Friday, December 14, 2012

ආවර්තනය - 8



             ආවර්තනය - 1
             ආවර්තනය -2
             ආවර්තනය - 3
             ආවර්තනය - 4
             ආවර්තනය - 5
             ආවර්තනය - 6
             ආවර්තනය - 7


තමන් ඇතුළු පිරිස මහත් වූ වෙහෙසක් ගෙන සොයා ගත් රාවණා රජුගේ සිහිසුන් සිරුර තැන්පත් කළ සිසිළ කාරක කුටීරය පිටසක්වලින් පැමිණි රාජකීය සෙබලුන් පැහැර ගැනීම පිළිබදව විමලසූරියට පුදුමයක් දැනුනත් කනගාටුවක් නොදැනුනි.නිධන් කොල්ලයට පැමිණි "වානක්‍ය ශට්" බමුණාගෙන් පළිගු මැණික නැවත ලබා ගැනීමට උදවු කිරීම හා තම කණ්ඩායම ආරක්ෂා කිරීම නිසා ඹවුන් පැමිණියේ මිතුරු කමකට බව විමලසූරියට අවබෝධ විය.

   රාජකීය ඹටුන්න,මිරිවැඩි සඟල ඇතුළු මිල කල නොහැකි රාජකීය ආභරණ ඇතුළු නිධන් වස්තු සියල්ල විමලසූරිය විසින් අනෙක් සියළු දෙනාගේ කැමැත්ත ඇතිව රජයට භාරදුනි.නිධානය සොයා දීම අරභයා විමලසූරිය ප්‍රමුඛ පිරිස ජනාධිපති සම්මාන ලැබූහ.
   නිධානයෙන් ලබා ගත් රාජකීය ආභරණ රාජ්‍ය කෞතුකාගාරයේ තැන්පත් කරන බව‍ට රජය විශේෂ ප්‍රකාශයක් කළ නමුත් දින කිහිපයකට පසු රජයෙන් වාර්තා වූයේ කෞතුකාගාරයේ තැන්පත් කිරීමට රැගෙන යමින් සිටියදී ආයුධ සන්නද්ධ සොර කණ්ඩායමක් විසින් ආභරණ සියල්ල කොල්ල කා ඇති බවත් සොරුන් ඇල්ලීමට දැඩි පරීක්ෂණ මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්ය.පොදු සුභසාධනය සදහා යොදා ඇති බව ප්‍රකාශ කලත් රජයට පවරාගත් නිධානයේ ඉතිරි කොටස් වලට සිදුවූයේ කුමක්ද යන්න කිසිවෙකුට දැනගත නොහැකි විය.

----------------------------------------------------------------------------------------------------
    රාජකීය සෙබලුන් 4 දෙනා සමඟ ප්‍රති ගුරුත්වය යටතේ ඉහළ අභ්‍යවකාශය තුල වේගයෙන් ගමන් කරමින් ඇති සිසිළ කාරක කුටීරය අභ්‍යවකාශය තුලවූ විශේෂී "අධි සන්ධිය" වෙත ලගා වෙමින් ඇත්තේ ඒ හරහා රාවණා රජුගේ සිරුර ඉක්මනින් "ඇල්නියම්" ග්‍රහ ලොවට යැවීම පිණිසය.නමුත් අධි සන්ධිය ආසන්නයේදී කිසිවෙකු අපේක්ෂා නොකළ සිදු වීමක් විය.ඇල්නියම් ග්‍රහ ලොවේ පර සතුරු "නිබ්රූ" ග්‍රහලොවේ ප්‍රහාරක යානාවකින්  දරුණු ප්‍රහාරයක් සිසිළ කාරක කුටීරය රැගෙන යමින් සිටි ඇල්නියම් සෙබලුන් 4 දෙනා වෙත එල්ල විය.නොසිතූ අවස්ථාවක එල්ල වූ ‍එම ප්‍රහාරය හමුවේ ඇල්නියම් සෙබලුන් ජීවිතක්ෂයට පත්වූ අතර රාවණ සිරුර සමඟ සිසිළ කාරක කුටීරය තමන් යටතට ගත් නිබ්රූ වරු එය තමන්ගේ ග්‍රහ ලොවට රැගෙන ගියහ.තම ග්‍රහ ලොව වෙත රැගෙන එමින් තිබූ රාවණා රජුගේ සිරුර නිබ්රූවරු පැහැරගැනීමත් සමඟ තම ග්‍රහ ලොව නිබ්රූවරුන්ගෙන් බේරා ගැනීමට තිබූ අවසන් අවස්ථාවද ඇල්නියම් ලෝ වැසියන්ට අහිමි විය.
    තමන් සතුවූ ලෝහමය සිසිළ කාරක කුටිය තුල වසර දහස් ගනනක් තිස්සේ සිසිළ කාරක නින්දේ පසු වන්නේ තමන් විසින් දිගු කාලයක් තිස්සේ අල්ලා ගැනීමට උත්සාහ කරන ඇල්නියම් ග්‍රහ ලොවේ නෑදෑ හා මිතුරු ග්‍රහ ලොවක් වූ පෘථිවි ග්‍රහ ලොවේ බලසම්පන්න රජෙකු වූ "රාවණා" රජු බව නිබ්රූවරු පෙර සිටම දැන සිටියහ.

