Tuesday, July 31, 2012

"අනේ පුතේ අපේ පුතාගේ කේන්දරේ මාරක අපල තියෙන බව ඔයා කිව්වේ නෑනේ"

   මජීඩ් මගේ පාසැල් මිතුරකු විය.අප ප්‍රද්ශයේ මුස්ලිම් ගමක විසූ ඔහු තුලින් මුස්ලිම් මිනිසුන් තුල ජානමය වශයෙන් පැවතෙන කපටිකම් විද්‍යාමාන වුවත් ඉගෙනීමට ක්‍රීඩාවට ඔහු සැබෑ දක්‍ෂයෙකු විය.දැනට වසර හතකට පමණ පෙර ඔහුගේ මාමා කෙනෙකු නිවසකට අත්තිවාරමක් දැමීමට සූදානම්ව සිටින බව මා සමඟ පැවසීය.මුස්ලිම් මිනිසුන් ගෙවල් අත්තිවාරම් දැමීමේදී අනුගමනය කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර පිළිබදව දැන ගැනීමේ උවමනාවක් මා හට කලක් තිස්සේ තිබූ නිසා එම අවස්ථාවට සහභාගී වීමට මජීඩ් මාර්ගයෙන් මටද ඉඩකඩ සැලසුනි.

   නියමිත දිනයේ මම මජීඩ් සමඟ අත්තිවාරම දමන තැනට ගියෙමි.හිස් අතින් යාම මදි කමක් නිසා අත්තිවාරමේ නිධන් වස්තු ලෙස තැන්පත් කිරීමට නවරත්න ගල් කිහිපයක් මගේ සාක්කුවේ විය.
  අත්තිවාරම් දැමීමේ ක්‍රියාපාටිපාටිය මා සිතා සිටි අයුරින් නොවුනි.කිසිදු ආකාරයක නැකැත් ගැනීමක් නොවුනු අතර වේලාවද හවස් කාලයේ විය.ලණු ඇදීම අත්තිවාරම් කැපීම ආදිය නැකතකට සිදු නොකලේය.
 "මේකට නිධන් ගලක් තියන්නේ නැද්ද?"
 මා පණ්ඩිතයෙකු මෙන් මජීඩ්ගෙන් ඇසුවත් ඔහුගෙන් පිළිතුරක් නොවුනි.
  බාස් උන්නැහේලා අත්තිවාරම් දැමීම ආරම්භ කරන ආකාරයක් දිස්විය.මා මැණික් ගල් රැගෙන ආවේ නිධන් වස්තු ලෙස තැන්පත් කිරීමට දීමටය.නිධන් ගලක් තැබීමක් කරන පාටක් නැති නිසා මා සෙමින් ලේන්සුවක ඔතා සාක්කුවේ දමාගෙන සිටි නවරත්න මැණික් ගල් මජිඩ් අත තබා
  "මේ මැණික් ගල් ටික අත්තිවාරමට දාන්න මජීඩ්."
 මා  විසින් දුන් මැණික් ගල් දෙස තත්පර දෙකක් වැනි කාලයක් බලා සිටි මජීඩ් නැවත එම මැනික් ගල් සහිත ලේනූුව මා අත තැබීය.
 "චුට්ටක් හිටපන් මචං"
 මගේ සිත දැඩි ලෙස බිදුණි.මා විසින් දුන් තෑග්ග ඔහු ප්‍රතික්ෂේප කිරීම මා හට ලැජ්ජාවක් සමඟ දුකක් ඇති කලේය.
 මාදුන් මැණික් ගල් අත්තිවාරමට නොදැමීම ගැන මගේ හිත නරක් වූ බව මජීඩ්ට තේරුණි.හේ වහා මගේ අතින් අල්ලාගෙන මාව පසෙකට රැගෙන ගියේය.
 "මචං චන්දන,මැණික් කියන්නේ අපි බොහොම අමාරුවෙන් පොලොවෙන් ගන්න දෙයක්.අපි ඒවා එහෙම අමාරුවෙන් පොලොවෙන් ගොඩට අරන් නැවත පොලොවට දැමීම හරි නෑ.ඒකයි මම මැණික් ගල් අත්තිවාරමට දාන්න කැමති වුනේ නැත්තේ.ඔයා ඒකට තරහ වෙන්න එපා.ඇත්තටම අපි අත්තිවාරමට යටකරන්න ඕන මැණික් වගේ දේවල් නෙවෙයි පොලොව සාරවත් වෙන දෙයක්."
  මජීඩ් මා හට කරුණු දැක්වීය.මා සිනහවක් පා ඔහුගේ මතය පිළිගත් බවක් පෙන්වූයෙමි
  බාස්උන්නැහේලා අත්තිවාරම් ගල් බැදීමට ප්‍රථම බෞද්ධයන් වන අපට පිළිකුල් සහගත දෙයක් සිදු වුනි.පනපිටින් සිටි එළුවෙකු එවෙලේම ඝාතනය කොට උගේ ආහාරයට ගත නොහැකි හම,බොකු .. ආදිය එලෙසම අත්තිවාරමට යට කළේය.අනිත් කොටස් අත්තිවාරම් දැමීමේ උත්සවයට ආහාර පිණිස වෙන් කෙරුණි.
 "පොලාවට දාන්න ඕන පොලොව සාරවත් කෙරෙන දෙයක්" මජීඩ් පැවසූ දෙය මෙය බව මා හට වැටහුණි.
  ආහාර ගැනීමට එක් වන ලෙස මජීඩ් දැඩි ලෙස පෙරත්ත කළත් මා හට එතනින් ආහාර ගැනීමට ප්‍රියක් නොවුනි.හිත නරක් නොවන සේ හදිසි අවශ්‍යතාවක් ඇති බව පවසා මා නැවත පැමිණියෙමි.
  ජාතීන් අතර සංස්කෘතික වශයෙන් ඇති වෙනස්කම් ඉවසීමට පුරුදු වීමේ පාඩම මා එදා ඉගෙන ගත්තෙමි.

