Saturday, November 12, 2011

ශනි මාරුව කොහොම වේවිද?

                              ශනි මාරුව ?

1) 2011 නොවැම්බර් 15 දින ලංකාව ආශ්‍රිතව ශනි තුලා රාශියට පිවිසෙන නිවැරදි වේලාව කුමක්ද?


    i)  උදේ 9.26 (ලංකා පඤ්චාංග ලිත)
    ii)  උදේ 10.15 (ඈපා පඤ්චාංග ලිත.)
    iii) උදේ 8.45 (ජගන්නාත හෝරා ජ්‍යොතිෂ මෘදුකාංගය)
    1v) උදේ 11.11



 2) ශනි ග්‍රහයාගේ අපල වලට ජනතාව වැඩිපුර බියක් දක්වන්නේ.


     i) ශනි නීච ග්‍රහයකු නිසා
     ii) ශනි නාකි කොර ග්‍රහයෙකු යැයි කියන නිසා.
     iii)ශනි අපලය වෙනත් ග්‍රහ අපල වලට වඩා දිගු කලක් පවතින නිසා
     iv) ශනි ග්‍රහයා විශ්ණු දෙවියන්ටත් බටකොළ කැවූ බව කියන නිසා.


  3)  මෙවර ශනි මාරුවෙන් වාඩාත්ම සුභඵල උදා වන්නේ


     i) දේශපාලඥයන්ටය
    ii) ගුරුවරුන්ටය.
    iii)උපාධිදාරීන්ටය.
    iv) ජ්‍යොතිෂවේදීන්ටය.


4) ශනි මාරුව ගැන මාධ්‍ය වලින් වෙනදාට වඩා වැඩි ප්‍රචාරයක් ලබා දෙන්නේ.


  i) මෙවර ශනි මාරුව වෙනදාට වඩා සුවිශේෂී වන නිසා.
  ii) ශනි අපල වලින් ජනතාව ආරක්‍ෂා කරවීම සදහා.
  iii) ශනි මාරුව ගැන සාමාන්‍ය ජනතාව වැඩි උනන්දුවක් දක්වන නිසා ඒ හරහා වෙළඳ වාසි ලබා ගැනීම සදහා.
  iv) ශනි මාරුව ගැන වැඩිපුර කතා බහ කරන විට ශනි අපල අඩුවන නිසා.


(5)  X නම් ආයතනය විසින් රු 2 ක තොග මිල යටතේ මැටි පහන් මිලට ගෙන එක් පහනක් තුලට රු 7ක් වටිනා ගිතෙල්  (50% ක් ගිතෙල් හා 50%ක් ෆැරෆින්)හා පගන් තිරයක් දමා පහන දැල්විය යුතු වේලාව හා වෙනත් උපදෙස් අඩංගු වූ ලේඛනයක් ඇතළු කොට කුඩා ඇසුරුමක දමා රු 45 ක විකුනුම් මිලක් සටහන් කොට ලංකාව පුරා වෙළද සැල් වලට බෙදා හැර ඇති අතර එහි රූපවාහිනී හා පුවත්පත් වෙලද ප්‍රචාර දැන්වීම් සදහා  ආයතනය විසින් ලක්‍ෂ 8 ක වියදමක් දරයි.ප්‍රවාහන හා වෙනත් වියදම් සදහා ලක්‍ෂ 3 ක  වියදමක් දරා ඇත.ආයතනය විසින් වෙළදසැල් වලට දැමූ ගිතෙල් පහන් ඇසුරුම් සංඛ්‍යාව ලක්‍ෂ 12කි.කෝටි 2ක් පමණ වූ මුළු ලාංකීය ජනතාවගෙන් 5%ක පිරිසක් ශනි මාරුව දිනයේ ගිතෙල් පහනක් දල්වන බවට ඇසතමේන්තු සමීක්‍ෂණ දත්ත ලැබී ඇත.ගිතෙල් පහන් වෙළදාමෙන් X ආයතනය අපේක්‍ෂිත ශූද්ධ ලාභය වන්නේ.


 i) රු කෝටි 3.31 කි.
 ii) රු කෝටි 2 කි.
 iii) රු ලක්‍ෂ 20කි.
 iv) රු කෝටි 1කි.


