Wednesday, January 26, 2011

2011 ජනවාරි 26 දින ශනි වක්‍ර වීමක්...

 2011 ජනවාරි 26 වෙනි බදදා(අද) දවල් 11.41 ට පමන ග්‍රහ මඩුල්ලේ ප්‍රධාන ග්‍රහයකු වන ශනි වක්‍රවේ.ග්‍රහ මඩුල්ලේ ග්‍රහයකු වක්‍ර වීම යනු ඉදිරියට යන ග්‍රහයා ආපසු පසුපසට හැරීම ලෙස ඉතා කෙටියෙන් දැක්විය හැකිය.
පෘථිවියේ හා සෙනසුරුගේ සූරයයා වටා ඉලිප්සාකාර චලිතය නිසා මෙලෙස විටින් විට ශනි වක්‍රවීම පෘථිවි වාසී අපට සාපේක්‍ෂ සංසිද්ධියක් ලෙස සිදුවේ.ගුරු ,කුජ ,බුධ ආදී වෙනත් ග්‍රහයන්ගේ වක්‍ර වීම් සුලභ වුවත් එකම රාශියක් තුල ශනිගේ වක්‍ර වීම් කිහිපයක් සිදුවීම දුර්ලභය.මෙවර ශනිගේ වක්‍රවීම කන්‍යා රාශිය තුල සිදුවන අතර මෙවර ශනි ග්‍රහයා ජනවාරි 26  කන්‍යා රාශියේ අග කොටසේදී (කන්‍ය අංශක 23 කලා 13) තුලා  රාශිය දෙසට කල ගමන පසුපසට හරවා නැවත කන්‍යාව දෙසට ගමන් කරයි.මෙම වක්‍ර ගමන 2011 ජුනි 13 දක්වා සිදුවන අතර ජුනි 13 උදේ 9.22 ට වක්‍ර ගමන නවතී(නිවෘතිවේ.) උන්චිල්ලාවක් පදින කුඩා දරුවකු පිටුපසට ගැම්ම ගෙන (රුකුල් ගෙන) වේගයෙන් ඉදිරියට ගමන් කරන අයුරින් 2011 ජුනි 13 නිවෘති වන ශනි ඉන්පසු ඉතා වේගයෙන් ගමන් කරමින් 2011 නොවැම්බර් 15 දින උදේ 10.15 ට තුලා රාශියට ඇතුල්වේ.2011 ජුනි 13 දින නිවෘති වන විට කන්‍යා රාශියේ මුළු අංශක 30න් මැද කොටසේ (අංශක 16 කලා 25) සිටි ශනි ග්‍රහයා නොවැම්බර් 15 දක්වා වූ මාස පහ කාලය තුල අංශක 15 ක දුරක් ගමන් කිරීම ශනිගේ සුපුරුදු මන්දගාමී නොන්ඩි ගමන හා සසදන විට ඉතා සීඝ්‍ර ගමනකි.ශනිගේ වක්‍ර ගමන ජනවාරි 26 සිට ජුනි 13 දක්වා වුවත්  රට තුල ඇතිවිය හැකි ඉදිරි විපර්යාස ගැන ලෝකායත අනාවැකි විමසීමට ශනිගේ මෙම සම්පූර්ණ ගමන පිළිබදව විමසා බැලිය යුතුමය.
    ජනවාරි 26 සිට ජුනි 13 දක්වා ශනිගේ වක්‍ර ගමන් කාලය තුළ රට තුල විවිධ අර්බුධ මතුවිය හැකිය.බිහිසුණු හද කම්පා කරවන මරණ ,ස්වභාවික විපත්,වසංගත රෝග,සොර සතුරු බිය ආකාරයෙන් මෙම තත්ත්ව ඉස්මතුවේ.රටේ පාලක අය හා ඔවුන්ගේ පවුල් වල අයට ජනතා අප්‍රසාද මතුවිය හැකිය.ජීවන වියදම වැඩි වීමේ තත්ත්වද මීට පෙර ඉතා කලාතුරෙන්  එක් රාශියක් තුළ කිහිප වරක් ශනි වක්‍රව ගමන් කල කාළ වලදී ඇතිවී ඇත.

4 comments:

කුරුම්නියා said...

ඉතා හොද ලිපියක් ..රාශීන්ට බලපාන ආකාරයත් පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් තවත් වටිනවා..ස්තුතියි.

Anonymous said...

මං නං අද වැඩ නෑ. හවස හොඳට නිදාගත්තා.

Anonymous said...

මම කන්‍යා මේකේ ගොඩක් තැන් වල කන්‍යා රාශියේ ගැන සදහන් වුන නිසා මේක ලග්නය කන්‍යා තියෙන අයට කොහොම බලපායිද?

jhothishalanka said...

බ්ලොග් ලියන කියවන සහෝදර සහෝදරියනි අපි "ඉලංදාරියාට" පිහිට වෙමු.මේ වෙලාවෙ අපි එයාට පිහිට විය යුතුමයි.
http://dukaa.blogspot.com/2011/01/blog-post_27.html

Related Posts Plugin for WordPress, Blogger...