Wednesday, March 9, 2011

කවුද මේ 22 වැනි දෙර්කානාධිපති ග්‍රහයා කියන්නේ?

     ඔබ ජ්‍යොතිෂය ගැන යම් තරමින් හෝ අවබෝධයක් වැටහීමක් ඇති අයෙකු නම් හෝ අඩුම තරමින් ජ්‍යොතිෂවේදියකු ලවා හදහන පරීක්‍ෂා කළ අයෙකු නම් 22 වෙනි දෙර්කාණාධිපතියා ගැන කොතැනකදී  හෝ අසා ඇතැයි අනුමාන කළ හැක.  22 වෙනි දෙර්කාණාධිපති ග්‍රහයා ප්‍රධාන අසුභ කාරක ග්‍රහයා ලෙසයි ජ්‍යොතිෂයේදී හැදින්වෙන්නේ.විවාහයට සුදුසු කේන්ද්‍ර සෙවීමේදී(පොරොන්දම් ගැලපීමේදී) වඩාත් වැඩි වශයෙන් සලකා බැලෙන 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයාගේ දෝෂ බලපෑම් අවම කර ගත යුතු බව පූර්වාචාරී මතයයි.
   ප්‍රථමයෙන්ම අපගේ ජන්ම කේන්ද්‍රය අනුව 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා හදුනා ගන්නා ආකාරය සලකා බලමු.
    දෙර්කාණයක් යනු ලග්නය තුනට බෙදූ කොටසකි.ලග්න රාශිය තුනට බෙදූ විට එක් කොටසක් දෙර්කාණයක් වන අතර ඊට නවාංශක තුනක් ඇතුලත්වේ.පළමු කොටසට ලග්නාධිපතිද දෙවන කොටසට පහ අධිපතිද තුන්වැනි කොටසට නවය අධිපතිද හිමිකම් කියයි.
  ඔබගේ ලග්නය හා නවාංශකය දන්නේ නම් ඔබගේ අපල කාරක 22 වැනි දෙර්කානාධිපතියා සොයා ගතහැකි වගුවක් පහත දැක්වේ.
 උදා-  ලග්නය ධනු වී නවාංශකය සිංහ වන විට 22 දෙර්කාණාධිපතියා අඟහරු ග්‍රහයාය
         කටක ලග්නයේ කටක නවාංශකය ඇති විට 22 දෙර්කාණාධිපතියා සෙනසුරු ග්‍රහයාය
         තුලා ලග්නය හා වෘශ්චික නවාංශකය විට 22 දෙර්කාණාධිපතියා සිකුරු ග්‍රහයාය
   මේ අකාරයට ඔබගේ ලග්නය හා නවාංශකය අනුව ඔබගේ අපල කාරක 22 වැනි දෙර්කාණාධිපතියා පහත වගුව අනුව ඔබටම සොයා ගත හැකිය.(පහත රූපය)
                               
    සුභ කටයුතු සදහා දින තේරීමේදී 22 වැනි දෙර්කාණාධිපතියාට අයත් දින ඉවත් කළ යුතු බවට ඇතැම් ජ්‍යොතිෂවේදීන් තර්ක ඉදිරිපත් කළත්(උදා- 22 වැනි දෙර්කාණාධිපති බ්‍රහස්පති වන විට බ්‍රහස්පතින්දා දිනය සුභ කටයුතු වලට අසුභ බව) සුභ නැකැත් සෑදීම පිළිබද ලියැවී ඇති සිංහල පොත් පත් වල හෝ ඉපැරණි ඉන්දීය පොත් පත්වල විශේෂ ලෙස දක්වා නැත.නමුත් විවාහ පොරොන්දම් ගැලපීමේදී 22 වැනි දෙර්කාණාධිපති ගැන සැලකීම විශේෂයෙන් දක්වා ඇත.
  විවාහයේදී 22 වැනි දෙර්කාණාධිපතියා ගැන විශේෂයෙන් සැලකිය යුතු අවස්ථා
    * ජන්ම කේන්ද්‍රයක 22 වැනි දෙර්කානාධිපති හත් වැන්නේ පිහිටන විට හෝ හත අධිපති ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපති වන විට එවැනිම පිහිටීම ඇති අයෙක් විවාහයට වඩාත් සුදුසුය.
    * පුරුෂයාගේ සිකුරුත් ස්ත්‍රියගේ කුජත් 22 වැනි දෙර්කාණාධිපති වීම විවාහයට අගුණය.
    * විවාහයේ මුල් වසර දෙකේදී දෙදෙනාටම තම තමන්ගේ 22වැනි දෙර්කාණාධිපති ග්‍රහයාගේ මහ දශාවන් ගතවන පරිදි විවාහය යෙදීම අගුණය.