---------------------------------------------------------------------------------


   මා ලඟට කේන්ද බැලීමට එන පවුලක තරුණයෙකු ඩෙංගු රෝගයෙන් හදිසියේ මිය ගියේය.ඔහුගේ අවමංග්‍යයට සහභාගී වූ මා හට ජීවිතයේ අමතක නොවන අත්දැකීමකට මුහුණ දීමට සිදු විය.
   මිය යාමට සති කීපයකට පෙර ඔහුගේ ජන්ම කේන්ද්‍රය මා විසින් පරීක්‍ෂා කොට තිබුණි.එතරම් තද අපල නැති බව මා විසින් ප්‍රකාශ කළ බව මටද මතකයේ තිබුණි.
  තරුණයාගේ මව තරමක් පාරම්පරික ගති ඇත්තියකි.ගහක් ගලක් මෙන් සිටි තමාගේ පුතු මිය යෑම ගැන ඈ සිටියේ බලවත් කම්පාවෙනි.මා දුටු විගස ඇය නෝක්කාඩුවට මෙන්
  "අනේ පුතේ අපේ පුතාගේ කේන්දරේ මාරක අපල තියෙන බව ඔයා කිව්වේ නෑනේ"
  සෙනඟ මධ්‍යයේ පොල්ලෙන් ගැහුවාක් මෙන් ඈ මා වෙත චෝදනා කළාය.

 සත්‍ය වශයෙන්ම කෙනෙකුගේ ජන්ම කේන්ද්‍රයේ තදබල ඒරාශ්ඨක අපල වැනි අපල පැහැදිළිව නොපෙනෙන අවස්ථාවලදී වුවත් මාරක අපල ඉස්මතු විය හැක.එය කිසියම් ආකරයක ඉතා සුළු කාලයක් තුල බල පැවැත්වෙන මාරක අපලයක් විය හැක.මෙවැනි මාරක අපල කේන්ද්‍රබලන්නාගෙන් නොකියවෙන්නේ ජ්‍යොතිෂවේදියාගේ වරදකින් මිස ශාස්ත්‍රයේ වරදකින් නොවන බව පැවසිය යුතුය.
 එදා මට දැඩි ලැජ්ජාවක් ඇති වුවත් එයද මා ශක්තිමත් කිරීමට ධෛර්ය ඇති කිරීමට සමත් වූ අත්දැකීමක් විය. (ජන්ම කේන්ද්‍රය බලා මැරෙන දිනය නිවැරදිව පැවසීම ජ්‍යොතිෂවේදදයාගෙන් බලාපොරොත්තු වීම පිළිබදව සිතා බැලීම පාඨකයාට අයත් දෙයකි.)
  බොහෝ ජ්‍යොතිෂවේදීන් මෙවැනි සත්‍ය අත්දැකීම් වසන් කොට තමන් සාර්ථක වූ අවස්ථා පමනක් දක්වති.මා මේ කතාව ඔබ සමඟ පැවසූවේ ජ්‍යොතිෂය සමඟ ඇති මගේ බැදීම හා එහි ප්‍රවීනයෙකු වීමට මා තුල ඇති උනන්දුව හා ඒ සදහා ඉදිරියට යාමේදී යම් යම් පඹගාල් වල පැටලීමට සිදු වන බව මේ ක්‍ෂෙත්‍රය පිළිබද උනන්දුවක් ඇත්තන්ට දන්වනු පිණිසය.
  
 

38 comments:

ජෝතිරත්න said...

මේ ලිපියට අදාල නොවුනත් පොඩි කාරණයක් ගැන කියන්න හිතුන..

මීට සති තුනකට උඩදී මට ඉතාම ඉහල පඩියකට රැකියාවක් ලැබුනා. මේ වගේ රැකියාවක් ඉතාම කෙටි කාලයකදී ලැබිච්ච එක ගැන මටත් පුදුමයි. ඒත් සති කීපයකින් රැකියාව නැතිවෙන තැනට කටයුතු යෙදුනා.

කටක ලග්න අයට රැකියාව සම්බන්දයෙන් මේ කාලයේ ග්‍රහචාරයේ බලපෑමත් එක්ක මේ සිදුවීම ගැලපෙන්නේ කොහොමද කියන එක මට තියෙන ප්‍රශ්නයක්.

