Sunday, January 2, 2011

හදි හූනියම්.....

   හුගක් අයට තියන ප්‍රශ්ණයක් තමයි ඉස්සර උදවිය තමන්ගේ උපන් වේලාව රහසිගතව තබාගැනීමට හේතුව මොකක්ද කියන එක,
එහෙමනම් ඉතින් කේන්දර බලන කෙනෙක් ගාවට ගිහින් කේන්දරේ බලන්නත් බෑනේ නේද? ඒ වුනාට ඉස්සර කාලේ මිනිස්සු එහෙම කරල තියෙන්නේ විවිධ හේතු කාරණා සලකල බලලා,මොකද කියනවනම් දැන් කාලේ වගේ නෙවෙයි ඉස්සර අණවින,කොඩිවිණ,හදි හූණියම් කාරයෝ වැඩියිලු.ඒගොල්ලො තම තමන්ගේ සතුරන්ට ඔය කිව්ව ක්‍රම වලින් ගේම දුන්නේ උපන් කේන්ද්‍ර වල බල දුබල අවස්ථා බලල තමයි.ඒ හින්දා ඒ කාලේ උදවිය තමන්ගේ උපන් වේලාව සතුරන් අතට පත්නොවන විදියට තමයි වැඩ කටයුතු කලේ.ඉඩම් කඩම් ආරවුල් වැනි ලොකු ලොකු ප්‍රශ්ණ වලදි විතරක් නෙවෙයි පුංචි කතාබහකින් ඇතිවුන නොහොද නෝක්කාඩු වල පවා තරහ පිරිමහගෙන තියෙන්නේ එකිනෙකාට විණ කරගෙන තමයි.තමන්ට වඩා අනිත් අය දියුණු වෙලා ඉන්නවට තියෙන ඉරිසියාවට උඩින් හොද මූන පෙන්නගෙන ඉන්න ගමන් යටින් මේ වගේ වැඩ කරන අයත් ඔය අතර ඉන්නවා.ඒ වගේ අය එදත් ඉදල තියෙනවා අදත් ඉන්නවා මතුවටත් ඉදීවී.මොන විදියට කළත් ගුප්ත සාස්ත්‍ර ක්‍රම ආධාරයෙන් අනිත් අයට නපුරු වැඩ කරන එක මහා තිරිසන් වැඩක් ඒ කරන නරක වැඩ වලට ප්‍රතිවිපාක මේ ආත්මයේදීම පලිසන් දෙනවා.ඒවට උදාහරණ සාක්‍ෂි ඕන තරම් තියෙනවා.ඇත්තටම මේ ගැන බ්ලොග් එකේ ලියන්න හිතුනේ මීට වසර කීපයකට පෙර මම අත්දැකපු සිද්ධියක් මතක් වෙලා.ඇත්තටම ජ්‍යොතිෂ සේවය සපයන අය විදියට වැඩ කටයුතු කරන විට කොතරම් දුරට විමසිල්ලෙන් කල්පනාවෙන් වැඩ කළ යුතුද කියලා මේ කතාව කියවන ඕගොල්ලන්ටත් වැටහේවි.
   මේ සිද්ධිය වුනේ අපේ තාත්තා(එයත් ජ්‍යොතිෂය කරපු කෙනෙක්)අසනීප වෙලා මට තනිවම ජ්‍යොතිෂ වැඩ කටයුතු කරන්න වුනු මුල්ම දවස්වල.ඇත්තටම එතකොට මම හුගක් ලාබාලයි.ඕගොල්ල වුනත් දැකලා තියෙනවනේ හදහන් රස්සාවේ හොද හොද වැඩකාරයෝ මැදිවයස පහුකරපු තලත්තෑනි ඔය තට්ටේ එහෙම තියෙන කෙස් පැහිච්ච කණ්නාඩි දෙක යටින් බලල බැබෑරුම් විදියට කතාබහ කරන හොද තෙම්පරාදු බුවාලනේ.(කොහොමත් මේ රස්සාවේ තැන ලැබෙන්නේ වයසට යනකොට තමයි.)මට ඔය සුදුසුකම් තිබුනේ බොහොම අඩුවෙන්.කොටින්ම හරියට රැවුල වත් තිබුනේ නැහැ.මට මතකයි ඒ දවස්වල මම රැවුල ඝනකර ගන්න තුන්වේලම(උදේ,දවල්,රාත්‍රී) රැවුල කැපුවා .