පරිඝනකයෙන් කේන්ද්‍ර බැලීම ගැන කියනකොටම මතක් වෙන්නේ කාලෙකට ඉස්සර වෙචිච පොඩි සිද්ධියක්.කතාව එතනින්ම පටන් ගත්තාම අපේ මාතෘකාවට කෙලින්ම ඇතුල් වෙන්න පුළුවන්.මේකයි සිද්ධිය,ඔයගොල්ලන්ට මතක ඇතිනේ මීට අවු 10 කට විතර කලින් ජංගම පරිගණක ජ්‍යොතිෂ සේවයක්(හෝ කිහිපයක්)මුළු ලංකාව පුරාම නගරයෙන් නගරයට සංචාරය කලා,මගේ අම්මේ බලන්න එපැයි ඒව පටන් ගත්තු මුල් දවස්වල හිටපු සෙනඟ.මට මතක විදියට පිටකොටුව ස්ටේෂම ඉස්සරහ දාපු එකේ හෙනපෝලිමක් තිබුනා.කොම්පියුටරෙන් කේන්ද්‍ර බලන්න,අත්රේඛා ස්කෑන් කොරෝලා පෙර ආත්මේ විස්තර බලන්න කට්ටිය පොර කනවා.කොහොමින් කොහොම හරි මේ ජංගම ජ්‍යොතිෂ සේවෙ අපිට කිට්ටු නගරෙටත් ආවා.මමත් ඉතින් දවසක් මොකාද එකා වගේ ගියා බලන්න.
ඇතුලට ගිය ගමන් ඒකේ හිටපු කොල්ලෙක් මගේ උපන් දිනෙයි වෙලාවයි අහලා කොම්පියුටරේ බොත්තම් වගයක් ඔබලා පලාඵල ප්‍රින්ට් කරපු කොළ 10ක් විතර මගේ අතට දුන්නා අය කිරීම රු 100යි.මුල් පිටුවේ තිබුනේ ජන්ම කේන්ද්‍ර සටහන.එම කේන්ද්‍ර සටහන නම් මම උපදිනකොට හදලා තිබුණ ජන්ම කේන්ද්‍රයට ගැලපෙනවා.ලග්නය,නැකත හරි දශා අපහරණයත් ආසන්න ලෙසම හරි.අනිත් පිටුවල තිබුනේ පලාඵල විස්තරයක් ඒකේ පුටර් එකේ තිබුනේ "මෙම පලාඵල විස්තර පාදක කොට ඇත්තේ පැරණි පුස්කොල පොතක් ඇසුරිණි.එම පලාඵල විස්තරය ගැන අප වග කියන්නේ නැත." වගේ ඇග බේරගත්තු වාක්‍යයක්.පලාඵල විස්තර තිබුනේ මාතෘකා වලට වෙන් කරලා චරිත ලක්ෂණ,සෞඛ්‍ය තතත්වය,රුකියාව,විවාහය හා විනෝදාංශ,විශේෂයෙන් ප්‍රවේෂම් විය යුතු අවස්ථා වගේ මාතෘකා තමයි තිබුනේ.මොනවා නැතත් ඒකේ චරිත ලක්ෂණ වලට තිබුණ විස්තර නම් හොදට මතකයි.මොකද මම ඒ දවස්වල ඉස්කෝලේ යන කොළු ගැටයෙක්නේ.ඒ ලියවිලා තිබුණ චරිත ලක්ෂණ විස්තර හැටියට මම ඉතා ඉහල තීක්ෂණ බුද්ධියකින් යුත් විනිවිද දකිනසුළු එඩිතර කාර්ය සූර අයෙක්.අපරාදේ කියන්න බෑ ඒ කොළ ටික කියවන කොට හිතට දැනුනේ මාර සතුටක්.සතුට වැඩි කමට කීප සැරයක්ම කියෙව්වා.කියවන කියවන සැරේට ඇස් වලින් බූරුවො එලියට පැනල බූරු වන්නම නටනවා.අම්මට තාත්තට අයියට අක්කට,ඉස්කෝලේ ගුරුවරුන්ට,යාළුවන්ට මගේ බුද්ධිය නොතේරුණාට කොම්පියුටරේට ඒක හොදට තේරිලා පෙනිලා තියෙනවා.රුපියල් 100ක් දුන්නට පාඩුනෑ.තවත් 100ක් දීලා අත ස්කෑන් කරලා පෙරආත්මෙත් බැලුවා.ඔයගොල්ලො විශ්වාස කරන්න ඒ විස්තරේ හැටියට මම ගිය ආත්මේ ශල්‍ය වෛද්‍යවරයෙක්ලු.මැරිලා තියෙන්නේ ගුවන් අනතුරකින් ඒ අනතුර වෙලාවේ වෙච්ච තුවාල කැළලක් මේ ආත්මේ කකුලේ තියනවළු ඇත්ත නේන්නම් මගේ කකුලේ තුවාල කැලැල් කීපයක්ම තියෙනවනේ. දැක්කද තාක්ෂනේ දියුනුව.