කටක ලග්න හිමියන්ට සෙනසුරු මාරුව රැකියාව පැත්තෙන් බලපාන්නේ කොහොමද කියන එක ජෝතිෂලන්කගෙන් දැනගන්න කැමතියි.
සෙනසුරු හතරවැන්නට ඇවිත් උච්චබල වෙලා ශෂ යෝගය යෙදුනත් දහවන්නට හත්වන දෘෂ්ටිය වැටෙන එක කොයිවිදිහටද බලපාන්නේ?

රාජ් said...

ජෝතිෂය ගැන මගේ විශ්වාසයක් නෑනේ.
එපා වාහෙට මැණික් දෙන්න ගියාට බොට හොඳ වැඩේ අයියේ! :)

jhothishalanka said...

DDDDDDDDDDDDDDDDDDD..

jhothishalanka said...

මම උත්තර දෙන්න හිටිය විදියටම ජෝතිරත්න ප්‍රශ්නේ අහලා තියෙනවා.කටක ලග්න හිමියාට අගෝස්තු 4 සිට ගෝචරයෙන් ශනිගේ දෘෂ්ඨිය දහයට ලග්නයට වැටීම ඇත්තටම ටිකක් නරකයි.රැකියාවේ උසස්වීම් වගේ කරදර එන්න පුළුවන්.කලින් දාපු ලග්න පලාඵලේ මේ ගැන දැම්මේ නැත්තේ ඒක උපන් කේන්ද්‍රයත් එක්ක බලන්න ඕන නිසා.මම දැන් මේ වෙලාවේ ටිකක් කාර්ය බහුලයි.ඔයාගේ උපන් දිනෙයි වෙලාවයි බ්ලොග් එකට හරි ඊමේල් එකට හරි එවන්න.මම ඒවා පබ්ලිෂ් නොකර උත්තර දෙන්නම් අද රැට

Anonymous said...

මේක නොමිලේ කේන්දර බලාගන්න උත්සාහයක් නම් නෙවෙයි. ඒත් 1986.02.15 උදේ 10.20 ට කොළඹදි ඉපදුණු මගේ කේන්දරය ඥාතීන් විසින් හතර අතටම එක එක විස්කුරුත්තම් යොදා බලන ලද එකක්.(භාව කේන්දර, අංශකයට ගණන් හැදීම්..)
මෙය දකින බොහෝ දෙනා කියන්නෙ මට විවාහයක් සිද්ධ නොවෙන්න තියෙන ඉඩ වැඩියි කියලා. ඒ වගේම විවාහ වුනත් බිඳී යාවි කියලා. ඒ වගේම තමයි එක්තරා ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියෙක් මගේ මූණටමත් ඒක කිව්වා. හැබැයි මම ඉහළටම ඉගෙන ගනීවිළු. ඒ මදිවට මගේ කකුලක් කැඩෙන්නත් ජීවිතේ පුරා නොන්ඩි ගහන බවත් කියනවා. කරුණාකරලා මේ කියන දේවල්වල පදනමත් ඇත්ත නැත්තත් ඔබේ අත්දැකීම් වලින් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මට ඔබ හමුවෙන්න එන්න ලැබෙන එකක් නම් නෑ. අනිත් අයටත් දැනගන්න ප්‍රයෝජන තකා කියන්න කැමති නම් විතරක් කාරුණිකව මෙය පහදා දෙන්න.

jhothishalanka said...

කේන්දරේ නම් ටිකක් අමුතු කේන්දරයක් තමයි.තමුන්නාන්සෙගේ කේන්දරේ දැක්කම ප්‍රසිද්ධ ධනවතෙකුගේ කේන්ද්‍රයක් මතක් වුනා.
ඔබගේ උපන් කේන්ද්‍රයේ සදු ග්‍රහයා රාහුගෙන් වම්පස සිටින නිසා "සදු කීර්ති" නම් බලවත් යෝගය යෙදී තිබෙනවා.ඒ වගේම ප්‍රභල ධන යෝගයක් තියෙනවා.
විවාහය සම්බන්ධයෙන් පවසා ඇති කතාන්දර වල යම් පදනමක් ඇතත් 1,7,8 ග්‍රහ පිහිටීම් වලට හා වෙනත්(පොරොන්දම්) ගැලපෙන කේන්ද්‍රයක් ලැබුනොත් හරිනේ.අනිවාර්යෙන් විවාහය බිද දමන යෝගයක් මටනම් පේන්නේ නෑ.අට අධිපතියා ලෙස කුජ අටේ තැන්පත් වීම ප්‍රභල ආයුෂ යෝගයක්.
කකුලේ කතාවත් නිකන් කටට ආපු දෙයක් කියලා වගේ හිතෙනවා.යම් යම් අවස්ථාවල තුවාල අනතුරු වලින් පාද වලට පීඩා ඇති වුවත් ජීවිත කාලයම නොන්ඩි ගහන එකක් නෑ.2014 නොවැම්බර් 2 සිට ඉදිරියට වසර දකහමාර තුල ඇති ශනිගේ අෂ්ඨම ඒරාශ්ඨක අපල කාලයේ ප්‍රවේශම් ආරක්‍ෂාවෙන් සිටින්න.

