Thursday, July 14, 2011

Solar Return Year

    අළුත් අවුරුදු උදාව සමඟ බැදී ඇති ජ්‍යොතිෂ සංකල්පය වන්නේ සූර්යයා(රවි) මින රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමනය වීම (මේෂ රාශියේ මුල් අංශකයට පිවිසීම) බව අපි සැවොම දනිමු.මීට අනුරූප සංසිද්ධියක් බටහිර ජ්‍යොතිෂයේද ඇත.  solar return year  ලෙස හැදින්වෙන මෙය අපගේ අළුත් අවුරුදු සංක්‍රාන්ති ක්‍රමයට අනුරූප සමාන කමක් ඇතත්  solar return year ක්‍රමයේ හා අපගේ අළුත් අවුරුදු ක්‍රමයේ ප්‍රධාන වෙනසක් දැකිය හැක.පෙරදිග අළුත් අවුරුදු සංක්‍රාන්තියේදී අහස් තලයේ සිදුවන සාපේක්‍ෂ සංසිද්ධියක් මූලික වන අතර බටහිර ජ්‍යොතිෂ  solar return year ක්‍රමය අර්ථ දැක්වෙන්ගේ එක් එක් පුද්ගලයාට අනන්‍ය ආකාරයෙනි.පුද්ගලයකු උපතේදී රවි පිහිටි ස්ථානයටම නැවත රවි පැමිනීම අනුව එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ solar return year  වර්ෂය අර්ථ දැක්වේ.

  solar return year ක්‍රමය අර්ථ දැක්වෙන අයුරු සරල උදාහරණයකින් වටහා ගනිමු.යම් පුද්ගලයකු උපදින විට රවිගේ පිහිටීම මීන රාශියේ 25 වැනි අංශකයේ(එක් රාශියක් අංශක 30කි) යැයි සිතමු.රවි ග්‍රහයා දින 365 කට ආසන්න කාලයක් පුරා රාශි 12 ඔස්සේ ගමන් කරයි.මෙලෙස සෑම වසරකම ජන්මියාගේ උපන් දිනයදා හෝ ඒ ආසන්න දිනයකදී රවි ජන්මියා උපන් මොහොතේ පිහිටි මීන රාශියේ 25 වැනි අංශකයට පැමිනීම අනුව එම පුද්ගලයාට අනුරූපවූ  solar return year වර්ෂය අර්ථ දැක්වේ.ජන්මියා උපන් මොහොතේ සිට ඊලඟ වසරේ මීන රාශියේ 25 වැනි අංශකයට ලගාවන කාලය පලමු  solar return  වර්ෂයයි.මෙලෙස ඉදිරියට නැවත නැවත රවි මින රාශියේ 25 වැනි අංශකයට පැමිනීම අනුව ඉහත උදාහරණයේ දැක්වූ ජන්මියාගේ solar return වර්ෂ ක්‍රමය අර්ථ දැක්වේ.
   අළුත් අවුරුදු සංක්‍රාන්තිය සිදුවන වෙලාවේ ග්‍රහ පිහිටීම සලකා එම වසර සදහා ලග්න 12 ට පොදු පලාඵල විස්තර පුවත්පත්වල හා ජ්‍යොතිෂ සඟරා වල දක්වා ඇති අයුරු ඔබ දැක ඇත.(මෙහි පුද්ගල පලාඵල විස්තර ක්‍රමයක්ද ඇති බව අමතක නොකරන්න)මේ ආකරයට පලාඵල දැක්වීමක්  solar return year ක්‍රමයේද ඇත.මෙහිදී එක් එක් පුද්ගලයා වෙනුවෙන් සුවිශේෂී අනන්‍ය වර්ෂ ක්‍රමයක් සලකන නිසා අපගේ අළුත් අවුරුදු පලාඵල ක්‍රමයට වඩා බටහිර solar return year  ක්‍රමයේ පලාඵල යම්කිසි සුවිශේෂී බවක් විශ්මිත බවක් ඇති බව මගේ අදහසයි.
    solar return year වර්ෂය ඇරඹෙන එනම් රවි ග්‍රහයා ජන්මියාගේ උපන් මොහොතේ සිටි ස්ථානයට පැමිනෙන මොහොතේ අනිත් ග්‍රහයන්ගේ පිහිටීම අනුව සාදා ගන්නා කේන්ද්‍ර සටහන  solar return chart ලෙස හැදින්වෙන අතර එම  වසර පුද්ගලයාට සුභ අසුභ වන අයුරු (පලාඵල) පැවසීමට බටහිර ජ්‍යොතිෂඥයන් මෙම solar return chart සටහන යොදා ගනී.
   මෙම වසර හා ඊලඟ(2012) වසර සදහා   solar return chart සටහන නොමිලේ ලබාදෙන අඩවියක සබැදියක් පහත දක්වා ඇත.( මෙහි කෙටි පලාඵල විස්තරයක් නොමිලේ ලබාදෙන  අතර සම්පූර්ණ විස්තර සදහා  එම අඩවිය අයකිරීමක් කරයි.)
                       මෙතනින් යන්න