මම ඔය පරන කතාව කිව්වේ පරිගණක ජ්‍යොතිෂ මෘදුකාංග මගින් දැක්වෙන පලාඵල විස්තර පිළිබද වැටහීමක් ලබාදෙන්න විතරයි.ඇත්ත වශයෙන්ම පරිගනකයෙන් කේන්ද්‍ර සටහන ලබා ගැනීමේ ක්‍රියාව විශ්මිත අගය කල යුතු දෙයක්.කාලය ගැන සලකන විට ඒක හරිම වටිනවා මොකද කියනවනම් පරිගණකයෙන් ජන්ම කේන්ද්‍රයක් සෑදීම බොත්තම් කීපයක් ඔබන පරක්කුවෙන් කර ගන්න පුළුවන් වුනාට දෛවඥයෙකුට ඒකට ලොකු කාලයක් ගත වෙනවා.නමුත් ජ්‍යොතිෂ මෘදුකාංග භාවිතා කරන කොට හරි ප්‍රවේශම් ආරක්ෂා වෙන්න ඕන,දක්ෂ දෛවඥයකුට පරිගනකය කාලය ජයගත හැකි මහගු උපකරණයක් වුනත් ජ්‍යොතිෂ දැනුම අඩු කෙනෙකුට ඒක කණා මුට්ටිය බිදින සෙල්ලම වගේ දෙයක්.අනිත් එක දෛවඥයො කොම්පියුටරයට වහල් වෙන එකත් හරි වැරදියි.අද කාලේ ගොඩක් දෛවඥයන්(බොහෝ නාගරික ධනවත් දෛවඥයන් හා තාක්ෂණ දැනුම වැඩි තරුණ දෛවඥයන් ) තමන්ගේ මොලේ වෙහෙසලා ජ්‍යොතිෂ කටයුතු කිරීම බැහැර කොට ඒ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් කරන්න පුරුදු වෙලා.පහසුව ගැන හිතලා ඔවුන් එහෙම කලාට පරිගණකයෙන් ජ්‍යොතිෂ කටයුතු කිරීමේදී සැලකිය යුතු හා දැනගත යුතු කරුණු බොහොයි. මේ ගැන හොදට වැටහෙන්නේ ජ්‍යොතිෂයත්,වීජ ගණිතයත් පරිගණක වැඩ සටහන්වල ක්‍රියාවලිය ගැනත් යන සියළුම අංශ ගැන දැනුවත් වෙච්ච අයට විතරයි.මේ බ්ලොග් ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේද එම නොදැනුවත් පාර්ශ්වයන් යම්තාක් දුරට හෝ ඒ පිළිබදව දැනුවත් කිරීමයි.මින් ඉදිරියට ලියන භාෂවෙන්ම ලිව්වට තරහ වෙන්න එපා.
පරිගනක ජ්‍යොතිෂ මෘදුකාංග සැකසීමේ පුරෝගාමීන් ලෙස වැඩි ගෞරවය ලැබෙන්නේ අසල්වැසි ඉන්දියානුවන්ටය.අද අපි භාවිතා කරන ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක්ම සැකසී ඇත්තේ ජ්‍යොතිෂයත් පරිගණක විද්‍යාවත් යන අංශ දෙකෙන්ම විශේෂඥ දැනුමක් ඇති ඉන්දියානුවන් විසිනි.ජ්‍යොතිෂ මෘදුකාංගයක් සැකසීම නිමි ඇදුමක නිෂ්පාදන ක්‍රියාවලිය මෙන් ශ්‍රම විභජනයෙන් කලහැකි කාර්්‍යයක් නොවේ එනම් අත්,කොලර්,සාක්කු,වාටි වෙන වෙනම සකසා පසුව ඒවා මූට්ටු කොට කමිසයක් සාදන ආකාරයට ජ්‍යොතිෂ මෘදුකාංගයන් සැකසිය නොහැක.එය වඩාත් සාර්ථක වන්නේ තනි පුද්ගල ක්‍රියාවක් වන විටය.
