Sunday, October 24, 2010

නැකැත් පාගා යන ගමන යමු.ජය සතුට ගෙන යළි ගෙදර එමු

   අද උදේ කාමරේ අස් කරන කොට පරණ කොළයක් හම්භ වුනා ඒකේ තිබෙන්නේ සුභ ගමනක් සාර්ථක කර ගැනීමට නිවසින් පිටත්වීමට කලින් අනුගමනය කරන්න සුදුසු ක්‍රමයක්.හරියට කෙමක් වගේ තමයි.මේක මගේ නිර්මාණයක්වත් මම කියවපු පැරණි පොතක තිබුනු දෙයක්වත් නෙවෙයි.කවුරුදෝ දුන් එකක්.මේකේ  උඩින්ම "කිසිවෙකුට දෙන්න එපා" කියල ලියල තිබුනට කාටවත් කරදරයක් නරකක් කරන්න හදපු දෙයක් නොවන නිසා බ්ලොග් එකට දමන්න හිතුනා.
කාගේ වුනත් බුද්ධි දේපලක් හින්දා කොලේ ඒවිදියටම ස්කෑන් කරලා දැම්මා.මම නම් තවම මේක අත්හදා බලලා නැහැ.හෙට අනිද්දට පොඩි සුභ ගමනක් යන්න තියෙනවා අත්හදා බලන්න ඕන.ඔය අයත් මේක කරලා ප්‍රතිඵල ලියලා එවන්න.ඇත්ත ලියන්න.හැබැයි අකුරු ලියවිචිච ලේඛනයක් පයට පෑගීම හොදද කියලා කාට හරි හිතේවි. ඒ ගැන හිතන් නැතිව කරල බලන්න.මේකේ තව ප්‍රශ්නයක් තිබෙනවා,එදිනට නියමිත සුභ කකුල(වම,දකුණ) මොකක්ද කියල හොයා ගන්න ක්‍රමයක් දාලා නැති එක.හැබැයි අපි අහලා තියෙන්නේ නම් සුභ ගමනක් යාමේදී දකුණු කකුල පෙරට තැබීම තමයි සුභ කියලා.ඒ විදියට  කරන්නකෝ. පහළ රූපේ ක්ලික් කරල බලන්න.

9 comments:

dinesh said...

ඔයාගෙ ලිපි ගොඩක් ප්‍රයෝජනවත්.දිගටම ලියන්න.හැබැයි මම නැකත් කේන්දර මොනවත් විශ්වාස කරන්නෙ නැහැ.

දසුන් සමීර වීරසිංහ said...

මේක භාවිත කරන්නේ සුභ නැකතක් හොයාගන්න බැරිවුනාම. අත්‍යාවශ්‍ය දෙයක් ඉක්මනට කරන්න වුනාම. මේ පිලිබඳව හරියට දන්නා ගුරුවරයෙක් ඉන්නවා අසා දැනගෙන. මෙහි සටහන් කරන්නම් :)

M. M. Rohana Wasantha said...

ඇත්තටම මේක චූල නක්‍ෂත‍්‍රයට වැටෙන එක් ක‍්‍රමයක් තමයි. "මේකේ තව ප්‍රශ්නයක් තිබෙනවා,එදිනට නියමිත සුභ කකුල(වම,දකුණ) මොකක්ද කියල හොයා ගන්න ක්‍රමයක් දාලා නැති එක." විශේෂයෙන් චූල නක්‍ෂත‍්‍රයේ දී මේක කරන ආකාරය වෙනම දක්වා තිබෙනව. ඔයා දක්වල තියෙන විදියට සතියේ දින හතට අනුව මහා නක්‍ෂත‍්‍රයේ දී ඔක්තේ දිනවල දකූණු පයත් ඉරට්ටේ දිනවල වම් පයත් තබා යන ගමන මෙයට යොදාගන්න බැහැ. මොක ද මේක චූල නක්‍ෂත‍්‍රයට වැටෙන නැකැත් සාදාගන්නා ක‍්‍රමයක් නිසා. චූල නක්‍ෂත‍්‍රයට අනුව සතියේ දිනට අනුභවයට සුදුසු අහරක් ගෙන තමන්ගේ වම් සහ දකුණු නාස්පුටයන්ගෙන් වඩාත් හොඳින් හුස්ම වැටෙන පැත්තේ පය පෙරට තබා ගමන් ආරම්භය සුභ බව සළකන්න.චූල නක්‍ෂත‍්‍රයට අනුව සතියේ දිනට අනුභවයට සුදුසු ාහාර වර්ග මොනවාද යන්න පිළිබඳව සැළකීමේ දී දවසේ පාලනය භාර ග‍්‍රහදේවතාවාට සුදුසු ආහාරය ගත යුතු බව සිහිපත් කළ යුතුය.
එම්. එම්. රෝහණ වසන්ත 0714161082

සංකල්ප said...

බොහොමත්ම වටින ලිපියක් !!!! කාටවත්ම දෙන්න එපා කියල තිබු දෙයක් බ්ලොග් එකේ දාපු එකට තුටි !!!!

jhothishalanka said...

මධුරංගවත් අඩවියට සාදරයෙන් පිළිගන්නවා මගේ අනිත් ලිපිත් කියවන්න

Anonymous said...

දවසේ පාලනය භාර ග‍්‍රහදේවතාවාට සුදුසු ආහාරය dana ganne kohomada?

jhothishalanka said...

@Anonymous
මේකට හොදම පිළිතුර කමෙන්ට් එක දාපු රෝහණ වසන්ත මහතාගෙන්ම අසා දැන ගැනීම සුදුසු යැයි සිතමි.
එම්. එම්. රෝහණ වසන්ත 0714161082

hector padmasiri said...

siddanta is correct but secrete is not include here.. HECTOR

බිඟූ said...

බලමුකො එකත කරලා

Related Posts Plugin for WordPress, Blogger...