-----------------------------------------------------------------------------------------------------
 සේනාධිනායක සුවාර්ගේ නායකත්වයෙන් යුත් නිබ්රූ අභ්‍යවකාශ යානය ඉතා වේගයෙන් පෘථිවිය කරා ලගා වෙමින් ඇත.ඉතා ඉහළ ජන ඝනත්වයකින් යුත් නිබ්රූ“  ග්‍රහ ලොව ව්සින් යටත් කර ගත් වෙනත් ග්‍රහ ලෝක කිහිපයක් ඇතත් මිනිස් වාසයට ඉතා සුදුසු මනරම් ග්‍රහ ලොවක් වූ පෘථිවිය“  කෙරෙහි නිබෘෘ වරුන්ගේ අවධානය යොමුවී තිබුනේ වසර දහස් ගනනක් තිස්සේය.අවස්ථා කිහිපයකදීම පෘථිවියට පහර දීමට නිබෘෘ වරු උත්සාහ කලත් ඒ සෑම අවස්ථාවක්ම ව්‍යර්ථ විය.තමන්ගේ සේනාවට වැඩි අනතුරක් නොවී එම කටයුත්ත කර ගැනීමද නිබෘෘවරුන්ගේ අභිප්‍රාය විය.
     නිබ්රූවරු පුල පුලා බලා සිටි අවස්ථාව උදා විය.අභ්‍යවකාශයේ විශාල ග්‍රාහක පිහිටි අවකාශයකට පෘථිවිය ආසන්න වන අවස්ථාව ඹවුන්ගේ තෝරා ගැනීම විය.තමන් සතු තාක්ෂණය යොදා ඉතා විශාල ග්‍රාහක තුනක් පාථිවි ගුරුත්වාකර්ෂණයට හසු කොට ඒවා පාථිවියේ වෙනස් ස්ථාන තුනකට කඩා වැටීමට සලස්වා පෘථිවිය සහමුලින්ම විනාශ කොට ඉන්පසු ක්‍රමයෙන් සත්ත්ව වාසයට සුදුසු කර නීබෘෘ අනුගාමික ග්‍රහලොවක් බවට පත් කිරීම ඹවුන්ගේ අරමුණ විය.පෘථිවිය විනාශ කිරීමට නීබෘෘවරුන්ගේ උත්සාහය වැලැක්වීමට ඇල්නියම්ග්‍රහ වැසියන්ද ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නේ තම ඥාතී ග්‍රහලොවක් වූ පෘථිවියේ පාලනය නීබෘෘවරු අතට පත් වුවහොත් එය තමන්ගේ ග්‍රහලොවටද විශාල තර්ජනයක් බව මුල සිටම දැන සිටි බැවිනි.
     මේ අතර පෘථිවි වැසියන්ගේ හැසිරීම ගැනද සලකා බැලීම වටී.පිටසක්වල තාක්ෂණය හා සසදන විට ඉතා අඩු තාක්ෂණයකින් යුක්ත වූ පෘථිවි වැසියන්ට තමන්ගේ ග්‍රහ ලොවට පහර දීමට මෙන්ම තමන්ව ආරක්ෂා කිරීමට පිටසක්වල බලපෑම් ඇති බවට වැටහීමක් නොවුනි.බටහිර රටවල් මගින් උළුප්පා දක්වන ලද දෙසැම්බර් 21 ලෝක විනාශය හා වෙනත් පුරාවෘත්ත කිහිපයක විස්තර නිසා තරමක කුතුහලයක් බියක් ඉතා සුළු පිරිසක් තුල විය.ග්‍රාහක ආසන්නයෙන් පෘථිවිය ගමන් කරන විට රාත්‍රී කාලයේ අහසේ පෙනෙන ගිනිගෙන දැවෙන උල්කා අංශු වලට ඹවුන් පිටසක්වල යානා යැයි රැවටුනි.ඉදිරිය මොකකින් මොකක් වේදැයි තැන්තැන් වල කතා බහ කරන්නට විය.තවත් පිරිසක් ඹවුන්ට සිනාසෙමින් වෙනදා මෙන් කල් ගත කලහ.පෘථිවි වාසීන් මෙලෙස බලා සිටින අතරතුර ඉතා රහසිගතව නීබෘෘ යානා කිහිපයක් පෘථිවියට ලඟා විය.
      සුවාර්ගේ නායකත්වයෙන් පිටත්වූ නිබෘෘ යානාව පෘථිවියේ රේඩාර් උපකරණයකට හෝ වෙනත් පෘථිවි තාක්ෂණයකට හසු නොවී ශ්‍රී ලංකාවේ ඉරණවිල ප්‍රදේශයේ තැනිතලා ලදු කැළෑවකට දෙසැම්බර් 14 දින මහ දවාලයේම ගොඩ බෑවේය.
    යානාවෙන් බහින විටම සුවාර්ගේ ගෙ  සිතට මහා අමුත්තක් දැනුනි.චිත්‍රපටියක මෙන් යම් යම් දර්ශන රාශියක් ඹහුගේ සිතේ ඇදී ගියේය.රජ වාසලක්,මහා යුද්ධයක්,රාජාභරණ වලින් සැරසුනු මහා රජෙකුගේ සිරුරට හී සරයක් එල්ල වීම ආදී විව්ධාකරයේ රූප දර්ශන රාශියක් එක දිගට දර්ශනය විය.ඒ සමඟම තම හිස කැරකෙන්නාක් මෙන් දැනුන බැවින් සුවාර් හිස අල්ලාගෙන පහත් විය.
 “ඇයි සර් මුකුත් ප්‍රශ්ණයක්ද? ‘‘
“ නෑ....මුකුත් නෑ....  සියළු දෙනා තමන්ට අදාළ ස්ථාන වලට යන්න. “
සුවාර්ගේ කණ්ඩායමේ සාමාජිකයකු වූ රියෝන් පමණක් සුවාර් හිස අල්ලාගෙන පහත්වන දර්ශනය දැක විමසිල්ලක් දැක්විය. රියොන් නීබෘෘ ප්‍රධානියකුගේ  පුතකු බව සුවාර් හෝ කණ්ඩායමේ කිසිවකු දැන සිටියේ නැත.
“සර්... සැලැස්මේ හැටියට ග්‍රාහක තුනෙන් එකක් වැටෙන්න නියමිත මේ ප්‍රදේශයට.“
“මෙතනට වැටෙන්නේ කී වෙනි එකද?
“දෙවෙනි එක සර්..පළමු එක වැටිල දින දෙකකට පස්සේ තමයි මෙතනට වැටෙන්නේ..ග්‍රාහක වැටීම වලක්වන්න පෘථිවි වැසියන්ට බැහැ.බලාගෙන ඉන්න එක තමයි ඒ අයට කරන්න වෙලා තියෙන්නේ. ඒත් ඇල්නියම් කට්ටිය ආවොත් කියන්න බැහැ.පෘථීවිය ආරක්ෂා කරන්න ඒ අයට පුළුවන්“