ජ්‍යොතිෂයේදී ජන්ම කේන්ද්‍ර සෑදීමේදී නක්ෂත්ර කේන්ද්‍රීය ක්‍රමය හා සූර්ය සිද්ධාන්තය ලෙස ප්‍රධාන ක්‍රම දෙකකි.මින් නක්ෂත්ර කේන්ද්‍රීය ක්‍රමයේදී පෘථිවියට සාපේක්ෂව එනම් පෘථිවිය නිසල ලෙස සලකා අන් ග්‍රහයන්ගේ චලිතය සලකමින් කේන්ද්‍රය සකස් කරන අතර සූර්ය සිද්ධාන්තයේදී තාරකා විද්‍යාවට අනුරූප ලෙස සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහයන්ගේ චලිතය සලකා කේන්ද්‍ර සාදයි.සූර්ය කේන්ද්‍රීය ක්‍රමය වීජීය ක්‍රමයට වඩා ජ්‍යාමිතික ක්‍රමයට නැඹුරුවූවක් නිසා පැරණි පරිගණක ජ්‍යොතිෂ වැඩසටහන් බොහොමයක් නක්ෂත්ර කේන්ද්‍රීය ක්‍රමය මූලික කොට ගොඩ නැගී ඇත.මෙයට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුවක් වූයේ ලෝටස්,ක්ලිපර්,සී,පැස්කල් වැනි පැරණි පරිගනක භාෂාවල ආධාන හා ප්‍රතිධාන( ) වල ජ්‍යාමිතික පසුතලයන් දුර්වල මට්ටමක පැවතීම හා සරල රේඛා,වක්‍ර රේඛා, වෘත්ත,බහුඅශ්‍ර හා වෙනත් ජ්‍යාමිතික හැඩතල උපකාරයෙන් ඒවායේ දිග,පලල,කෝණ අගයන් සලකමින් හා මිනිස් මොලයට පහලවන විවිධාකාර නිර්මාණ යොදමින් කඩදාසි කොලයක ජ්‍යාමිතික ගණනය කිරීම් සිදුකරන අයුරින් වැඩකටයුතු කිරීමට පැරණි පරිගණක වැඩසටහන් දියුණු නොවීමයි.නමුත් පසුකලෙක ජාවා, වී.බී. , ඩොට්නෙට් වැනි ඉහළ ජ්‍යාමිතික පසුතලයන් සහිත පරිගනක වැඩසටහන් නිර්මාපක භාවිතයත් සමග සූර්ය සිද්ධාන්තය හා නක්ෂත්ර කේන්ද්‍රීය ක්‍රම දෙකම භාවිතයෙන් සැකසූ වඩාත් සාර්ථක හා අලංකාර ජ්‍යොතිෂ මෘදුකාංග බිහි විය.
කාලය සම්බන්ධ ගණන කටයුතු කිරීමේදී පරිගනක වැඩසටහන්වල මූලිකය වන්නේ ජූලියන් දිනය අංකයයි.පරිගනක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක ගණනය ක්‍රියා කරන්නේද මෙම ජූලියන් දිනය අංකය පාදක කොට ගෙනය.යමෙකුගේ උපන් දිනයට අදාල ජූලියන් දිනය අංකය වන්නේ ක්‍රි.ව. 0 ජනවාරි 01 දින ග්‍රිනිචි 0.00 සිට ජන්මියාගේ උපන් දිනය දක්වා ඇති දින ගනනයි. මෙම ජූලියන් දිනය අංකය හා ජන්මියාගේ උපන් වේලාව අනුව ගනනය කෙරෙන ජූලියන් සෙන්චුරි අගය(ක්‍රි.ව. 0 ජනවාරි 01 දින ග්‍රිනිචි 0.00 සිට ජන්මියාගේ උපන් වේලාව දක්වා ගතවී ඇති වර්ෂ ගනන සියයයෙන් බෙදූ විට ලැබෙන අගයයි.(දශම සංඛ්‍යාවද සමග) ) ඇසුරින් ගනනය කෙරෙන නක්ෂත්ර(තාරකා) කාලය හා අයනාංශය ඇසුරින් ජන්ම කේන්ද්‍රයේ ලග්නය,ග්‍රහ පිහිටීම,නැකත,දශා අපහරණය .. වැඩසටහන හරහා ගනනය කෙරේ. අයනාංශය සදහා භාවිතා කරන සමීකරණයද විවිධ ජ්‍යොතිෂ මෘදුකාංග වලදී එකිනෙකට වෙනස්වේ. ලහිරි හා රාමන් සමීකරණ දෙක ප්‍රධාන වශයෙන් භාවිතාවේ.
