Thursday, May 10, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 2

නාඩි සදහා වෙන්වූ දින හෝරා හා තිථි

    * සදුට හිමි වම් නාස් පුඩුවෙන් පිටවන ඉඩා නාඩිය
       සදු,බුධ,ශුක්‍ර දිනවල හා එම හෝරාවලද රාත්‍රී කාලයේද පුර පක්‍ෂයේද සදුට හිමි ඉඩා නාඩිය බලවත්වේ.
       රවි,ශුක්‍ර,බුධ,චන්ද්‍ර,ශනි,ගුරු,කුජ ලෙස පිළිවෙලින් හෝරාවන් සතකි.එක් ග්‍රහයෙකුට හිමිවන්නේ එක් හෝරාවකි.(ඉංග්‍රීසි පැයකි.)දවසේ මුල් හෝරාව එම දවස හිමි ග්‍රහයාට හිමිවෙයි.එතැන් සිට ඉහත දැක්වූ පිළිවෙලට අනිත් ග්‍රහයන්ට හෝරාව බැගින් හිමිවේ.
(උදා - රවි දිනයේ හිරු උදාවේ සිට මුල් හෝරාව රවි හෝරාවයි. ඉන්පසු පිළිවෙලින් ශුක්‍ර,බුධ,චන්ද්‍ර,ශනි,කුජ හෝරා ලබයි.)
   සදු ,බුධ ,ශුක්‍ර දිනවල ආරම්භය එනම් එම දිනවල සූරය උදාව සමඟ යෙදෙන පලමු ඉංග්‍රීසි පැය තුල යෙදෙන එම දිනයන්ට අධිපති ග්‍රහයන්ගේ හෝරාව තුල ඉඩා නාඩිය බලවත්ය.එනම් මෙම දිනවල ආරම්භය සමඟ ඉඩා නාඩිය වැටීම යහපත් ලෙස සැලකේ.
   ඉඩා නාඩිය පුර පක්‍ෂයේ බලවත් වන අතර අව පක්‍ෂයේ තිථි කිහිපයකදීද ඉඩා නාඩිය බලවත්වේ.
  පුර පක්‍ෂයේ 1,2,3,7,8,9,13,14,15 තිථි වලද
   අව පක්‍ෂයේ  4,5,6,10,11,12 තිථද වලද ඉඩා නාඩිය බලවත්වේ.
* රවිට හිමි දකුණු නාස්පුඩුවෙන් පිටවන පිංගලා නාඩිය
     රවි,කුජ,ගුරු,ශනි දිනවල හා එම හෝරාවලද දහවලද අව පක්‍ෂයේද පිංගලා නාඩිය බලවත්වේ (මෙහි දිනවල අදාළ හෝරාවන් යෙදීම ඉහත ඉඩා නාඩියේ දැක්වූ විස්තරයට අනුරූපවේ.)
    පිංගලා නාඩිය අව පක්‍ෂයේ බල වන අතර පුර පක්‍ෂයේද ඇතැම් තිථද වල බලවත්වේ.අව පක්‍ෂයේ 1,2,3,7,8,9,13,14,15 තිථිවලද පුර පක්‍ෂයේ 4,5,6,10,11,12 තිථි වලද පිංගලා නාඩිය බලවත්වේ.

 ශරීරය නාඩි වලට පුරුදු කිරීම හා නල වෙනස් කිරීම
     සදුට හිමි ඉඩා නාඩිය හා රවිට හිමි පිංගලා නාඩිය බලවත් වන අවස්ථා ඉහත දක්වන ලදී.අදාළ නාඩි බලවත් වීම ඉහත දැක්වූ පරිදි ඇතත් අපගේ ශරීරය ආශ්‍රිතව මෙම නාඩි වැටීම ඉහත දැක්වූ බලවත් ආකාරයට සෑම විටම ක්‍රියාත්මක නොවේ.එවැනි අවස්ථාවලදී විවිධ වූ ක්‍රියාකාරකම් මගින් වැරදි නාඩි වැටීම වලක්වා නාඩි වැටීම බලවත් වන පරිදි වෙනස් කල හැකිය.
  ප්‍රථමයෙන්ම ඉහත දැක්වූ පරිදි නාඩි බලවත් වන අවස්ථා හොදින් දැන උගෙන අදාළ දිනයේ ආරම්භක හෝරාව තුල නාඩි වැටීම පරීක්‍ෂා කළ යුතුය.ඉරිදා දිනයක නම් සූර්ය උදාව සමඟ යෙදෙන පලමු රවි හොරාව තුල නාඩි වැටීම සිදු වන්නේ කුමන නාස් පුඩු වලින්දැයි නිරීක්‍ෂණය කර යුතුය.රවිට හිමි පිංගලා නාඩිය නිසා නාඩි වැටීම නිවැරදි ලෙස දකුණු නාස් පුඩුවෙන් පමනක් සිදු විය යුතුය.එය එසේ නොවන විටදී නළ වැටීම වෙනස් කළ යුතුය.
   දිනට නියමිත නල වැටීම සිදු නොවන විට නළ ක්‍රියා නොකරන නාස් සිදුර මහපටගැල්ලෙන් වසා අනිත් නාස් සිදුරෙන් වාතය තදින් ආශ්වාස කොට යළි මහපටැගිල්ල බුරුල් කොට දඹරැඟිල්ලෙන් ආශ්වාස කල නැහැ සිදුර වැසිය යුතුය.එසේ කොට නල ක්‍රියා නොකරන නාස් සිදුරෙන් ප්‍රාශ්වාස කල යුතුය.මෙය කිහිප වාරයක් කල විට එදිනට නියමිත නාඩිය ක්‍රියා කිරීම සිදුවේ.මෙලෙස නළ වෙනස් කිරීමේ තවත් ක්‍රම ඇත.ඇතැම් ආහාර පාන මගින්ද මෙම නළ වැටීම වෙනස් කළ හැකිය.එළගිතෙල් පානය කල විට වම් නළද මී පැනි පානය කල විට දකුණු නළද ක්‍රියා කරයි.එමෙන්ම නාඩි වැටෙන පාර්ශ්වය යටකොට නිදා ගැනීමෙන්ද නොදුවන නාඩිය ක්‍රියාකාරී කළ හැකිය.

 නාඩි වැටීමේ ප්‍රතිඵල හා ඒ අනුව ප්‍රශ්ණ විසදීම පිළිබදව ඉදිරි ලිපි වලින් දැක්වේ.




No comments:

Related Posts Plugin for WordPress, Blogger...