LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Saturday, September 28, 2013

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 2


   ක්‍රි.ව. 1646 ජූලි 01 දින  ජර්මනියේ  Leipzig හි උපන් ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් ලයිබ්නීස්ගේ පියා ලිප්සිග් විශ්වවිද්‍යාලයේ සමාජ දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයා විය.ජ්‍යොතිෂය පිළිබඳ දැනුවත් කමක් තිබූ ෆෙඩ්රික් ලයිබ්නීස් මහාචාර්ය වරයා තම පුත්‍රයා උපන් හවස 6.45 වේලාවට කුම්භ ලග්නය උදාවෙමින් තිබූ බව සටහන් කොට තිබුණි.


        ලයිබ්නීට්ස්ගේ වයස අවු 6දී පමණ හදිසියේ සිදුවූ පියාගේ අභාවය නිසා කුඩා ලයිබ්නීට්ස් මව සමඟ තනි විය.කුඩා කාලයේ සිට ක්ෂය රෝගයෙන් පීඩා විදීම නිසා ලයිබ්නීට්ස් ශාරීරිකව දුර්වල අයකු විය.කෙසේ වුවත් වයස අවු 7 පමණ සිට පියාගේ පුස්තකාලය තුලට වී පොත් පත් කියවීමට ඇබ්බැහි වූ ලයිබ්නීට්ස් පාසැල් යන වයස වන විට පියාගේ පුස්තකාලයේ තිබූ ලතින් බසින් ලියැවුනු පොත් කියවීමට තරම් ලතින් බසෙහිද දක්ෂයකු විය.
     වයස අවු 15 දී ලෙප්සිග් විශ්වවිද්‍යාලයට ඇතුල් වී 1662 දී දර්ශනය පිළිබඳ ප්‍රථම උපාධිය ලැබීය.ඉගෙනුම තව දුරටත් නොකඩවා සිදු කල තරුණ ලයිබ්නීට්ස් 1666 වන විට දර්ශනය,සමාජ විද්‍යාව,ආර්ථිකය,නීතිය, ගණිතය,ඉතිහාසය,මනෝ විද්‍යාව ආදී විෂයයන් රාශියකින් උපාධි ලබා ගත් උගතකු විය.
    ලයිබ්නීට්ස් ලොව ප්‍රසිද්ධියට පත්වූයේ ගණිතය සම්බන්ධව ඔහු විසින් ඉදිරිපත් කල සිද්ධාන්ත නියමයන් හේතුවෙනි.සත්‍ය වශයෙන්ම ගණිතය ගැන කතා කිරීමේදී විල්හෙල්ම් ලයිබ්නීට්ස් ගැන සදහන නොකරම බැරිය.අපගේ මාතෘකාවට අදාල ඉතිහාස කතන්දරයට ලයිබ්නීටස් සම්බන්ධ වීම සිදු වන්නේ 1673 දී පමණය එබැවින් අප නැවත 1666 වසරේ පාසැල් නිවාඩුවට වුල්ස්ත්‍රෝප් කරා යන අයිසැක් නිව්ටන් දෙසට හැරෙමු.

-----------------------------------------------------------------------------------------------------------------------
 
   නිවසට පැමිණි නිව්ටන් සවකීය උපාධි නිබන්ධනය සදහා නිර්මාණ සාධක තොරතුරු එක රැස් කරන්නට විය.උපාධි නිබන්ධනය සකස් කිරීමට තමා සිදු කරන මෙම විමර්ශනයන් පසු කලෙක විද්‍යාව උඩු යටිකුරු කරන බව හෝ එය තමාට විද්‍යාවේ මහා බ්‍රහ්ම පදවිය ලගාකර දෙන බව හෝ 23 හැවිරිදි නිව්ටන් තරුණයා කිසිවිටෙක සිතන්නට නැත.
    ප්‍රථමයෙන් යූක්ලීඩ් ජ්‍යාමිතිය පොත අතට ගත් නිව්ටන් යූක්ලීඩ් ජ්‍යාම්තික නිර්මාණ අධ්‍යනය කරන්නට විය.පසු කලෙක “ප්‍රින්සිපියා මැතමැටිකා“ පොතෙන් තමාගේ 1666 වුල්ස්ත්‍රෝප් නිවාඩු කාලය ගැන සදහන් කරන නිව්ටන් දෙවියන් වහන්සේ තමා තෝරා ගත් පුද්ගලයකු බවට පත් කලේ ක්‍රමානුකූල ලෙස බවත් තම මනසේ නිර්මාණශීලි බව අවදී වූයේ ජ්‍යාමිතියේ තිබූ සතුට විනෝදය හා මානසික ඒකග්‍රතාව ලඟා කරවන සුළු බවත් නිසා යැයි සදහන් කොට ඇත.
    ත්‍රිකෝණ,චතුරස්‍ර,පංචාස්‍ර,.... ආදී රේඛිය ජ්‍යාමිතික වස්තු නිර්මානයන් යූකලීඩ ජ්‍යාමිතිය ඔස්සේ යමින් නිර්මාණය කල නිව්ටන් අනතුරුව වෘත්ත,ඉලිප්ස,පරාවල,බහුවල,...නිරමාණ සිදු කිරීම කලෙය. 