තාත්තගෙන් වැඩ කරල පුරුදු හුගක් අය මගේ දිහා ඒ දවස්වල බැලුවේ "අපෝ මෙයා ඊයේ පෙරේදා ඉලංදාරියෙක්නේ.මෙයාට පුළුවන්ද හදහන් බලන්න" වගේ දෙගිඩි බැල්මකින්.ඔයඅස්සේ ගමේ ඉරිසියා කාරයොත් "දැන් හදහන් බලන මාමා ලෙඩින් දැන් එහේ කේන්දර බලන්නේ නැහැ." වගේ ප්‍රචාර දියත් කලා.මමත් ගේම අතාරියෙම නැහැ.පරම්පරා ගනනක් ගෞරවයෙන් කරගෙන ආපු ශාස්ත්‍රයක් නැති කරන්න පුළුවන්ද මම වගේ පුත්‍ර රත්නයක් ඉන්දැද්දි.කොහොම හරි තාත්තා,සීයා පාරම්පරිකව රැකගෙන ආපු ශාස්ත්‍රය රැක ගන්න ඒ දවස්වල මම හුගක් දුක් කරදර වින්දා.මුල් දවස්වල මට ජ්‍යොතිෂවේදියකුට ලැබිය යුතු ගෞරවයවත් හරියට ලැබුනේ නැහැ.දොස්තර මහත්තයෙක් ලගට ගිහිල්ල පැය ගානක් හිටියත් බොහෝ දෙනා මගේ ගාවට ආවේ හරියට කඩදාසි ලිපේ දාලා ආවා වගේ.කොහොම වුනත් ආපසු හැරිලා බලනකොට  සතුටු වෙන්න පුළුවන්.මොකද කොච්චර කරදර බාධක ආවත් ශාස්ත්‍රීය ගෞරවය රැකෙන විදියට මම වැඩ කරල තියෙනවා. ඔය විස්තර මුලින් කිව්වේ මම කියන්න යන කතාව ඔයගොල්ලන්ට ටිකක් දැනෙන්න කියන්න ඕන නිසා.(සාමාන්‍යයෙන් මම බ්ලෙගයේ ලිපි හරහා මගේ ගැන කියන්නේ හරිම අඩුවෙන්.)වැල්වටාරම් මොකටද සිද්ධිය කියමුකෝ.හැබැයි මේ ලිපියේ කියවෙන එකම කතාව මේක නෙවෙයි.
       එක දවසක් හදිසියේම වාගේ මැදිවයසේ ජෝඩුවක් මා ලගට පැමිණියේය.
      "කෝ පුතේ තාත්ත දැන් අසනීපෙන්ලු නේද?"
  "ඔව් නැන්දේ මේ පොඩ්ඩක් අසනීප වුනා.ඒ තරම්ම අමාරුවක් නැහැ.වැඩි වෙලාවක් වාඩිගෙන ඉන්න අමාරුයි"
  "අනේ පුතේ අපි මේ හදිස්සියේම ආවේ අපිට පොඩි කරදරයක් වුනා.අපේ මල්ලි කෙනෙක් හිටි හැටියෙම අසනීප වුනා.දොස්තරලටත් තාම අසනීපේ හොයා ගන්න බැරිවෙලා.සෙත් කවියක්වත් කියවන්න කියලා හාමුදුරුවො ලගට ගියා.උපන් කේන්දරේ ඕනෙයි කියල තිබුණා.ගෙයි මුළුක්කාදියෙම කේන්දරේ හෙව්වා හම්බුනේ නැහැ නැතිවෙලා, උපන් වෙලාවවත් දන්නෙ නැහැ.මීට කලින් තාත්තා ලගට කීප සැරයක්ම කේන්දරේ ගෙනැල්ල තියෙනවා.පරණ සටහන් කරපු තැන්වල තියෙන්න පුළුවන්.උපන් වෙලාව හම්භ වුනත් ඇති."
   "ඉස්සර තාත්තා වැඩකරනකොට භාරගන්න හදහන් වල උපන් වෙලාවන් පොතක සටහන් කරගෙන තියෙනවා.සමහර විට ඒකේ තියෙන්න පුළුවන්.තාත්ත ලගට කේන්දරේ අරන් ආවේ කොයි කාලෙද කියල මතකයිද?