 ප.ලි.  ඇත්තටම solar return ගැන හොදින් දැන ගත්තේ ඊයේ තමයි.අපේ මකරා(චානක) දවසක් එවපු කමෙන්ටුවක් නිසා තමයි මේ ගැන සොයා බලන්න හිතුනේ.ඇත්තටම ඒ වෙලාවෙ චානකට දුන්නු උත්තරේ තිබූ වැරදි නිවැරදි කිරීමට තමයි මේ ලිපිය ලිව්වේ.

8 comments:

සංකල්ප said...

solar return year ඝ්න නම් මම මීට කලින් අහලා නෑ. ගොඩක් වටින ලිපියක්. ඒ කියන්නේ මම උපන්න වෙලාවටත් මේ වගේ රවිගේ පිහිටීමක් ඇති නේ.

jhothishalanka said...

@මධුරංග
අනිවාර්යෙන්,ඔයාගේ උපන් කේන්ද්‍රයේ දළ සටහනක් හා 2011,2012 වර්ෂවල solar return year ආරම්භ වන වේලාව හා ඊට අනුරූප solar return charts දක්වා ඇති සබැදියෙන් බලාගන්න පුළුවන්.

M. M. Rohana Wasantha said...

බොහොම සතුටුයි නව නියම පෙණුමෙන් පෙනී හිඳීම. ගරු කරනවා ඉදිරිපත් වීම ගැන. මොකද? නියම විදියට පෙනී හිඳිමින් කරන කියන දේ සෘජුව කියමින් කරමින් කටයුතු කිරීම තුළ ඔබ ඔය කරන ජ්‍යෝතිෂ කටයුතුවලට පවා අදාළ නිසා විශේෂයෙන් ජ්‍යෝතිෂඥයෙකු වශයෙන් වැඩකටයුතු කරන ඔබ මෙලෙස පෙනී හිඳීම අගයමි.
එම්. එම්. රෝහණ වසන්ත. 0714161082

Pradeepika said...

ශනි මංගල යෝගය ,ශනිගෙන් අටේ රාහු සිටීම,චන්ද්‍රයාගෙන් අටේ ශනි සිටීම විවාහය කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද?
This is one of the most interesting and valuable resource for the people who are seeking more knowledge in astrology.Thank u very much and I would say බොහොම පින් for the knowledge given.
Pradee

jhothishalanka said...

@Pradeepika
ඔයාගේ ප්‍රශ්ණ වලින් ශනි මංගල දෝෂය ගැන පල්ලෙහා පෝස්ට් වලින් බලන්න.

http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_09.html

http://lankajhothisha.blogspot.com/2011/01/2.html

ශනිගෙන් අටේ රාහු සිටීම,චන්ද්‍රයාගෙන් අටේ ශනි සිටීම ජන්ම කේන්ද්‍ර වල ස්වභාව අනුව බලපෑම වෙනස් වෙනවා.

Anonymous said...

http://3.bp.blogspot.com/_5hQHvZAlHKQ/StbXPuc02oI/AAAAAAAAAqw/Ut9vFr0mTQM/s1600-h/Zodiac+Sin2%2B.jpg

මේ ක්‍රමය 100% සාර්ථකද?

jhothishalanka said...

@Anonymous
මෙම වගුව භාවිතා කරෙන්නේ යම් වේලාවක උදාවන ලග්නය දළ වශයෙන් දැන ගැනීමටයි.ලග්න මායිම් වැනි අවස්ථාවලදී මෙමගින් ලැබෙන ලග්නය 100%ක් නිවරදි නොවුනත් දළ වශයෙන් නිවැරදියි.මෙය භාවිතා කළ හැක්කේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පමනි.විදේශයන් සදහා මෙහි යම් යම් සංශෝධන කළ යුතුයි.මෙම වගුවට අදාළ ලිපිය "කේන්දර සිංහලෙන්" අඩවියේ පලවී තිබූ බවට මතකයි.

Ravindu said...

@Jothish
buzz ekedi oya chalenege eken panala gihin dan ayeth mukuth nowuna wage blog eka liyana eka maarayi. jothish aya okkoma ehemada manda, mata mathakayi wathawak, Piyasena rathuvithana kiyana kenath ITN ekedi kujeetha wela ohoma abiyogayak bara gena (darmapala senarathna gen)kaalyak hangila hitiya. ale manda

Related Posts Plugin for WordPress, Blogger...