 6)  සාමාන්‍යයෙන් ශනි ග්‍රහයා යම් රාශියකට පිවිස රාශි චක්‍රය ගෙවා නැවත එම රාශිය වෙත ලඟා වන්නේ වසර තිහකට පසුය.පහත දැක්වෙන්නේ මීට පෙර ශනි තුලා රාශියට පිවිසි අනුයාත අවස්ථා දෙකේදී රටතුල පැවති හා ශනි මාරුවෙන් පසු උද්ගතවූ තත්ත්වයන් පිළිබද කෙටි විස්තරයකි.


    මීට පෙර ශනි තුලා රාශියට පිවිසියේ 1982 වසරේ ඔක්තෝම්බර් 06 දා පාන්දර 5.01 ට පමනය.මෙදින සිට 1985 සැප්තැම්බර් 16 තෙක් ශනි තුලා රාශිය තුල ගමන් කලේය. ශනි තුලාවට පිවිසෙන මොහොතේ තත්කාල කේන්ද්‍රයේ අටවැන්න පීඩාවී තිබූ අතර ලංකා කුම්භ කේන්ද්‍රයේ 6,8,12 ස්ථාන තුනම පීඩාවී තිබුනි.එවකට රාජ්‍ය පාලකයා වූයේ කන්‍යා ලග්නය හිමි ජේ.ආර්.ජයවර්ධන මහතාය.මෙම ශනි මාරුව සිදුවී මාස කීපයකට පසු
  * 1983 වසරේදී එම වසරේ පැවැත්විය යුතු මහ මැතිවරණය වෙනුවට "ලාම්පු කලගෙඩි" සෙල්ලම පෙන්වා ජනතාව ඉතිහාසයේ දරුණුම රැවටීමට ලක්විය.
  * 83 කළු ජූලිය හා ජූලි වැඩ වර්ජනය හමුවේ රටතුල දැඩි නොසන්සුන්තාවක් ඇති විය.


 ඊටත් පෙර ශනි තුලා රාශියට පිවිසියේ 1952 වසරේ නොවැම්බර් 25 දින  හවස 6.15 ට පමණය. හවස 6.15 ට පමණය.ශනි මාරුව වන මොහොතේ ලංකා කුම්භ කේන්ද්‍රයේ 12 වැන්න සුළු වශයෙන් පීඩා වීමක් ඇත. එවකට රට පාලනය කලේද කන්‍යා ලග්න හිමියකු වූ ඩඩ්ලි සේනානායක මැතිදුය.
  * 1953 දී සිදුවූ "සහණාධාර කප්පාදුව" නිසා දරුණු හර්තාලයක් ඇති විය.


 ඊටත් පෙර ශනි තුලාවට පිවිසියේ 1923 ඔක්තෝම්බර් 15 දිනයේදීය.දවල් 12.5 ට පමණ ශනි තුලාවට පිවිස ඇත තත්කාලයේ 6,8,12 පිරිසිදුය.රාහු ග්‍රහයාද ශනිට ආසන්නව සිටී..ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව තිබී ඇත.ලංකාවේ මහාමාර්ග ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉතා විශාල දියුණුවක් මෙම වසරේ සිදුවූ බවට ඉතිහාස ලේඛන ඇත. එමෙන්ම එම වසර කීපය තුල ලංකා පොලොවෙන් මතුවූ මැණික් ආදී භූමි වස්තු විශාල ප්‍රමාණයක් සුද්දන් අතට පත්වි ඇත..


මෙවර ශනි තුලාවට පිවිසෙන්නේ 2011 නොවැම්බර් 15 දිනයේදීය. ලංකා කුම්භ කේන්ද්‍රයේ. 6,8,12 පිරිසිදුය.රාහු ග්‍රහයාද ශනිට ආසන්නයේ සිටී.මෙවර ශනි මාරුව සිදුවන විට රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතාද කන්‍යා ලග්න හිමියෙකි.


  ඉහත දැක්වූ කරුණු අනුව මෙවර ශනි තුලා රාශියේ ගමන් කරන කාලය තුල ලංකාව ආශ්‍රිතව අනුමාන කල හැකි සිද්ධිය වන්නේ.


 i) දරුණු හර්තාලයක් සිදුවී ජනතා විරෝධයක් මතුවේ.
 ii) ලංකා පොලොවෙන් ඛනිජ සම්පත් මුතු මැනික් වාසනා මතුවේ.
 iii) මහාමාර්ග පද්ධතියේ විශාල දියුණුවක් ඇති වේ.
 iv) ජනතාව , පක්‍ෂ විපක්‍ෂ සියළු දේශපාලඥයන්ගේ දරුණු රැවටීම් වලට ලක්වේ.