Migara said...

මටත් සමහර අය විවාහය ගෑන ඔහොම කිව්වා මම ඒව ගෑන නොසලකා හෑරියත් දෑන් බලනකොට ඒ ඔක්කොම ඈත්ත වෙලා....

Anonymous said...

එකොලොස්වැන්න දෙස බලන විටම ධන යෝගයක් පෙනුනත් සඳුගෙන් 6/7/8 ගැන සලකා බැළුවම ඒ ධනයෝගේ නිසි ආකාරයට පල දෙන්නේ නැති වගක් පේනවා නේද?

කකුල නොන්ඩි වීමට වඩා කකුලේ අනිවාර්ය සැත්කමක් කෙරෙන්න පුළුවන්. ඇතැම් විට නහර වැල් වල විය හැකි (සැත්කමින් හෝ වෙනත් ආකාරයකින්) දෝෂයක් නිසා කකුලේ ආබාධ ගතියක සලකුණු නැතිවම නෙවෙයි.

ලග්නගත රාහු/ලග්නයෙන් මෙන්ම සඳුගෙන් 7/8 පාපීන්,විවාහය ගැන ගැටළු තියෙනවා. කුජ දෝෂය තදින්ම.කුජ/ශනි/බුධ වර්ගෝත්තමයි. ඕක හොඳ අතට වගේම නරක අතට පෙරෙලෙන්න තියෙන ඇති හැකියාව හරියටම කියන එක පහසු නැහැ. කොහොම උනත් එකොළහේ සුභයින්ට යෝග වූ රවි, එකොළහට රවි යෑම එක් අතකින් කෝටියක් දෝෂ භංග කරවන්නක්. අනිත් පැත්තෙන් හතේ පාපියකු ඉන්න වෙලේ 11හටත් පාපියෙක් ගියාම සිද්ධ වෙන් හැකි දේ.

කලින් පලාපල කී කෙනා සෑහෙන දුරකට නිවැරදි වගක් හැගෙනවා.

-මිතුරෙක්

Anonymous said...

[[සත්‍ය වශයෙන්ම කෙනෙකුගේ ජන්ම කේන්ද්‍රයේ තදබල ඒරාශ්ඨක අපල වැනි අපල පැහැදිළිව නොපෙනෙන අවස්ථාවලදී වුවත් මාරක අපල ඉස්මතු විය හැක.එය කිසියම් ආකරයක ඉතා සුළු කාලයක් තුල බල පැවැත්වෙන මාරක අපලයක් විය හැක.මෙවැනි මාරක අපල කේන්ද්‍රබලන්නාගෙන් නොකියවෙන්නේ ජ්‍යොතිෂවේදියාගේ වරදකින් මිස ශාස්ත්‍රයේ වරදකින් නොවන බව පැවසිය යුතුය.]]

කර්මය මේ සියල්ලටම මූලික බව ජෝතිෂ්‍යයේ පිළිගන්නා අතර එය බුදු දහමට විරුද්ධයි. මන්ද යත් බුදු දහමෙන් පංච නියාම ධර්ම උගන්වන බැවිනි.

මගේනම් අදහස ජෞතිෂ්‍යයෙන් හරියටම කිව හැක්කේ කර්ම නියාමය පමණක් බවයි. උතු, බීජ, චිත්ත සහ ධර්ම නියාම සුළු වශයෙන් කිව හැකි වුවත් ඒවා ගලේ කෙ‍ටුවාක් මෙන් අනාගතයේදී සිදු නොවේ.

උදාහරණ ලෙස කාට හෝ ඒරාෂ්ඨකයක් තිබෙන බවත් ඔහු කිසියම් කාලයකදී මිය යන බවත් කේන්ද්‍රයට අනුව කිව්වත් බෝධි පූජා තැබීමෙන් එය වළක්වා ගත හැකිනම් ඉන් පෙනෙන්නේ කර්මය වෙනස් කළ හැකි බවයි. එනම් කර්මය අනෙකුත් නියාමයන් මගින් අතික්‍රමණය කිරීමකුයි.

ඉහත ඩෙංගු වැළඳුන තරුණයාගේ සිද්ධියේදී ඔහුට ඒරාෂ්ඨක නොමැතිනම් , කර්මයට වඩා බීජ නියාමය බලපාන්නට ඇත.

අගනා ලිපියක් බවත් කිව යුතුයි.

Dr.M.J.

Anonymous said...

