LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Wednesday, May 9, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය -1

 ඔබ විවේකයෙන් සිටින අවස්ථාවක ඔබගේ එක් අතක් මිට මොලවා එහි පිටි අල්ල ඔබගේ නාස්පුඩු වලට ලංකොට නාස් පුඩු වලින් හුස්ම වැටෙන ආකාරය පිටි අල්ලට දැනෙන ආකාරය හොදින් විමසා බලන්න.විවිධ අවස්ථාවලදී ඔබ මෙම ක්‍රියාකාරකම කල විට ඔබගේ නාස් පුඩු වලින් හුස්ම වැටෙන ආකාරයේ විවිධත්වයක් දැකිය හැකිය.විටෙක වම් නාස් පුඩුවෙන් පමනක් හුස්ම වැටෙන බවත් තවත් අවස්ථාවලදී දකුණු නාස් පුඩුවෙන් පමනක් හුස්ම වැටෙන බවත් ඇතැම් අවස්ථාවල නාස් පුඩු දෙකෙන්ම හුස්ම වැටෙන බවත් ඔබට නිරීක්‍ෂණය කළ හැකිය.මෙලෙස හුස්ම හෙවත් නළ වැටෙන ආකාරය වෙනස් වීමට හේතුව කුමක්ද?

       සත්ත්ව සිරුරේ හෘදයේ ක්‍රියාකාරිත්වය පෙරටු කොට පෙනහළු ක්‍රියාකරමින් නාස් පුඩු ඔස්සේ ශරීරයට ඇතුල් වන වායුව ජීවී ක්‍රියාවට දායක වෙමින් නැවත නාස් පුඩු ඔස්සේම පිටවේ.දෙනාස්පුඩුවලින් ශරීරයට ඇතුල් වන වායුව ශරීරයෙන් පිටවන්නේ ශරීර අභ්‍යන්තර ක්‍රියාදාමයකට භාජනය වීමෙන් පසුය. ශරීරයේ විවිධ ස්ථාන ආශ්‍රිතව සිදුවන ප්‍රධාන නාඩි දහයක ක්‍රියාකාරිත්වය අනුව මෙම ක්‍රියාවලිය සිදුවන අතර ඉහත දැක්වූ නළ වැටීමේ විචලතාවයට හේතු වන්නේද මෙම නාඩිවල ක්‍රියාවයි.මෙම ප්‍රධාන නාඩි දහය නම්
  1) ඉඩා -ශරීරයේ වම් පාර්ශ්වයෙන්ද
  2) පිංගල - ශරීරයේ දකුණු පසින්ද
  3) සුෂුම්නා - ශරීරයේ මධ්‍යයෙන්ද
  4) ගාන්ඩාරී - වම් ඇසෙන්ද
  5)හස්ත ජිව්හා - දකුණු ඇසින්ද
  6)පුෂා - වම් කනෙන්ද
  7) යසශ්වනී -දකුණු කනෙන්ද
  8) අලම්බුෂා  - මුඛයෙන්ද
  9) කුහඑ - ලිංගයෙන්ද
 10) ශඩ්ඛිනී - මූලස්ථානයෙන්ද ක්‍රියාවේ.

 මෙම නාඩි දහය අතරින් ඉතා වැදගත් වන්නේ පලමු නාඩි තුන ලෙස දක්වා ඇති  ඉඩා,පිංගල හා සුෂුම්නා නාඩි තුනයි.යෝග විද්‍යාවේ දැක්වෙන ආකරයට මෙම ප්‍රධාන නාඩි තුනේ ක්‍රියාව සිදුවන්නේ ශරීරයේ මේරූ දණ්ඩය හෙවත් කොදු ඇට පෙළෙනි.කොදු ඇට පෙලේ වම් පැත්තේ පිහිටන  ඉඩා නාඩිය දකුණු නාස් පුඩුවෙන් අවසන් වන අතර පිංගලා නාඩිය කොදු ඇටපෙලේ දකුනු පැත්තේ පිහිටන අතර  වම් නාස් පුඩුවෙන් අවසන්වේ.මෙම ඉඩා පිංගල නාඩි දෙකම ආරම්භ වන්නේ ශරීරයේ මූලාධාර චක්‍රයෙනි.(පුරුෂයන්ගේ අණ්ඩ කෝෂ වලට යටින් හා ස්ත්‍රීන්ගේ යෝනියට යටින් පිහිටි ස්ථානය)සුෂුම්නා නාඩිය කොදු නාරටියේ මධ්‍යයෙහි පිහිටන අතර එය කන අභ්‍යන්තරයෙන් ආරම්භ වී මොලය හරහා ගොස් බාහිර අභ්‍යන්තර ලෙස කොටස් දෙකකට බෙදේ.
    යෝග ශාස්ත්‍රයේදී මෙම දස නාඩි පිළිබදවත් ඒ හා බැදුනු ප්‍රාණ වායු හා ෂඩ් චක්‍ර පිළිබදවත් යෝගී ක්‍රියාකාරකම් වලින් ඒවායේ ක්‍රියාව නිසි ලෙස පාලනය කරමින් විශ්මිත ක්‍රියා සිදු කිරීමත් දක්වා ඇති අතර අපගේ විෂය පථයට අදාළ වන ජ්‍යොතිෂ සිද්ධාන්ත හා බැදදුනු "ඉඩා පිංගල ශාස්ත්‍රය" පිළිබදව පමනක් මින් ඉදිරියට විස්තර කෙරේ.
   ජ්‍යොතිෂයේදී දකුණු දිශාව නියෝජනය කෙරෙන දසවැනි රාශියට රවි(හා කුජ) ග්‍රහයන් දිග්බලවේ.එමෙන්ම උතුරු දිග නියෝජනය වන සතරවැන්නට දිග්බල වෙන්නේ සදු (හා සිකුරුය.) මීට අනුරූපව පෘථිවි ජීවීන්ට වඩාත්ම බලපෑම ඇති කරන රවි හා සදු ග්‍රහයන්ට පිළිවෙලින් දකුණු නාස් පුඩුවෙන් පිටවන පිංගල නාඩියත් වම් නාස් පුඩුවෙන් පිටවන ඉඩා නාඩියත් බලය වෙන් කොට ඇත.ඒ අනුව රවිගේ බලය ක්‍රියාත්මක වන විට දකුණු නාස් පුඩුවේ පිංගලා නාඩියත් සදුගේ බලය ක්‍රියාත්මක වන විට වම් නාස් පුඩුවේ ඉඩා නාඩියත් ක්‍රියා කරයි.
     නාඩි ක්‍රියාකරන දින හෝරා තිථි ,නාඩි පුරුදු කිරීම වෙනස් කිරීම නාඩි ප්‍රතිඵල මෙන්ම ප්‍රශ්න විසදීමට නාඩි ක්‍රියාව යොදා ගන්නා ආකරය ඉදිරි ලිපි මගින් දැක්වේ.
      

2 comments:

  1. Very good letter! Write something about ප්‍රාණ වායු හා ෂඩ් චක්‍ර also.

    ReplyDelete
  2. මම අසා ඇති පරිදි ප්‍රධාන නාඩි 14 කි. ඉඩා, පිංගලා, සුෂුම්නා, ගන්ධාරි, හස්තජිහ්වා, යශස්විනි, පුෂ, අලම්බුෂා, කුහු, ශංඛිනි, සරස්වතී, පායස්විනි, වරුණි, විශ්වෝදර වේ. Reference මතක නැත.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...