Friday, July 29, 2011

"සිංහාසන යෝගය"

 "රජුගේ ආසනය" යන්න අර්ථ දීමට "සිංහාසනය" යන තනි වචනය භාවිතා වේ.මේ ආකාරයට තේරුම් බැලූ විට "සිංහාසන යෝගය" මගින් සිංහාසනයේ වාඩි ගැනීම පෙන්නුම් කරයි.රජවීමක් නැති මෙකළ සිංහාසන යෝගය "ජනාධිපති තනතුරට පත්වීම" හෙවත් "ජනපති පුටුවේ වාඩිවෙන යෝගය" ලෙස සංශෝධනය කරමින් භාවිතා කළයුතු යැයි ඇතැම් අයට සිතිය හැකියි.සිංහාසන යෝගය ගැන බොහෝ දෙනාට මෙවැනි සිතුවිලි පහළ විය හැකි වුවත් සිංහාසන යෝගයෙන් විස්තර කෙරෙන්නේ රජෙක් හා සමාන තත්වයකට පත්වීමයි.


 සිංහාසන යෝගය යෙදන ආකාරය
        සියළුම ග්‍රහයන්(යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ හැර) 2,6,8,12 ස්ථානවල තැන්පත් වමයි.
      * අංග සම්පූර්ණ සිංහාසන යෝගය යෙදීමට මේෂ,කටක,තුලා.මකර යන ලග්නයකින් ඉපදී ඉහත පරිදි ග්‍රහයන් පිහිටිය යුතුය.


 ඵල විපාක
       ප්‍රධානියන් අතරද ප්‍රධාන තැන ලබයි.බලවතුන්ගෙන් ගරු බුහුමන් නම්බු ලබයි.සැප සම්පත් ලැබේ.කීර්තිය දසත පැතිරේ,ප්‍රසිද්ධවේ.රජෙකු හා සමාන තත්ත්ව ලබා ගනී.

 විශේෂ කරුණු
       දෙක,හය,අට දොළහ  කේන්ද්‍රයක අසුභ ස්ථානයන් ලෙස සැලකේ.රෝග,මාරක හා වැය වලට සම්බන්ධ මෙම ස්ථාන හතරේ සියළු ග්‍රහයන් පිහිටීම සුභ යෝගයක් වන්නේ කෙසේදැයි කෙනෙකුට සැක පහළ විය හැකිය.සත්‍ය වශයෙන්ම මෙම යෝගය ඇති අයට කුඩා කල සිටම කරදර බාධක වැඩිය.සිංහාසන යෝගය ගැන සදහන් වන පැරණි පොත්පත් වල "සිංහාසන යෝගයෙන් උපන් තැනැත්තා කුඩා කාලයේදී නොමලොත් සිංහාසනයේ වාඩිවෙයි" යන ප්‍රකට කියමනෙන්ම මෙය වටහා ගත හැක.
    

27 comments:

Chanaka Aruna Munasinghe said...

පරණ රජවරුන්ගේ කේන්දර සටහන් එහෙම නැද්ද ?

Anonymous said...

යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ බලපාන්නෙ නැද්ද?

සංකල්ප said...

මේ යෝගයත් ගොඩක්ම දුර්ලභ එකක්ද ?

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe -රාජසිංහ රජ්ජුරුවන්ගේ කේන්ද්‍ර සටහන යැයි සදහන් වූ කේන්ද්‍රයක් තිබුණා(උපුටා ගැනීම "ආධ්‍යාත්මික ලෝකයෙන් දුරස්වූ හෙළදිව" කේ.එච්.ආර්. ප්‍රේමරත්න)
https://docs.google.com/document/d/1hHoGoAuBR2_mqzdoJ_jzz_u_CMyu3bU3G7hx2P7qvq0/edit?hl=en_US

@විසිතුරු - සිංහාසන යෝගය සදහා 2,6,8,12 ස්ථාන වල යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ හැර අන් සියළු ග්‍රහයන් පිහිටීම ලෙස ගැනීම තමයි භාවිතා වන්නේ

@මධුරංග - මෙම යෝගයත් ඉතා දුර්ලභ එකක්

Nishantha lakmal said...

වර්ථමානයේ අපේ රටේ පාලන තන්ත්‍රයේ මෙම යෝගය තියෙන අය ඉන්නවාද?

subadra weerasekara said...

මීන ලග්නයේ 8 වැන්නාධිපති 6 වැන්නේත්, 12 වැන්නාධිපති 8 වැන්නේත් පිහිටි යෝගය හදුන්වන්නේ කුමන නමකින්ද? මෙහි සුබ අසුබ කවරේද?

jhothishalanka said...

@Nishantha lakma මම දන්න විදියට එක්කෙනෙක් ඉන්නවා.