ඔව් ඔය ධන යෝගෙ ගැන මටත් කියලා තියෙනවා. ඒ වගේම අර අංශක ගාන හරියටම බලලා කියලා තියෙන්නෙ පවුලෙ නම ගෙනියනවා කියලා. ඔය ධනයෝගෙ ගැන පොඩි සැකයක් මටත් තියෙනවා. මොකද කිව්වොත් මගේ අතේ මේ වෙනකල් නම් මුදල් ඉතුරුවක් වෙලා නෑ. හැබැයි මොකක් හරි දෙයක් ඕනෙ කියලා හිතුනොත් කොහොම හරි ලැබෙන ගතියක් තියෙනවා.
තව තැනක මම දැක්කා මගේ අටේ ශනි ඉන්න එකත් ධනය වගේම ආයු කාරකයි කියලා.තව සමහරු කියන්නෙ විවාහයෙන් ධනයකට හිමිකාරයා වෙනවළු(ඒත් තව තැනක කියනවා විවාහ වෙන්නෙ නෑ කියලා.)
අර කකුලෙ සැත්කම ගැනත් තැන් කීපයක කියවුණා. නමුත් තව දෙයක්. මගේ ගමන් විලාසය කොහොමත් ටිකක් වෙනස්. අඩිය පැත්තකට බර කරන ගතියක් තියෙනවා. මේ කකුලෙ අපලය එන්නෙ මොන පිහිටීම නිසාද?
ඒ වගේම බොහෝ දෙනාට රවි හොඳ විදිහට බලපෑවත් රවි දශාවෙදි මම පුදුම දුකක් වින්දා. විශේෂයෙන්ම අධ්‍යාපනය පැත්තෙන්.
ඒ වගේම ගොඩක් තැන් වල අහන්නෙ මම අම්මත් එක්ක ගැටෙනවද කියලා. නමුත් අම්මා තමයි මගේ ජීවිතේ බල කාරකය. ගැටෙන තරමක් තාත්තත් එක්කයි.(වයසෙ වැරැද්දද මන්දා? :)) මේ වගේ දේවල් කියන්නෙ මොන ජ්‍යෝතිෂ්‍ය පදනමක් උඩද කියනවද?

jhothishalanka said...

හතර අධිපති සදු ,රාහු සමඟ ලග්නයේ සිටින නිසයි මව් සමඟ මත ගැටුම් ඇත්දැයි අසන්නේ.ඒ වුනාට ඔබගෙන් මව්ටත් මව්ගෙන් ඔබටත් ගුණ දෙන බව ඔබේ කේන්ද්‍රය අනුව කිව හැකියි.ඔබ පාද වල ප්‍රශ්නය අසා තිබුනේ දැනටත් පාද වල කුමක් හෝ පීඩාවක් ඇති නිසා බැව් මුලදීම තේරුණා.නමුත් එය සිතට ගන්න එපා.ඒ ගැන නොසිතා සතුටින් ඉන්න.
2013 මැයි 31 න් පසු ඔබට මංගල යෝග උදාවුවත් ඒ වන විටත් හත්වැන්න ශනිගෙන් පීඩා වීම නිසයි කේන්දර බලන්නන් විවාහය ගැන අර වගේ කතා කියන්නේ.

jhothishalanka said...

අම්මෝ...මෙන්න කට්ටිය උපන් දින වෙලාවල් බ්ලොග් එකට එවනවා...මට බැරියෝ.....සමා වෙන්නෝ...

jhothishalanka said...

අම්මෝ...මෙන්න කට්ටිය උපන් දින වෙලාවල් බ්ලොග් එකට එවනවා...මට බැරියෝ.....සමා වෙන්නෝ...

Anonymous said...

ඇත්තටම මා විසින් එවූ වෙලාව ප්‍රකාශයට පත් කරන්නට ගොස් ඔබතුමා අපහසුවට පත් වුනා නම් සමාවෙන්න. මට මෙය ඔබට එවන්නට හිතුණෙ නොයෙක් විට ඇසුණු මේ ඉහත කී පලාඵල විග්‍රහ අතර මොකක්දෝ නොගැලපීමක් තියෙනවා කියා හිතුණු නිසා.
නෑ නෑ. මම දුක්වෙන්නෙ නෑ. ඇත්තටම මගේ ගමන් විලාසය මගේ තාත්තාගේ ගමන් විලාසයමයි. එකම දේ එහි පොඩි ඒකාධිපතියෙක් ඇවිදින්නා වැනි විලාසයක් තිබීමයි. :)
තවත් දෙයක්. කේන්දරය අනුව නොදුටු කෙනෙකුගේ දේහ ලක්ශණ කියන්න පුළුවන්ද? මේ කේන්දරය අනුවම විග්‍රහයක් කරන්න.(අභියෝගයක් නම් නෙමෙයි. ඔබතුමා මට මේ කළේ ලොකුම ලොකු උදව්වක්. අනිත් එක මේ විස්තර එවන්න කල්පනා කළෙත් මෙතෙක් මෙහි තිබූ විනිවිද බව නිසාමයි.)

jhothishalanka said...

එහෙම අපහසුතාවක් ඇති වුනේ නෑ යාළු...
ජන්ම කේන්ද්‍රය බලා දේහ ලක්‍ෂණ පැවසීමට මට බැහැ.නමුත් ඒ පිළිබදව දැනුවත් අය ඉන්නවා.

ජෝතිරත්න said...

