Friday, August 12, 2011

100

                                                      
     මාතෘකාව දැක්කහම පෝස්ට් එක මොකක් ගැනද කියල හිතා ගන්න පුළුවන්නේ.100 වැනි පෝස්ට් එක වුනාට Dashboard  එකෙන් පෙනුන විදියට මේක 105 වැනි පෝස්ට් එක.කලින් පෝස්ට් කීපයක් ඉවත් කිරීම නිසා මේ ලිපිය තමයි 100 වැනි ලිපිය ලෙස බ්ලොගයේ සනිටුහන් වෙන්නේ.

   2010 සැප්තැම්බර් ඔක්තෝම්බර් මාස වෙනකම්ම සිංහළ බ්ලොග් ගැන පූර්ණ වැටහීමක් නොවීය.2010 සැප්තැම්බර් මාසයේදී  අන්තර්ජාල පහසුකම ලැබීමත් සමඟ අන්තර්ජාලය තුල වැඩි කාලයක් රැදීමට අවස්ථාව ලැබුණි.ගූගල් සෙවුම් කිරීමේදී "සිංහළ බ්ලොග් කියවනය" දුටු නමුත් එහි අරමුණ ගැන වැටහීමක් ඒ වන විටද මා හට නොතිබුනි..එවකට මා සිතා සිටියේ එහි දැක්වෙන ලිපි සියල්ල එක් අයකුගේ නිර්මාණ ලෙසයි.පසුකලෙක අවබෝධ වූ ආකරයට මා මුලින්ම කියවූ බ්ලොග් ලිපි "මාරයාගේ හෝරාව" ,"ටැබූ සබ්ජෙක්ට්" ,"මකර රජදහණ"  බ්ලොග් අඩවිවල ලිපි බව වටහා ගත හැකි විය.
    ජ්‍යොතිෂය සම්බන්ධ සිංහල ලිපි සෙවීමේදී "කේන්දර සිංහලෙන්" අඩවිය හදිසියේ නෙත ගැටුනි.එය ලියන "රෝහණ වසන්ත" මහතාගේ දුරකථන අංකය දැක යම් කිසි ජ්‍යොතිෂ කරුණක් පිළිබදව ඔහු සමඟ කතා බහ කලෙමි.එදා ඔහු සමඟ එම දුරකථන සංවාදය සිදු නොකරන්න මෙම "ලංකා ජ්‍යොතිෂ අරණ" බ්ලොගය ලිවීම තව ප්‍රමාද වීම හෝ කිසි දිනෙක සිදු නොවීමට ඉඩ තිබුණි.රෝහණ වසන්ත මහතා සමඟ දුරකථන සංවාදයෙන් පසු ඇතිවූ හැදුනුම් කම හේතු කොට ගෙන මටත් බ්ලොගයක් ලිවීමට සිත් විය.ඒ අදහස රෝගණ වසන්ත මහතාට දැන්වූ විට ඔහු ඉතා සුහදව මා හට ඒ සදහා ගුරු හරුකම් දුන්නේය.
   බ්ලොගය නිර්මාණය කිරීම,එයට ලිපි දමන ආකාරය එය සයිබර් අවකාශය තුල ප්‍රචාරණය කරන ආකාරය පිළිබදව මා දැනුවත් කල රෝහණ වසන්ත මහතා ජ්‍යොතිෂය පිලිබද ලිවීමේදී ජ්‍යොතිෂවේදියාගේත් ජ්‍යොතිෂයේත් ගෞරවය සුරැකෙමින් ගාම්භීරව හා විනීතව ලියයුතු ආකරය පිළිබදව මාව නිරන්තයෙන් දැනුවත් කලේය.මේ වනවිටත් මගේ බ්ලොගයේ ලියැවෙන දේවල් වල ඇති සුදුසු නුසුදුසු කම් පිළිබදව ඉතා සෟජුව වැඩිහිටියකු මෙන් මා දැනුවත් කරවන රෝහණ වසන්ත මහතාට මෙම 100 වැනි ලිපියෙන් ගෞරවය පුදමි.