 7)   මෙවර සිදුවන ශනි මාරුව පිළිබද පුවත්පත් කිහිපයක පලවූ ලග්න පලාඵල විස්තර ඔබ අතට හමුවී ඇත.ඔබ ඉතා උනන්දුවෙන් එක් එක් පත්තරයේ ඔබගේ උපන් ලග්නයට අදාළ පලාඵල විස්තර කියවා බලයි.එම පලාඵල විස්තර කියවා අවසන් වූ පසු ඔබට සිතෙන්නේ.


  i) ලබන ආත්මෙදි හෝ ඉදිරියට උපදින හැම ආත්මයකදීම එම පත්තර වල පලාඵල විස්තර ලිවූ ජ්‍යොතිෂවේදීන්ගේ පියා හෝ සුළු පියා වීමට සිතේ.


 ii) එම පලාඵල විස්තර ලියූ ජ්‍යොතිෂවේදීන් බැහැදැක ඔවුන්ගේ මුහුණ දැක ගැනීමට ආශාවක් ඇතිවේ.


 iii) එක් එක් පලාඵල විස්තර සම්පීඩනය කර තමා විසින්ම පොදු පලාඵලයක් සකස් කර ගැනීමට සිතේ.


 iv)  ජ්‍යොතිෂය විෂයය ලංකාව තුල භාවිතා වන හා එය ඉදිරියට ගමන් කරන ආකාරය ගැන දැඩි කලකිරීමක් ඇතිවේ.


 (8)  පහත දැක්වෙන්නේ ශනි මාරුව රටට බලපාන අයුරු පිළිබදව රජයේ රූපවාහිණී නාලිකාවක් ඔස්සේ රටේ ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදියකු දැක්වූ කරුණු කිහිපයකි.


  "මෙවර ශනි මාරුව ලංකාවට ඉතා සුවිශේෂී වූවකි.ශනිට ඉතාම බලවත් ස්ථානය තුලා රාශියයි.ශනිගේ උච්ච බලය හා යෝගකාරක බලය හොදින් ඉස්මතු වන තුලා රාශිය සිකුරුට අයත් රාශියකි.දුකට ලෙඩට කාරක ග්‍රහයා වන සෙනසුරු මෙවර සැපත් වන්නේ සිකුරුගේ නිවසටය.කිලිටි වැරහැලි අදින සෙනසුරු සියුමැලි ලලණාවක බදු සිකුරුගේ නිවසට එනවිට වැරහැලි ඉවත් කොට මහළු මනමාලයෙකු මෙන් සතුටින් එන ගමනකි.එබැවින් ගමන නරක නැත.ලංකා කුම්භ කේන්ද්‍රයේද ශනි ගමන් කරන්නේ පුන්‍යස්ථානයටය.එබැවින් මෙවර ශනි මාරුව අපේ රටට බෙහෙවින් සුභඵල ගෙන දෙනු ඇත.රජයට මෙන්ම ජනතාවට මෙම සුභඵල භුක්ති විදීමේ වාසනාව ලැබෙනු නිසැකය.දේශ දේශාන්තර වල පවා අපේ රටේ කීර්තිය පතල වනු ඇත.රටේ මහාමාර්ග ඇතුළු සංවර්ධන කටයුතු වල විශාල ප්‍රගතියක් දැකිය හැකිය.පොලොවෙන් භූමි සම්පත් උදාවන අතර රටේ සමගිය සාමය සහජීවනය තවදුරටත් වර්ධනය වනු ඇත.සාරධර්ම සුරැකීම වැඩි වන අතර දූෂණ වංචා අඩු වනු ඇත."


  මෙම සටහන අනුව එළඹිය හැකි නිගමනය වන්නේ.


  i) ශනි මාරුවත් සමඟ ලංකාවට "හතර මහා නිධානය " පහළ වන බවයි.


 ii) එකවර මුතුත් සිතා ගන්න බැරිය."බලමු ශනි මාරුවෙන් පස්සේ මේව ඇත්ත වෙයිද කියලා" යනුවෙන් සිතා ඉදිරිය ගැන විමසිල්ලෙන් සිටීමට සිතේ.


