Tuesday, January 18, 2011

"කාල සර්ප යෝගය"

 "කාල සර්ප යෝගය"  යනු ජ්‍යොතිෂයේදී වැඩිපුරම කතාබහට ලක්වන යෝගයකි. සුභඵල වලට වඩා අසුභඵල උදා කරන යෝගයක් ලෙස පොත්පත් වල දක්වා ඇති විස්තරත් යෝගය හදුන්වා ඇති බියකරු නාමය නිසාත් බොහෝ දෙනා කාලසර්ප යෝගයට ශනි ඒරාශ්ඨක අපලයට දක්වන තත්ත්වයේ බියක් සැළකිල්ලක් දක්වති.
කාලසර්ප යෝගයේ සුභ අසුභ ඵල ඉස්මතු වීම ජන්ම කේන්ද්‍රයේ වෙනත් ග්‍රහපිහිටීම් මත තීරණය වුවත් කාළ සර්ප යෝගයේ පලාඵල ඉස්මතු වීම පැහැදිළිව දක්නට ඇති බව කිව යුතුය.කාළ සර්ප යෝගය ගැන මුල් බැස ඇති වැරදි මත වලින් බැහැරව  එම යෝගය පිළිබදව නිවැරදි අවබෝධයක් පාඨක ඔබවෙත ලබාදීමේ අරමුණින් ලියැවුනු මෙම ලිපිය කියවීමෙන් කාල සර්ප යෝගය පිළිබදව දැන සිටිය යුතු මූලික කරුණු ඔබට වැටහෙතැයි ලේඛකයා අනුමාන කරයි.
  කාල සර්ප යෝගයට  බොහෝ දෙනා බිය වන්නේ "කාල සර්ප" යන වචනය හේතුවෙනි."කාල" යනු ඉන්දීය බසකින් රාහු ග්‍රහයා හැදින්වීමට යෙදෙන වචනයකි.'සර්ප" යනු කේතු ග්‍රහයා හැදින්වීමයි.ඒ අනුව "කාල සර්ප යෝගය" යනු "රාහු කේතු යෝගය" යන්නයි.(එක්තරා ප්‍රසිද්ධ ජ්‍යොතිෂඥයකු වරක් රූපවාහිනී වැඩසටහනකින් කාල සර්ප යෝගය සිංහල බසෙහි දැක්වෙන කාලය සම්බන්ධ කොට අපූරු අර්ථයක් ඉදිරිපත් කලේය)
කාල සර්ප යෝගය කේන්ද්‍රයක යෙදෙන අයුරු හදුනා ගනිමු.
  ජන්ම කේන්ද්‍ර සටහනේ රාහු කේතු ග්‍රහයන් දෙදෙනා සප්තමව (අංශක 180ක් ඈත්ව) සිටී.මෙම රාහු කේතු ග්‍රහයන් ග්‍රහයන් දෙදෙනාගෙන් එක් පසෙක අනික් ප්‍රධාන ග්‍රහයන්(යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ හැර) සියළුම දෙනා පිහිටීම කාල සර්ප යෝගයයි.(මෙහිදී රාහු කේතු ග්‍රහයන් පිහිටන අංශක 180 තුළ එක් පසෙක සියළුම ග්‍රහයන් තැන්පත් විය යුතුය).කේන්ද්‍රයේ 1,2,3,4 ...12 ස්ථාන සලකුණු කෙරෙන දිශාවට එනම් ඔරලෝසුවේ කටු ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට  සලකා බලන විට රාහුගේ සිට කේතුගේ පැත්තට වූ අංශක 180 තුළ අනිත් ග්‍රහයන් සියල්ල තැන්පත් වීමෙන් ඇතිවන කාල සර්ප යෝගය කේතුගේ සිට රාහු පැත්තට ග්‍රහයන් පිහිටීමෙන් ඇතිවන කාල සර්ප යෝගයට වඩා අසුභඵල වැඩි බවට මතතයි.රාහු කේතුගේ අංශක 180 පරාසයෙන් එක් පසෙක එක් ග්‍රහයෙකු පමනක් සිටින විට අර්ධ කාල සර්ප යෝගය ඇතිවන අතර රවි සදු දෙදෙනා හැර වෙනත් ග්‍රහයකු මෙලෙස රාහු කේතුගෙන් එක් පසෙක සිටින විට දීප්ති යෝගය නම් බලවත් යෝගය යෙදෙන අතර ග්‍රහයාගේ නම අනුව දීප්ති යෝගයේ නමද යෙදේ. (උදා-  ගුරු ග්‍රහයා රාහු කේතුගෙන් මෙලෙස එක් පසෙක යෙදෙන විට ගුරු දීප්ති යෝගය ලෙස හැදින්වේ.)රවි හෝ සදු ග්‍රහයන් දෙදෙනාගෙන් අයෙක් රාහු කේතු අතරින් මිදී සිටින විට පිළිවෙළින් "රවි කීර්ති" හා "සදු කීර්ති' නම්වූ විශේෂ යෝග සෑදේ. මෙම "දීප්ති" හා "කීර්ති"යෝග  යෙදී ඇති කේන්ද්‍ර එනම් අර්ධ කාල සර්ප යෝගය යෙදී ඇති කේන්ද්‍රහිමියන්ට කාල සර්ප යෝගයට ප්‍රතිවිරුද්ධ ඉතා සුභඵල උදා කරයි.
    කාල සර්ප යෝගය කේන්ද්‍රවල යෙදෙන ආකාරය සලකා බලන විට එම යෝගය දුර්ලභ යෝගයක් ලෙස හැදින්විය නොහැක.(30-40)% සම්භාවිතාවක් ලෙස කාල සර්ප යෝගය පුද්ගල කේන්ද්‍ර අතර යෙදේ.