වෙනම බ්ලොග් එකක් හැදුවොත් නරකද තමන්ගේ කේන්දර ගැන පාඨකයන්ට ප්‍රශ්න කරන්න පුළුවන් අවස්ථාවක් දෙන... කැමති අයට ඒ අයගේ කේන්දර බලල අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්... මොකද ගොඩක් මේ වගේ ප්‍රශ්න අහන අය ඒ ප්‍රශ්න අහන්නේ බොහොම අසරණ වෙච්ච වෙලාවට... ඒ අයට පොඩි හරි සැනසිල්ලක් ලබල දෙන එක හොඳයි නේ..

Ishan said...

8 අධිපති ගුරු ග්‍රහයා රවි,සිකුරු,බුධ සමග ලග්නයේ(වෘෂභ) සිටිම අසුභ යෝගයක්ද?
එහේම පිහිටන අයගේ ආයුෂ අඩුයි කියන්නෙ ඇත්තක්ද?

jhothishalanka said...

ඇයි හත් දෙයියනේ මෙච්චර හොද චතුර් යෝගයක් ලග්නයේ තියෙන එක කොච්චර සුභද?රවි,බුධගුරු සිකුරු චතුර් යෝගය ගැන පොත් පත් කීපයක තියෙන විස්තර කීපයක් ලියන්නම්.මෙතන ගුරුගේ දිග්බලයයි මාලවී යෝගයයි නිසා තවත් හොදයි.අට අධිපතියා වුවත් ගුරු ලග්නයේ සිටීම කෝටියක් දෝෂ භංගයි කියනවා.

මෙන්න රවි,බුධ,ගුරු,සිකුරු චතුර් යෝගය ගැන පොත් කිහිපයක දැක්වෙන විස්තර

"මෙය ඉතා වටිනා යෝගයකි.මේ යෝගයෙන් උපන් තැනැත්තේ සියල්ලෙන් සම්පූර්ණ ප්‍රබල රට වැසියෙක්වේ.ගමක නම් ප්‍රධාන වැසියෙකි.නගරයක නම් නගරාධිපතියෙකි.පිරිසිදු කල්පනාවෙන් යුත් ප්‍රඥාවෙන් කටයුතු කර ධනය සපයාගත් විශාල වතු පිටද ඇති බබලන්නාවූ සැප සම්පත් ඇති කෙනෙක් වේ.නොයෙක් වැඩ වල යෙදේ.හැමෙකින් ආදායම් ලබයි.රටේ ප්‍රසිද්ධ මුඛරි නැණති බලවත් ධනවත් කෙනෙක්වේ.
ජීවිතය හා ග්‍රහයෝ -හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ "

"රවි,බුධ,ගුරු,කිවි එක රැසකට යෑම හේතුකොට ගෙන ධනවත්,සුඛිත,කාර්යයන් කරන නෑයන් ඇති ශේෂ්ඨ පුරුෂයෙක් උපදී.
සාරාවලිය - කල්‍යාණවර්ම රජු "

ග්‍රහයන් හතර දෙනෙකු එකම රාශියක තැන්පත්වන විට එය ප්‍රව්‍රජ්‍යා යෝගයකි.සිකුරු බලවත් වන විට චරක නම් ප්‍රව්‍රජ්‍යා යෝගයැයි කියයි.
වෘහජ්ජාතකය -වරහමිහිර සෘෂි "

***ප්‍රවජ්‍යා යෝගයට හේතු වන ග්‍රහයන් අසතව,යුධව හෝ අන්ග්‍රහ දෘෂ්ඨි වැටීම අනුව ප්‍රව්‍රජ්‍යා යෝග බල හීන කරයි.

Anonymous said...

මම මිට පෙරත් ඹබට ලිවිවා.මම සහ මගෙ පවුල සෙනසුරාදා ලංකාවට ඒනවා,මම මෙශ ලග්න,ගූරැ දසාව.පුතා වෟෂභ ලග්න,සෙනසුරෑ 9 ,රාහුගෙ සෙනසුරැ දසාව,මහත්තයා සිංහ ලග්න සෙනසුරැ ගෙ රාහු ගමන් අරබන්නෙ 8.36 ට අසුබද? ටිකටී මාරැ කරන්නද ?

Anonymous said...

රතෑවිතාන මහත්තයා කියලා තියනවා 4 ග්‍රහ මාරැව වෙන්නෙ රාත්‍රි 10.45 ට කියලා. නියම වෙලාව මොකද්ද?‍‍‍

Anonymous said...

boru kiyala ahinsaka ammawa rawatapu ubata hodak wenne naa...

jhothishalanka said...

ඔය වගේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න ඔය විස්තර මදියි සහෝදරිය.මම කලින් කිව්ඬ වගේ ලඟම ඉන්න හෝ හදුරණ හොද ජ්‍යොතිෂවේදියකු ලඟට කේන්ද්‍ර රැගෙන ගොස් ගැටළුවට විසදුමක් ලබා ගන්න

jhothishalanka said...

ඔබට වැරදිලා.මෙවර ශනි මාරුව සිද්ධ වෙන්නේ අගෝස්තු 4 උදේ 8.44 ට වගේ රතුවිතාන මහතා එය නිවැරදිව දක්වා ඇත.
2012/07/20 සුබසෙත මුල්පිට ප්‍රධාන ලිපිය බලන්න.

jhothishalanka said...