  සයිබර් අවකාශය තුලදී ජ්‍යොතිෂය ගැන ලිවීමේදී ලේඛකයා වඩාත් ප්‍රවේශම් සහගත විය යුතුය.ජ්‍යොතිෂය පිළිබද අවබෝධපිරිස අඩු වුවත් ඒ පිළිබද උනන්දුව වැඩි අය එමට සිටිති .ශාස්ත්‍රීය කරුණු ලිවීමේදී ඉතාමත් නිවරද්‍ය තොරතුරු සැපයීම අවශ්‍යතාව තදින් ඇත.අප ලියන ලිපියක සුළු වැරැද්දක් වුවත් ඉන් ඇතිවන නරක බලපෑම මහත්ය.මේ හේතුව නිසාම ජ්‍යොතිෂ සිද්ධාන්ත පිළිබදව ලිපි ලිවීමේදී ලේඛකයා ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළ යුතුය.ලිපියක් බ්ලොගයට ඇතුලත් කිරීමට පෙර වෙනත් වැඩිහිටි ජ්‍යොතිෂ වේදීන්ගෙන් ගුරු හරුකම් ගැනීම මා නිරන්තරයෙන් සිදු කරන දෙයකි.එම කාර්යයේදී මාගේ ටෙලිෆෝන් බිල වැඩි වුවත් ලබාගත් දැනුම් සම්භාරය කියා නිම කළ නොහැක. 
  බ්ලොගය ලිවීමේදී සයිබර් මිතුරන්ගෙන් ලැබුණු සහයද සදහන් කළ යුතුමය.සයිබර් අවකාශයෙන්ම හදුනා ගත් "මාරයාගේ හෝරාව" ලියන සී.ටී. කුමාර මිත්‍රයාත් "අළුත් ගෙදර" ලියන දසුන් සමීර සොයුරාත් බ්ලොගයේ ලිපි ලිවීමේදී මා හට ලබා දුන් සහයෝග මතක් කළ යුතුය.එමෙන්ම කමෙන්ටු හරහා මෙන්ම කමෙන්ටු නොදැම්මත් මෙහි ලිපි කියවීමෙන් මගේ බ්ලොගයේ  පරිශ්‍රමයට වටිනාකමක් ලබා දුන් සියළුම පාඨකයන්ටද ස්තූති වන්ත වෙමි.
    සාමාන්‍ය ජන සමාජය තුලදි මෙන්ම සයිබර් අවකාශය තුල සිටින ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන පිළිකුල් කරන සොයුරන්ද වරින් වර මේ බ්ලොගය හා සම්බන්ධ වී ඇත.ඔවුන්ට මෙහි ලිපි කියැවීමට හා කමෙන්ට් කිරීමට අයිතිය ඇත.එවැනි අය ඇතැමෙක් ද්වේෂ සහගත ලෙස දැමූ කමෙන්ටු මා විසින් ඉවත් කොට ඇතත් විරුද්ධ මත ඉවසීම හා ඒවාට ඇහුම්කම් දීමට අපි පුරුදු විය යුතුය.