කාළ සර්ප යෝගයේ පලවිපාක ලෙස ජ්‍යොතිෂ පොත්පත්වල දැක්වෙන හා පාරම්පරිකව මති මතාන්දර
  * විවාහයට බාධා ඇති කරන හා විවාහය දෝෂ අඩුපාඩු සහිතව සිදුකරන විවාහය බිද දමන යෝගයක් ලෙස දක්වා ඇති නිසා විවාහ පරීක්‍ෂාවේදී කාල සර්ප යෝගය සහිත කේන්ද්‍ර වලට කාල සර්ප යෝගය ඇති කේන්ද්‍ර ගැලපීම වඩාත් සුදුසුය. 
  * කාල සර්ප යෝගය පිහිටන තැනැත්තාගේ දියුනුව තත්ත්වය කලින් කලට උස් පහත් වෙමින් රැල්ලක් ආකාරයට ඇති වන බවත් දියුණුවේ හිණිපෙත්තට ලගා වීමක් නැති බවටත් එක් අංශයකින් උසස් දියුණුවක් ලදත් ඊට අනුරූපව තවත් අංශයකින් කඩා වැටීමක් ඇතිවන බවටත් මතයක් ඇත.
  *කාල සර්ප යෝගය පිහිටන අයගේ මරණය හදිසි අනතුරු හෝ ඝාතන ආකාරයෙන් සිදුවන බවටද මතයක් ඇත.(මෙවැනි මතයක් පැරණි පොත්පත් වල දක්වා නැත.ලේඛකයා මෙය දැක්වූයේ  විජය කුමාරතුංග මහතාගේ හා බන්ඩාරනායක මහතාගේ වැනි ඝාතනයට ලක්වූ කිහිපදෙනෙකුගේ හා 1971 හා 1989 සමවල ඝාතනයට ලක්වූ තරුණයන් බොහෝ දෙනෙකු කාල සර්ප යෝගය යෙදුන කාල වල උපන් අය වීම සලකා මෑත කාලීන ජ්‍යොතිෂවේදීන්ගේ නිගමනයක් දැක්වීමට පමණි.)
  * කාල සර්ප යෝගය ඇති අයට සතුන් සර්පයන්ගෙන් කරදර බාධක වැඩි බවට පැරණි පොත්වල සදහන්ය.


  කාල සර්ප යෝගය පිහිටන කේන්ද්‍රවලට එහි අසුභ ඵල දුරුකිරීමට ආගමික පිළිවෙත් පැරන්නන් විසින් භාවිතා කර ඇත.මා ඒවා නිසි ලෙස නොදනී.(නොදන්නා දෙය නොදන්නා බව කීම මගේ ගතියකි.)එම පිළිවෙත් දන්නා මහතෙකු සිටීනම් මෙහි කමෙන්ට් කරන ලෙස ඉල්ලමි.

29 comments:

jhothiratna said...