 iii) අදාළ ජ්‍යොතිෂවේදියාට මෙම ප්‍රකාශය වෙනුවෙන් රජයෙන් විශාල මුදලක් ලබා දී ඇත.එසේ නැතහොත් ඉදිරි කාලයේදී එවැනි දේවල් බලාපොරොත්තුවෙන් පවසන ලද්දකි.


 iv) ජ්‍යොතිෂවේදීන් දේශපාලඤයන්ගේ අතකොළු බවට පත්වී ජ්‍යොතිෂයේ ශාස්ත්‍රීය ගෞරවය හෑල්ලු කිරීම සිදු කරයි.
----------------------------------------------------------------------------------


  ****  මෙය විහිළුවක් නොවේ.


@all
ශනි මාරුව ලග්න වලට බලපාන ආකාරය පිළිබද සරල බසින් මෙන්ම ශාස්ත්‍රාණුකූල ලෙස ලිපි පෙලක් මාරයාගේ හෝරාව http://ctkumara.blogspot.com/ බ්ලොග් අඩවියේ මේ දිනවල පලවේ.ජ්‍යොතිෂය ගැන වැටහීම අඩු අයට පවා හොදින් වැටහෙනසේ ලියැවෙන එම ලිපි පෙළ ශනි මාරුව ලග්න වලට බලපාන ආකාරය ගැන සොයා බලන අය කියවන්නන

 මගේ අළුත් අවුරුදු ලග්න පලාඵල ලිපියේද ( http://lankajhothisha.blogspot.com/2011/04/03-08-15-6-15-15-15-30-03-08-06-6-6-15.html )  ශනි මාරුව ලග්න වලට බලපාන අන්දම දක්වා ඇත.

28 comments:

මාතලන් said...

පට්ට.. වෙන කියන්න දෙයක් නෑ..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

//1) මහාමාර්ග පද්ධතියේ විශාල දියුණුවක් ඇති වේ.
2) ජනතාව , පක්‍ෂ විපක්‍ෂ සියළු දේශපාලඥයන්ගේ දරුණු රැවටීම් වලට ලක්වේ.//

ඔය දෙක නම් දැනටත් වෙනවනේ , දූෂන අරක මේක තිබුනත් වෙනදට වඩා ලංකාවේ පාරවල් හැදෙනව , රැවටීම නම් ඉතින් සාමාන්‍යයිනේ , හැබැයි පිරටවල් රවටන්න ගිහින් නම් නා ගත්තා

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අර ගාන හදා ගන්න බැ ඔයි තාම 5 වෙනි ප්‍රශ්නේ , ඒක නිසා පේපර් එකට උත්තර නොලියා සාක්කුවේ දාගෙන ගෙදර ය්නව :D

මාරයාගේ හෝරාව said...

අංක තුනටනං උත්තරේ 4 වෙනි එක තමා ඕං...

Podi Kumarihami said...

හරිම ලස්සන පෝස්ට් එකක්. එක හුස්මට කියවාගන ගියා. නරකද මේ ග්‍රහ මාරුවෙන් ලග්නවලට සිදුවෙන ප්‍රතිපල දැම්මා නම්.:D

Chanaka Aruna Munasinghe said...

.
2 ට 4
3 ටත් 4
4 ට 3

අනිත් එවුවට උත්තර හනුමන්තා ලවා අංජනමකින් තමා බලා ගන්න වෙන්නෙ :)

Chanaka Aruna Munasinghe said...

@ Podi Kumarihami

ලග්න වලට වෙන ප්‍රතිපල

1 . http://ctkumara.blogspot.com/2011/11/blog-post_02.html

2 . http://ctkumara.blogspot.com/2011/11/blog-post_03.html

3. http://ctkumara.blogspot.com/2011/11/blog-post_04.html

4. http://ctkumara.blogspot.com/2011/11/blog-post_05.html

5. http://ctkumara.blogspot.com/2011/11/80.html

6. http://ctkumara.blogspot.com/2011/11/blog-post_11.html

7. http://ctkumara.blogspot.com/2011/11/blog-post_1873.html

jhothishalanka said...

@all
ශනි මාරුව ලග්න වලට බලපාන ආකාරය පිළිබද සරල බසින් මෙන්ම ශාස්ත්‍රාණුකූල ලෙස ලිපි පෙලක් මාරයාගේ හෝරාවhttp://ctkumara.blogspot.com/ බ්ලොග් අඩවියේ මේ දිනවල පලවේ.ජ්‍යොතිෂය ගැන වැටහීම අඩු අයට පවා හොදින් වැටහෙනසේ ලියැවෙන එම ලිපි පෙළ ශනි මාරුව ලග්න වලට බලපාන ආකාරය ගැන සොයා බලන අය කියවන්නන

කතන්දර Kathandara said...