       "එහෙම මතක නැහැ මේ ලගදිත් එහේ අය නැකතක් බලන්න ඇවිත් තියෙනවා.අර පොත මට දෙන්න මම බලන්නම්"
  "නෑ ඒක එහෙම බලල හරියන්නේ නැහැ.අනිත් එක ඔයවැඩේ කළබලේට කරන්න බැහැ.මට නමයි උපන් දිනෙයි ගමයි ලියලා දෙන්න මම හොයලා තියන්නම්.තිබුනොත් හොයාගන්න බැරිවෙන එකක් නැහැ."
       කාන්තාව නොසතුටෙන් මෙන් මට විස්තර කොළයක ලියා දුන්නාය.ඇගේ හදිසිය හා පොත පරීක්‍ෂා කිරීමට ඉල්ලීම මගේ සිතට සැකයක් ගෙන ආවේය.
     "අනේ එහෙනම් පුතේ එහෙනම් ඉක්මනට හොයලා තියන්න.දැනුත් මේ ඉස්ප්‍රිරිතාලෙට යන ගමන්.උපන් වේලාව හොයලා කේන්දරේ හදලා දුන්නොත් ලොකු දෙයක්"
  කාන්තාව ගිය පසු මා ඉඩ ලද විටෙක ඇය දුන් නම උපන්දිනය ගම අනුව තාත්තාගේ පැරණි පොත පරීක්‍ෂා කොට බැළුවෙමි.තාත්තා සටහන් කර තිබූ කේන්දර සටහනක් ඉතා අසීරුවෙන් සොයා ගතිමි.නමුත් මගේ සිතට දැඩි සැකයක් මතුවී තිබුණි.
     පසුදින හිමිදිරි පාන්දර මා පාපැදියෙන් කේන්ද්‍රය හිමි කෙනාගේ(කාන්තාව අසනීපයෙන් සිටින බව කිවු පුද්ගලයා)නිවසට යාමට පිටත්වූයේ සිද්ධිය පෙරදින රාත්‍රිය පුරාම මගේ සිතට වදදුන් බැවිනි.අතර මගදී හමුවූ පුද්ගලයකුගෙන් ඔහු ගැන විස්තර (නම ගම උපන් දිනය මා සතුව ඇත.)ඇසුවෙමි.ඒ පුද්ගලයා ඔහුගේ ලගම ඥාතියෙකි.ඔහුගෙන් මා සොයන අය  අසනීපයෙන්දැයි ඇසූ විට කීවේ මේ අදත් හොදට සිටියා යනුවෙනි.මගේ සැකය තවත් වැඩිවිය.කොහොමත් ගිහින් බලනවා යැයි සිතා නිවස අසලටම ගියේය.පුද්ගලයා මා නොහදුනන නමුත් ඔහු මාව දන්නේය.මා යන විට ඔහු එළිමහනේ වැඩක් කරමින් සිටියේය.මගේ වෙලාවට ඔහු මාව දැක"ආ මේ අර හදහන් බලන .......මහත්තයාගේ පුතා නේද?මොකද මේ පැත්තේ."යනුවෙන් ලගට එමින් ඇසීය.දැන් මා සිටින්නේ හරි අසීරු තත්වයකය.කාන්තාව කේනද්‍රය ඉල්ලූ අසනීප තැනැත්තා මොහුද? වෙන අයෙක්ද? යන සැකයද ඇත.ආපු කාරණාව ගැන එකපාරට කතා කරන්නද බැරිය.වෙන කරන්න දෙයක් නැති කමටම මෙලෙස කීවේය.
   " මම මේ ලග යාළුවෙකුගෙ ගෙදර යන ගමන් ආ .. ඒක නෙවෙයි මාමාගෙ නම ........ නේද?"
   "ඔවි .. ඔව්  "
   "මාමලැයි ගෙදර කේන්ද්‍රයක් හදන්න දීල පොතක ලියල තිබුණා දැක්කා.නම මතක තිබුනේ ඒකයි.එහෙනම් මාමේ මම ගිහින් එන්නම්"
   "ඔව් ඔව් අපි ඉස්සර ඉදන් එහෙන් තමයි වැඩ කරන්නේ.හොදයි ගිහින් එන්න."

