Wednesday, March 30, 2011

star gate (තාරකා දොරටුව)

  තාරකා දොරටුව පිළිබදව මා විසින් ප්‍රථමයෙන්ම කියවූයේ පැරණි ජ්‍යොතිෂ පුවත්පතකිනි.වෘත්තාකාර සටහනක විවිධ සංඛේත,රූප සංඥා ආදිය දක්වමින් පින්තුරයක්ද සමග පලව තිබූ එම ලිපියෙන් දක්වා තිබුණේ එම තාරකා දොරටුවේ සංඥා භාවිතයෙන් වෙනත් ග්‍රහලෝක සමග පණිවුඩ හුවමාරු කිරීමක් සම්බන්ධවය.පසු කලෙක මුළු නිවසම පරීක්‍ෂා කරමින් අදාළ පුවත් පත සෙවූ නමුත් එය නැවත හමුවූයේ නැත.
ඉන්පසු තාරකා දොරටුව ගැන වැඩි අවධානයක් යොමුවූයේ  "Star gate"  නැමැති ඉංග්‍රීසි ටෙලි කතා මාලාව ලාංකීය රූපවාහිනී නාලිකාවකින් විකාශය වන විටදීය.විදුලි බලයෙන් ක්‍රියාකරන තාරකා දොරටුවක් හරහා පිටසක්වල ග්‍රහලෝක වෙත ගමන් කරන කණ්ඩායමක වීර වික්‍රමාන්විත ක්‍රියා ඇසුරෙන් සැකසුනු විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් වූ එය එකල පාසැල් සිසුන් වූ අපගේ සිත්බැදගත් රූපවාහිනී වැඩසටහනක් විය.විවිධ සංඥා වලින් අනන්‍ය වූ නොම්මර අනුව (දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අනුරූප අයුරින්)පිටසක්වල තාරකා දොරටු සමග සම්බන්ධ වීමක් එම කතා මාලාවේ දැක්වුනු තාරකා දොරටුවේ යාන්ත්‍රණය විය.
    ඉන්පසු නැවත තාරකා දොරටුව පිළිබදව අවධානය යොමුවූයේ සරසවියේ පළමු වසරේදීය.කලා පීඨයේ තෙවැනි වසර සිසු සහෝදරයකු තමා විසින් තාරකා දොරටුවේ සංකේත වටහා ගත් බවත් ඒ අනුව පිටසක්වල ජීවීන්ගේ පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක් තමා හදුනා ගත් බව ඔහු විසින් ප්‍රසිද්ධ කලේය.විද්‍යා පීඨයේ සිසුන් වන අපද එකල ඒ පිළිබදව වැඩි උනන්දුවක් දැක්වීය.තාරකා දොරටුවේ සංඛේත හදුනාගත් බව කිවූ එම සිසුවා රූපවාහිනී වැඩසටහනකටද සහභාගී වී ඒ පිළිබදව අදහස් දැක්වූ නමුත් විවිධ වැල්වටාරම් දෙඩවීම හැර තාරකා දොරටුව සාර්ථකව භාවිතා කළ හැකි විද්‍යාත්මක වශයෙන් වැදගත් විස්තරයක් කිරීමට ඔහු අසමත් විය.
     පෘථිවියේ විවිධ ප්‍රදේශ වලින් තාරකා දොරටු (හෝ එවැනි සටහන්) ලෙස හදුනා ගත් ස්ථාන හමුවී ඇති අතර අනුරාධපුරයේ මහමෙව්නා උයනේ රන්මසු උයනේ ඇති තාරකා දොරටුවක් ගැනද සදහන්ය.මෙම තාරකා දොරටුවල හැඩය ස්වරූපය හා එහි ඇති සංඥා සමාන වීම පුදුමාකාරය.ඊජිප්තුවේ හා ලංකාවේ තාරකා දොරටු සංකේත වල ඉතා පැහැදිලි ලෙසම සමාන කම දක්නට ඇත.
    පිටසක්වල ග්‍රහලෝක වෙත යාමට හෝ පනිවුඩ හුවමාරු කරගැනීමට මෙම තාරකා දොරටු උපකාරී වේද?අනාගත දිනකදී ඇතැම් විට මෙය සාර්ථක වීමටද ඉඩ ඇත.


    මහමෙවුනා උයනේ ඇති තාරකා දොරටුව




          


     
    ඊජිප්තුවේ ඇති තාරකා දොරටුවක වීඩියෝ දර්ශනයක් 
      

7 comments:

Anonymous said...

ආතර් සී ක්ලාක් මහත්මයාගේ 2010 පොතෙත් තාරකා දොරටුව ගැන සඳහන් වෙනවා නේද?

Dragon said...

කවුරුත් දන්නැතුව ඇති අපේ ගෙදරත් ඔය වගේ එකක් තියෙනවා.

රත්ගමයා said...

සමහර විට ඇත්ත වෙන්නත් පුලුවන්..බොරු වෙන්නත් පුලුවන්..
අයියා මෙච්චර දවස් දාපු ලිපි අතරින් මේ ටොපික් එක නම් නියමයි
මට නම් මේ ගැන ලොකුම අදහසක් නෑ...
තාරකා දොරටු කලුකුහර එක්ක සමානකමක් දක්වනවා කියලත් කතාවක් තියෙනවා..එක එක්කෙනා මොනව කිව්වත් විශ්වය කියන්නේ අපේ පොඩි මොලවලට දරාගන්න බැරි තරම් දෙයක්...
බුදුහාමුදුරුවොත් විශ්වය ගැන හොයන්න එපා කියලා කියලා තියෙන්නේ ඔන්න ඔය හේතුව නිසා වෙන්න ඕනා..
අපි දකින දේවල් නෙමේ මේ ලෝකේ ඇත්තටම වෙන්නේ...

KingGuru said...

@ dragon ubata track gahala wage balapan ube gedara adthe binkundane gulak hikzzz

ඉලංදාරියා said...

රවනා කතවලත් එහෙම එකක් සදහන් වෙනවා .. හෙලයෝ ඔය දොරතුව හරහා ගියබව.. ඈත්තටම් මේගෑන හොයන්න වටිනවා දිගට්ම නේ.. කොහෙන් හරි පටන් ගමු ......

ජය ඔබට

Anonymous said...

ඈත්තටම විශ්වය හරිම පුදුමකරයී....

කුරුම්නියා said...

කාලෙකින් එකක් ලියල....හැමදාම බලනවා අඵත් එකක් ලියලද කියල...මමත් ඔහොම එකක් ගැන මෙහේ වාර්තා වැඩසටහනකදී දැකල තිබුන

Related Posts Plugin for WordPress, Blogger...