@subadra weerasekara
සරලා හා විමලා යෝගයන්

සරලා
අට අධිපතියා 6,8, හෝ 12 ස්ථානයක පිහිටීම
දීර්ඝායුෂ ඇත.උගත්ය.සතුරන් පරාජය කරයි.කීර්තිමත් සමෘද්ධිය ඇත්තෙකි.

විමලා
12 අධිපතියා 6,8, හෝ 12 ස්ථානයක පිහිටීම
සකසුරුවම් සහිතය.ප්‍රබෝධමත්ය.අනුන්ට ගැතිනොවේ.අන් අයගේ අනුකම්පාවට ලක්විමට අකැමැතිය.උතුම් ගුණදහම් ඇත්තෙකි.

මෙම යෝග සුභ යෝගයන්ය.

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

ජ්‍යෝතිෂලංකා,
මිතුර මම ඔබගේ ඊ- ලිපිනය නොදන්නා බැවින් මෙහි මේ කරුණ සඳහන් කලාට අනේක වාරයක් ඔබගෙන් සමාව අයැදිමි. මිතුර මගේ පර්යේෂණ කටයුත්තක් සඳහා මට යම් උපකාරයක් අවශ්‍යයි. එය ජ්‍යෝතිෂය දන්නා ඔබ වැනි කෙනෙක්ගෙන් ලබාගත යුතු උපදේශයක්. මා එම කරුණ මෙහිම ලියන්නද ?
නැතහොත් මට වෙනම ඒ ගැන යමක් අසාගත හැකිද? ඔබගේ වටිනා කාලය මට බිඳක් ලබාදිය හැකිද්? ම්ගේ ඊ- ලිපිනය මෙහි තබන්නද?

රත්ගමයා said...

ඔන්න ඉපදෙනව නම් ටයිම් කරලා ඉපදෙන්න ඕන නැකැත් :)

Chamantha Thilina said...

ඹන්න අපිත් බ්ලොග් අවකාශයට ආවා...මම හිතනව JHOTHISHALANKA ට මාව මතක ඇති කියලා... වැඩ නිසයි profile ඵක හදන්න පරක්කු උනේ....ඵ් උනාට පුලුවන් හැම වෙලේම මම මේ පැත්තෙ ඵනවා...ඹයා කරපු උදව්ව මට තාම මතකයි...ජය ග්‍රී...

කුරුම්නියා said...

කාලෙකින් මේ පැත්තෙ ආවෙ.කියවන්න ගොඩක් දේවල් තියෙනවා..කියවලා බලලම ආයම කොමෙන්ටුවක් දමන්නම්.

Chanaka Aruna Munasinghe said...

@ Nishantha lakmal

හෆොයි ඒ කෙනා රජ වුණොත්නම් කැකිල්ලේ රජකෙනෙක් පහල වුණා වගේ තියෙයි

======
@ JHOTHISHALANKA

එළිසබත් මහරැජිනගේ කේන්දරය ලු . බලන්න රාජ යෝග තියෙනවද කියල

http://www.librarising.com/astrology/celebs/queenelizabethii.html

jothirathna said...

@Chanaka Aruna Munasinghe
කව්ද ඔය කියන කෙනා?

janaka said...

'ආරෑඪ ලග්න';'ශ්‍රී ලග්නය' සොයනා විදි සහ ඒ ගැන ලිපි පෙළක් කියවන්න කැමතිය.කාටත් දැණුමක්ද; ජීවිතයේ වැදගත් වු ඉගෙන්මක්ද; රසවත්,හරවත්වු ලිපියක් වනවාට ඒකන්තවේ!

Chanaka Aruna Munasinghe said...

@jothirathna

කොයි එක්කෙනාද කියලනම් දන්නෙ නෑ. ඒත් ඉතින් දැන් කැබිනට් මණ්ඩලයෙ ඉන්න ඇමතිවරු ඔක්කොම එක වගේනෙ

තිරිසනා said...

මට පොඩී පුරස්නයක් තියෙනව.නීච භංග බල රාජ යෝගයට ශනි සහ රවි ඒක රාශි වෙලා තියෙන එක ප්‍රමානවත්ද?එහෙම නැත්තම් ශනි රවි අංශක 16ක් ඇතුලේ සිටීමත් අත්‍යාවශ්‍යද?

තිරිසනා said...

ආ තව එකක් තියෙනව.රවි තුලාවේ නීච වීමම ඔහු හෝ ඇය යම් දෙයකින් කෙලෙසක හෝ ප්‍රසිද්ද වෙනවා කියන එක පිළිගන්ඩ පුලුවන්ද?අත්දැකීම් තිබේද? :P

jhothishalanka said...