නැතහොත් මෙය පාළුගෙදර වළං බිදීමක් වැනිය.තමාට පෞද්ගලිකව බලපා ඇති ගැටළුවකට ජ්‍යොතිෂමය පිළිතුරක් බලාපොරොත්තුවන අයට තමාගේ අනන්‍යතාවෙන් පැමිණිය නොහැකි නිසා මෙවැනි බ්ලොගයක ඇනෝනිමස් කමෙන්ටු දැමීමේ හැකියාව නැති කිරීම අසාධාරණයක් ලෙස හැඟී ගිය බැවින් ඇනෝ කමෙන්ට් දැමීම සක්‍රීය කර ඇත.
     මා විසින් මේ බ්ලොගය විශේෂ කොට ලියන්නේ සයිබර් අවකාශයේ තරුණ මිතුරු මිතුරියන් වෙනුවෙන්ම බව විශේෂයෙන් කිව යුතුය.සුබසෙත ,රිවිරිසි වැනි ජ්‍යොතිෂ පුවත්පතක ඇති ජ්‍යොතිෂ ලිපියක් මුළු රටේම ඕනෑම තැනක සිටින කියැවීමේ හැකියාව ඇති ඕනෑම වයසක අයකු කියැවීමේ පොදු සම්භාවිතාවක් ඇත.අගනුවර රජයේ හෝ පෞද්ගලික ආයතනයක ඉහළ තනතුරක් දරණ නිලධාරියකුට මෙන්ම ඈත එපිට ගම්මානයක කඩපිලක් ලඟ සිටින ගැමියකුට සුබසෙත වැනි ජ්‍යොතිෂ පුවත්පතක් කියැවීමට අවස්ථාව ලැබිය හැකි වුවත් ජ්‍යොතිෂ බ්ලොගයක ලිපි කියැවීමට වැඩිපුර අවස්ථාව ලැබෙන්නේ මා ඉහත සදහන් කළ සීමිත පිරිසට පමණි.මා නිතරම සදහන් කරන පරිදි බ්ලොග් ලියන අපි එක පවුලක් සේ බැදී ඇත.අපි ලියන දේවල් වැඩිපුර කියවන්නේ බලන්නේ බ්ලොග් ලියන අපි අපිමය.බ්ලොග් ලියන්නන් 10 ක් 15 ක් හෝ ඊට වැඩි පිරිසක් එකතුවී තනි බ්ලොගයක් ලිව්වත් එය ජනප්‍රිය වීමට අන් අයගේ සහයත් අත්‍යාවශ්‍යවේ.බ්ලොග් අවකාශය තුල හොදම මිතුරන් ඇති කර ගැනීම හෝ සතුරන් ඇති කර ගැනීම දෙකම නරකය.අවශ්‍ය වන්නේ සියළු දෙනා එක පවුලක් සේ එකට බැදී සිටීමය.(ඉලංදාරියාට පිහිට වීමේදී මෙම පවුල් බැදීම පැහැදිලිව දැකගත හැකි විය.)මාගේ ලිපි අගේ කරමින් අනන්‍යතාව පැහැදිලිව දක්වමින් ප්‍රතිචාර දක්වන්නා විශේෂ මිතුරකු ලෙසවත් මගේ ලිපි විවේචනය කරමින් ඇනෝ කමෙන්ට් දමන්නා හෝ මා "පොරමඩලාවේ පොරක් " කරමින් "හීනියට මඩක් ගසන්නා "සතුරෙකු ලෙසවත් සැලකීමට මා සූදානම් නැත.ඔවුන් සියල්ලන්ම මා සලකන්නේ සිංහල බ්ලොග් පවුලේ සාමාජිකයන් ලෙසයි..