ශනි මාරුවට නිසා ලැබේයැයි සිතූ වටිනා යමක්, නිකං ක්‍රිඩා උළෙලක් වගේ එකක් නැතුව යන්නට ඉඩ තිබේ.

Chanaka Aruna Munasinghe said...

@ කතන්දර Kathandara

ඉඩ තිබේ නෙවේ නැති වෙලා ඉවරයි .

මෙන්න බුවෙක් ලියා තිබේ ඒ ගැන

http://buwagesithuvili.blogspot.com/2011/11/2018.html

Akhila said...

Stellarium බැලුවාම නම් සෙනසුරු ඔය කියන දවස්වලත් ඉන්නෙ කන්‍යාවෙම තමයි. (2011 නොවැම්බර් 15)
තුලාවට යන්නේ තව අවුරුදු දෙකකින් විතර 2013 දී..

jhothishalanka said...

@Akhila
ම්.....ඔයා කියල තියෙන දේ නම් ටිකක් හොයන්න ඕන. මම ඉන්නේ Stellarium ඩවුන්ලෝඩ් කරන ගමන්.

jhothishalanka said...

@Akhila
Stellarium වල ඔන්ලයින් කැල්කියුලේෂන් එකක් නැද්ද?

jhothishalanka said...

@Akhila
තාරකා විද්‍යා ක්‍රමයටනම් ශනි ග්‍රහයා තුලා රාශිය එල්ලේ පිහිටන දිනය නොවැම්බර් 15 දිනයට වෙනස් තමයි .ඒත් ඒක 2013 තරම් ඈතට යනවද කියලා බලන්න ඕන.

Chanaka Aruna Munasinghe said...

මේකත් බලන්න

ජ්‍යොතිෂය බොරු වෙයි ???

Chanaka Aruna Munasinghe said...

සෙනසුරු මාරුව රටට කොහොමද කියා සිලුමිණ පත්තරේ කියන ආකාරය. 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ඕක වෙන්න ඇති :)

http://www.silumina.lk/2011/11/13/_art.asp?fn=arstro

Anonymous said...

පත්තරවල යන ඒවා මාත් බැලුව.මේ සතියේ සුබසෙත පත්තරේ පැය 24න් විකිණිලා ඉවරයි.මට දැන් මේ සෙනසුරු මාරු ලිපි කියෝලම මටත් දැන් ඔල්මොරොන්දම් වගේ.ඔන්න සෙනසුරු මාරුව මට නම් සුබයි ;P.ලබන සෙනසුරුගේ ගුරු අතුරු දසාවත් සුබයි.දෙන්නම ඉන්නේ තම තමාගේ සුපර් පවර් එකෙන්.ගුරුත් වෘෂබෙටයි රාහු තුලාවටයි පනිනකන් ඉඳල සුපිරි ප්ලෑන් එකක් ගහන්ඩ ඕනේ.
තිරිසනා.:P

මුතු said...

මට මතකයි 2009 සැප්තැම්බර් මාසේදීත් මේ විදියටම සෙනසුරු මාරුවට පත්තරවල නටපු නැටිල්ල. එදත් ඒ විදියට පහන් පත්තු කළා. විෂ්ණු පූජාවන් ද තිබුණා. ලස්සන ලස්සන අනාවැකිත් අහන්න ලැබුණා. ඒවා ඇත්ත උනත් බොරු උනත් අන්තිමට හෙනහුරා ලබල තියෙන්නේ අතේ සතේ නැතුව ඉගෙන ගන්න අයටයි, එදාවේල පිරිමහගන්න බොහොම අමාරුවෙන් සොච්චමක් එකතු කරගන්න අයටයි කියලයි මට හිතෙන්නේ. මේ යන විදියට නම් බටකොළ නෙමෙයි තණකොළ කවලයි නතර වෙන්නෙ. හොඳ වෙලාවට සෙනසුරු අවුරුදු 3 න් 3 ට මාරුවෙන්නේ. මාසෙන් මාසෙට මාරු උනා නම් එහෙම ලංකාවේ පහන් හදන්න මැටි පිටරටින් ගේන්න වෙයි.

Chamantha Thilina said...