             කාන්තාව කේන්ද්‍රය ඉල්ලා ගෙන පැමිනීමේ අවශ්‍යතාව කුමක්ද යන්න දැන් වටහා ගත හැක.එක අතකට මම මොකටද නැති ලෙඩ දාගන්නේ. ඒ ගෑනි ආපහු ආවාම එහෙම කේන්ද්‍රයක් හොයා ගන්න බැරිවුනා කියලා සද්ද නැතිව ඉන්නවා.මේ මිනිහට මේක කියන්න ගියොත් මුන් මිනී මරා ගන්නවා.මම දැන් මුකුත් නොකිය ගෙදර යනවා.එසේ සිතා මා නිවස වෙත ඒමට නැවත පිටත්විය.නමුත් අතරමගදී මගේ සිතට එක එක සිතුවිළි පහළ විය."එක අතකට මම මෙහෙම කරන එකත් හරි නැහැ.අර ගෑනි නම් නරකම කෙනෙක් වෙන්න ඕන.දෘෂ්ඨ ගතිය ඇගේ මූනෙන්ම පෙනුනා.මම ගිහින් අර මිනිහට ෂේප් එකේ සිද්ධිය කියලා ආරක්‍ෂාවෙලා ඉන්න කියල කියන්න ඕන.ඒ මිනිහ මාවත් බේරලා නියම විදියට  ආරක්‍ෂාවෙලා ඉදීවි.එහෙම හිතලා මම ආපසු ගිහින් මිනිහට සම්පූර්ණ විස්තරේ කිව්වා.කිව්ව ගමන්ම මිනිහ කිව්වෙ 
    "ආපෝ ඔය ගෑනි ඉන්නේ මේ අහළ පහළ.අපිත් එක්ක ඉඩම් ආරවුලක් තියෙනවා.පිට කෙනෙක් නෙවෙයි.මගේ ලොකු තාත්තගේ දුවෙක්.කේන්දරේ ඉල්ලන්න ඇත්තේ මොකක් හරි ගුරුකමක් කරන්න.ඔයා හරිම විදියට කරල තියෙනවා.කේන්දරේ දෙන්න එපා."
 "මම කේන්දරේ දෙන්නෙ නැහැ.හැබැයි මේක මම ඔයාට කිව්ව බව ඒ අයට දැන ගන්න තියන්න එපා.ඔය දෙගොල්ලම අපි ලගට එන නිසා මම කිව්වේ.නැත්නම් පස්සේ කාලෙක ඔයගොල්ලො ආපහු හොද වේවි.අහක ඉන්න අපි නරක මිනිස්සු වේවි.මගේ පැත්තෙන් ඔයාට වෙන්න  තිබිච්ච යුතුකම මම ඉටු කළා.ඔයත් මම වෙනුවෙන් ඔයාගේ යුතුකම ඉටු කරන්න" කියල මම එන්න ආවා.
   මම මේ කතාව කිව්වේ කේන්ද්‍ර බලන අය ශාස්ත්‍රීය දැනුමෙන් විතරක් නොව වෙනත් පරිබාහිර  දේවල් ගැනත් සැලකිල්ලෙන් ඉන්න ඕන කියන එක දැනුම් දෙන්නයි.එතකොට තමයි ඒ අයගේ සේවය නියම මානුෂික ස්වරූපයෙන් සිද්ධ වෙන්නේ.
   මෙය කියවන ඔබලාගෙන් ඇතැම් අය කේන්දර,මන්ත්‍ර,හදි හූනුයම් වැනි දේවල් ගැන විශ්වාසයක් නැති අය විය හැකියි.ඒ කොහොම වුනත් පහත දක්වා ඇති කරුණු කාරණා කියවා තබාගෙන හිතේ කොනක හෝ මතක තබාගෙන සිටීම හොදයැයි සිතමි.(එම විස්තර කිසිම පුද්ගලයකුට යහපතක් මිස අයහපතකට හේතු නොවේවා!.)
   * ඔබේ ගමේ සිටින දෛවඥයා ශාස්ත්‍රීය දැනුම අතින් ඉහලව සිටියත් ගුණ යහපත් කමින් අඩු පුද්ගලයෙක්ද?
   * ඔබ හදුනන ගමේ දෛවඥයා ඔබ සමග කුමණ හෝ හේතුවකට අමනාපද?
   * ඔබ දින කිහිපයක බැහැරව සිට ආපසු නිවසට ඒමේදී හෝ උදේ අවදිවන විට ගෙයි දොරකට වැට මායිම වැනි ස්ථාන වල අසාමාන්‍ය ලෙස ඇති රේඛා සටහන්,නූල් කෙස් කැබළි,තෙල් බිංදු,දෙහි බිත්තර වැනිදෑ දක්නට ලැබුනාද?
   * කුමන හෝ කටයුත්තකට ගෙමිදුල හෑරීමේදී මුට්ටි,මංජුසා,සත්ත්ව ඇට කැබලි,ලෝහ භාණ්ඩ වැනි අසාමාන්‍ය වස්තු ලැබුනාද?
   * අසල්වැසි නිවෙස් සමග කෑම බීම හුවමාරු කර ගැනීමට ඔබත් පුරුදු වී සිටීද?ඔබේ දරුවන් පිට තැන්වලින් ආහාර පාන ලබා ගනීද?
   * ඔබගේ දුවගේ පුතුගේ මංගල අවස්ථා වලදී පෝරුව අසළ නෑදෑයකු හෝ වෙනත් අයකු අසාමාන්‍ය ලෙස ගැවසේද?පෝරුවට නගින ස්ථානයේ පයට පෑගෙන කොටස්වල අසාමාන්‍ය දේවල්(ඉහත දැක්වූ තෙල් බින්දු වැනි) දක්නට ලැබේද?
   * මනාළ යුවළ මධු සමය ගත කරන නිවසේ හෝ හෝටලයේ ඇද අසළ ඉහත දැක්වූ පරිදි අසාමාන්‍ය සලකුණු දක්නට ලැබේද?
   *ගැබිණි මව හමුවීමට සාත්තු කිරීමට වෙනදා නැති නෑදෑ නොනෑදෑ ගැහැණු වැඩිපුර පැමිණේද?
     එහෙනම් විශේෂයෙන් ප්‍රවේශම් වන්න.
          