 ප.ලි.
  මේ දක්වා මෙහි ලිපි ලියවූයේ මාගේ සිතැඟි පරිදි වුවත් මෙහි ඉදිරියේදී ලිවිය යුතු ලිපි කෙබදු විය යුතුද යන්න පිළිබදව පාඨක ඔබගේ අදහස් දැක්වීම බලාපොරොත්තු වෙමි.

35 comments:

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

සුභ පැතුම්. 1000ටත් එහාට යන්න ලැබේවා!

දිල් said...

මගෙනුත් සුබ පැතුම් !

තව බොහෝ කාලයක් වැජඹේවා !

සංකල්ප said...

මගෙන් සුබ පැතුම් !!!!!
තව තවත් ලිපි ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා !!!!

මාරයාගේ හෝරාව said...

මගේත් සුභ පැතුම් සහෝදරයා..ඇත්තටම ඔබගේ ලිපි ලිවීමේ රටාව බොහෝම නිරවුල්..මේ බ්ලොග් අවකාශයේ ඇති සෑහෙන ලොකු අඩුවක් ඔබ විසින් පුරවා දමමින් තිබෙන බව කිව යුතුයි.

ඇත්තටම මෙතන තියෙන ලොකුම වටිනාකම තමා විවිධත්වය... ඒ වගේම සමාජයේ සෑම අංශයක්ම එක මිටකට එකතු කිරීම..එහෙම එකතුවකදී ජ්‍යොතිෂය නය විෂයටත් අනිවාර්ය ඉඩක් තිබිය යුතුමයි..අනෙකුත් විෂයන් වගේම මනුෂ්‍ය ජීවිතයේදී බොහෝ විට අපට උවමනා වන විෂයක් මේකත්..

සමහරුන් විසින් තමුන්ගේ ඇති කුමන හෝ අඩුවක් නිසා මෙයට ගරහන්නට හෝ මෙහි යෙදී ඉන්න අයටත්..එහි පිහිට ලබන්නන්ටත් පහර ගසන්නට උත්සහ කලත්..කවදාවත් මෙම උත්තරීතර විෂය මේ ලෝකයත්..මනුෂ්‍ය සංහතියත් පවතිනා තුරාවට ඔවුන්ගෙන් ඉවත් කල හැකි දෙයක් නොවන වග අමුතුවෙන් කිව යුතු නැහැ.

සාමාන්‍ය සමාජයේ තිබූ විෂයක් තාක්ෂණික යුගයක් නියෝජනය කරවමින් ඉදිරියට ගෙන යෑමේ වගකීම කිහිප දෙනෙකුට විතරක් කරන්න සිදුව ඇති දෙයක් වීම බැරෑරුම් කර්තව්‍යයක්..ඇත්තටම තාක්ෂණික විෂයන්ගේ..වෛද්‍ය ක්ෂේත්‍රයේ..වැනි බොහෝ විෂයන්හී නිපුණ..නිරත අය බොහෝ දෙනෙකු සිටින සිංහල සයිබර් අවකාශය තුල, ජ්‍යොතිෂ විෂය සම්බන්ධව සිටින්නේ බොහෝම අඩු පිරිසක්..ඒ සුළු පිරිස අතරිනුත් විෂය සම්බන්ධ කරුණු ලියවෙනවා අඩුයි..උදාහරණයක් හැටියට මං බොහෝම අඩුවෙන් ලියන දෙයක් මේක..වසන්ත රෝහණ මහත්මා උනත් සීරුමාරුවට ලියන කෙනෙක්...එහෙම කාලයක තමන්ගේ කාලයත්..ධනයත් වැය කරගෙන ඔබ කරනා මෙහෙය පැසසිය යුත්තක් බව අමුතුවෙන් කිව යුතුද..?

චිරාත් කාලයක් මෙම මහඟු සේවාව අප සියළු දෙනා වෙනුවෙන්ම කරගෙන යාමට ඔබට ධෛර්ය හා ශක්තිය ලැබේවා..!

නදී said...

සුබ පැතුම් අය්යා,තවත් ගොඩක් කල් මේවගේම ලියන්න ලෑබේවා!!!

Gimhani said...

ඉදිරියටත් මෙවනි හරවත් ලිපි ලිවීමට දිරිය ලැබේවා...
ඔබගේ පාඩම් මාලාව මාත් බලන්න පටන් ගත්තා. ඒක හරිම වැදගත්. අපිට මේ පිලිබදව අවබෝදය මදි.
නොසැලී ඉදිරියට යන්න...

ජයෙන් ජය!!!!

Chanuka Wattegama said...

මෙවැනි අන්ධ විශ්වාස පතුරවන බ්ලොග් එකකට පෝස්ට් සියයක් සපිරීමට හැකිවීමම අපේ සමාජය බුද්ධිමය වශයෙන් කෙතෙක් පසුගාමීද කියා පෙන්වන හොඳ උදාහරණයකි.

