Wednesday, June 27, 2012

සරස්වතී යෝගය

                              සරස්වතී යෝගය

 යෝගය යෙදෙන ආකාරය
   ගුරු(බ්‍රහස්පති),ශුක්‍ර(සිකුරු) හා බුධ ග්‍රහයන් තිදෙනා ලග්නය,දෙක,හතර,පහ,හත,නවය හා දහය යන ස්ථානයක එක්ව,වෙන වෙනම හෝ දෙදෙනා බැගින් යෝගව සිටිය යුතු අතර ගුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂෙත්‍රව සිටිය යුතුය.

 විපාක
     සහජයෙන්ම කලා හැකියාවන් පිහිටයි.සියළු ශාස්ත්‍ර වලින් නිපුනතාවක් දක්වයි.අංශ කිහිපයකින්ම කුසලතා දක්වයි.සිතුවිලි සොදුරුය.සැමගේ ප්‍රශංශාවට ලක්වේ.

 සටහන
    ගුරු ග්‍රහයා කටක රාශියට උච්ච වන අතර ධනු මින රාශි වල ස්වක්‍ෂෙත්‍රවේ.


7 comments:

වීපොකුරෙ වීයා said...

//උච්ච හෝ ස්වක්‍ෂෙත්‍රව සිටිය යුතුය.// පැහැදිලිකරන්න පුලුවන්ද..?

Anonymous said...

ශික් මගේ ගුරා ස්වක්ෂේත්‍රව හිටියට ජොකියා ඉන්නේ අප්සට් තැනක 11.සිකුර නම් ඉන්නේ 10 ගුරාගේ නැකතක.හිත සැනසෙන්ඩ ලාවටවත් මේ යෝගේ ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද? :(

Anonymous said...

කේතු බුද සදු සිකුරු කුජ 5 ම 9 වෙනි කොටුවේ හිටියොත් හැදෙන යෝගේ මොකක්ද

jhothishalanka said...

පෝස්ටුවේ "සටහන" මගින් දක්වා ඇත්තේ මෙයයි.ගුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර වන්නේ කටක(උච්චයි) ධනු හා මින ස්වක්‍ෂෙත්‍රයි.

වීපොකුරෙ වීයා said...

"උච්ච" හෝ "ස්වක්‍ෂෙත්‍රව"......මම අදහස් කලේ එම වචන දෙකේ තේරුමයි.

jhothishalanka said...

උච්ච හා ස්වක්‍ෂෙත්‍ර වචන වල ෙසෙද්ධාන්තික ජ්‍යොතිෂ අර්ථා දැක්වීම තරමක් සංකීර්ණයි.සරලව දැක්වුවහොත් උච්ච වීම යනු උපරිම බල වීමය.
ස්වක්‍ෂෙත්‍ර බල වීම යනු තමන්ගේ ගෙදර වැනි අර්ථයකි.ලෝකයේ මව්පිය දෙදෙනා රවි සදුය.මේ දෙදෙනාගේ නිවෙස් ලෙස පිළිවෙලින් සිංහ කටක රාශි සලකා ඇත.මෙම කටක සිංහ රාශි දෙක මැදි කොට දෙපස ඇති රාශි පිළිවෙලින් ගත් විට මුලින්ම ඇත්තේ මිථුන හා කන්‍යා රාශි දෙකයි. ඉන්පසු වෘෂභ තුලා රාශි දෙකයි....රවි(හිරු)ගේ සිට ඇති දුර ප්‍රමානයන් අනුව ග්‍රහයන් පිළිවෙලින් සැලකු විට ලැබෙන්නේ බුධ,සිකුරු,කුජ,ගුරු,ශනි ග්‍රහ අනුපිළිවෙලයි.(පෘථිවියට සාපේක්‍ෂ ලෙස බලන නිසා පෘථිවිය නොසැලකේ.) ඒ අනුව කටක සිංහ රාශි දෙක මැදිව දෙපස සිට මුල් රාශි දෙක වූ මිථුන,කන්‍යා රාශි දෙක බුධටත් වෘෂභ හා තුලා රාශි දෙක සිකුරුටත් මේෂ හා වෘශ්චික රාශි දෙක කුජටත් මීන හා ධනු රාශි දෙක ගුරුටත් මකර හා කුම්භ රාශි දෙක ශනිටත් ඔවුන්ගේ ගෙවල්(ස්වක්‍ෂෙත්‍ර රාශි) ලෙස සලකා ඇත.
ග්‍රහයාගේ උච්ච වීම සලකා බලා ඇත්තේ ප්‍රධාන ලෙස ගුරුත්වාකර්ශණය සලකා බලමිනි.ඒ පිළිබදව ෙසෙද්ධාන්තිකව විස්තර දැක්වීම තරමක් සංකීර්ණය.පල්ලෙහ තියෙන පෝස්ට් 2 බැලුවොත් මේ පිළිබදව යම් අදහසක් ඔබටම ලබා ගත හැකිය.
http://lankajhothisha.blogspot.com/2011/11/mathematical-background-of-computer_02.html

http://lankajhothisha.blogspot.com/2011/11/mathematical-background-of-computer_09.html

තනුක said...

ග්‍රහයන් උපරිම ලෙස උච්ච වන්නේ හෝ නීච වන්නේ අදාළ රාශිවල කවර නවාංශක වලදීදැයි සඳහන් කළ හැකිද?
වර්ගෝත්තම බලය යනු කුමක්දැයි පැහැදිලි කර දෙන්න.

ගුප්ත විද්‍යාත්මක ලිපි සැපයීමෙන් ඔබ කරන අගනා සේවයට බොහොම ස්තූතියි.

Related Posts Plugin for WordPress, Blogger...