@තිරිසනා
මේ කමෙන්ටුව දැක්කේ අද.නම තිරිසනා වුනාට අහල තියෙන්නේ වැදගත් ප්‍රශ්ණ.
රවි ශනි දෙදෙනා යෝග වූ පලියටම නීච භංග රාජ යෝගය යෙදෙන්නේ නැහැ.මෙහිදී නීච භංග රාජ යෝගය යෙදීමට දෙදෙනා මේෂ හෝ තුලා රාශිවල යෝග විය යුතුයි.මෙම රාශී වල යෝගවූ මෙම ග්‍රහයන් දෙදෙනා අතර පරතරය අඩු වූ තරමට යෝගයේ බලවත් කම වැඩියි.ග්‍රහයන් දෙදෙනාගේ පරම උච්ච නීච අංශක අනුව මෙම යෝගය වඩාත් ප්‍රභලවේ.නීච භංග රාජ යෝගය යෙදෙන තවත් ක්‍රම ඇත පහත පෝස්ට් එක බලන්න.
http://lankajhothisha.blogspot.com/2011/04/blog-post_27.html
රවි තුලාවේ නීච වීම පමනක් ඔහු යම් දෙයකින් ප්‍රසිද්ධ වන යෝගයක් ලෙස ජ්‍යොතිෂයේ විශේෂයෙන් සදහන් කොට නැත. අත්දැකීම්ද නැත.රවි නීච වූ විට කේන්ද්‍ර හිමියාගෙන් තමාගේ පියාට අපල වැඩියි.

තිරිසනා said...

මම ඒ පෝස්ට් එක කියෙව්ව.ස්තූතියි.
මගෙ නීචභංග ගැන ප්‍රශ්න ටිකක් තියෙනව.මම ඒක ගන ඒ පෝස්ට් එක යටතේ කමෙන්ට් එකක් දාලා අහන්නම්.
ඔන්න දැම්ම ප්‍රශ්නේ
තරහ අවසරදී තිරිසනාට පිළිතුරු දෙනු මැනවි :D
http://lankajhothisha.blogspot.com/2011/04/blog-post_27.html

තිරිසනා said...
This comment has been removed by the author.
තිරිසනා said...

මේ 2 වෙනි ප්‍රශ්නේ
(1 වෙනි පුරස්නේ නීච භංග පෝස්ට් එක යටතේ අසා ඇත.):D :D
රවි තුලාවේ නීච වන්නා ඔක්තෝබර් 17 - නොවෙම්බර්16 ගැන හෙන්ද්‍රික් ද සිල්වා මහත්තයගේ ඵලාඵල කියන පොතේ 173 පිටුවේන් පටන් අරන් 175 දක්වා කියවනකොට ඒකේ තියෙන්නේ ඉරු නීචයා ගැන වෙනස් මතයක් නේද?ඒකේ තියෙන්නේ ඉරු නීචයා කෙසේ හෝ නම තියයි කියන එක.ඒ ගැන අදහසක් තිබේද?

මෙහෙම ප්‍රශ්න අහන එක කරදරයක් වේද?මටත් මේ අහන්ඩ කවුරුත් නැති හින්ද ඇහැව්වේ.

jhothishalanka said...

@තිරිසනා
හෙන්ද්‍රික් සිල්වා මහතාගේ "පලාඵල කියන හැටි" පොතේ ඔය කියන "රවි නීච වීම" කොටස මා කලින් කියවා ඇත.මා හෙන්ද්‍රික් සිල්වා මහතාගේ කෘතිවල වරදක් කියනවා නොව මමත් ජ්‍යොතිෂය මුල්පොත් කලේ ඔහුගේ "ජීවිතය හා ග්‍රහයෝ" හා "පලාඵල බලන හැටි" පොත් දෙක මගිනි.නමුත් හෙන්ද්‍රික් සිල්වා මහතා ඇතැම් අවස්ථාවල ග්‍රහයන්ගේ භෞතික ස්වභාව සලකා පලාඵල සිද්ධාන්ත දැක්වීම් හා පුද්ගල සිදුවීම් දෙස බලා ජන්ම ග්‍රහ පිහිටීම් සැක මතුවන අයුරින් ඉදිරිපත් කොට ඇත.උදාහරණයක් ලෙස "ජීවිතය හා ග්‍රහයෝ" කෘතියේ 22 පරිච්ඡේදය වන "පලා පල කීම" කොටසට උපයෝගී කරගෙන ඇති ගෞතම බුදු රජානන් වහන්සේගේ ජන්ම කේන්ද්‍රය ඉදිරිපත් කිරීමේදී උන් වහන්සේගේ චරිතය ගැන සිතා ග්‍රහයන් දක්ව ඇති ආකරය සලකන්න.එහි දක්වා ඇති ආකරයට බුද්ධ කේන්ද්‍රය පිහිටිය නොහැකි බවත් නිවැරදි බුද්ධ කේන්ද්‍රය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් ඉදිරිපත් කොට ඇත.
http://lankajhothisha.blogspot.com/2011/05/blog-post_16.html