      ---------------------------------------   මතු සම්බන්ධයි.  --------------------------------------

11 comments:

SilentSahan said...

digatama daanna ayye...asawen balanawa...

SilentSahan said...

meka wihiluwak neda?

jhothishalanka said...

D++++

මුතු said...

ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න අයියේ දෙසැම්බර් 21 ට කලින්.

jhothishalanka said...

D....

Anonymous said...

තෝව ඇහේ ඉදන් පට්ට ගහන්න ඹ්න මේ වගේ බොරු කතා ලියනවට..

jhothishalanka said...

D....

රතීගේ දිනපොත said...

කතාව ගැන කියවල බලලම කියන්නම්...

jhothishalanka said...

හොඳයි..හොඳයි..

ceylonlanka said...

නිවසක ප්‍රධාන දොරටුව ගිනිකොනට මුහුණලා සැදීම සුදුසු නැතිද? කරුණාකර පහදන්න

jhothishalanka said...

නිවසක ප්‍රධාන දොරටුව සදහා සුදුසු දිශාවන් ලෙස දක්වා ඇත්තේ උතුර,දකූණ,නැගෙනහිර දිශාවන්ය.නමුත් මාර්ග පිහිටීම හා අසළ නිවෙස්වල ඉදිරිපස,පිටුපස පිහිටීම් අනුව ප්‍රධාන දොරටුව ගිණිකොනට මුහුණලා සෑදීමට සිදුවන අවස්ථා ඇත.එවැනි අවස්ථාවලදී අත්තිවාරමට යටවන වර්ගඵලය(වඩු රියන් ක්‍රමයට) 8න් ‍බෙදූ විට ශේෂය 1ක් වන පරිදි තෝරා ගැනීම වඩාත් සුදුසු වන්නේ එවැනි නිවෙස්වල ප්‍රධාන දොරටුව ඹ්නෑම දිශාවකට තැබිය හැකි බව සදහන් කර ඇති බැවිනි.

Related Posts Plugin for WordPress, Blogger...