අසුභ ඵල දුරුකිරීමට ආගමික පිළිවෙත් තියෙනවා කියල මමනම් විස්වාස කරන්නේ නැහැ.කේන්දරයේ තියෙන්නේ වෙන්න තියෙන දේ. බල්ලන්ට බලල්ලුන්ට කන්න දුන්න කියල බෝගස් වලට වතුර දැම්ම කියල සිද්දවෙන දේ වළක්වන්නේ කොහොමද?
"දීප්ති" හා "කීර්ති"යෝග ගැන පොත් වල සඳහන් වෙනවද?

මාරයාගේ හෝරාව said...

අගනා විග්‍රහයක්...
කාල සර්ප යෝගයට පිළියම් ලෙස කරනු ලබන යම් යම් පූජා විධිවගයක් මට මෙයට වසර හතකට පමණ පෙර හමු උනා..මට හරියටම මතක නැහැ..මම බලන්නං ඒවා හොයාගෙන ඉදිරිපත් කරන්න.
ඒත් ඉතිං පුද පූජා වලට වඩා පිළිවෙත් පිරීම හරහා අපල වල අසුභ ඵල හීන කිරීම වඩාත් ප්‍රතිඵල දායක බව තමයි මගේ විශ්වාසය හා අත්දැකීම..
ඔතනදී කාල සර්ප යෝගයට අසු වෙලා සිටින ග්‍රහයින් සිටින අංශයට ප්‍රති විරුද්ධ දිශාවෙ..ඒ කියන්නේ හිස්ව ඇති අර්ධයේ භාවයන්ට අයත් ගති ලක්ෂණ හා එම රාශීන්ට හිමි ගති ලක්ෂණවල දුර්වල වීමත් පැහැදිලිව පෙන්නුම් කරනවා..
සරල උදාහරණයක් ගත්තොත් මා දැක තිඛෙන දෙයක් තමයි 10 වැන්නේ සිට 4 වැන්න දක්ව..ඒ කියන්නේ ඉහළ අර්ධයේ ග්‍රහයින් පිහිටලා කේන්දරයේ පහළ අර්ධය හිස්ව ඇති අයගේ ජීවිතවල දකින්න ලැඛෙනවා පුද්ගලයා බලවත්..නමුත් ඔහුගේ සමාජ සම්බන්ධතා ඉතාමත් දුර්වලයි කියන කාරණය...

ඒ කියන්නේ සමාජයේ කැපී පෙනෙන..ඉගෙනීම රැකි රක්ෂා වෘත්තීය අතින් හා පෞර්ෂත්වය අතින් ඔවුන් බලවත්..
නමුත් විවාහය..හිත මිතුරුකම්..දරුවන්..ඥාති සම්බන්ධකම් ආදී පැති වලින් වගේම ධාර්මික ගති වලින් ඔවුන් හුගාක් දුර්වල මට්ටමකට වැටෙනවා...

මම හුගාක් වෙලාවට කරන දේ තමයි ඒ වගේ අවස්ථාවල එහෙම දුර්වල අංශය තෝරාගෙන ඒ ඒ අංශ වැඩි දියුණු කරගන්න අවශ්‍ය උපදෙස් ලබා දෙන එක..
ඒ සඳහා ආගමික වතාවත්ම සෑහෙන්නේ නැහැ...
මානසික දියුණුවත් තමාගේ ආකල්පවල යම් යම් වෙනස් කිරීම් හරහාත් ජීවන පුරුදු වෙනස් කිරීමත් උවමනායි..

හැබැයි කරුමෙ කියන්නේ හුගාක් අයට ටික දවසකින් පිළිවෙත් අමතක වෙනවා..නැවත අර පරණ තත්වයටම යනවා..ඒක ඉතිං අපලෙමද මංදා..?

jhothishalanka said...

@මාරයාගේ හෝරාව
ඔයා කියල තියන දේ හරියටම හරි මාරයෝ.සමාජ තත්ත්වයෙන් යහපත් බලවත් තත්ත්වයක සිටියත් ගෘහ ජීවිතයේ හෝ ධාර්මිකත්වය වැනි වෙනත් අංශයක අඩු ලුහුඩුකම් තියෙන දේශපාලඥයෝ කීපදෙනෙක්ම ඉන්නවා කාල සර්ප යෝගය තිබෙන.

jhothishalanka said...

