Friday, June 1, 2012

2012 ජුනි 25 දිනෙන් ශනි වක්‍රය නවතී.අගෝස්තු 4 ශනි නැවත තුලාවට......


2011 නොවැම්බර් 15 දින ශනි ග්‍රහයා තුලා රාශි ගතවීම පිළිබදව ජනමාධ්‍ය  දැඩි ප්‍රචාරණයක් ලබා දුනි.එම අවස්ථාවේදී ශනි තුලා රාශි ගතවීම පිළිබදව විවිධාකාර අයුරින් ජ්‍යොතිෂ අනාවැකි මත ඉදිරිපත් විය.ජනමාධ්‍ය ආයතනද ඒවාට විශාල ප්‍රචාරණයක් ලබා දුන්නේ ශනි මාරුව පිළිබදව මහජනතාව අතර තිබූ උනන්දුව ඔස්සේ වෙළද වාසි ලබා ගැනුම පිණිස යැයි අනුමාන කල හැක.

   තුලා රාශිය යනු ශනිට උච්ච හා යෝගකාරක රාශියයි.එනම් ශනිට වඩාත්ම බලවත් ස්ථානය තුලාවයි.තවත් අයුරකින් කිවහොත් තුලාව ශනිගේ රජ මැදුර වැනිය.2011 නොවැම්බර් 15 දින ශනි තුලා රාශියට පිවිසියත් නැවත 2012 පෙබරවාරි 7 සිට  ශනි වක්‍ර (පසුපස රාශිය වූ කන්‍යා රාශිය දෙසට හැරීම) විය.මෙලෙස කන්‍යා රාශිය දෙසට ගමන් කල ශනි ග්‍රහයා මැයි 16 වැනි දින උදේ 6.30 ට පමන කන්‍යා රාශියේ අගම කොටසට ඇතුළු විය.මෙලෙස කන්‍යා රාශිය දෙසට තවදුරටත් ගමන් කරන ශනි ග්‍රහයා 2012 ජුනි 25 වැනි දින දවල් 1.30 ට පමන කන්‍යා රාශියේ අංශක 28 කලා 48 ස්ථානයේදී ස්වකීය වක්‍ර ගමන නවතයි.(නිවෘති වේ).එනම් මේ වන විටත් ශනි ග්‍රහයා කන්‍යා රාශියේ වක්‍රව ගමන් කරයි.(සත්‍ය වශයෙන්ම ශනිගේ මෙම වක්‍ර ගමන දිස්වීම සාපේක්‍ෂ සංසිද්ධියක ප්‍රතිඵලයකි.)
    ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව ග්‍රහයකු වක්‍ර අවස්ථාවකදී එම ග්‍රහයාගේ බලවත් වීමක් සිදුවේ.කන්‍යා රාශිය තුල වක්‍රවූ ශනිද මෙලෙස ස්වකීය වක්‍ර චලිතයේදී මෙම බලවත් වීම ලබා ගනී.ග්‍රහයන්ගේ බලවත් වීම එම ග්‍රහයාගේ සවභාවය අනුව විවිධාර අයුරින් බලපායි.සාමන්‍යයෙන් ශනි ග්‍රහයා ග්‍රහලොව නම් කොට ඇත්තේ නීච පාපී ග්‍රහයෙකු ලෙසයි.
 ශනිගේ වක්‍ර ගමන පෙබරවාරි 7 දින සිදු වුවත් ඒ අවස්ථාවේදී ශනි මතට මේෂ රාශිය තුල සිටි සෞම්‍ය ග්‍රහයෙකු වූ ගුරු හෙවත් බ්‍රහස්පතිගේ දෘෂ්ඨිය වැටී තිබුනි.මේ නිසාම ශනිට සිය වක්‍රතාවෙන් ලැබූ බලය විදහා ස්වකීය චන්ඩ නීච ගතිය ඉස්මතු කරවීමට ගුරුගෙන් ඉඩ නොලැබුනි.නමුත් 2012 මැයි 17 සිට ගුරු වෘෂභ රාශියට යාමත් සමඟ ශනි මතට වැටී තිබූ ගුරු දෘෂ්ඨි ඉවත් වීම ශනිට තම බලය පෙන්වීමට අවස්ථාවක් උදා කරයි.
   ලංකා කුම්භ කේන්ද්‍රය සැලකූ විට 2012 මැයි 16 සිට 2012 අගොස්තු 04 අතර කෙටි කාලය තුළ ශනි අටවැන්නේ ගමන් කිරීම රටේ හදිසි අනතුරු කල කෝලහල විපත් වැඩි කාලයකි.පිළිකා වැනි මාරාන්තික රෝග වල වැඩි වීමක් මෙන්ම බොවන රෝග පැතිර යාම වැඩිවීමක්ද සිදු විය හැක.
   2012 අගෝස්තු 04 දිනෙන් ශනි නැවත තුලා රාශි ගතවීමත් සමඟ මෙම අහිතකර තත්ත්ව අඩුවී යයි.වසර 30 ක් පමණ රාශි චක්‍රය තුල ගමන් කොට 2011 නොවැම්බර් 15 දිනෙන් ශනි තුලාවට පැමිනියත් නැවත ශනි කන්‍යාවට ගොස් තුලාවට පැමිනීම වල්බිහිව තිබූ සිය රජ භවන සුද්ද පවිත්‍ර කොට නැවත ටික කාලයකට වෙනත් නිවසකට ගොස් රජ මාලිගයේ ස්ථිර පදිංචි වසර දෙක හමාර ගත කිරීමට පැමිනීමක් වැනිය.
    ඒ අනුව බලන කල 2011 නොවැම්බර් 15 දිනෙන් ශනි තුලා රාශියට පැමිනීම සිදු වුවත් ශනි තුලා රාශි ගතවීමේ නියම ඵල ඉස්මතුවන්නේ 2012 අගෝස්තු 4න් පසුයි.පොලොවෙන් මුත මැණික් මතු වීම නීතිය තදින් ක්‍රියාත්මක වීම ආදිය හොදින් දැක ගැනීමට හැකිවනු ඇත.

3 comments:

ජෝතිරත්න said...

ග්‍රහ මාරු සිද්ද වෙන දින අන්තර්ජාලය හරහා බලාගන්න පහසු විදිහක් තියෙනවද?

jhothishalanka said...

ම්........තියෙන්නත් පුළුවන්...මමනම් ග්‍රහ මාරු ගැන බලා ගන්නේ පඤ්චාංග ලිතෙන්..

Susantha said...

ඒ කියන්නෙ මීන ලග්න කරුවන්ට සෙනසුරු අශ්ටම ඒරාශ්ඨක කාලයක්ද?

Related Posts Plugin for WordPress, Blogger...