීමක් නොවුනි.මෙලෙස 1186 දී සියළුම ග්‍රහයන් තුලා රාශියට එක එල්ලේද 1524 දි මේ විදියටම ග්‍රහයො ටික කුම්භ රාශිය කෙලින් පැමිණි විට විශාල ස්වභාවික අනතුරු පැමිනිය හැකි බව එකල සිටි අය පැවසුවත් එසේ නොවුනි.

Related Posts Plugin for WordPress, Blogger...