ඉහත ඡේද දෙකෙන් විස්තර කලේ පරිගනක ජ්‍යොතිෂ වැඩසටහනක ක්‍රියාව පිළිබද මූලික කරුණු දැක්වීමකි.පරිගනක මෘදුකාංග මගින් කේන්ද්‍ර සෑදීමේදී බොහෝ දෙනා නොදන්නා නමුත්නියම ලෙස සිදුවන දෝෂ හා ගැටළු සහගත තත්ත්වයන් රාශියකි.ඒවා පහත දැක්වෙන පරිදි දැක්විය හැකිය.(මෙම දෝෂ ගැටළු සෑම ජ්‍යොතිෂ මෘදුකාංගයකම ඇතැයි ස්ථිරව කිව නොහැක.ඉතාම නිවැරදි දෝෂ අඩු මෘදුකාංගද ඇත.)
1) මෘදුකාංගය සැකසූ වැඩසටහන් කරුගේ අත්වැරදීමෙන් සිදුවන වැරදි
2) වීජීය ප්‍රකාශන වල වීජීය දෝෂ හා මිණුම් උපකරණ දෝෂ
3) භාවිතා වන සමීකරණ වල ඇති වෙනස්කම් හා ඇතැම් කම්පයිලර් සදහා සමීකරණ සරල කිරීම හා ආදේශක සමීකරණ භාවිතා කිරීමට සිදුවීමෙන් ඇතිවන දෝෂ
4) වැඩසටහන්කරුගේ ජ්‍යෙතිෂ දැනුම අඩුවීම නිසා සිදුවන දෝෂ
1) මෘදුකාංගය සැකසූ වැඩසටහන් කරුගේ අත්වැරදීමෙන් සිදුවන වැරදි
ජ්‍යොතිෂ මෘදුකාංග වැඩසටහනක් යනු ඉතා දිගු කාලයක් තිස්සේ විශ්ලේෂණය කොට එවැනිම දිගු කාලයක් යතුරු ලියනය කොට සකසන දෙයකි.මේ සදහා ඇතැම් විට වැඩසටහන්කරුට වර්ෂ ගණනාවක් ගතවිය හැකියි.වැඩසටහනේ විචල්‍ය හා ශ්රීත සැකසීමේදී පටලැවීම් හා වැරදීම් සිදුවිය හැක.මෙම තත්ත්වය යතුරුලියන කරන විටද ඇතිවිය හැකිය.මෙවැනි වැරදීම් සමහර විට දෝෂ පිරික්සීමේදීද වැඩසටහන් කරුට හසුනොවේ. ඒවායින් සිදුවන වැරදීම් ඉස්මතු වන්නේද ඇතැම් උපන් වේලාවන් සදහා පමනකා විය හැක.මීට කලකට ඉහත ලංකාව පුරා සංචාරය කල ජංගම ජ්‍යොතිෂ මෘදුකාංගයක මෙවැනි වරදක් පැහැදිලිව දක්නට විය.එම මෘදුකාංගයෙන් ඇතැම් උපන්වේලාවන් සදහා වැරදි ලග්න ලැබේ(උදා 1931 ඔක්තෝම්බර් 15 රාත්‍රී 10.30)
2) වීජීය ප්‍රකාශන වල වීජීය දෝෂ හා මිණුම් උපකරණ දෝෂ
100% ක්ම ගණිතය පාදක වුන ප්‍රබල ජ්‍යොතිෂ මෘදුකාංග වලදී භාවිතා වන වීජීය ප්‍රකාශන වැඩසටහන තුල සමීකරණයෙන් සමීකරණයට ක්‍රියාකරමින් ගණනයේ ඉදිරියට යාමේදී එම වීජීය ප්රකාශනයේ වීජීය දෝෂය ඉතා සුළු වශයෙන් වුවත් අවසන් ප්‍රතිඵලයට බලපෑම් ඇති කරයි.වැඩසටහන තුල අදාල විජීය ප්‍රකාශය භාවිතා වන සමීකරණ ගනන වැඩිවන විට මෙම දෝෂයද වැඩිවේ.මෙහිදී වැඩිපුර භාවිතා වන කෝණ අගයන් බොහෝ පරිගනක වැඩසටහන් තුල ක්‍රියා කල යුතු වන්නේ රේඩියන් වලට හරවා නිසා මෙම තත්ත්වය පැහැදිළි ලෙස සිදුවේ. එමෙන්ම ජ්‍යොතිෂ මෘදුකාංග වැඩසටහනට ඇතුල් කරන නියත අගයන් කීපයක් ඇත.උදාහරණයක් ලෙස බුධගේ පිහිටීම ගණනයේදී අනුරූප මධ්‍ය පරතර අගය(සූර්යයා නාභියක් වූ ඉලිප්සයට අදාල)0.3871 ලෙස වැඩසටහනට ඇතුලත් කරයි.මෙවැනි නියත අගයන් විවිධ නක්ෂත්ර උපකරන වලින් මිනුම් කර ලබා ගත් හා විවිධ තාරකා විද්‍යඥයන්,ගණිතඥයන්,දෛවඥයන්ගේ සොයා ගැනීම් අනුව ලබා ගත් අගයන්ය.මෙම අගයන් ලබා ගැනීමේදී ඇතිවන මිණුම් උපකරණ දෝෂද වැඩසටහනේ ප්‍රතිදානයට බලපායි.