        
         

8 comments:

උකුස්සා said...

එළ ලිපියක්....

නදී said...

අම්මෝ කියවද්දි බයත් හිතුනා.හොද ලිපියක්.

Pavithra said...

මේ ඔක්කොම බල බල හිටියොත් හිතේ සංතෝසයත් නැති වෙනව නේද?. මගුල් ගෙදරයි මධුසමයෙදියි ඕව බල බල හිටියම හරියන්වද?. ඒ වගේ අවස්ථාවල සතුටින් ඉන්න ඕනෑ නේද?. දැන් කී දෙනෙක්ගෙ සාමාන්‍ය ජීවිත අවුල් වෙයිද දන්නෙ නෑ. මේ ඔක්කොම බල බල හිටියොත් සාමාන්‍ය විදියට ඉන්න වෙන්නෙ නෑ.
මම ජෝතිෂ්‍ය විශ්වාස කරන්නෙත් නෑ, නොකරන්නෙත් නෑ. හැබැයි මේ ලිපිය‍ට මම විරුද්ධයි. ඒක මගෙ මතය විතරයි

Pavithra said...

* අසල්වැසි නිවෙස් සමග කෑම බීම හුවමාරු කර ගැනීමට ඔබත් පුරුදු වී සිටීද?ඔබේ දරුවන් පිට තැන්වලින් ආහාර පාන ලබා ගනීද?
*ගැබිණි මව හමුවීමට සාත්තු කිරීමට වෙනදා නැති නෑදෑ නොනෑදෑ ගැහැණු වැඩිපුර පැමිණේද?
එහෙනම් විශේෂයෙන් ප්‍රවේශම් වන්න.
----------------------------------------------

ඔබ කරන්නේ මිනිසුන් අතර ආරවුල් ඇතිකිරීමක් නේද?. අපිට ආදරය කරන අය ගැන සැකයෙන් බලන්න කියායි ඔබ කියන්නේ

ඉලංදාරියා said...

ඉස්සරවෙලාම ස්තුතිවන්ත වෙනවා ..මේවගේ ලිපියක් ලිවිම පිලිබදව ....

මම නම් .. ඔවා ඉස්සර විශ්වස කරේ නෑ ... එත් මටම උන සිදුවිමක් නිසා ..මට විශ්වාශ කරන්න උනා ...

මම ඉස්සර යාළුවෙලා හිටියා ගෑනුලමයගේ නෑදෑ වෙන කෙනෙක් ගෙදර මට උවමනාවකට එන්න කියලා තිබුනා.. ඉටකලින් දවසක එයාලා ගේ අක්කා කෙනෙක් කතා කරලා මගේන් ඈහුවා මල්ලී ඔයගේ සම්පුර්න නම මොක්ක්ද කියලා ගෙදර අය අහනවා කියලා මම මත් අඉතින් කිවා මට මොකො මගේ නම නේ කියලා කොහොම හරි ඔන්න මම එයලගේ ගෙදර ගියා .... ඔන්න එයාල තේ හදාගෙන ආවා ... දොදොල් එක්ක තමයි තෙ දුන්නේ .... මම දොදොල් කන්න කටලගට ගන්න කොට මට කපුරු සුවදක් එනවා .... මට පොඩි සෑකයක් ආවා එත් කරන්න ඩෙයක් නෑ නේ ..මම් අකිවා දොහොල්නම් කන්න බාඑ වගේ කියලා..
එත් අන්තිමෙදී මට කන්නම උනා මම දසඅතේ කල්පනා කරා

