Friday, September 18, 2020

රාමන් තුමාගේ යෝග 300 පොතෙන්...

 8) චතුස්සාගර යෝගය
    යෝගය යෙදෙන ආකාරය- කේනද්‍රස්ථාන හතරේම(1,4,7,10) ග්‍රහයන් සිටිම
 
   ප්‍රතිඵල - කීර්ති නමක් දිනා ගනී..පාලකයකු හා සමාන සෞභාග්‍යමත් දීර්ඝායු දිවියකි.දරු සම්පතින් ආඩ්‍යය.නිරෝගිය.සතර දිශාවෙහි නම පතලවේ.

Thursday, September 17, 2020

යෝග 300 පොතෙන්..

 B.V.රාමන් ශ්‍රීමතාණන් විසින් රචිත “300 Important Combinations“ කෘතියෙන් විස්තර කෙරෙන 
යෝග 300 , ග්‍රහ යෝග පිළිබඳව ජ්‍යොතිෂවේදියකු සතුවිය යුතු ප්‍රමාණවත් දැණුමකට සුවිශාල මඟ 
පෙන්විමකි.එම පොතේ දැක්වෙන යෝග 300 වරකට කිහිපය බැගින් පිළිවෙළින් ගෙන සරලව ගෙනහැර 
දැක්විමට අදහස් කළෙමි.

Monday, February 11, 2019

කාලය අවකාශය හා ජ්‍යොතිෂය -13


වෘත්තය හා බෙදිම්

 වෘත්තය යනු ඉතා මනස්කාන්ත එමෙන්ම ගුප්ත වූ ජ්‍යාමිතික තල රූපයකි.වෘත්තයක් වටා සකල ලෝක ධාතුවම තැන්පත් කල හැකියයි කිසිවකු පැවසුවහොත් සැබවින්ම එය මානසික රෝගියකුගේ සිතුවිල්ලක් යැයි ඔබටද සිතිය හැක.නමුත් ලොව පුරා භාවිතා වන බොහෝ විද්‍යාවන් දර්ශනයන් භාවිතා කිරීමට හා පවත්වාගෙන යාමට වෘත්තයේ දායකත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කල යුතු නැත.ලොව පුරා විහිදී ඇති විවිධාකාර ආගම් ඇදහිලි වල වාත්තයක හෝ වෘත්ත ඛන්ඩයක දැක්වුනු ඉදිරිපත් කිරීමක් අනිවාර්යෙන් දක්නට ඇත.නවීන විද්‍යාවේ සංඝටක ලෙස අනුපදයෙන් සම්මත භෞත,රසායන,ජීව විද්‍යාවන් වලද දේශපාලන,ආර්ථික ,...ආදී සමාජ විද්‍යාවන් තුල පමනක් නොව මිත්‍යා දෘෂ්ඨික යැයි සම්මත ගෝත්‍රික ඇදහිලි තුල පවා මෙම වෘත්තය හා බෙදීම් දක්නට ඇත.