- චානුක වත්තේගම
(http://sihisatahan.wordpress.com)

M. M. Rohana Wasantha said...

කිරිකැටි දරුවෙතු දණගා විටි වැටි නැගිට ඇවිදින දාට අම්මා තාත්තා හැරුණ විට ඇත්තෙන්ම අහිංසකව සතුටුවෙන කෙනෙක් තවත් මෙලොව නැත. නමුත් ඒ හා සමාන සතුටක් මට ඔබගේ බ්ලොගය දැකීමෙන් ඇති වුනි.
මම රෝහණ වසන්ත 0714161082

jhothishalanka said...

@Chanuka Wattegama
මේ කමෙන්ටුව නිකං මතුරලා දාපු එකක් වගේ(හික්..)කොහොමත් මේ වගේ කමෙන්ටුවක් දැමූ පසු වෙනත් අය කමෙන්ටු දැමීමට නැඹුරු වීම අඩු වීම සාමාන්‍ය තත්ත්වයක්.ඒකනේ වැඩේ කියන්නේ මහත්මයාණෙනි, ලංකාවේ කට්ටිය(විතරක් නෙවෙයි මුළු ලෝකෙම) ජ්‍යොතිෂය ගැන විශ්වාසය එන්න එන්නම වැඩි වෙලා ඒ අය බුද්ධිමය වශයෙන් තව තවත් පසු ගාමී වෙලා.කොච්චර කිව්වත් අහන්නෑනේ නේද?

Chamantha Thilina said...

ඔන්න මගෙනුත් හද පිරි සුබ පැතුම් !!!!!

මාරයාගේ හෝරාව said...

"කොහොමත් මේ වගේ කමෙන්ටුවක් දැමූ පසු වෙනත් අය කමෙන්ටු දැමීමට නැඹුරු වීම අඩු වීම සාමාන්‍ය තත්ත්වයක්"

සැලෙන්න එපා යාළුවා..ලොකේ විවිධාකාරයි..මිනිස්සු පුදුමාකාරයි...හැම දේම තමුන්ගේ දෘෂ්ටි කෝනයෙන් පමණක් මැනීම හරහා එවැනි දේවල් සිදු වීම සාමාන්‍ය දෙයක්...

තිරිසනා said...

ඉදිරියටත් ඔබේ මනෝරථය සඵලවීමට අපෙන් සුහ පැතුම්.

Chanaka Aruna Munasinghe said...

100ට 200ක් ආයුබෝ වේවා !!!

Chanaka Aruna Munasinghe said...

රාහු කාලෙ පොඩ්ඩක් පන්නල පෝස්ට් එක පබිලිෂ් කළාට පොස්ට් එක ලිවුවෙ රාහු කාලෙදි නේද ?

jhothishalanka said...

@Chanuka Wattegama
ඔබ Name/URL ක්‍රමයට කමෙන්ට් කිරීම ඔබ නියම Chanuka Wattegama දැයි සැක මතු කරනවා.කරුණාකර ඔබගේ නියම ෆ්‍රොපයිල් එකෙන් නැවත එක් වරක් කමෙන්ට් කරනවාද?

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
ස්තූතියි යාළුවා දිරිගැන්වීමට, මේක ලිව්වෙ රාහු කාලේ නෙවෙයි.බලමුකො ඉස්සරහට කාගේ හරි පිස්සෙක්ගේ රෙද්දක් ගැලවෙයි.

jhothishalanka said...

http://lankajhothisha.blogspot.com/2011/08/blog-post_11.html
--------------------------------------------
Chanuka Wattegama said...
කෙනෙකු අදහන අන්ධ විශ්වාසයක් ගැන හෙළි කළ විට (ස්වාභාවිකවම) ඔවුහු කිපෙති. මගේ අරමුණ වූයේ මේ ලිපිය කියවා තම දරුවන්ද මේ මිථ්‍යාවන්ට යොමු කරන දෙමාපියන් කිහිප දෙනකු හෝ ඉන් වැළකීම පමණක් නිසාත් ඊට මේ මැදිහත්වීම ප්‍රමාණවත් නිසාත් මේ වාදයෙන් මම නික්ම යමි. ඉඩ ලද විටෙක ජ්‍යෝතිශය නම් මිථ්‍යාව හෙළි කිරීම පිණිස මගේ භූමිකාව ගැන මගේ බ්ලොග් සටහන් වලින්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
---------------------------------------------

