Sunday, July 28, 2013

ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ කාරකා වල බලපෑමක් තිබේද?

ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ කාරකා වල බලපෑමක් තිබේද?
“මිනිසා ඇතුළු පෘථිවි ජීවීන් කෙරෙහි හිරු හා සදු ගෙන් බලපෑමක් ඇති නමුත් පෘථිවියට ඉතා ඈතින් ඇති බ්‍රහස්පති සෙනසුරු වැනි ග්‍රහයන්ගෙන් හා තාරුකා වලින් ජීවි පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් නැති අතර එවැනි බලපෑමක් ඇති යැයි පිළිගැනීමද අසීරුය. “
ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ තාරුකාවන්ගෙන් බලපෑමක් තිබේද? යන ගැටළුවට බහුලව ලැබෙන පොදු පිළිතුර මෙයයි.පංච ඉන්ද්‍රියන්ට  ගෝචර වන භෞතික ජීව රසායනික තත්ත්වයන් අනුව සලකා බැලූ විට මෙම තර්කය බොහෝ දුරඑට සාධාරණය.

Saturday, July 27, 2013

වැරදීම,වැරැද්දීම හා පටලැවීම,.....

කොන්ඩඤ්ඤ තවුසානෙනි , පුරා සය වසක් අප පස් දෙනා සිදුහත් තවුසානන්ට ඇප උපස්ථාන කරමින් සිටින්නේ  ඔහු විසින් විමුක්ති සත්‍ය අවබෝධ කර ගනු ඇතැයි දැඩි විශ්වාසයකින් යුක්තවය.පසුගිය සය වස තුල අති දුෂ්කර ක්‍රියා කරමින් අපරිමිත වීර්යයෙන් යුක්තව බවුන් වැඩූ සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියා අතහැර මධ්‍යම ප්‍රතිපදාවට යොමු වී සිටීම ඔබ වහන්සේගේ මෙන්ම අප සිව් දෙනාගේත් මහත් කලකිරීමට හේතුවී ඇත.ධෛර්්‍ය අඩුව විමුක්ති මාර්ගයෙන් ඈත්වෙමින් සිටින සිදුහත් තවුසාට සමඟ තවදුරටත් විසීම පලක් වේද? “

Saturday, June 15, 2013

සුභ නැකැත් සෑදීම - 7

සදුගේ පාප කත්‍රී දෝෂය
      චන්ද්‍රයා සිටින රාශියට දෙපස රාශි දෙකේ කුජ,රාහු,කේතු,ශනි,රවි වැනි පාප ග්‍රහයන් දෙදෙනෙකු හෝ කීප දෙනෙකු සිටින කාල සීමාවන් සුභ කටයුතු සඳහා අසුභය.

දුබල චන්ද්‍ර දෝෂය
      * අව අටවක සිට අමාවක දක්වා වූ දින අට තුල සදු බලය දුබලය.සුභ වැඩට යෝග්‍යතාව අඩුයි.
      * සදු සමඟ රාහු ,කුජ,කේතු,ශනි,රවි වැනි පාප ගුහයන් එක් රාශියක සිටින විට සදු බලය දුබලයි.(රාශි 2ක සිටියත් අංශක 15 ට වඩා ඈත් විය යුතුය.)
      * කුජ, ශනි වැනි පාප ග්‍රහ දෘෂ්ටි වලට සදු හසුවී ඇති විටද සදු බලය හීන වන බැවින් එම දිනයන්ද සුභ කටයුතු වලට අයෝග්‍යෙවේ.

ගණ්ඩාන්ත රාශි දෝෂය
   ගණ්ඩාන්ත රාශි දෝෂය ඇතිවන ස්ථාන 3ක් සදහන්ය.ලග්නයක් හා නැකතක් එකවර ගෙවී ඊලඟ ලග්නය නැකත ලබන ස්ථාන වලදී මෙය සිදුවේ.
  1) ප්‍රධාන ගණ්ඩාන්ත දෝෂය
               මීන රාශිය ගෙවී මේෂ රාශිය ආරම්භ වීම මෙන්ම රේවතී නැකත ගෙවී අස්විද නැකත ලැබීම එකවර සිදුවන ස්ථානයේ ප්‍රධාන ගණ්ඩාන්ත දෝෂය යෙදේ.

 2) දෙවන ගණ්ඩාන්ත දෝෂය
                කටක රාශිය ගෙවී සිංහ රාශිය ආරම්භ වීම මෙන්ම අස්ලිස නැකත ගෙවී මා නැකත ලැබීම එකවර සිදුවන ස්ථානයේ දෙවන ගණ්ඩාන්ත දෝෂය යෙදේ.

 3)  තෙවන ගණ්ඩාන්ත දෝෂය
   වෘශ්චික රාශිය ගෙවී ධනු රාශිය ආරම්භ වීම මෙන්ම දෙට නැකත ගෙවී මුල නැකත ලැබීම එකවර සිදුවන ස්ථානයේ තෙවන ගණ්ඩාන්ත දෝෂය යෙදේ.

 ඉහත දැක්වූ ස්ථාන තුනේදී නැකැත් හා රාශි අවසන් වීම එකවර සිදුවන නිසා මෙම ලග්න හා නැකැත් උදාවන සියුම් කාල සීමාවන් සුභ කටයුතු වලින් ඉවත් කල යුතුය.

Monday, May 27, 2013

2013 මැයි 31 ගුරු මාරුව ගැන ජ්‍යොතිෂ පත්තර වල තියෙන පලාඵල හරිද?


 2013 මැයි 31  ගුරු මාරුව ගැන වෙනදාට වඩා වැඩි අවධානයක් මාධ්‍ය වලින් ලබා දී ඇත.මෙම ගුරු මාරුව තම තමන්ට බලපාන අන්දම ආසන්න පසුගිය වසරේ සිටම මා විසින් මාගේ සේවා ලාභීන්ට දන්වා තිබූ නමුත් ගුරු මාරුව මා දුටු අයුරු පුවත්පත් ලිපි සමඟ සන්සන්ධනය කිරීමටත් ජ්‍යොතිෂ විශ්ලේෂනය කිරීම පිණිසත් ගුරු මාරුවේ පොදු ලග්න පලාඵල ගැන ලියවුනු පුවත්පත් ලිපි හා ඉන්දියානු වෙබ් අඩවි කිහිපයක්ම කියවූයෙමි.