Friday, January 7, 2011

ජනවාරි 08 අඟහරු මාරුව රටට ඔබට කොහොමද?

 ග්‍රහලොව සෙන්පති සටන්කාමී කුජ(අඟහරු) ග්‍රහයා 2011 ජනවාරි 08 වැනි සෙනසූරාදා දවල් 12.02 ට පමන ස්වකීය උච්ච රාශිය වූ මකර රාශියට පිවිසේ.
රවිට හිමි උත්‍රසල නැකතේ දෙවන පාදයේ සිදුවන මෙම ප්‍රවිශ්ථයේදී සදු රාහුට අයත් සියාවස නැකතේ ප්‍රථම පාදයේ සිටී."භූමිපුත්‍ර" නම්වු තවත් අර්ථනාමයකින් හැදින්වෙන අඟහරු ග්‍රහයා එඩිතර සටන්කාමීත්වය, තේජස තීක්‍ෂණ අවබෝධය,ඌෂ්ණය ,රුධිරය නියෝජනය කරන අගහරු ග්‍රහයාට ඉතාම බලවත් ස්ථානය මකර රාශියයි.
      ලංකා කුම්භ කේන්ද්‍රයේ කුජ 12 වැන්නට යාම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ හා රජය කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩි වුවද අඟහරුගේ උච්ච බලය නිසාම ඒවාට උපක්‍රමශීලීව මුහුණ දීමට රජයට හැකිවේ. රටේ සංවර්ධන ක්‍රියාවල වල කිසියම් වර්ධනයක් දැක ගත හැකි වුවත් ජනතාවගේ ජීවන තත්ත්වය දියුණුවට සහනදායි තත්ත්වයක් අඟහරු මාරුවෙන් බලාපොරොත්තු විය නොහැක.විදේශ උපකාර ආයෝජන ලැබීම් හා රජයේ මුදල් ශක්තිය වැඩි දියුණු වුවත් ඒවායේ නියම ඵල ලැබීමද ප්‍රභූවරුන්ටම සීමාවේ. පොලොවෙන් වස්තු ලැබීමක් පැහැදිලිව රට ආශ්‍රිතව මතුවිය හැකි අතර වගා කටයුතු වලද පැහැදිලි දියුණුවක් දැකිය හැක.දේශපාලන කෙෂත්‍රයේ යම් යම් කැළඹිලි තත්ත්ව අඟහරු මාරුව සමග ඇති විය හැකි නමුත් රාජ්‍ය බලය අඩු කිරීමට එය ප්‍රමාණවත් නොවේ.මැතිවරණ උණුසුම වැඩි වන අතර එළිපිටම මැතිවරණ වංචා දූෂණ සිදුවීම් දැකිය හැක.රටපුරා සිදුවන මංකොල්ලකෑම් වැඩිවන අතර පොලිසියෙන්ද ඒවාට නියම ප්‍රතිඋත්තර ලැබේ.
      ආගමික දියුණුව වැඩි වන අතර ආගමික සිද්ධස්ථාන වල සිදුවන මංකොල්ල කෑම් වැඩිවේ.දේව බලය විදහා පෙන්වන අවස්ථා කීපයක්ම රට තුලින් ඇතිවේ.කාන්තාවන්ට හා කුඩා දරුවන්ට අපල වැඩිවේ.විශ්ව විද්‍යාල වල කළබලකාරී තත්ත්ව මතුවිය හැකි අතර ශිෂ්‍ය බලය දේශපාලන අතකොළු බවට පත්වීම පැහැදිළිව හා වක්‍රව සිදුවීම් මෑත කාලයේ වැඩිවේ
    බෝවන රෝග හා හදිසි අනතුරු බහුල වේ.ඒ ආශිත මරණ සංඛ්‍යාවද වැඩිවේ.මෙතෙක් පැවති වැහිබර කාළගුණය වෙනස්වී නියඟයක සලකුණු මතුවිය හැක.
    ලග්න වශයෙන් ගත්කළ අගහරු මාරුව මේෂ,කටක,තුලා,මකර ලග්න හිමියන්ට විශේෂ සුභඵල මතුවේ.පෙබරවාරි 15 දක්වාම කුජ මකරයේ උච්ච වුවත් එහි ප්‍රතිඵල මාර්තු වනතුරුම ලග්න වලට බලපායි.
   කුජ මාරුව ලග්න දොළහට බලපාන ආකාරය


 මේෂ -
      ලග්නාධපති කුජ දසවැන්නේ උච්ච වීම රැකියාවට විශේෂ සුභයි.තනතුරු උසස් වීම් බලාපොරොත්තුවන අයට ඒවා සඵල වේ.නීති ගැටළු ලිහෙන අතරම ප්‍රභූ උදවුද හොදින් ලැබේ.හදිසි ධන ලාභ විදේශ යෝග යෙදීමද හැක.සෞඛ්‍ය පීඩාද අඩුවේ.දේශපාලන කෙෂත්‍රයේ සිටින අයට විශේෂ සුභයි.