අදහස හොදයි.ඒත් මේ වැඩ රාජකාරිත් එක්ක විවේක පාඩු අඩු එක තමයි ප්‍රශ්නේ..

jhothishalanka said...

මේ වගේ සාප කරන්න හරි ඔයා ලිපිය සම්පූර්ණයෙන් කියවීම ගැන මට සතුටුයි.

ජෝතිරත්න said...

http://www.gossip9.com/2012/08/blog-post_8316.html

අරුම පුදුම විදිහට නාඩි වාක්‍ය කීමේ රහස සමහර විට මේක වෙන්න පුළුවන්.

Ishan said...

ගොඩක් ස්තූතියි අයිය, ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබද මූලික කරුණු අඩංගු ලිපිත් ලියනවනම් තවත් අගෙයි. ඔබට ජයෙන් ජය

Lasitha said...

මට දන ගන්න ඕනි එක දෙයි. මට මේ තරම් වාසනාව නැති වෙලා තියෙන්නේ මොකද කියල? මොන දේ කරන්න ගියත් ලොකු දුකක් විදින්න වෙනවා අනති අයට වැඩ. වේදියා ඕනි නේ පාරට යද්දී බස් එක යනවා නගින්න කලින්. ඇවිද්දවන එකේ සීමාවක් නෑ. අනිත් එක කසාදෙත් තවම කෙරුනේ නැහැ. මට එපා වෙලා තියෙන්නේ ජීවිතේ. පුළුවන් නම් ඔබතුම උදව්වක් දෙන්න.
මගේ උපන්දිනය 1979-05-21
උපන් වෙලාව 11.18 PM (23:18)

jhothishalanka said...

මකර ලග්න හිමි ඔබගේ ජන්ම කේන්ද්‍රයේ කුජ,බුධ සිකුරු ග්‍රහයන් තිදෙනා හතර වැන්නේ සංයෝග වීම ශනි රාහු අටේ යෝග වීම හා කාල සර්ප යෝගයට ග්‍රහයන් හසුවීම දුබල ග්‍රහ පිහිටීම් ලෙස ඇතත් ඔය කියන තරම් අවාසනාවන්ත කේන්ද්‍රයක් නොවෙයි.ගුරු උච්චව 7 වැන්නේ බලවත් ගුරු හංස යෝගයෙන් සිටීමත් කුජ ක්‍ෂෙත්‍රව හතරේ රුචක යෝගයෙන් සිටීමත් චන්ද්‍රයා බලවත්ව සිටීමත් ඔබගේ අනාගතයේ සුභඵල පෙන්නුම් කරනවා.කුජ සමඟ බුධ සිකුරු යෝග වීම නිසා කුජගේ බලයත් ටිකක් යටපත් කෙරෙනවා.සෑම දේම ප්‍රමාද වීම වාසනාව යටපත් වීම මුල් කාලයේ වැඩියි.විභාගයක් පාස් වෙන්නත් රැකියාවක් ලබන්නත් හරියට දුක් මහන්සි වෙන්න ඕන.හොද බුද්ධියක් හැකියාවක් ඇතත් ඒවයින් මුල් කාලයේ නිසි ප්‍රයෝජන ලබන්න බැහැ.තමන්ගේ අධ්‍යාපනයට දැනුමට හැකියාවට සරිලන රැකියා ධනය වැටුප් ලබන්න මුල් කාලයේ අසීරුයි.
විවාහය ප්‍රමාද කලත්(සමහර විට 2014 වසරේ මැද දක්වා විවාහය ප්‍රමාද විය හැකියි.) ඉතා හොද විවාහයක් වෙනවාමයි.විවාහයත් සමඟ දියුණුව සැලසේවි.මූල හා ලිංග ආශ්‍රිත රෝග පීඩා ශල්‍ය කර්ම වලට ඉදිරියේදී මුහුණ දීමට සිදු විය හැකියි.
උපතේදී 9 ,10 අධිපතීන් යෝගව ඇති ධර්මකර්මාධිපති යෝගයේ බලය තව වසර දෙකකින් පමන ඉස්මතු වේවි.

Anonymous said...

Sambudu Saranai !
Malli mama sinhalen liyanna danna. Oyage web suit ekata matath balanna labune ahamben. Godak hodai, godak sathuthui ! Digatama liyanna.

Unknown said...

මගේ පොරොන්දම් බලපු ජොතිශයවේදීන් දෙන්නෙක්ම කිවුවා මගෙ සහ මගේ පෙම් වතියගේ පොරොන්දම් ගලපෙන්නෙම නෑ.මාස 6යි එකට ඉන්නේ ඈයයි මායි වෙන් වෙනවා එකට හිටියත් ඈය වෙනත් පිරිමි අසුරු කරනවා වෑනි දෙවල් කිවුවා.මගෙ උපන් දිනය 1989.12.6 අලුයම 2.13ට ඈයගේ 1989.4.10 දහවල් 1.10ට ඔබගෙ පතල ජොතිශ් දෑනුමින් මෙහි සත්යතාවය වටහා දෙන මෙන් ඉතා කරුනිකව ඉල්ලාසිටිනවා

Unknown said...