3) භාවිතා වන සමීකරණ වල ඇති වෙනස්කම් හා ඇතැම් කම්පයිලර් සදහා සමීකරණ සරල කිරීම හා ආදේශක සමීකරණ භාවිතා කිරීමට සිදුවීමෙන් ඇතිවන දෝෂ වෙනස්කම්.
අයනාංශය ගණනයට භාවිතා වන සමීකරණ (රාමන්,ලහිරි,...) අනුව අයනාංශ අගය වෙනස්වේ. ඒ අනුව ප්රතිධානයේද වෙනස්කම් සිදුවේ.එමෙන්ම ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක්ම සකසා ඇති පැරණි ජනප්රීය පරිගනක භාෂාවක් වන "සී" භාෂාවේදි එහි කම්පයිලරය සමඟ "ප්‍රතිලෝම කොස් "ත්‍රිකෝණමිතික ශ්‍රිතය සෘජුව සම්බන්ධ නොවේ. මෙහිදී මතුවන ගැටළුවට විසදුමක් ලෙස එම ශ්‍රිතයට ආසන්න සමාන ලෙස සකසා ගත් ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් භාවිතා කරයි.මෙහිදි දෝෂයක් ක්‍රියා කරයි.එමෙන්ම සූර්ය හා නක්ෂත්ර කේන්ද්‍රීය ක්‍රම වලදීද ග්‍රහයන්ගේ විවිධ නක්ෂත්ර මිනුම් අගයන් වෙනස් වීමද ප්‍රතිධාන වෙනස්කම් ඇති කරයි.උදාහරණයක් ලෙස ශනිගේ පරිභ්‍රමන කක්ෂය සූර්යයාගේ ක්‍රාන්ති මාර්ගයට ආනත කෝණය සූර්ය සිද්ධාන්තයේදී අංශක 2ක් ලෙස දක්වා ඇතත් ඇතැම් ජ්‍යොතිෂ මෘදුකාංග තාරකා විද්‍යාවට අදාල අංශක 2 කලා 30 අගය භාවිතා කරයි.
4) වැඩසටහන්කරුගේ ජ්‍යෙතිෂ දැනුම අඩුවීම නිසා සිදුවන දෝෂ
මෙවැනි අවස්ථා වැඩිපුර මතුවන්නේ පරිගනක දැනුම නැති දෛවඥයන් හා ජ්‍යොතිෂ දැනුම නැති පරිගනක වැඩසටහන් කරුවන් එකතුවී ජ්‍යොතිෂ මෘදුකාංග සකසන විටදීය.පොරොන්දම් පරීක්ෂාවේදී සිදුකරන දින පොරොන්දම බැලීමේදී දිනය බැලිය යුත්තේ පෙරදිග ක්‍රමයට සූර්ය උදාව අනුවය. නමුත් ඉහත සදහන් කල ජංගම ජ්‍යොතිෂ සේවයේම පොරොන්දම් පරීක්ෂාවේ දිනය ඉංග්‍රීසි ක්‍රමයට(රාත්‍රී 12 සිට)සලකා තිබීම හාස්‍යයට කරුණකි.