  වෘෂභ -
      නවවැන්නේ කුජ උච්ච වීම වෘභෂ ලග්න හිමි ඔබට අන් අය සමඟ පැවති අමනාපකම් දුරුකරවයි.රැකියාවට සුභයි.හදවත් හා ලේ සම්බන්ධ අසනීප ඇති අයට පීඩා වැඩියි.රිය පැදවීම් වලින් ආරක්‍ෂා වන්න.ගුරු හා අගහරු මහ දශා ඇති විවාහපේක්‍ෂිත අයට මංගල යෝග උදාවේ.


  මිථුන -   
      කුජ අටට ගියත් උච්ච නිසා පීඩාව අඩුයි.හදිසි තීරණ අනුව වැඩකටයුතු සිදුවේ.සතුන්ගෙන් සර්පයන්ගෙන් මාර්තු දක්වා පීඩා සහිතයි.සතුරු බලවේග අඩපනවේ.


  කටක -
      හත් වැන්නේ කුජ උච්චව රුචක යෝගය යෙදීම හදිසි විවාහ තීරණ මතු කරයි.තනතුරු උසස් වීමට වාහන මිලදී ගැනීමට සුභ කාලයකි.මූල රෝග උෂ්ණ රෝග මතුවිය හැකි නිසා ආහාර පාන වලින් ප්‍රවේශම් ආරක්‍ෂාවන්න.(රාහු මහ දශා ඇති අය විශේෂයෙන් ආහාර පාන ගැන සැලකිළි වනාන.)


  සිංහ -
      මානසික පීඩා වැඩිකරයි.හයවැන්නට කුජ යාම ශරීරයේ සැගවී ඇති අසනීප පීඩා ඉස්මතු කළ හැකියි.සතුරු බලවේග ක්‍රියාත්මකවේ.කාලයක් තිස්සේ ලැබිය යුතුව තිබූ මුදලක් ලැබෙන කාළයකි.


  කන්‍යා -
         නොවැම්බර් මස දක්වා ශනි ලග්නයේ ගමන් කලත් කුජ පස්වැන්නේ උච්ච වීම අධ්‍යාපන කටයුතුවල නිරත අයට විශේෂ සුභයි.විදේශ යෝග මතුවන අතර ප්‍රේම සබදතා ඇති අය මාර්තු දක්වා ඉවසීමෙන් කටයුතු කරන්න.ශනි මහ දශා අතුරු දශා නැති අයට මෙම සුභඵල හොදින් ඉස්මතුවේ.


  තුලා -
         හතරවැන්න් කුජ උච්ච වීම භූමි ලාභ වාසනා උදාකරයි.පතල් වැඩට,ඉඩම් කඩම් මිලදී ගැනීමට,වගාවන් ආරම්භ කිරීමට ඉතා හොද කාළයකි.හදවත් රෝග ඉස්මතු විය හැක.ශනි ඒරාශ්ඨක අපලයක්ද ඇති නිසා මෙම සුභඵල හොදින් ඉස්මතු වන්නේ උපතේදී ශනි බලවත් හා මේවනවිට ශනි මහ දශා අතුරු දශා නැති අයටයි.


  වෘශ්චික -
        වික්‍රමස්ථානයේ කුජ උච්ච වීම ප්‍රසිද්ධිය ලැබේ.ලග්නාධිපති ග්‍රහයා නිසා සුභඵල මතුවේ.බලවත් අයගේ උදවු පදවු ලැබේ.ශනි එකොලොස්වැන්නේ ගමනද ඇති නිසා අතමිට සරු කරයි.නිවාස ඉදිකිරීමටද සුභයි.ලේ විෂවීම් ඇතිවිය හැක.


   ධනු
        අඟහරු මාරුවෙන් ධනු ලග්න හිමියන්ට මිශ්‍ර ඵල උදා කරයි.ධනස්ථානයේ කුජ උච්ච වීම ධනලාභ මතු කලත් ස්ථාන කරදර වැඩි කරයි.මෙම ස්ථාන මාරු කරදර රැකියා අංශයටද බලපෑ හැක.ගමන් බිමන් බහුලවේ.