@Chanuka Wattegama
බෑ බෑ එහෙම ලේසියෙන් නික්ම යන්න ඔයාට බැහැ.ඔයා නියම චානුක වත්තේගම කියල ඔප්පු කරල නික්ම යන්න යාළුවා.කොහොමත් මම මේක නියම චානුක වත්තේගමට පෙන්නන්න ඕන.එතකොට ඔයා කවුද කියලා මට බලා ගන්න පුළුවන්.ඔයාගේ අයි.පී එක මගේ ගාව තියෙනවා.

jothiratna said...

මගේ උණුසුම් සුභ පැතුම්....
බ්ලොග් අවකාශයේ සාර්ථකම ජ්‍යෝතිෂ්‍ය බ්ලොග් අඩවිය ලෙස තවත් දීර්ඝ කාලයක් පවතීවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා...

Chanuka Wattegama said...

@JHOTHISHALANKA,

/ඉස්සරහට කාගේ හරි පිස්සෙක්ගේ රෙද්දක් ගැලවෙයි./

මට 'පිස්සා' කීම ගැන ස්තූතියි. තමන්ගේ මතයට ශීලාචාරව එරෙහි වන්නකුට ප්‍රතිචාර දක්වන්නේ කෙලෙසද යන්න ඔබ පෙන්නා දී තිබේ.

- චානුක වත්තේගම

Anonymous said...

චානුකගේ ශීලාචාරකම අරුණි ශපීරෝට උත්තර දුන් ආකාරයෙන් මීට පෙර අප විසින් දැක ඇත.

Chanuka Wattegama said...

මා කලින් කී ලෙස සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙක් තමන්ගේ අන්ධ විශ්වාස වෙනත් කෙනකු විසින් පෙන්නා දුන් පසුව කිපෙයි. එසේ කිපී තමන්ගේ ප්‍රතිවාදියාට එරෙහිව පුද්ගලික ප්‍රහාරයක් අරඹයි. එහිදී හුවමාරු වන්නේ කරුණු නොව පුද්ගලාපහාසය. මෙසේ වීම මම බ්ලොග් අවකාශයේ නිතර දැක ඇත්තෙමි. මට තවත් එවැනි පුද්ගලික අපවාද සහිත සාකච්ඡාවක සිටීමට අවශ්‍ය නොවේ. මා අදහස් කළේ මෙයින් ඉවත් වීමටයි. එකම එක කමෙන්ට් එකක් දැම්මේ මට 'පිස්සා' කීමට ස්තූති කිරීම පිණිසය. ඔන්න මම ගියා.

Anonymous said...

ඔබ ඔය කරනා දේම ඔබේ බ්ලොගයෙදී අරුණිට කරන කොට කොහොමද හිතුනේ.?
පැනලා දුවන එක උත්තරේ නෙවෙයි චානක

Anonymous said...

ජෝතිශය පිලිගන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමේ.
රටේ ජනාදිපති තුමාත් සුබ නැකත් අනුවයි වැඩ කරන්නේ..
කවුරු කවුරුත් යම් තරමකට පිලිගන්නව කියන එක බොරුවක් නෙමේ.

නිකම් අනුන්ට ඊරිසියා කරන්නේ නැතුව වැඩක් බලාගන්න...@@.

jhothishalanka said...