අඟගරු කේන්ද්‍රයේ සටහන් කරන්නේ කුජ කියල "කු" අකුර තමයි ලියන්නේ මේ විදියට අනිත් ග්‍රහයන්ට
ඉරු(රවි) -ර
සදු(චන්ද්‍ර) -ච
අඟහරු(කුජ) -කු
බුධ - බු
බ්‍රහස්පති(ගුරු) - ගු
සිකුරු(ශුක්‍ර) - ශු
සෙනසුරු(ශනි) - ශ
රාහු - රා
කේතු - කේ

18 comments:

Chanaka Aruna Munasinghe said...

දෙර්කාණාධිපතියාව හොයා ගත්තා. ඊලඟට මොකෝ කරන්න ඕනෙ

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
තවම විවාහ වෙලා නැත්නම් මේ ලිපියෙ තියෙන විදියට කරන්න බලන්න.විවාහ වෙලා නම් ඉතින් 22 දෙර්කාණාධිපතියව එච්චර ගනන් ගන්න එපා.

Chanaka Aruna Munasinghe said...

ජන්ම කේන්ද්‍රයක 22 වැනි දෙර්කානාධිපති හත් වැන්නේ නැහැ. හත අධිපති ග්‍රහයා කවුද කියල දැන ගන්නෙ කොහොමද ?

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
ඔයා ඉතින් වෘශ්චික ලග්නෙනේ 7 වැන්න වෘෂභ 7 අධිපති සිකුරු

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
මේක බලන්න ඒකේ මැද හරියෙ ලග්නවල හත අධිපතියන් දක්වා තියෙනවා
http://lankajhothisha.blogspot.com/2010/12/blog-post_28.html

කුරුම්නියා said...

ඔබේ වගුවට අනුව මගේ 22 වැනි දෙර්කානාධිපති අගහරු...ඒත් මගේ කෙන්ද්‍රයේ අගහරු කියල ලියපු කොටුවක් නැහැ නේ..අගහරුට කියන වෙන නමකින්වත් තියෙනවාද දන්නෙ නෑ...එහෙමත් නැත්නම් හිස්කොටුවක අදිපති අගහරුද මන්ද? මගේ ලග්නය මකර..නවා0ශකය සි0හ..මේක මට පැහැදිලි කරල දෙන්න පුඵවනිද...

jhothishalanka said...

@කුරුම්නියා
අඟගරු කේන්ද්‍රයේ සටහන් කරන්නේ කුජ කියල "කු" අකුර තමයි ලියන්නේ මේ විදියට අනිත් ග්‍රහයන්ට
ඉරු(රවි) -ර
සදු(චන්ද්‍ර) -ච
අඟහරු(කුජ) -කු
බුධ - බු
බ්‍රහස්පති(ගුරු) - ගු
සිකුරු(ශුක්‍ර) - ශු
සෙනසුරු(ශනි) - ශ
රාහු - රා
කේතු - කේ

Anonymous said...

බොහහොම වැදගත් ලිපියක්.මම වෟෂභ රාශියේ අස්විද නැකතේ.මගේ girlfriend මීන රාශියේ හත නැකතේ.ඵයාගේ හතර කේන්දරයත් හිස්.මම බලපු ව්දිහට22 වැනි දෙර්කාණාධිපති‍ගෙ ලෙඩේ අපිට නෑ. අපි අතර විවාහය සුදුසුද නැද්ද කියල කියනවද?????

jhothishalanka said...