රාහු තුලාවට යන්නෙ කවද්ද??? මමත් ඉතින් වෘෂබෙ නේ..මගේ 7 කොටුව හිස්.මේ කාලේ වෘෂබෙ රාහු 7තේ නේද??

jhothishalanka said...

@චමන්ත මල්ලී
රාහු තුලාවට යන්නේ 2012 දෙසැම්බර් 23. මේ කාලේ වෘෂභ ලග්න හිමියාගේ රාහු ගෝචරයෙන් හත් වැන්නේ තමයි.2012 දෙසැම්බර් 23 දා හයට යනවා.(රාහු ගමන පසු පසට)

රාජ් said...

ෂහ් නියම පෝස්ට් එක.

Chamantha Thilina said...

රාහුගේ බලපෑම නිසා වෘෂභ ලග්න හිමියාට මේ කාලයේදි විය හැකි දේ කියල දෙනවද??
වැඩිපුර Comment නොකලට අපි day to day මේ පැත්තෙ එනවො!!!! හ හ හ හ !!!

Chamantha Thilina said...

මටත් අතට ආපු job එකක් ගහල ගියානෙ අය්යෙ...මාර කේස් එක..

Anonymous said...

ඇත්තෙන්ම මමත් හිතාන හිටියේ ඔබත් පලා පල විස්තරයක් දමාවි කියල..
මාරයාගේ විස්තරයට අමතරව.ඒ කොහොම උනත් මේ ලිපිය නම් මරු..
ආ තව එකක් ඇත්තටම එදාට,සෙනසුරු මාරුවේ අපල දුරුවෙන්න කියල.. මොන තෙල් වලින් හරි පහනක් දල්වන එකද? හොද නොදල්වන එකද?

කුරුමිනියා.

jhothishalanka said...

@චමන්ත මල්ලී
ශනි මාරුව වෘෂභ ලග්න හිමියන්ට පොදුවේ සුභදායකයි( උපතේදී සදු හයේ සිටින අයට තරමක් අපල වැඩියි.).නමුත් ඔබ කිව්වා වගේ 2012 දෙසැම්බර් වල රාහු ග්‍රහයා වෘෂභ ලග්න හිමියාගේ ගෝචර ගමනින් හයවැන්නේ ශනි සමඟ යෝග වීම රාහු මහ දශා ගත කරන්නන්ට මූල රෝග(උදරාබාධ,මුත්‍ර,මල පද්ධති ) ඉස්මතු විය හැකි කාලයකි.ආහාර පාන ආදියෙන් දැන් සිටම ප්‍රවේශම් ආරක්‍ෂා වීම වඩාත් හොදයි.

@කුරුමිනියා
සෙනසුරු උදෙසා ගිතෙල් පහනක් දැල්වීමේ වරදක් නැතත් අපි මුල් තැන දෙන්න ඕන අපේ ආගමික ශාස්තෘටයි.ඔබ බෞද්ධයෙක් නම් තෙරුවන් පිහිට පැතීමත් කිස්තියානි,ඉස්ලාම් භක්තියෙක් නම් දෙවියන්ට යාඤාා කිරීමත් මුල් කොට කල යුතුයි.

Anonymous said...

ස්තුතියි ඔබට...ඇත්තෙන්ම පහනක්වත් හොයා ගන්න බැරි උනා..ඔබ කිව් පරිදි උදෙන්ම බුදුන් වැන්ද..

කුරුම්නියා.

APW said...

සෙනසුරු සාමාන්‍යයෙන් අවරුදු 2 1/2 ක් රාශියක සිටින බව අසා ඇතිමුත් මෙවර අවරුදු 3 සිටින බැවි කියවේ .මෙය පැහැදිලි කරන්න .

jhothishalanka said...

@APW
ශනි ග්‍රහයා දළ වශයෙන් රාශියක වසර දෙක හමාරක් ගත කරන බව සදහන් වෙතත් එය දළ සදහනකි.ශනි ග්‍රහයා ස්වකීය ගමනේ වක්‍ර,නිවෘති ආදී තත්ත්ව නිසා වේගවත් හා මන්දකාරී තත්ත්ව ඇතිව ගමන් කරයි.මෙවර ශනි වෘශ්චික රාශියට යාම 2014 නෙවැම්බර් 02 දක්වා ඈතට යන නිසා වසර තුනක කාලය දක්වා ඇත.

Related Posts Plugin for WordPress, Blogger...