@jhothirathna
එහෙමම කියන්න එපා.සෑම ආගමකම අනන්‍ය වූ පිළිවෙත් සමුදායක් තිබෙනවා.එම ආගමික පිළිවෙත් කිරීමෙන් දෝෂ භංග නොවුනත් අඩුවීමක් නම් සිදුවෙනවාමයි.මම අදහස් කළේ එයයි.

නිශ් said...

අපෝ ඔය මගුලෙ සර්ප යෝගෙ නිසා මත උන අකරතැබ්බක්

Anonymous said...

කාල සර්ප යෝග වර්ග දෙකක් තියනව කියල මම අහල තියනව. පූර්ණ සහ අර්ධ කියල. තවත් විදියකට ගත්තම එකේක වර්ගයේ කාලසර්ප යෝග තියනව කියල මම අහල තියනව. උදාහරණයකට ඒ ලින්ක් එකට ගිහින් බලන්න. http://www.astrologyforu.com/others/kalasarpa.php
ඒකෙනුත් අර්ධ - වසුකි කාලසර්ප යෝගය ගැන කාට හරි කියන්න පුලුවන්ද? බොහොම පින්.

jhothishalanka said...

@Anonymous
ඔබ දැක්වූ ලින්ක් එක හරි වටිනවා.බොහොම ස්තූතියි.

Anonymous said...

අපේ තාත්තාගෙ කේන්ද්‍රයේත් තිබුනා කාල සර්ප යෝගය සහ හතර කේන්ද්‍රය පාලු වීම. එයා බොහෝ දේ කරපු වගෙම බොහෝ දේවල් ලෑබුනු කෙනෙක් උනත් ඈත්තටම ජීවිතේ අසාර්තකයි කියල මට හිතෙනවා.

මොකද නටපු නෑටුමකුත් නෑහෑ බෙරේ පලුවකුත් නෑහෑ වගෙ නිසා අන්තිමට

jhothiratna said...

@anonymous
මගේ මාම කෙනෙක්ගේ කේන්දරෙත් හතර කේන්ද්‍රය පාලුය කියල මට දැනගන්න හම්බුනා.ඔයා කියපු විදිහටම ජීවිතේ ගොඩක් දේවල් කරපු ගොඩක් දේවල් ලැබිච්ච කෙනෙක්.ඒත් කිසිම දෙයකින් හරි ප්‍රයෝජනයක් ගනිපු නැති අසාර්තක පුද්ගලයෙක්.

jhothishalanka said...

මම කැමතියි හැමෝම Anonymous,Name ක්‍රමයට නැතිව ප්‍රොෆයිල් එකකින් කමෙන්ට් කරනවනම්.මොකද නැත්නම් මේක බලන අයට වැරදි වැටහීම් ඇතිවේවී.අනිත් එක කව්දෝ එක්කෙනෙක් ඇනෝ කමෙන්ට් වලින් කුණුහරුප එවනවා.මම කමෙන්ට් මොඩරේට් කරන්නෙත් ඒකමයි.ඔයාලගේ කමෙන්ට් වලට ඉක්මනින් පිළිතුරු සපයන්නත් ඒක බාධාවක්.

Anonymous said...

ලිපිය ආරම්භයේ, සෙනසුරු ඒරාශ්ඨකය ගැන සඳහන් කරල තිබුන නිසා මට මෙහෙම ඉල්ලීමක් කරන්න හිතුනා. ඔබතුමාට පුලුවන් නම්, ඒ සම්බන්ධව වෙනම ලිපියක් ඉදිරියේදී පළ කරන්න. මේ බ්ලොග් එක නවත්වන්නෙ නැතුව, දිගටම කර ගෙන යන්න. බොහොමත්ම ස්තූතියි.

අරු said...

ෙමාන ෙද් කිව්වත් හැමෙද්ටම ගරහන කට්ටිය ඉන්නවා.අපි දන්න ෙද් ටිකයි.දන්න ෙක ෙනක් හරි උනන්දුවක් දක්වන ෙකෙනක් හරි ෙමානවා හරි ලිව්වම ඒ ගැන පණ්ඩිතකම් කියනවාට වඩා තමන්ට ගැලෙපනවා නම් පිලිගන්න.නැතිනම් නිහඩව ඉන්න.ෙම් ෙතාරතුරු වලින් ප්ර ෙයා්ජන ගන්න අය ඉන්න බව අමතක කරන්න ඒපා.ඉදිරියටම යන්න ඔබට තුති.