මෙම සටහන අවසන් කිරීමට පෙර පරිගණක ජ්‍යොතිෂ පලාඵල(කලින් විස්තර කල) ගැනද විශේෂයෙන් කිව යුතුය.ජ්‍යොතිෂ මෘදුකාංගයකින් ජන්ම කේන්ද්‍ර සටහන නිවැරදිව ලබාගත හැකි වුවත් පලාඵල විස්තර නිවැරදිව ලබා දීමට එම මෘදුකාංග වලට නොහැකිය.ජ්‍යොතිෂ පලාඵල නිවැරදිව කිව හැක්කේ මිනිස් මොලයක් සහිත දෛවඥයකුට පමනක් බව සියළු දෙනාම දැන ගත යුතුය.ජ්‍යොතිෂ මෘදුකාංග වල පලාපල සැකසිය හැක්කේ එකැස් මාළුවෙකුගේ දෘෂ්ඨි පථයක හිර වෙමිනි.එවැනි පලාපල සකසා ඇත්තේ ලග්නය අනුව චරිතය,සිකුරුගේ පිහිටීමෙන් විවාහය,අඟහරුගෙන් සෞඛ්‍ය තත්ත්වය,ශනිගෙන් රැකියාව වැනි බාල ක්‍රමයකට අනුවය. කෙනෙකුගේ පලාඵල විස්තර පැවසීමට කේන්ද්‍රයේ එක්එක් කොටස් බෙදා වෙන්කිරීමෙන් සිදු කල නොහැක.මුළු කේන්ද්‍රයේම ස්වභාවය ඒ සදහා උපයෝගී කර ගත යුතුය.එමෙන්ම එක් ග්‍රහ පිහිටීමක බලය තව ග්‍රහයකුගේ දුබල වීමෙන් අඩු වීමත්,දුබල ග්‍රහයකුගේ දුබලතාව බලවත් ග්‍රහයකු හෝ කීප දෙනෙකුගෙන් මගහැරී යාමත් සිදුවිය හැක.මෙවැනි ආකාරයට පුළුල් අයුරින් පලාඵල බැලීමක් ජ්‍යොතිෂ මෘදුකාංගවලදී සිදු නොවේ.පසුගිය කාලවලදී ලංකාව පුරා සංචාරය කල පරිගණක ජ්‍යොතිෂ සේවාවන්හි දැක්වුනු අසීමිත වර්ණනා වේ අරමුණ ප්‍රශ්ණ වලින් බැටකන අසරණ ජනතාවට මානසික අල්ලස දී ඔවුන්ගේ මුදල් ගසා කෑමය.
27 comments:
sinhalen kendare balanna barida thanks
ගොඩක් වැදගත් ලිපියක්.
බුධගේ පිහිටීම ගණනයේදි දෛවඥයො භාවිතා කරන්නෙත් නියතයක් නේද?
මගේ බ්ලොග් එකට මුලින්ම comment එකක් එව්වේ සුමිත් ඔයා තමයි. ප්‍රශ්නේ මට තරමක් අපහැදිලි වුනත් ඔබ අහලා තිබුනේ ඔබේ කේන්ද්‍රය සිංහලෙන් බලන්න පුළුවන්ද කියන එකනේ.ඇත්තම කියනවනම් සුමිත් මේ බ්ලොග් 1 හැදුවේ වෙළද වාසි ලබාගන්න නොවේ.මගේ පෞද්ගලික විස්තර වුනත් මේකේ දාලා නැත්තේ ඒකයි.පලාඵල විස්තර ලියන්න කියන්න ගියොත් මේ බ්ලොගය හෑල්ලු,බාල්දු වෙනවා දිනපතා ලග්න පලාඵල වුනත් එහෙම තමයි.මුදලට හෝ නොමිලේ පලාඵල විස්තර මේ බ්ලොගය හරහා කරන්නේ නැහැ.ඔබට ස්තූතියි.
ඔයාටත් ස්තූතියි දිනේෂ්.ඇත්තටම ඔතන මධ්‍ය පරතරය කියල ආදේශ කරන නියත අගය කෝණ අගයක්.අපි දන්නවනේ ග්‍රහයකු සූර්යයා වටේ ගමන් කරන්නේ සූර්යයා එක් නාභියක් වෙච්ච ඉලිප්සාකාර මාර්ගයක කියල.අන්න ඒ ගමන් මාර්ගය ආශ්රයෙන් ගත්ත කෝණ අගයක් තමයි ඔය.විස්තර කරන්න ටිකක් අමාරුයි.