@Chanuka Wattegama
/ඉස්සරහට කාගේ හරි පිස්සෙක්ගේ රෙද්දක් ගැලවෙයි./

මීට අදාළ කමෙන්ටුව දැම්මේ ඔබේ ෆේස්බුක් එක බලන්න කලින් ඇත්තටම මම මුලින් හිතුවේ ඔබේ නමින් වෙනත් කෙනෙක් කමෙන්ට් කරනවා යැයි කියා.ඒකයි "පිස්සා" යන වචනය ඇතුල් කළේ.ඔබගේ ෆේස්බුක් අඩවියට ගියපසු කමෙන්ටුව දැමුවේ ඔබම බව පසක් විය.ඔබගේ මතය ඉදිරිපත් කිරීම සුහදව පිළිගනිමි.විභාග වලට ජ්‍යොතිෂය අනුව සලකා සුභ නැකැත් අනුව පිටත්වීමෙන් ඵලක් නැති බව මෙතන පමනක් පවසා ප්‍රමාණවත් නැත.අද දිවයින "නැකත" අතිරේකයේද විභාගයට පිටත්ව යන දරුවන්ට නැකැත් දී ඇත.ජ්‍යොතිෂ පත්තර වලද මෙලෙස නැකැත් දී ඇත.මෙම ලිපියට වඩා වැඩි පිරිසක් එම ලිපි කියවන බැවින් ඒ පුවත්පත් ආයතන වලටද මෙලෙස විරෝධය පල කරන්න.

කතන්දර Kathandara said...

තමන් කැමති, තමන් දන්න දේ තමයි අපි කවුරුත් ලියන්නේ. ලියනවා වගේම, විරුද්ධ වෙන්නත්, වාදකරන්නත් අපිට හැකියාව තිබිය යුතුයි.

ලියන්නා කෙසේ ලිව්වද, කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුයිනේ.

මං නං මේ ජ්‍යෝතිශය ගැන දන්න දෙයක් නෑ. මේ බ්ලොග් එකේ අන්තර්ගතය ගැන වැඩිය දැනුමකුත් නෑ.

නමුත්, මේවා අපෙන් තව කාලයයකට නැති වෙලා යන දේ නෙමේනේ.

කාන්තා පිටුව, චිත්‍රකතාව, ළමා පිටුව, සතියේ දේශපාලන විග්‍රය, කෙටි කතාව, ලුහුඬු දැන්වීම් වගේම බ්ලොග් ලෝකයේ කෙන්දර පිටුවත් තිබිය යුතුයි!

මාතලන් said...

කොමෙන්ට් නොකලට මම ඔබේ අඩවිය හැමදාම කියවන කෙනෙක්, නොසැලී ඉදිරියටත් ලියන්න. ඔබ මගේ අඩවිය බලනවනම් මම මේ ගැන පෝස්ට් එකක් දැම්ම. මම මේක පිලිගන්නව මොකද මගේ මාමා මැරෙණ දවස හරියටම කියන්න පුළුවන් ජෝතීර්වේදියෙක්, අදටත් ඔහු කියපු ඒව හරි ගිහින් ඒ ගැන ප්‍රශංශා කරන අය බොහෝයි..

ජයවේවා...!!!

jhothishalanka said...

කව්රුවත් හිතන්න එපා මෙතනදි මම හැගීම්බර වුනැයි කියලා.බලමු චානුක මහත්තයා එයාගේ බ්ලොග් එකේදි අපිව පිළිගන්න ආකාරය.ඉස්සරහට උන්නැහෙත් ජ්‍යොතිෂය ගැන ලියනවළුනේ.

dakshika said...

දිගටම ලියපන් මච්න්... නොපෙනෙනෙ දේවල් හරි කියල හරි වැරදි කියල හරි කියන්න තරම් මන්නම් පොරක් නෙමෙ. තව ටික දවසකින් මුන් කියයි බුදුහාමුදුරුවො බුදු උනෙත් නැ කියල.. හිකස්

jhothishalanka said...

අද මට හරි සතුටුයි.මගේ බ්ලොග් එකට ගල් එක්කම මල් එකපිට වැදිච්ච දවසක්.මම දිගටම ලියනවා.සයිබර් මිතුරන් රාශියක් අද බ්ලොගය සමඟ සම්බන්ධවීම විශේෂ සතුටක්

හිස් අහස said...