Anonymous
ඔබ දෙදෙනාගේ කේන්ද්‍ර ගැලපීමට ඔබ දැක්වූ විස්තර ප්‍රමාණවත් නැත.මේ දවස්වල වැඩ හිරවෙලා නැත්නම් මම උදවු කරනවා.මේ දවස්වල බ්ලොග් අවකාශයේ වර්තමාන තත්ත්වය නිසා මගේ ඊමේලය දැක්වීම කළ නොහැකියි.කමෙන්ටුවක දෙන්නාගේ උපන්වේලාවල් ලියල එවන්න පබ්ලිෂ් කරන්නේ නැහැ.හැබැයි වැඩේට ටිකක් කල් යාවි (සතියක් විතර)

jhothishalanka said...

Anonymous
ඔබගේ ඊමේලයත් එවන්න.

කුරුම්නියා said...

මගේ 22 වැනි දෙර්කානාධිපති කුජ ..ගුරුත් සමග හතර වෙනි කොටුවේ..ගැහැනු ලමයාගේ 22 වැනි දෙර්කානාධිපතිත්.. කුජ ...ශනිත් සමග හය වෙනි කොටුවේ මේ දෙකේ ගැළපීම කොහොමද?..

jhothishalanka said...

@කුරුම්නියා
විවාහ පොරොන්දම් ගැලපීම 22 දෙර්කාණාධිපති මතම තීරණය නොවේ.ඔබ ලබාදුන් විස්තරද ප්‍රමාණවත් නැත. Anonymous ට දුන් පිළිතුර අනුව ඔබලාගේත් විස්තර එවන්න.ටිකක් පරක්කු වේවි.සතියකින් විතර කමෙන්ටුවකින් මතක් කරන්නත් වේවි.

jhothishalanka said...

@all
දැන් මේක බලල හැමෝම පොරොන්දම් බලන්න කියන්න එපා.

jhothiratna said...

බොහොම ස්තුත්ය් මේ ලිපියට.
එත මට දැන් තියෙන ප්‍රශ්නේ මගේ නවාංශකය මොකක්ද කියන එක.උපන් වෙලාවට අනුව කේන්ද්‍රය හැදුවහම ලග්නය කටක නවාංශකය කන්‍යා.
එත් මගේ කේන්දරයේ තියෙන්නේ තුලා නවාංශකය.මම අහල තියෙන විදිහට පිරිමින්ට කටක ලග්න නම් කන්‍යා නවාංශකය දෙන්නේ නැහැ.එත් චන්ද්‍රසිරි බණ්ඩාර මහත්තයානම් කියන්නේ කන්‍යා නවාංශකය දෙන එකේ වරදක් නැහැ කියන එක.

කුරුම්නියා said...

ඔයා මගේ පොරොන්දම් කලින් බැලුව ..මට ඕන උනේ මේ 22 දෙර්කාණාධිපති ගැලපීම බලන්න.. ස්තුතියි...

jhothishalanka said...

jhothiratna
සමහරු ස්ත්‍රී පුරුෂ ස්වභාවය නොසලකා නවාංශකය ගැනීම සිදුකලත් කටක ලග්නයේ කන්‍යා නවාංශකය පිරිමි අයට ගැනීම පාරම්පරික ජ්‍යොතිෂවේදීන් කරන්නේ නැහැ.හැබැයි ඉතින් ඔයා කියනවා වගේ කටක ලග්නයේ කන්‍යා තුලා නවාංශක දෙකට 22 දෙර්කාණාධිපතියො දෙන්නෙක්

මුතු said...

22 දෙර්කාණාධිපති හොයාගත්තා. ලග්නාධිපති , භාග්‍යස්ථාන ඉන්නේ උච්චව, ඒත් අශුභයි. අනේ මන්ද කොහොම බලපෑමක් ද කියල... පුළුවනි නම් පහදන්න

H.A.C.A.Kumara said...

bagyasthanaya kiyanna mokadda? uchcha wanawa kiyanna mokadda?

Related Posts Plugin for WordPress, Blogger...