 දින කීපයක් මෙලෙස යූක්ලීඩ්ගේ ජ්‍යාමිතිය සමඟ ගත කල නිව්ටන් පසුව එය නවතා රෙනේ ඩේකාර්ට්ගේ ඛන්ඩාංක ජ්‍යාමිතිය පොත අතට ගත්තේය.පෙරදිගින් බටහිරට ලැබුනු ශුන්‍යය හෙවත් බින්දුවේ ආගමනය ඔස්සේ නවීන විද්‍යාව බිහිවීමට දොර කවුළු විවෘත වූ ආකාරය විස්තර කෙරෙන අපගේ මෙම කතන්දරයේ ප්‍රධාන චරිත ද්විත්වය ලෙස නිව්ටන් යූක්ලීඩ් ගණිත විද්‍යාඥයන් සදහන් වුවත් රෙනේ ඩේකාර්ට්ගේ චරිතයද ප්‍රධාන ස්ථානයක් ගනී.මන්ද යත් පෙරදිගින්  වාසනාවට ලැබුණු ශුන්‍යය උපයෝගී කොට ගෙන එම ශුන්‍යය හරහා මායිම් වන ධන සෘන ඛන්ඩාංක අක්ෂයක් බිහිකොට එතෙක් කිසිදා සම්බන්ධ නොවන ලෙස වෙනස් මාර්ගයන් දෙකක් ඔස්සේ ගමන් කල වීජ ගණිතය හා ජ්‍යාමිතිය එකට එක්කාසු කරමින් ඛන්ඩාංක ජ්‍යාමිතිය නම් සුවිශේෂි ගණිත කෙෂත්‍රය ඩේකාරට් විසින් ලොවට හදුන්වා නොදෙන්න නිව්ටන් ලයිබ්නීට්ස් දෙදෙනාටද තමන්ගේ නිර්මාණයන් බිහි කිරීම කල නොහැකි වනු ඇත.

    ඩේකාර්ට්ගේ ඛන්ඩාංක ජ්‍යාම්තිය අනුව යමින් නිව්ටන් පලමුව y = x රේඛාව ඇන්දේය
 

 අනතුරුව y=x^2 වක්‍රය ඇන්දේය




අනතුරුව y=x^3  වක්‍රය ඇන්දේය



 අනතුරුව y=x^4  වක්‍රය ඇන්දේය


මෙලෙස ඇදි වක්‍රයන් වල සාධාරණ (x,y) ඛන්ඩාංකය ධන අකෂය මත ලකන වර්ගඵලය සෘජුකෝණාස්‍ර ස්ථම්භ තීරු ක්‍රමයෙන් ආසන්නව ගත් කල වක්‍රය y = x^n විට වර්ගඵලය x හි  (n+1) බලය  / (n+1) අගයට සමාන වන බව නිව්ටන් සොයා ගත්තේය.(පසු කලෙක අනුකලනයේ ජ්‍යාමිතික විවරණය ලෙස නිව්ටන් විසින් රාජකීය විද්‍යා සංගමය ඉදිරියේ විදහා දැක්වූයේ මෙයයි.)


අනතුරුව නිව්ටන් නැවත y = x ,x^2,x^3 , ......   වක්‍ර වලට අවධානය යොමු කලේය.

----------------------------------    මතු සම්බන්ධයි.        -----------------------------------------

4 comments:

  1. Good thread again!
    Better to put those like this
    Y = X^2, Y=X^3 , Y = |X^3| << mn htnne last one eka mapanka dla na oya.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...ඔයා කිව්ව විදියට අප්ඩේට් කලා...

      Delete
  2. දැනුමට ගොඩක් දේ ලබාගත්තා ජෝති තුමෝ.

    ReplyDelete
  3. අන්තිම ටික ගැන අවබෝධයක් නැත​. දුර්ලභ අගනා පෝස්ටුවකි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...