මොකද කරන්නේ කියාලා මම ජල නනදන් පිරිත කියන්න මතක් කරා එත් මතකෙට එන්නේම නෑ .... ඔය සිදුවීම වෙලා කොහොම් හරි කාලය ගෙවිලා ගියා ... ටික ටික ඒ කෙල්ල මගේන ඈත් උනා .. මම අසනිප උනා කරකර හිටිය වියාපර බන්කොලොත් උනා හොදටම ලෙඩෞන නිසා ත් කරගෙන ගිය වෑඩ කටයුතු නතරෞන නිසත් යාලුවෙක්ගේ කිමකට ..මට දෙවලෙකට යන්න උනා ... මොකද් අවෙලා තියෙන්නේ කියලා බලන්න .. මම් ගියා ..එතනින් වෙච සිදුවේම..
හරියටම් අකිවා එවෙලාවේ මත් එක්ක අයලුවෙකුත් හිටියා...
කොහොමින් හරි එකරලා තිබුන දේ කපලා මම ඉවත් කරගත්තා ... මටවගේම ඒ කෙලටහ් දිලලු කියලා මට එහෙන් කිවා මම එයාවත් බෙරගන්න පුලුවන් හෑමදේම කරා එත වෑඩක් උනේ නෑ.. ඒ කෙල්ල මට නෑතිඋනා බොහොම් අමරුවෙන් අකාපු දෙවල් මම වමනෙ කරා... ඉටපස්සේ මම ට හොද උනා ඒත් මම වෑටුන වෑටිල්ල තාමත් එහෙම්මයි..... "ආනනද හමුදුරුවොන්ටත් කරානම් අපි කවුද නේ ද?"

jhothishalanka said...

@Anonymous සමාවෙන්න ඔයාගේ කමෙන්ටුව මකන්න වුනේ ඔයා ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනෙක්ගේ නම් ලියලා තිබුණ නිසා.පල්ලෙහා ලින්ක් එක බලන්නකෝ
http://lankajhothisha.blogspot.com/2010/11/blog-post_15.html

Anonymous said...

මම හිතන්නේ හරිදේ කියන්න ඔබ අල්ලගෙන තියෙන්නෙ වෑරදි පුද්ගලයෙක්ව.ඔය කියන පුද්ගලයා නියෝජනය කලේ සාම්ප්‍රදයික ජ්යොතිර්වේදියො නෙවෙය්.එයා ත්මන්ව හදුන්වගත්තෙ අද්යාත්මවේදියෙක් විදිහට.ජ්යොතිර්වෙදියෙක් නොවෙන කෙනෙක් මිනිස්සුන්ව අන්දන එක අදල නහ නේද?
නියම මිනිහ තමයි අද්යාතමවේදිය නියොජනය කරන දේශපාලන පක්ශෙට විරුද්ද පක්ශය නියෝජනය කරන "තට්ටේ එහෙම තියෙන කෙස් පැහිච්ච කණ්නාඩි දෙක යටින් බලල බැබෑරුම් විදියට කතාබහ කරන හොද තෙම්පරාදු බුවා".
මේ පුද්ගලයා සම්පුර්නයෙන්ම කරන්නෙ දේශපාලකයෙකුට කඩේ යන ගමන් ජ්යොතිශයෙන් මිනිස්සුන්ව අන්දන එක.ඔහු කියන විදිහට ඔහු කඩේයන දේශපාලකයා දෙවියන් විසින් ලන්කාවට එවපු කෙනෙක්...

Vishva Kumara said...

ඔබ කියන කතාව සහතික ඇත්ත. අපේ රටේ මිනිස්සු ගුප්ත ෂාස්ත්‍ර විද්‍යාව කරන අය මනින්නේ වයසින් :D රැවුල ඉදිල නැත්නම් කවුරුවත් ගනන් ගන්නෙ නැහැ..

අපේ ක්‍රමයට අනුව විශ්වාස කරන විදියට මන්ත්‍ර ගුරුකම් වලින් තවත් කෙනෙකුට නරකක්, විපතක් කලොත් ඒක තුන් ගුනයකින් ආපහු පල දෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...