Anonymous said...

Very sorry. I am writing using Ano.. B'cose I don't have knowledge to use any other profile. I am not writing a blog but just read others blogs. and very rarely make comments. I am so sorry for any inconveniance caused to you

jhothishalanka said...

@Anonymous
නෑ නෑ කොමෙන්ට් වල වරදක් නැහැ. කොමන්ට් එවන එක මට හයියක්.මම කිව්වෙ ඇනෝ කමෙන්ට් එවන එක තරමක් පටලැවිලියි කියන එක විතරයි

Anonymous said...

දැන් මේ බ්ලොග් එකේ පැත්තකින් දාල තියෙනවා නේද ඉලංදාරියාට පිහිට වෙමු කියල.මට අවසරයක් නැහැ ඒයාගේ කේන්ද්‍ර සටහන පළකරන්ඩ.හැබැයි ඉල්ලගෙන බැලුවොත් මේ මාතෘකාවට හොඳ උදාහරන සහිත කේන්ද්‍ර සටහනක් වේවි.එයාට රාහු සලකන හැටි හොඳටම ඇස් පනාපිට ඔප්පු කරනව.කාලසර්පය ගොඩ දාන්ඩ පුලුවන් ක්‍රම තියෙනව.100% කියන එක නෙමේ මම මෙතන අදහස් කලේ.හැබැයි අවංකව භක්තිවන්තව ඒ පූජාකටයුතු කරන්ඩ පුලුවන්නම් සෑහෙන සහනයක් තියෙනව.සුපර් පවර් එක්ක කරන ඩීල් වලදි(දෙවියන් සමඟ කරන කටයුතු වලදි ) යම් ඒ සඳහා අවංකව කැපවීමක් කරන්ඩ ඕනේ.ඉතින් එහෙම අයට ඒහෙම නැතිනම් ඒවා නොකර ඉන්න එකම තමා හොඳ.එහෙම නැතුව නිකන් කරන්නන් වාලෙට පුද පූජා කලොත් ලෙඩේ දෙගුන තෙගුණ වෙලා තමා නවතින්නේ.

Anonymous said...

දීප්ති යෝගය යනු කුමක්ද? දීප්ති යෝගය ඇති වන්නේ එක ග්‍රහයෙක් පමණක් කාල සර්ප ගොඩෙන් මිදී අනෙක් පැත්තට පැමිණීමෙන්ද? ග්‍රහයන් දෙන්නෙක් අනිත් පසට පැමිණීම කෙසේද?

සංචාරකයා said...

මගේ කෙන්ද්‍රයේත් කාල සර්ප යෝගය පිහිට තිබෙනවා. මම නම් කේන්දර ගැන විශ්වාස කරන්නේ නෑ. නමුත් ඔබේ ලිපි අසාවෙන් කියවනවා.

Anonymous said...

Rahui kethui atara anith grahayan okkoma iddi aka grahayek rahuth akka innawanam akath kala sarpa yogayata wetenawada?

Inoka said...

mage 6 ye rahu,ravi,budha.......12 he ketu mata kalasarpa yogaya yedenawada?

jhothishalanka said...

@Inoka
විස්තර මදියි.

Inoka said...

upandinaya:-1977-10-05
upan velawa:-7.20p.m
Upan stanaya:- kandy
Mesha lagnaya
kataka nawamsakaya

1-blank
2-blank
3-Kuja,Guru,Chandra
4-blank
5-shani,shukra
6-Ravi,Budha,Rahu
7-blank
8-blank
9-blank
10-blank
11-blank
12-kethu

mata kalasarpayogaya yedena bawak hangenawaa.
eeka aththak da..?
mee wisthara pramanawath athai sithami.......

jhothishalanka said...

@Inoka
රවි බුධ දෙදෙනා රාහු සමග සිටියද රාහු කේතුගේ අංශක 180 ඇතුලත සිටින නිසා ඔබට කාල සර්ප යෝගය යෙදේ.හතර කේන්ද්‍රස්ථානවල ප්‍රධාන ග්‍රහයන් නැතත් ඔබගේ උපන් කේන්ද්‍රය බලවත්ය.