ගොඩාක් වැදගත් ලිපියක්....ඇත්තටම ජ්‍යෙතිෂයට අනුව අනාවැකි කියනුන පුළුවන්ද...ඒකෙ විද්‍යාත්මක පදනමක් තියනවද...
-සමන්/රත්නපුර-
ඒ වගේම කියන්න තියෙනව. අත ස්කෑන් කරල කියනව කියන මෘදුකාංගය ඇත්තටම අත ස්කෑන් කරල නොවෙයි අනාවැකිය කියන්නේ. ඔබේ උපන් දිනයට අනුව අංක විද්‍යාවට අනුවයි. එය FoxPro වලින් නිර්මාණ්ය කරපු අංකවිද්යා මෘදුකාංගයක්. අත ස්කෑන් කරන්නේ අනාවැකිය අසන්නට එන අය ආකරෂණය කරගන්න පමණයි. ඒ වගේම මේ මෘදුකාංගය ක්‍රියා කරන්නේ වින්ඩොස් 98 පද්ධතිය සඳහා පමණයි.
දසුන් කියල තියෙන දේවල් හරියටම හරි.අත ස්කෑන් කරල කෙරුවෙ මගඩියක් තමයි
වැදගත් ලිපියක්. ඉගෙන ගත්ත හුඟක් දේවල්, බොහොම ස්තුතියි තොරතුරු වලට. :)
මාධවවත් මගේ අඩවියට සාදරයෙන් පිළිගන්නවා.ඔයාගේ බ්ලොග් කීපයක් මමත් කියෙව්වා.මගේ බ්ලොග් එකත් ලගදි පටන් ගත්ත නිසා ඔයාගේ දේවල් මටත් ඉදිරියට ප්‍රයොජන වේවි.ස්තූතියි.
wadagath lipiyak sthutyi.!
ඔබේ දියුණුව දැකීම සතුටකි.
වැදගත් කරුණු ගොඩක් තියන ලිපියක් මම නම් ප්‍රතිපතිතියක් විදිහට මගේ කේන්දරය බලව ගන්නේ නැහැ . ( නක්ෂත්රය කියන ශස්ත්‍රය අවිශ්වාස කරන නිසා නෙවෙයි ) . ඔයාගේ බ්ලොග් එක ගොඩක් තර්කානුකූලව මේ කාරනා දිහා බලන බව පේනවා( මට සියලුම කාරනා තේරුම් නොගියත ) . ඔයාගේ මේ වැඩේ දිගට කරගෙන යන්න මම සුභ පතනව .
කොහොමටත් මෘදුකාංගයකට මිනිස් මොලය ඉක්මවන්න බැහැ .කාර්යක්ශමතාව වැඩිකරල දෙන එක තමයි මෘදුකාංගයකින් කෙරෙන මූලික කාර්යය ( මිනිසාට වඩා නිර්වද්‍ය වෙන අවස්ථා තියනවා ඒත අලුත්/ ආවෙනික අවස්ථාවකට මුහුන දෙන්න අමාරුයි ) ,
දැනට ලෝකයට හෙලි කරල තියන කෘතිම බුද්ධියේ(AI) සියලුම අවස්ථා වල දෝෂ සහගත තත්වයන් තියනවා. ඉතින් ඔයා කියල තියන කරුනු අනුව මට නම් හිතෙන්නේ ඕගොල්ලනගෙ ක්ශේත්‍රයෙදි මෘදුකාංග භාවිතය එක්තරා දුරකට ( මුලික ගනයන් හෝ දල ඵලාපල විස්තරයකට ) පමණක් සීම කලොත් වඩා ඵලදායක වෙයි කියලයි
අත ස්කෑන් කරල කෙරුවෙ මගඩියක් තමයි.මමත් ගියා අත බලව ගන්න එත්කොට තේරුනා අත scan කරන්නේ බොරුවට කියලා තේරුනේ පස්සේ.අනාවැකිය කියන්නේ. ඔබේ උපන් දිනයට අනුව අංක විද්‍යාවට අනුව.
Dear Jothisha lanka, I am against all these computer astrologers and today I found a real logical answer for that. I am your old friend Nilantha
BOHOMA HOHODA LIPIYAK MEWANI DANUWATH KIREEM APITA GODAK WATINAWA.
අගනා ලිපියක්. මාත් ඔය වෙලාව දීලා නම් බැලුවා... ඒවයේ තිබුණු දේවල් දිහා බැලුවාම නං මාත් මාර පොරක්....හිකිස්...