    මකර
        ලග්නයේ කුජ උච්ච වීම දේශපාලනයට සම්බන්ධ අයට හොද තත්ත්වයක් මතු කරවයි.තරග විභාග ජය ලැබිය හැක.කුජගේ දෘශ්ථිය හතරට වැටෙන නිසා මකර ලග්න හිමියන්ටද භූම් ලාභ වාසනා මතු කරයි.හිස ආශ්‍රිත තුවාල අනතුරු වලින් මාර්තු දක්වා ප්‍රවේශම් වන්න.


    කුම්භ- 
       ලග්නයෙන් 12ට කුජ ඒම හදිසි අනතුරු පීඩාව වැඩි කරයි.පාද වලට පීඩා වැඩියි.සෞඛ්‍ය තත්තවයටද අඟහරු මාරුව අගුනයි.හදිසි ධන ලාභ මතුවේ.ප්‍රසිද්ධිය ලගා කරයි.


    මීන -
      11 වැන්නේ කුජ උච්ච වීම රුකියාව ධනය දියුණුවට යහපත්ය.කාලයක් තිස්සේ තිබූ ගැටළුවකට යහපත් විසදුමක් ලැබේ.විදේශ ගමන් වලටද හොදයි.ලග්නාධිපති ගුරු ක්‍ෂෙත්‍රව ලග්නයේ ගමනද ඇති නිසා සුභඵල හොදින් ඉස්මතුවේ. උපතේදී ගුරු නීච හා දැනට චන්ද්‍ර ඒරාශ්ටක අපල ඇති අයට පමනක් සුභ ඵල ඉස්මතු වීම අඩුවේ. 
       

6 comments:

Anonymous said...

දේශපාලන කෙෂත්‍රයේ යම් යම් කැළඹිලි තත්ත්ව අඟහරු මාරුව සමග ඇති විය හැකි නමුත් රාජ්‍ය බලය අඩු කිරීමට එය ප්‍රමාණවත් නොවේ.

තුලා ලග්න හිමියන්ට රුචක යෝගය පිහිටනව නේද?අනික සෙනසුරු මාරුවෙන් පස්සේ සස යෝගයත් යෙදෙනව.

jhothishalanka said...

@Anonymous ඔයා කියලා තියෙන කතා සේරම හරි. තුලා ලග්නයට අගහරු මාරුවෙන් රුචක යෝගය උදාවෙනවා.2011 නොවැ.15 ශනි මාරුවෙන් සස යෝගයත් උදා වෙනවා තමයි.ඒත් අදාළ පුද්ගලයාගේ ඒරාශ්ඨක තත්ත්වය සලකිය යුතුයි.මාව තේරුම් ගන්න යාළුවා....(තේරුණානම් ඒබව කමෙන්ට් කරන්න)

Anonymous said...

පලවෙනියට comment කලේ මම.දෙවනි එකට සම්බන්දයක් නෑහ.මම හිතාගෙන හිටියේ comment එකත් එක්ක IP address එකත් record වෙනවා ඈති කියලා.දෙවනි කෙනා අහපු ප්‍රශ්නේන්ම පේනව ජ්යොතිශය ගෑන දෑනුමක් නෑති විත්තිය.
සස යෝගය ලග්නයේ යෙදුනහම ඉතාම සෑප පහසු ජීවිතයක් ගතකරන්න ලබේනව කියලය් මම අහලා තියෙන්නේ.
එහේනම් පවතින ප්‍රශ්න වලින් මිදිල සප පහසු ජීවිතයක් ලෑබෙන්න ඕන නේද?

-රාජ යෝග ගෑන ලිපියක් ලියන්න පුලුවන්නම් හොන්දය්.(රාජ යෝග කිව්වේ රටක රජවෙන්න පුලුවන් විදියේ රාජ යෝග)

jhothishalanka said...

@ Anonymous මම අයි.පි නම්බර් බැලුවා. දෙවෙනි ඇනෝ ඔයා නෙමෙයි තමයි.පිටරට අය අදුරගන්න ටිකක් වෙලා යනවා.ශශ යෝගය උපන් කේන්ද්‍රයේ සිටියත් නරක ඒරාශ්ඨක කාලෙට හිරේ විලංගුවේ උනත් වැටෙන්න වෙනවා.කොහොම වුනත් අගහරු මාරුව නම් ඔය කියන පුද්ගලයට හොදයි.

සින්ඩි ලංකා said...

ශ්‍රී ලාංකීය බ්ලොග් කරුවන්ගේ සින්ඩිය "සින්ඩි ලංකා" සමග එක් වන්න.
ඔබේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" හි ඉහලින්ම ස්ථාන ගත කරගන්න.
අදම එක් වන්න.

jhothishalanka said...

@සින්ඩි ලංකා
ඔන්න මමත් ඊමේල් කලා.මාවත් එකතුකර ගන්න.ස්තූතියි.

Related Posts Plugin for WordPress, Blogger...