Inoka said...

bohomathma stutiy pilithurata

jhothishalanka said...

කීර්ති යෝග යනු අර්ධ කාල සර්ප යෝගයේම අවස්ථාවකි.රාහු හා කේතු පිහිටද අංශක 180 තුල එක් පසෙක අන් ග්‍රහයන් සිටීම කාල සර්ප යෝගයයි.එක් ග්‍රහයකු පමනක් අංශක 180න් එහා පිහිටීම අර්ධ කාල සර්ප යෝගයයි.අංශක 180න් එහා පිහිටි මෙම ග්‍රහයා රවි හා සදු වන විට "රවි කීර්ති" හා "සදු කීර්ති " යෝගය යෙදේ.රාහු කේතුගේ අංශක 180 න් පැන්න ග්‍රහයා රවි සදු හැර වෙනත් ග්‍රහයකු නම් (තාරා ග්‍රහයකු) එම යෝගය අදාළ ග්‍රහයා නමින් "දීප්ති" යෝගය ලෙස හැදින්වේ.
උදා - ගුරු නම් "ගුරු දීප්ති යෝගය"

Malindazone said...

කාල සර්ප යොගයට පිලියම් කීපයක් පහත දෑක්වෙ.
01.Recite Hanuman Chalisa for 108 times.
http://www.youtube.com/watch?v=rypNgSz_1iQ

02.chant Mahamritunjaya Mantra.
http://www.youtube.com/watch?v=pEz9nKIQjiI HYPERLINK

03.Complete the chant of the Mantra ‘Om Namah Shivay’ 1,25,000 times before Shivratri.

ඉහත දක්වා අති උපයන් මාහට ඉන්දියානු astrologist පවසන ලද්දකි.ඉදිරියෙදි මීට අදාලව තවත් උපයන් කීපක් ඉදිරිපත් කරන්නෙමි.

Amila said...

මගේ ලග්නය මේශ ,4 සදු ,6 කේතු, 7කුජ,8රවි-බුද-ශනි, 9 සිකුරු, 12 ගුරු- රහු , මගේ කෙන්ද්‍රයේත් අර්ධ කාල සර්ප යෝගය පිහිට තිබෙනවා ද?."සදු කීර්ති " යෝගය ගැන කාට හරි කියන්න පුලුවන්ද? බොහොම පින්.

jhothishalanka said...

@amila

ඹබගේ ජන්ම කේන්ද්‍රෙය් සදු පිහිටීම රාහු කේතුගෙන් අංශක 180 මෙහා නිසා අර්ධ කාල සර්ප යෝගය ඇත.සදු කීර්ති යෝගයද ඇත.පහත පිළිතුරු කමෙන්ටුව බලන්න

JHOTHISHALANKADecember 11, 2011 4:34 PM

කීර්ති යෝග යනු අර්ධ කාල සර්ප යෝගයේම අවස්ථාවකි.රාහු හා කේතු පිහිටද අංශක 180 තුල එක් පසෙක අන් ග්‍රහයන් සිටීම කාල සර්ප යෝගයයි.එක් ග්‍රහයකු පමනක් අංශක 180න් එහා පිහිටීම අර්ධ කාල සර්ප යෝගයයි.අංශක 180න් එහා පිහිටි මෙම ග්‍රහයා රවි හා සදු වන විට "රවි කීර්ති" හා "සදු කීර්ති " යෝගය යෙදේ.රාහු කේතුගේ අංශක 180 න් පැන්න ග්‍රහයා රවි සදු හැර වෙනත් ග්‍රහයකු නම් (තාරා ග්‍රහයකු) එම යෝගය අදාළ ග්‍රහයා නමින් "දීප්ති" යෝගය ලෙස හැදින්වේ.
උදා - ගුරු නම් "ගුරු දීප්ති යෝගය"

Anonymous said...

කීර්ති යෝග වල පලවිපාක ගැන කාට හරි කියන්න පුලුවන්ද?

Anonymous said...

එහෙම කියල උඩ බලා හිටිය කියල ලැබෙන සෙතක් තියෙනවද?
නෑ නේද?

එහෙනම් ආගමානුකූලව කටයුතු කිරීමෙන් මේ ආත්මයේදී නැතත් මතු ආත්මයේදී හෝ ප්‍රතිඵල ලැබෙනු ඇත.

Related Posts Plugin for WordPress, Blogger...