සුබ පැතුම් මිත්‍රයා . නිතරම කමෙන්ට් නොකරත් මේ බ්ලොග් අඩවියේ පලවෙන ගොඩක් ලිපි මම කියවනවා . සමහර ලිපිනම් මට තේරුම් ගියේ නෑ මම හිතන්නේ ඒ මගේ ජ්‍යොතිෂය ගැන දැනුම ඉතාම අඩු නිසා වෙන්නා ඇති ඒත් බොහොමයක් ලිපි මම ආසාවෙන් කියෙවුවා ..

සුබ පැතුම් .!!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

සුභ පතන්න පමා වුනාට සමා වෙන්න (අලුත්ම ලිපියේ ඇනෝ කෙනෙක් නොකියන්න මම දකින්නෙවත් නැ ) . ඔබතුමාගෙ විෂය මගේ ජීවිතයට නම් යොදා ගන්නේ නැ , ඒත් ඒ දේවල් කියවන්න ආසයි . සුභ පැතුම් !.

නොදන්න දේවල් ගැන විවාධාත්මක අදහස් කියන්න යන එක මගේ පුරුද්දක් නොවෙන නිසා කමෙන්ට් නොකලත් ශාස්ත්‍රිය ලිපි (කාලය අවකාශය ලිපි වැනි ) කියවපු , සහ ඒවන් ලිපි ඉදිරියටත් කියවන පාඨකයෙක් වශයෙන් වැඩි වැඩියෙන් ලිවීමේ හැකියාව ලැබේවායි කියල ප්‍රාර්ථනා කරනව

BLOG ගඩොල් said...

උණුසුම් සුභපැතුම් සහෝ! තවත් ඉදිරියට හරවත් ලිපි ලියන්න හැකියාව ලැබේවා.

ඔබතුමා ලියන ලිපි මම කියෙව්වත් වැඩිය කොමෙන්ට් දාන්නෙ නැත්තෙ මට මේ සබ්ජෙක්ට් එක ගැන නිසි දැනුමක් නැති නිසා. විද්‍යාව හදාරන කෙනෙක් වශයෙන් මම පෞද්ගලිකව ජ්‍යෝතිශය ගැන එතරම් විශ්වාස කරන්නෙ නෑ. ඒත් මගේ ජීවන අත්දැකීම් අනුව මෙහි ඇතැම් දේවල් සත්‍යයි කියලා මට පෙනී ගිහින් තියෙනවා. ඉතිං මම මේ අන්ත දෙක අතරමැද ඉන්නෙ.

කොහොම වුණත් මම එදිනෙදා වැඩ කටයුතු වලට ජ්‍යෝතිෂය යොදාගන්නෙ නෑ. ඒත් ඔබ ලියන්නෙ ඔබට හරි කියලා හිතෙන දේ. කාටත් ඒ අයිතිය තිබිය යුතුයි. ඉතිං මම ඔබේ විශ්වාස වලට ගරු කරනවා මට ඒ සම්බන්ද පැහැදිලි අදහසක් නැති වුණත්.

මම ඔබව සලකන්නෙ බ්ලොග් මිතුරෙක් විදිහට මිසක් ජ්‍යෝතිෂවේදියෙක් විදිහට නෙවෙයි. ඉතිං ඉදිරියටත් නොසැලී ලියන්න. ජයවේවා!!!

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

සුභ පැතුම්.

Anonymous said...

ඔබට සුබ පැතුම් ...දිගටම ලියන්න..කුරුම්නියා.

janaka said...

හිතවත් තුමෝ!;105 වේද, 100ක්ම ලිපි ලියුද! ඒ සියය: දහසක් ඉක්මවු දැණුමක් මගේ මතකහී රැදවීමට ඔබතුමෝ සමතෙකු වූහ!
ගරු විෂයේ පෙළපොත් ආක්‍යාණය කරන මාගේ ගෞරවනීය සුභ පැතුමයී මේ!!!!

Related Posts Plugin for WordPress, Blogger...