කොහොම හැදුවත්(ලිත භාවිතකරවුවද) හදන්නේ වැරදි කේන්දරයක්ම තමයි. ඒකට හේතුව ලිත් වැරදිවීමයි. මූලිකවම තිබූ Software වලට වැඩිය වත්මනේ බාවිතවන Software මූලික ගණනය සදහා පහසුවක් ගෙනෙනවා එසේම ලිතටත් වඩා නිවැරදියි. පලාපල කථනය සදහා පරිඝනකය බාවිතය දැනට ප්‍රොඩාවක්. Nilanths's "Computer Astrologers"? What did you really mean.
ථතාගතයන් වහස්සේගේ ශ්‍රි සද්ධර්මය නම් කිසිම දෙයක්, කිසිම විෂයක් සමඟ සසදන්න බැ.
මේක කියෙව්වා. ඊළඟ එකට යමි.
යමක් ගතිමි.
පිං!!!
ane godak hada lepi pelak.ane mata hadahana balaganna heti keyala denna.mata gein pita yanna behe.eth welaea bala ganna one.obata godak pin mata udau karanna.obawa amathanne kohomada
@manike
ඔබට ජ්‍යොතිෂය ඉගෙනීමට ආසාවක් ඇතිවුනි නම් ඉතා අගනේය.නමුත් මා විසින් කිසිවෙකුට ජ්‍යොතිෂය ඉගැන්වීමට අදහස් කොට නැත.ඔබගේ කමෙන්ටුවේ ස්වභාවයෙන් මටනම් හිතෙන්නේ ඔබ ඇත්තටම ජ්‍යොතිෂය ඉගෙනීමට උනන්දුවක් දක්වන කෙනෙක් නොවන බවයි.ඔබගේ ගූගල් ගිණුමද මෙම කමෙන්ටුව දැමීමටම සෑදූ එකක් බව සිතේ.වැරදුනානම් සමාවෙන්න.බොරු ප්‍රොපයිල් හදුනාගැනීමට බ්ලොග් අවකාශයේ සිටින පාසැල් සිසුවාට පවා පුළුවන.ගෙදරින් දොට්ට බහින්න දෙන් නැත්නම් මැනිකේ ඒක මානව හිමිකම් උල්ලංගනය කිරීමක් නැත්නම් මැණිකේ දෙමව්පියන්ට හොරවැඩ කිරීමට ගොස් හසුවී හෝ එවැනි සැක තත්තවයකට පත්වූ කෙනෙක්.
mage lagnaya MITHUNA 4 wanne "ku" "si" ,6 wanne "bu" , meya pariwarthana yogayakda. pariwarthana yogaya kiyanne mokadda. ihata yogaye prathipala kumakda.? sthuthiy
chaminda prasad matara
@aa
http://lankajhothisha.blogspot.com/2011/03/blog-post_16.html
//කෙනෙකුගේ පලාඵල විස්තර පැවසීමට කේන්ද්‍රයේ එක්එක් කොටස් බෙදා වෙන්කිරීමෙන් සිදු කල නොහැක.මුළු කේන්ද්‍රයේම ස්වභාවය ඒ සදහා උපයෝගී කර ගත යුතුය.එමෙන්ම එක් ග්‍රහ පිහිටීමක බලය තව ග්‍රහයකුගේ දුබල වීමෙන් අඩු වීමත්,දුබල ග්‍රහයකුගේ දුබලතාව බලවත් ග්‍රහයකු හෝ කීප දෙනෙකුගෙන් මගහැරී යාමත් සිදුවිය හැක.මෙවැනි ආකාරයට පුළුල් අයුරින් පලාඵල බැලීමක් ජ්‍යොතිෂ මෘදුකාංගවලදී සිදු නොවේ.//
මමත් මේකාරණයට 100% එකඟයි.
mata nam owa wala aththa thibnath boruwa thibunath ekai owa wiswasa kireema ho nokirima karanneth ne.a gena hoya baleemak karanneth ne.mm hithanne thaman thamai serama karanne thamange adistanaya thiyenawanam kisima grahekuta be thaman hodin g-wath wena 1 nawathwanna.
මේ මෘදුකාංගය නම් කේන්දර හරියට සෑදීමට ලොකු පිටුවහලක් වෙනව... ඔබතුමත් සමහරවිට භාවිත කරල ඇති.
පලාපල කියන්න නෙමෙයි.
http://fastad.blogspot.com/2013/05/horoscope-making-software.html
බොහොම ස්තූතියි.
Post a Comment