මගෙ කේන්දරේනම් බොහොම විශේෂ එකක් කියල හිතෙනවා........... මොකද ඒක්ට කියන පළාපල ගොඩක් වැරදිය්................මමත් පොඩ්ඩක් වගේ මේ ගැන දන්න නිසා මටත් එහෙම හිතෙනවා.......... 1992 08 22 ........... උදේ 8.51 .........කොළඔ............. මුලින්ම තියල තියෙය් මට අවුරැදු 2 වෙන්න කලින් මම මැරෙනවා කියලා............ ඊට පස්සෙ ගෙ‍ාඩක් අය මගෙ මූණටම කියල තියෙය් මට කවදාවත් ඉගෙන ගන්න බෑ කියලා.............. ඒත් මම එකපාරින්ම උසස්පෙළ ඒ 2 ය් බී 1ක් ගණිත අංශයෙන් අරන් දිස්ත්රික්කෙ 3 ත් ලංකාවෙන්ම 131 ත් උනා......... රාහු 4 වැන්නෙ කේතුගේ නැකතක කිසාද දන් නෑ එහෙම කිව්වෙ............අනේ ඔබතුමාට බොහොම පින් අය්ති වෙනවා මේකෙ ඇත්ත තත්වය පැහැදිලි කරන්න පුලුවන්නම්........ මගෙ නවාංශකය මිතුනද?මේෂද? ඒකත් දැනත්න් උවමනාය්............උපදෙසක් දෙන්න පුලුවන්නම් බොහොම පිං

Unknown said...

ඔය උපන් වෙලාවනම් හරියටම හරි මම දන්න විදියට නම්...... අම්ම කිව්ව එයා හරියටම වෙලාව බලා ගත්ත කියලා .........

jhothishalanka said...

ඔබේ කමෙන්ටුව දුටුවේ අද.ඉඩක් ලද ව්ගස ඔබට පිළිතුරක් දෙන්නම්

jhothishalanka said...

ඔබේ කමෙන්ටුව දුටුවේ අද.ඉඩක් ලද ව්ගස ඔබට පිළිතුරක් දෙන්නම්

Unknown said...

හොදමය්............

Anonymous said...

ඉහත ඔබ සදහන්කල සිදුවිම හා සමාන වු දෙයක් මටත් වුනා,මීට අවුරුද්දකට පෙර,ඊට පසුව මම කිසිම පලාපලයක්,කෙන්දර ගෑන කිසිම විස්වාසයක් තෑකිමක්වත් නෑ.මාගේ ස්වාමියා හා මාගේ කෙන්දර අතර ගෑලපිම 98%,නමුත් විවාහයෙන් අවු 2ගෙවෙන වත් සමගම ,සුවාමියා මිය ගියා.පසුව ලන්කාවේ ඉන්න (හොදම කියන විදිහට -බත්තරමුල්ල ) පලාපල බලන තරුන මහතකුගෙන් කෙන්දර පරික්ශා කරා,එතනින්වත් මාරක අපල පිලිබදවත්,කෙන්දරය අයිතිකෙනා මියගිය බවත් පවසුවෙ නෑ,.....පොඩි පොඩි අපල ඈති බව පමනයි පෑවසුවේ,නමුත් ඔබ ගේ සටහන කියවු පසුව මගේ හිතට යම් විස්වාසයක් දෑනුනා...
kumari

blogsuku said...

නිවරදිව කේන්ද්‍රය පරික්ෂා කිරීම ඔබතුමා කියනව වගේ ජෞතීර්වේදියාගෙ හැකියාව, බුද්ධිය අනුව වෙන දෙයක්... ජෞතිෂ්‍යයට ගොඩක් අවශ්‍යයි අත්දැකීම මම හිතන්නෙ... එහෙම ජෞතීර්වේදින්ව ටිකක් දන්නවා.. සෑහෙන්න සාර්ථකව ඵලාපල කියන්න පුලුවනි...
අනිත් කාරණය කේන්දරේ කියන්නෙ පෙර කල කර්ම.. මේ භවයේ එක් රැස්වෙන කර්ම ගැන නෙමෙයි... ඒනිසා තමන්ගෙ උවමනාව මත... හොඳ හෝ නරක කරගන්න හැමෝටම පුලුවනි....
උදාහරණයකට, අනුර බණ්ඩාරනායක මහත්තයාගෙ කේන්දරේ රජ වෙන්න හැකියාව තිබ්බ කියල අහල තියෙනවා.. නමුත් රටේ නායකත්වයට යන්න නොහැකි උනා.. සිංහ ලග්නෙට බරපතල අපල කාලෙ එතුමාට ජීවිතෙන් සමුගන්න උනා... හැම එකම සලකා බලල තමයි තීරණ ගන්න ඕන... හ්ම්...

තෙරුවන් සරණයි !

Related Posts Plugin for WordPress, Blogger...