හෙන්ද්‍රික් සිල්වා මහතාගේ කෘතියේ දක්වා ඇති ආකරයට උපතේදී රවි නීච වීම සාමාන්‍ය මිනිසාගේ දියුණුවත් රජ පවුලේ පිරිහීමත් සිදුවේ.මේ අනුව රවි නීච වන ඔක්තෝම්බර් 17 සිට නොවැම්බර් 16 දක්වා කලය තුල(දළ වශයෙන්) උපදින සාමාන්‍ය පවුල් වල දරුවන් සෑම දෙනකුම දියුණුවට පත් විය යුතුය. සාමාන්‍යයෙන් ග්‍රහයකු උච්චව පිහිටන විට සුභඵල දීම පිළිබදව ජ්‍යොතිෂ සිද්ධාන්ත පැහැදිලිව ඇත.ග්‍රහයකු නිචව සිටින විට එම ග්‍රහයාගෙන් සුභඵල දීමට නීච භංග ක්‍රමයකින් හෝ විපරිත යෝගයකින් එම දුබලතාව මඟ හැරිය යුතු බව දක්වා ඇත.

jhothishalanka said...

@තිරිසනා
රවි නීච වීම සාමාන්‍ය පුද්ගලයන්ගේ දියුණුව සලසන බව පැවසීමට කාලයක් තිස්සේ ඉන්දීය ජ්‍යොතිෂවේදීන් උදාහරණයක් ලෙස ගත්තේ මයික්‍රොසොප්ට් ලොක්කා වන බිල් ගේට්ස්වයි.නමුත් බිල් ගේට්ස්ගේ ජන්ම කේන්ද්‍රයේ රවි තුලාවේ නොව වෘශ්චික රාශියේ බව දැනගත් විට ඔවුන් එම ලිපි ලේඛන ඉවත් කර තිබෙනවා.(පල්ලෙහා ලින්ක් දෙක බලන්න)
http://www.indiadivine.org/audarya/vedic-astrology-jyotisha/313075-debilitated-sun-bill-gates-example-roy.html

http://www.librarising.com/astrology/celebs/billgates.html

රවි නීච වීම හා පොදුවේ ග්‍රහයකු නීච වීම ගැන දැක්වෙන පහළ ලිපිත් බලන්න.

http://www.indianastrologyhoroscope.com/Sun_Exalted.html

http://www.whereincity.com/astrology/sun.php

http://www.astrologyguild.com/surya.htm

තිරිසනා said...

මුලින්ම සමාවෙන්ඩ ප්‍රතිචාරයක් දැක්වීමට පරක්කු වුනාට.මේ ගැන මම කියවා හෙට අනිද්දාටම ප්‍රතිචාරයක් දක්වන්නම්.ස්තූතියි.

Amila\ said...

I have a problem here. I must say I am not a jyothisha guy. Simhasana yoga in the following link
http://ahimsazr1.wordpress.com/simhasana-yoga/

shows a different combination. sinhalen pilithuru devi yay apeksha karami

jhothishalanka said...

@Amila\
ඔබේ කමෙන්ටුවේ දැක්වෙන අඩවියේ "සිංහාසන" යෝගය දක්වා ඇති අයුරු දුටු විට මාද විශ්මයට පත්විය. මේ ආකාරයට එක්තරා රාජ යෝගයක් දක්වා ඇති නමුත් සිංහාසන යෝගය බොහෝ පොත්පත් වල දක්වා ඇත්තේ මා දක්වා ඇති ආකරයටය.පැරණි ඉන්දීය සංස්කෘත භාෂාවලින් ලියවුනු මෙන්ම සිංහල භාෂාවෙන් ලියවුනු පොත් පත් වලද එලෙස දක්වා ඇත.( උදා- යෝග 550 (පියසේන රතු විතාන) විවිධ ග්‍රහ යෝග යටතේ 4 වෙනි යෝගය 54 පිටුව , හෙන්ද්‍රික්ද සිල්වා හෙට්ටිගොඩ මහතාගේ "පලාඵල කියන හැටි" පොතේ සිංහාසන යෝගය 159 පිටුව බලන්න.) තවද සාරාවලිය,වරහමිහිරය පොත් වලද සිංහාසන යෝගය බලන්න.

Anonymous said...

මෙම යෝගය ගැන තවත් විස්තර දැන ගන්න පුළුවන්ද?මම දන්න කෙනෙකුට මේ යෝගය තියනව කියල හඳහන බලද්දි කියල තියනව.එයා මකර ලග්නයෙ කෙනෙක්.

තව මම අහල තියනව නවලෝක අධිපති තුමාටත් සිංහාසන යෝගය පිහිටල තිබුනා කියල...

Related Posts Plugin for WordPress, Blogger...