Sunday, May 20, 2012

රාජ ලක්‍ෂණ යෝගය

 යෝගය යෙදෙන ආකාරය
          බුධ,ගුරු,සිකුරු හා සදු ග්‍රහයන් හතර දෙනා එක්ව හෝ වෙන් වෙන් වශයෙන් කුමන හෝ ආකාරයකට කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීමයි.
 යෝගයේ පල විපාක
      ඉතා බලවත් උසස් යෝගයකි.උතුම් යහපත් ගුණාංග වලින් යුත් ශේෂ්ඨයෙකුය.ගරු බුහුමන් ප්‍රශංසා සම්මාන නිරතුරුව ලබයි.පෙනුමද තේජස්ය,ආකර්ෂණය.
    
  සටහන
     මෙම යෝගය හොදින් බල දීමට සදු,බුධ,ගුරු සිකුරු ග්‍රහයන් සතර දෙනා අස්ත වීම්(රවිට ආසන්න වීම),නීච වීම් ආදී දුබලතාවලින් තොරව පිහිටිය යුතුය.
    බුධ සිකුරු වැනි ග්‍රහයන් නිතර රවිට ආසන්නව පිහිටන නිසා අදාළ අස්ත වීම නොවීම පිළිබද සලකා බලා යෝගයේ බල දුබලකම් දැන ගත යුතුය.
   ඉන්දියානු පඩිවරයකු වන බී.වී. රාමන් වියතාගේ කේන්ද්‍රයේ මෙම රාජ ලක්‍ෂණ යෝගය අස්ත වීම් ආදියෙන් තොරව නියම ලෙස බලවත්ව පිහිටා ඇත. හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්දිගේ ජන්ම කේන්ද්‍රයේද රාජ ලක්‍ෂණ යෝගය පිහිටා ඇතත් බුධ,සිකුරු සදු ග්‍රහයන් තිදෙනාම රවිට ලංව ඇති නිසා යෝගයේ බල අඩුයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...